Watch Trailer

The Outpost (2018-) [S03 : E08] Sinhala Subtitles | මිය යාම වේදනාකාරීයි [සිංහල උපසිරසි සමඟ]

යවාල්ලාට තවම අගනුවර පාලනය ගන්න බැරිවෙලා. ඇගේ ආභරණ ගලවලා ඇයව සිරගෙදරට දාන්න. ත්‍රිත්ත්වය වෙනුවට දැන් එක් කෙනෙක් ආදේශ කරල ඉන්නවා, ඇගේ නම යවාල්ලා. වසංගතයෙන් බේරීම සඳහා අපි හැමෝම ආවෙ. ඒත් ඔබට ඇතුළට එන්න බැහැ. විධායකයට තියෙන ඔබේ පක්ෂපාතිත්වය අත්හරින තුරු. අපි කිසිම පක්ෂපාතීත්වයක් නැති මිනිස්සු විදිහට ඉද…

යවාල්ලාට තවම අගනුවර පාලනය ගන්න බැරිවෙලා.

ඇගේ ආභරණ ගලවලා ඇයව සිරගෙදරට දාන්න.

ත්‍රිත්ත්වය වෙනුවට දැන් එක් කෙනෙක් ආදේශ කරල ඉන්නවා, ඇගේ නම යවාල්ලා.

වසංගතයෙන් බේරීම සඳහා අපි හැමෝම ආවෙ.
ඒත් ඔබට ඇතුළට එන්න බැහැ. විධායකයට තියෙන ඔබේ පක්ෂපාතිත්වය අත්හරින තුරු.
අපි කිසිම පක්ෂපාතීත්වයක් නැති මිනිස්සු විදිහට ඉදිරිපත් වෙනවා,

ගේට්ටුව විවෘත කරන්න.

පළමුවැන්නා?
මම දැන් මේ මුරපොළේ අධිපතියා.

ඇය මැරෙනවා, ගැරට්.

අළුතෙන් කෙනෙක් ඇවිත් මුරපොල අල්ලාගත්තට පස්සෙ ජැන්සෝගෙ ෆේල් වීමේ ප්‍රථිඵල හොඳටම දැනෙනවා. මුරපොලේ ඉන්න අයට කන්න තියෙන ධාන්‍ය, මස් ඇතුළු කෑම ජාති තියෙන ආහාර ගබඩාව විධායකයෙ සෙබළු අල්ල ගන්නවා. කෑම හොයන්න වෙනත් ක්‍රමයක් හොයන්න ජැන්සෝට සිද්ධ වෙනවා. විධායකයෙ සෙබළු වර්ලිටාටත් බැල්ම දානවා. ඒ සෙබළුන්ගෙ නායකයා තමන් ළඟ තියෙන රතු පාට කින්ජ් කෙනෙක්ගෙන් වැඩ අරගෙන මුර පොල පාලනය කරනවා. ඒ සෙබළුන්ට “උල් වුණු කන්” තියෙන අයව, ඒ කියන්නෙ බ්ලැක්බ්ලඩ්ලව පෙන්නන්න බෑ. එයාලව මරන්න එක එක ක්‍රම හොයාගන්නවා. ඒ අතරෙ මුරපොළට ඇතුල් වුණු යාවාල්ලාගෙ කින්ජ් ආසාදනය වුණු අයගෙන් මුර පොල බේරගන්නත් ජැන්සෝට සිද්ධවෙනවා. විශේෂයෙන්ම යවාල්ලා එවපු ආසාදිත කෙල්ල මුරපොලට ලොකු ප්‍රශ්නයක් වෙනවා. කෑම ප්‍රශ්නෙත් ලොකුවටම බලපානවා.

ග්වේන් හහෙම නැත්නම් රෝස්මන්ඩ් රැජිණව බේරගන්න ගියපු ටැලොන්, ගැරට්, සෙඩ් තුන් දෙනා කොහොමහරි අගනුවරට ඇතුල් වෙනවා. ඒත් ග්වේන් හොයා ගන්න පුළුවන්ද? කින්ජ් ආසාදනය වුණු ග්වේන්ව බේරගන්න පුළුවන්ද? ජැන්සෝ කියන විදිහට ආසාදිතයින්ගෙ ඇඟේ ඉන්න කින්ජ් මරන්න තියෙන එකම ක්‍රමය අදාළ ධාරකයා, ඒ කියන්නෙ ආසාදිතයා මරන එක විතරයි.
ඉතින් ග්වේන්, ටොබින් දෙන්නා මරන්නෙ නැතුව වෙන විකල්පයක් තියෙනවද? ග්වේන්ව මරන්න ටැලොන්ට හරි ගැරටිට හරි හිත හදාගන්න පුළුවන්ද? ඒ දෙන්නට බැරි වුණොත් සෙඩ්ට පුළුවන් වෙයි නේද? (මොකද සෙඩ්ගෙ හිතේ ග්වේන් ගැන පොඩි තරහකුත් තියෙනවනෙ) මුරපොලට තවත් විශේෂ අමුත්තෙක් එනවා. ඒ කවුද? එයාගෙන් ඉදිරියට මොනවගේ බලපෑමක් වෙයිද?

ප්‍රශ්න ගොඩයි නේ? ඒ ඔක්කොටම උත්තර මේකෙ තියෙනවා.

ගිය සතියෙ ඉඳලා ඒ කියන්නෙ මේ තුන්වෙනි කතා මාලාවෙ 07වෙනි කොටසෙ ඉඳලා මේක විකාශනය කරන දිනය සහ වෙලාව වෙනස් වුණා. වෙනදා ඇමරිකාවෙ බ්‍රහස්පතින්දා රෑ 09.00ට තිබුණු විකාශන වෙලාව ගිය සතියෙ ඉඳන් ඉරිදා රෑ 09.00 ට වෙනස් වුණා. ඒ නිසා අපට මේකෙ වීඩියෝ පිටපත සහ ඉංග්‍රීසි උපසිරැසියක් ලැබෙන්නෙ සඳුදා හවස 04.00 විතර වෙද්දි. ඒ නිසා තමයි වෙනදා සෙනසුරාදා උදේ ඔයාලට දෙන්න පුළුවන් වුණු සිංහල උපසිරැසිය ගිය සතියෙ ඉඳලා අඟහරුවාදා උදේ වෙනකල් පහු වෙන්නෙ. සඳුදා රෑ 1.30 – 2.00 වෙනකල් ටයිප් කරලා තමයි මේ විදිහට අඟහරුවාදා උදේට දෙන්නෙ. මේ ගැන මට ගිය සතියෙ කියන්න බැරි වුණා. ඒකයි අද මේක කියන්න හිතුවෙ.

එහෙමනම් තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, පරිස්සමින් ඉන්න. තාම COVID -19 වසංගතය ඉවර නෑ. සැහැල්ලුවට ගන්න එපා.
පුළුවන් තරම් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. තමන්ගෙ ආදරණියයන් බේරගන්න ඕන නිසාවත් එහෙම කරන්න. එතකොට හැමෝටම බේරෙන්න පුළුවන් වෙයි. උපසිරැසිය අරගෙන බලන ගමන් අදහසකුත් කොටාගෙනම යන්න.

ලබන සතියෙ She Is Not A God කොටසත් අරගෙන එන්නම්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

3,503 downloadsDownload The.Outpost.S03E08.Baiscopelk.com_.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,503 downloadsDownload Subtitles21 KB

11 comments

  1. isuru

    උපරැසිය ලබා දුන්නාට ස්තූතියි...

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Dhanushka

    Thanks sub akata anakan balana hitiya

  4. prasanga

    thanks.....

  5. Anonymous

    Thanks

  6. Anonymous

    එලම.

  7. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Dan

    Thank You.

  10. chinthaka.max4

    thanaks machan

  11. chinthaka.max4

    thanakx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.