මගේ හතළිස් එක්වැනි උපසිරැසිය සමඟින් මෙවර ඔබ වෙත ගෙන එන්නේ පිහිනුම් ශුරයෙකුගේ ජීවිතය හා බැඳුනු ඕස්ට්‍රේලියානු ටෙලිනාට්‍යයක්. Barracuda මුල්වරට ABC නාලිකාවේ විකාශය කෙරුණේ 2016 ජූලි 10. මේ ටෙලිනාට්‍යයට පාදක වුණේ ඕස්ට්‍රේලියානු ලේඛක Christos Tsiolkas විසින් රචනා කර 2013 දී පළ කෙරුණු Barracuda නම් නවකතා…

මගේ හතළිස් එක්වැනි උපසිරැසිය සමඟින් මෙවර ඔබ වෙත ගෙන එන්නේ පිහිනුම් ශුරයෙකුගේ ජීවිතය හා බැඳුනු ඕස්ට්‍රේලියානු ටෙලිනාට්‍යයක්. Barracuda මුල්වරට ABC නාලිකාවේ විකාශය කෙරුණේ 2016 ජූලි 10. මේ ටෙලිනාට්‍යයට පාදක වුණේ ඕස්ට්‍රේලියානු ලේඛක Christos Tsiolkas විසින් රචනා කර 2013 දී පළ කෙරුණු Barracuda නම් නවකතාව ඇසුරිනුයි. එය තරුණ පිහිනුම් ක්‍රීඩකයන් මත පැටවෙන දැඩි තරඟකාරී පීඩනය, ඔවුන්ගේ සිහින අපේක්ෂාවන් සහ ඔවුන් ජිවත්වන පවුල් පසුබිම් අතර සිදුවන දරුණු ඝට්ටනයන් විදහා දැක්වෙන අන්දමින් ලියවුණු සංවේදී නවකතාවක්. Barracuda ටෙලිනාට්‍යය පිටපත රචනා කළේ Blake Ayshford සහ Belinda Chayk විසින්. IMDb දර්ශකයේ 7.9/10 ක අගයක් ලබාගත් මෙම ටෙලිවෘතාන්තය Robert Connolly ගේ අධ්‍යක්ෂණයක්. මෙම ටෙලිවෘතාන්තය පැයකට ආසන්න කතාංග හතරකින් යුක්ත වෙනවා. මෙම ටෙලිවෘතාන්තය ගැන අදහසක් ලබාගැනීමට Luke Buckmaster විසින් පළ කළ විචාරයකින් උපුටාගත් කොටස් වල සිංහල පරිවර්තනයක් මෙහි උපුටා දක්වන්නම්.
“..Connollyගේ Barracuda (2016) රුපවාහිනී අනුවර්තනය, එහි නවකතාවෙහි ඇති මුලික කථාවේ ගලායාමට බාධාවන නොවැදගත් සිදුවීම් පිළිබඳ විස්තර අවම කරමින් ප්‍රධාන සහ මුලිකව පිහිනීමට සම්බන්ධ නාට්‍යමය සිදුවීම් අන්තර්ගත කරමින්, නවකතාවට වඩා එහි කතාන්දරය තුළට වඩා සංයමයෙන් යුත් පිවිසුමක් ලබාදෙයි. මේ ටෙලිවෘතාන්තයේ සිදුවීම් පෙළගැස්ම රේඛිය අන්දමින් පැහැදිළිව ක්‍රමානුකුලව ගමන් කරයි…”
“ඩැනියෙල් කෙලීගේ චරිතය නිරුපණය කරන Elias Anton සිත්ගන්නා සුළු අන්දමින් පාලනය කෙරුණු රංගනයක යෙදුණද, ඔහුගේ තීක්ෂණ ඇස් මඟින්, සැලකිය යුතු තරම් කාලයක් කායවර්ධන ඒකකයේ සහ ජලයේ ගත කර ඇති බවක් ඉඟි කරයි. මෙයින් අවසානයේදී Connollyගේ Barracudaහි ප්‍රධාන චරිතය විචිත්‍ර, සිතට කාවද්දන සුළු, එහෙත් මඳක් ආවේගශීලි ස්වරුපයක් ඇති කරයි.”
“Barracuda මඟින් ක්‍රීඩාවෙන් විජයග්‍රහණය කිරීමේ ඕස්ට්‍රේලියානු ආකල්පයේ සැඟවුණු යථාර්තය විමර්ෂණය කරයි. එය ජයග්‍රාහකයන්ට වඩා පරාජිතයන් පොම්ප කරන කෲරතර ප්‍රවාහක පටියක් බව මෙයින් පෙන්වයි”
මෙම ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙනවා:
Elias Anton ඩැනියෙල් කෙලී ලෙසින්
Ben Kindon මාටින් ටේලර් ලෙසින්
Matt Nable ෆ්‍රෑන්ක් ටොර්මා ලෙසින්
Rachel Griffiths සමන්තා ටේලර්
Jeremy Lindsay Taylor නීල් කෙලි ලෙසින්
Victoria Haralabidou ස්ටේෆනි කෙලී ලෙසින්
Tilda Cobham-Hervey එමා ටේලර් ලෙසින්
Andrew Creer විල්කෝ ජාකොබ් ලෙසින්
Collins-Levy ක්ලයිඩ් ලෙසින්
Joel Lok ලූක් ට්‍රැන් ලෙසින්
Rhys Mitchell ස්කුටර් ලෙසින්
Imran Adams තියෝ කෙලී ලෙසින්
Luca Sardelis රීගන් කෙලී ලෙසින්
Joe Klocek ට්සිට්සස් ලෙසින්
Damon Gameau බෙන් විටර් ලෙසින්
Helen Morse මාගෝ ලෙසින්
අද පළවෙන කොටස ගැන:
පළමුවැනි කොටස
අධ්‍යක්ෂණය – Robert Connolly
මුල්වරට විකාශය වුනු දිනය – 10 July 2016
තිර රචනය – Blake Ayshford
මේ කතාව 1996 වසරට දිව යන්නක්. ඩැනි කෙලී කියන්නේ, ක්‍රීඩා ශිෂ්‍යත්වයක් ලැබීම නිසා මෙල්බර්න් වල උසස් පෞද්ගලික පාසැලකට ඇතුළත් වීමේ වරම් ලද, 17 වියැති දක්ෂ පිහිනුම් ශුරයෙක්. ඔහු දැඩි අපේක්ෂාවෙන් පසුවෙන්නේ 2000 වසරේ දී, තම මව්බිම වන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ පිහිනුම් අංශයෙන් රන් පදක්කම දිනා ගැනීමට යි. ඩැනි එම පාසලේදී දක්ෂ පිහිනුම් පුහුණුකරුවෙකු ලෙස සැලකෙන ෆ්‍රෑන්ක් ටොර්මා යටතේ පුහුණු වෙනවා. නිර්ධන පන්තියට අයත්, අර්ධ ග්‍රීක සහ අර්ධ අයර්ලන්ත ජාතිකයෙක් වන ඩැනි එම උසස් පාසැලේ වරප්‍රසාද ලත් ශිෂ්‍යයන් කිහිප දෙනෙකුගෙන් හිරිහැර වලට, ඇනුම්පද වලට ගොදුරු වෙනවා. එම පිහිනුම් කණ්ඩායමේ නායකයා වන මාටින් ටේලර්, ධනවත් වංශවත් පවුලකට අයත් කඩවසම් තරුණයෙක්. අහංකාර ස්වභාවයක් ඇති ඔහු මේ දක්ෂ නවක සාමාජිකයා පිලිබඳ කෙසේ ප්‍රතිචාර දක්වාවි ද? ඩැනි කෙලී මෙම තත්වයන්ට කෙසේ මුහුණ දේවි ද? අද කොටසින් මේ ගැන බලන්න..
මේ උපසිරැසි ලබාදී ඇත්තේ barracuda.s01e01.pdtv.x264-fqm [480 MB] පිටපතට යි. මේ නමින් Google හි සෙවීමක් සිදු කර ඔබට අදාළ ටොරන්ට් එක සොයාගැනීමට අපහසු වන එකක් නැහැ, දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න.
ඔබට තෙරුවන් සරණයි!!
🙂 🙂 🙂

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි PDTV පිටපත් සඳහා වලංගු වේ.
2,015 downloadsDownload Barracuda-2016S01E01.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
9 comments
Rasindu Perera
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dhanushkadill
Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Lahiru
aluth ewa danne maga nawaththapu ewa dapamko bro
Lucifer / Scorpionjstar
brilliant work bro thanks a lot
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!ashan1234
MEKE TORRENT EKA DENDAKO HOYAGANDA AMARUI
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pubudu5566
sub ekata thanx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


නියමයි...සබ් එකට තැන්ක්ස්....
දිගටම දෙමු.....