ඉතින් බැන්ෂී අවසානයට අපි ආවා. අන්තිම එපිය ඒ කියන්නේ අටවෙනි එපිය තමයි මේක. අද මම කලින් එපි ගැන කියන්නෙ නෑ වැඩිය. මොකද කට්ටිය බලලා ඇති. අහිංසක කෙල්ලන්ව මරන දාම ඝාතකයා හොයාගන්න හුඩ් ඇතුලු පිරිසට පුලුවන් වෙනවා. ඉතින් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. ඒත් ඉවරම නෑ. තවත් අපි නොහිතන දෙයක් එතන තියෙනවා. ඒක අද බලාගන්න පුලු…

ඉතින් බැන්ෂී අවසානයට අපි ආවා. අන්තිම එපිය ඒ කියන්නේ අටවෙනි එපිය තමයි මේක. අද මම කලින් එපි ගැන කියන්නෙ නෑ වැඩිය. මොකද කට්ටිය බලලා ඇති. අහිංසක කෙල්ලන්ව මරන දාම ඝාතකයා හොයාගන්න හුඩ් ඇතුලු පිරිසට පුලුවන් වෙනවා. ඉතින් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. ඒත් ඉවරම නෑ. තවත් අපි නොහිතන දෙයක් එතන තියෙනවා. ඒක අද බලාගන්න පුලුවන්. මම කියන්නෙ නෑ.
බැන්ෂී කියන්නේ Cinemax ලා කියන විදියට එයාලා එතෙක් මෙතෙක් විකාශය කරපු හොඳම කතා මාලාවලු. අන්තර්ජාලයෙන් තමයි මේවා හොයාගත්තේ. ඉතින් මේකේ රිවීව් බලන්න ඕන නම් ගූගල් කරලා බලන්න. කිසිම කෙනෙක් වැරැද්දක් කියලා නෑ. කතාමාලාවක් වුනාම තියෙන්න ඕන ඒ සමබරතාවය උපරිමයෙන්ම බැන්ෂී තුල තිබුණා. ආදරය, වෛරය, කැපකිරීම, ලිංගිකත්වය, ලැදි බව, සල්ලි, මත්ද්‍රව්‍ය, ලේ, කැපුම් කෙටුම් මේ වගේ තියෙන්න ඕනෙ හැමදේම බැන්ෂී කතාවේ තිබුණා කියලා තමයි මට හිතෙන්නේ. ජොනතන් ටෲපර් කියන තිර රචකයා ඉතාමත් හොඳ තිර පිටපතක් මේ වෙනුවෙන් ලියලා තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් කතා මාලා වල අන්තිම සීසන් වලට යද්දී පලවෙනි සීසන් වල වුන දේවල් ගැන කිසිම ගැලපීමක් සම්බන්ධයක් නැති වෙනවා. නමුත් මේකේ බලන්න පුලුවන් අන්තිම එපියේ පවා මුල් දේවල් වලට සම්බන්ධ කරන විදිය. සිතුවිලි පෙන්වන විදිය. ඒ වෙනුවෙන් බැන්ෂී කරපු අයට ස්තූති වෙන්න ඕනේ.
ගොඩක් අය කියලා තිබුණා බැන්ෂී කතාව හදිසියේම නවත්වන්න සිද්ධ වුනා කියලා. නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි. බැන්ෂී නිෂ්පාදකවරුන් කියන්නේ එයාලට කතාව අවසානයක් කරන්න අවශ්‍ය වුනා කියලා. නැතුව මග නවතාදැමීමක් නෙවෙයි. සමබර අවසානයක් ලබා දෙන්න ඕන වෙලා තිබුණේ කියලා. හැබැයි මට නම් හිතෙන්නේ තව එක සීසන් එකක් වත් තිබුණා නම් හොඳයි කියලා. කොහොම හරි ගොඩක් හොඳ විදියට බැන්ෂී ඉවර වෙනවා. හැබැයි අන්තිම වෙනකම් බලන කෙනාට ගොඩක් දුක හිතෙයි. ටිකක් මෙතන ස්පොයිල් කරන්න වෙනවා කතාව. හුඩ් බයික් එකෙන් බැන්ෂී වලින් ඈතට යන දර්ශනය. හරිම දුකයි. ආපහු එන්නෙ නෑනෙ කියලා හිතෙද්දී. මෙච්චර කල් වුන දේවල් මතක් වෙද්දී. ඉතින් මොනවා කරන්නද අවසානයක් තියෙන්නත් ඕනෙනෙ. ඔය විදියට තමයි ඉවර වුනේ.
ඒ දවස් වල රාවයක් ගියා බැන්ෂී Spin Off කතා මාලාවක් එනවා කියලා ඩේවා සහ හුඩ් ප්‍රධාන චරිත කරන. බැන්ෂී වලින් පිට නිව්යෝක් වල යන කතාවක් කියලා. ඒත් එහෙම එකක් ගැන තාම තීරණය කරලා නෑ කියලා තමයි නිෂ්පාදකවරු කියලා තියෙන්නේ. දැන් බැන්ෂී ගොඩක් අයගෙ හොඳම ලිස්ට් එකට වැටිලා ඇති. උපසිරැසි ගැන කියනවා නම් මම දැක්කා සමහර උපසිරැසි දෙන සයිට් වලත් බැන්ෂී දාලා තිබුණා. හැබැයි ඒවගෙ තිබුණ වැරදි නම් ගොඩයි. හැබැයි සහතික වෙනවා බයිස්කෝප් වෙතින් දෙන්නේ හොඳම උපසිරැසි. මේකත් හොඳම එකක්. අඩුපාඩු නැත්තෙම නෑ කියන්නෙ නෑ. ඒත් අනෙක් ඒවට වඩා අඩුපාඩු අවම විදියට තමයි මම උපසිරැසිය හදලා තියෙන්නේ. එහෙනම් මෙච්චර කාලයක් බැන්ෂී එක්ක හිටපු කෙනෙක් නම් ඔයා, ඔයාට ගොඩක් ස්තූතියි. කෙමෙන්ට් එකක් දැම්මා හෝ නැතා ඔයා මගෙ උපසිරසියෙන් ප්‍රයෝජනය ගත්තා නම් ඒක තමයි මගෙ සතුට. ආයෙත් මේ වගේම හොඳම සීරිස් එකක් අරන් එන්න තමයි බලාපොරොත්තුව. උපරිම උත්සාහ කරනවා ඒකට. අවසන් කරන්න කලින් එක ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔයාලා කවුරුත් දන්නවා ලූකස් හුඩ් කියන්නේ වෙන කෙනෙක්ගෙන් හොරකම් කරපු නමක් කියලා. එහෙනම් ලූකස්ගෙ ඇත්තම නම මොකක්ද? දන්න කෙනෙක් ඉන්නවා නම් කෙමෙන්ට් කරගෙන යන්න අනෙක් අයටත් දැනගන්න.
එහෙනම් බැන්ෂී වලින් පිට වන ඔබට සුභ ගමන්!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
16,276 downloadsDownload Banshee.S04E08.Baiscopelk.com_.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංග ප්‍රසන්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංග ප්‍රසන්න
Subtitles
111 comments
KuKKuWa
Ranga
ජෝන් ස්මිත් නෙවෙයි. ඒකත් බොරු නමක්
Anonymous
ehenn mokkd
Suminda Lakshan
බොහොම ස්තූතියි සීසන් 4 ක් නොකඩවා උපසිරැසි ලබා දීම සම්බන්ධයෙන්. ❤️
මං හිතන්නෙ පොරගෙ ඇත්ත නම ජෝන් ස්මිත්Ranga
ජෝන් ස්මිත් කියන්නේ පොර බොරුවට කියන නමක්. ඒක නෙවෙයි නම
බට්ටිච්චි'
ඇත්ත නම ආර්යා ස්ටාක්
බට්ටිච්චි
හරිම දුකයි දවස් 38ක් තිස්සේ හැමදාම උදේ මේකට එන්නේ මේක දාලා ඇති කියලා හිතාගෙන.
අද ඉඳලා ඒකත් ඉවරයි. මං බලපු හොඳම කතාමාලාව.
ගොඩක්ම ස්තුතියි රංගටත්. STD හැදිලා ඉස්පිරිතාලේ නොගිය නම් මේ වෙද්දී ඉවරත් කරලනේ.
කොහොම හරි ඒකත් ගොඩ දාගෙන මේකත් ඉවර කරාට මගේ හදපිරි ස්තුතිය.
තවත් හොඳ කතාවක් අරන් එනකම් බලන් ඉන්න මං
බට්ටිච්චිRanga
තෑන්ක්ස් මචන්. ඒක නෙවෙයි. සිරාවට උඹ කවුද බන්?
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ මේ කතාවට සබ් දුන්නට සුපිරියටම සබ් එක ගහලා තිබුණා
Anonymous
තවත් කට්ටියට මග හැරුනු හොඳ series එකක් ගේන්ඩ අයියේ....ටැන්ස්...❤️❤️
Chamara Madumal
තැන්ක්ස් මචං.. සුපිරි ටිවි සිරියස් එකක් අයෙත් මෙ වගේ එකක් ඉක්මනට ඔන.♥️
කවිෂල් රසින්ත
බොහොම ස්තූතියි රංග අයියේ මෙච්චර කල් එකදිගටම කතා මාලාවේ ඔක්කම එපිසෝඩ් වලට සබ් දීපු එක ගැන.. අනිවාර්යයෙන්ම හොඳම සහ ආසම සිරීස් ලිස්ට් එකට එකතු වුනා.. ඔක්කම පර්ෆෙක්ට් සමබර සිරීස් එකක්..එපියෙන් එපියට කමෙන්ට් එකක් දාන්න නම් බැරි උනාට අවසාන එපියෙන් ඒ හැම එකකටම ස්තූති වෙන්න කියලා ආයේ වතාවක් කියනවා..එහෙනම් මේකත් ඉවරයි.. පුළුවන් නම් මේ වගේ කට්ටියට මඟ ඇරුන තවත් ලස්සන සුපිරි සිරීස් එකක් කරන්න බලමු.. එතෙක් ජය වේවා..!!
Ranga
ස්තූතියි මල්ලී කමෙන්ට් එකට. අනිවාරෙන් හොඳ එකක් දෙනවා ඉස්සරහට ආයෙත්
Sathira Vikum Isiwaruna
ඔක්කොම බැලුව.. මගදි පරක්කු උනේ කරදරයක් නිසා කියල දැක්ක.. anyway subtitles වලට thanks මචන්.. ජය වේවා
Ranga
ඔව් කරදරයක් වුනා ලොකුවටම. ස්තූතියි කමෙන්ට් එකට
Sisira Hegoda
ඔබ කල සේවාව ඉතා අගනේය. ඉතා සාර්ථක උපසිරැසි ඉදිරිපත් කිරීමක්. ඉතාම තාත්විකයි. ඔබ ඉහලින්ම අගයමි. ඔබට බොහොම ස්තූතියි.
Ranga
බොහොම ස්තූතියි අදහසට
Denis Perera
thanks bro sub ekata. mama nan godak kal oka balala. mage list eke 2nd ekata thiyenne banshee.... e tharn
supiri story ekak thiyenneRanga
Thank you for the comment
P_mihir
ඇත්ත නම තමා Carrie...... ඒක නේද?
P_mihir
Spelling වැරදුනා..... Carey..... තමා හරි එක
Ranga
නෑ. ඒකත් නෙවෙයි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
Ranga
ස්තූතියි අදහසට
Ayesh
සුපිරිම සීරියස් එකක්.ගොඩාක් ස්තුතියි❤️ උපසිරසි දුන්නට
Ranga
දිගටම හිටියට ස්තූතියි!
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ මේ කතාවට සබ් දුන්නට සබු එක සුපිරියටම ගහල තිබුණා
සියන්ත
ස්තුතියි ඈ වැඩේට...
මේක මුලින්ම කරනව කියල කෙනෙක් කියද්දී කට්ටියක් හිනා වුණා ලු...
ඒත්...ඔයා තනියම සීසන් 4ක්ම ඇදල දැන්
ඒ උන්දෑ සතුටු වෙනවා ඇති ඔයාටත් වඩා...හුම්ම්
හොඳයි බම්...ජය
තව එකක් කරමු ඈ !!Kelum
ස්තූතියි.......
Theekshana
Sub ekata ස්තුතිය සහො
kavindu srimal
thank.. sub dunnata. supirima kathavak hodee..
Bobby
You're Great, Ranga. Thanks lot.
See you.
Anonymous
Thanks broo
විමා
ගහපු ගේමටත්, වෙච්ච මහන්සියටත්,
උඹ ගැන තිබ්බ විස්වාසය රැක්කටත් තුති ආ.
මේ කතා මාලාව නිසාම පලවෙනි කඩයිම සමරන්නෙත් නැතුවම අතැරලා දැම්ම.
මේ ගැම්මෙන්ම ඉතුරු ටිකත් කරලා 100 ඉහලින්ම සමරමු මචං.
ජයෙන් ජය!Chamara Madumal
තැන්ක්ස් මචං.. සුපිරි ටිවි සිරියස් එකක් අයෙත් මෙ වගේ එකක් ඉක්මනට ඔන.♥️
සනිදු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට.. සුපිරිම සීරීස් එකකට සුපිරියටම උපසිරස ටික කරලා දුන්නට. දැනට මේකේ ඩවුන්ලෝඩ්ස් අඩුයි. ඒත් මේවා ඕල් ටයිම් සීරීස්. අනිවාර්යයෙන් කාලයක් යනකොට හැමෝම බලන්න ගන්නවා. වෙච්ච මහන්සියට බොහොම පින්.. ජය වේවා.. බුදුසරණයි..!
suranuwan
thank you bro....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයSachin Bhagya
අම්මෝ කොහොමහරි බම්ඩු දුන්නා නේහ්? එම්ලම කොම්ලෝ... එම්ලම...
සකර් පන්ච් වැඩේ බලලා දියම් ඈ මට <3ලහිරු ප්‍රසාද්
සෑහෙන්න ගේමක් ගහලා තියනවා උබ තනියම මේක ඉවරකරන්න. ඒ වෙච්ච මහන්සිය සෑහෙන්න අගය කරනවා මචෝ. ඒ වගේම තමා මේක මම් කාලෙකට කලින් බලපු සුපිරිම සීරීස් එකක්. ආයෙ උබේ සබ් එක්ක බලන්න ඕන. තවත් මේ වගේ සීරීස් එකක් ගේමු. ජය!
Anonymous
බොහෝම ස්තූතියි සහෝදරයා මුල ඉදන් අවසන් වෙනකල් ආසවෙන් බැලුවා. තව එකක් පටන් ගමු එලම එකක්
Susitha
Uba nan deiyek balanna asawen hitapu series ekak bs bro thawa hoda ekak diyan lagadima
Perera
Sub aka.aka digata dunnata thanx thanx brother.
Oyata puluvannam oya vidihata EL CHAPO tv series akath karanna.jaya veva.Tharindra
කතා මාලා 4ක් එක හුස්මට සබ් දුන්නාට අනේක වාරයක් තුති......ඉක්මනින්ම ට්ව එකක් කරන්න හැකියාව ලැබේවා.....ඔබට ජය
Anonymous
balapu supirima seris akak thank macho digatama sab dammata
JonDoe297
ස්තූතියි සබ් එක දුන්නට.
මිනිහගෙ නම තමයි Homelander.shan
tnx bro
harsha
thanks broooo
Anonymous
thank you
Rasindu V Perera
නියමයි.... සබ් එකට තැන්ක්ස්......
Anonymous
supiri wadak,thank you aiye oyata meke subtitle eka dunnata,jayen jayama wewa.
tharidu16
thanks machi. supper story
Anonymous
පට්ට හොදේ
පුලුවන් නම් YOU series එකටත් සබ් එක දෙන්න ❤maduranga
Banshee Origins කියල එකක් තියෙනව නේද ?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ab
උපසිරසියට ස්තූතී සහෝ
Oshada rathvita
මෙච්චර කාලෙකට බලපු හොඳම සීරිස් එක වගේම..ටිකක්වත් ඇජස්ට් නොකර බලපු හොඳම උපසිරැසි ගැන්වීම....ගොඩක්ම ස්තුතියි මචං♥️♥️...උඹට ජය
sashitha
ela machooo...thanks
Anonymous
Thanks brother
මදුසංක
සුපිරි කතාමාලාවක්. මුල ඉදන් එක දිගටම බැලුවා. උපසිරැස නියමෙටම කරලා තිබ්බා. ජය වේවා
Chamantha Yapabandara
welldone bro
keep it upJASON
Thankyou bro ❤
Anonymous
Thanks brooo
Anonymous
සබ් එකෙන් දුන්න ආතල් එක ලොවෙත් ඉතින්. සුපිරිම. තෑන්ක්ස් සහෝ✌
praveen
banshee eke season one eke 1,2 epi vala direct link vada karane nane expire vela kiyanawa
Nipun
John smith
Pruthuvi samarasinghe
lucas hood ගේ ඇත්ත නම තමයි john smith
Kaveesha vimukthi
හැම එපියටම කමෙන්ට් කරේ නෑ, අන්තිම එකටම දාන්න හිතන්,ඔයාට ගොඩක් ස්තූතියි සබ් වලට, ඒ වගේම බයිස්කෝප් එකේ හැමෝටමත් ❤ ජොබ් වගේ එකෙක් ඉද්දි හුඩ්ගේ හරි නම හොයන එකනම් මං හිතන්නේ කරන්න බැරි වැඩක් කියලා අවස්ථා 3කදි වගේ ඇත්ත නම කියන්න යනවා, එතනිනුත් ශියබෝන්ට විතරයි අහන්න වාසනාව තිබ්බෙ ඒක එතනදි අපෙන් හැංගුව, බ්‍රොක් ඒක කියන්න යද්දි අර මානසිකයෝ ආව( සීසන් 4 එපි7දි),අනික් අවස්ථාව මතක නෑ එකෙදිත් කියන්න හම්බෙන්නෑ, මං හිතන්නේ ඒක අපි දැනගන්න ඕන දෙයක් නෙමේ කියලාඒකයි අපෙන් ඒක මෙච්චර හංගන්නේ
Heshan Thilakarathne
Banshee ගොඩක් කාලෙක ඉඳන් බලන්න ආසාවෙන් හිටිය එකක්.. එක පාරටම හම්බ උනා සීසන් ඔක්කොම.. එක හුස්මට බලලා ඉවර කලෙ.. තැන්ක් සහො.. සබ් වලට..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Banshee [S04 : E08] Sinhala Subtitles | බැන්ෂී නගර සීමාවෙන් පිට වන ඔබට සුභ ගමන්! [සිංහල උපසිරසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/banshee-season-1.jpg)

පොරගෙ ඇත්ත ජෝන් ස්මිත් නේද