කූඹියෝ ටෙලිනාට්‍ය ලොකු කතාබහක් ඇති කළා හැමෝටම මතක ඇතිනේ? හැමෝම විදේශ රූපවාහිනී කතා වලට පිස්සු වැටිලා ඉන්න කාලෙක ඒ වගේ කතාවක් ලාංකික තරුණ පරපුර අල්ලගන්න හේතුව මොකද්ද කියල ඇහුවොත් ගොඩක් උත්තර ලැබෙයි. කතාවකින් අපි බලාපොරොත්තු වෙන යතාර්ථය සහ අපි මේ ජිවත් වෙන සමාජය සමඟ ඒ කතාව ගැලපීම කියන කාරණය ඉහල ප්‍රත…

කූඹියෝ ටෙලිනාට්‍ය ලොකු කතාබහක් ඇති කළා හැමෝටම මතක ඇතිනේ? හැමෝම විදේශ රූපවාහිනී කතා වලට පිස්සු වැටිලා ඉන්න කාලෙක ඒ වගේ කතාවක් ලාංකික තරුණ පරපුර අල්ලගන්න හේතුව මොකද්ද කියල ඇහුවොත් ගොඩක් උත්තර ලැබෙයි. කතාවකින් අපි බලාපොරොත්තු වෙන යතාර්ථය සහ අපි මේ ජිවත් වෙන සමාජය සමඟ ඒ කතාව ගැලපීම කියන කාරණය ඉහල ප්‍රතිශතයක පවතින තරමට කතාවට වටා එක් රොක් වෙන පිරිස ගොඩක් වැඩියි. ඉතින් කූඹියෝ වගේ කතාවක් පිස්සුවෙන් බලන්න මූලික කාරණය උනේ අපි මේ ජිවත් වෙන සමාජය එක්ක ඒ කතාව ගැලපීම 90% වඩා ඉහල මට්ටමක පැවතුන නිසා කියල මම පුද්ගලිකව හිතනවා. අපි පාට, පක්ෂ, ආගම්, ජාති, ඉඩ කඩම් බෙදාගෙන කෑ කෝ ගහ ගත්තට අපි හැමෝගෙම හිතේ කොනක ඉන්නවා එලියට එන්න බැරුව දඟලන සාධාරණ සමාජය අගයන මනුස්සයෙක්. එක්තරා විදිහකට කිව්වොත් අපි හැමෝම සමාජය තුල දෙබිඩි චරිත.
මුළු සමාජයක් එක පිටපතක් අනුගමනය කරද්දී අපිට ඒ පිටපතින් පිටයන්න තියන ඉඩ ඒ සමාජයෙන්ම අහුරලා අපි හැමෝම නිකම්ම සමාජය තුල දෙබිඩි චරිත බවට පරිවර්තනය වෙලා. නිර්මාණයක් තුල දකින දුක වේදනාව, අසරණකම වෙනුවෙන් ඇස්වලින් කඳුළු සලන්න පවා අපි පෙළඹෙන්නේ අපි තුල ඉන්න කෙනා මේ දේවල් නිර්මාණය තදින් ග්‍රහණය කරගන්න නිසයි. එහෙම වෙන්න නම් ඒ නිර්මාණය අපි එදිනෙදා දකින සමාජයේ අපිට ඇස්පනාපිට දකින්න ලැබෙන එත් අපි සමාජයේදී නොදැක්කා වගේ ඉන්න වෙලා තියෙන සිදුවීම් ඒ සැටියෙන්ම දකින්න ලැබෙනකොට ඒ නිර්මාණය හරහා ඒ සමාජයේ වෙන වැරැද්දට අපි විසඳුම් හොයන්න පෙළඹෙනවා. එතැනදී තමයි අපි මේ වගේ කතාවක් පස්සෙන් එලව එලව බලමින් අපි හිතින් හොයන විසඳුම කතාව හරහා ලබාගෙන කෘතීම සහනයක් විඳගන්න බලන්නේ. මේ දේවල් වලින් ප්‍රේක්ෂක ඔබ අප අල්ලගන්න කතාවේ නිර්මාතෘ සමත් වෙනවා කියන්නේ වැඩි දෙනෙකුගේ කතාබහට ලක්වෙන ඉහල මට්ටමක නිර්මාණයක් ඔහු අතින් නිමවී අවසානයි.
ඉතින් මොනයම් කතාවක් හරි මෙහෙම ප්‍රේක්ෂකයෝ අල්ලගන්න සමත් වෙන්න නම් අර උඩ කියපු වින්දනය අපිට ලැබෙන්න ඕන කියන කාරණය වැදගත් තැනක් ගන්නවා. මුලින්ම මම කියපු කූඹියෝ ටෙලි නාට්‍ය මෑත අවදියේ අපේ සමාජයේ ලොකු විප්ලවයක් කරන්න සමත් උනේ අන්න ඒ නිසයි. ඉතින් අද මම මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ ලොකු විප්ලවයක් එක්සත් ජනපදයේ වෙසෙන මිනිස්සු අතර පහුගිය මාස කීපයේදී සිද්ධ උනා. අපි හැමෝම දන්නවා බ්‍රිතාන්‍ය තුල දැනට තියන ලොකු ගැටළුවක් තමයි ත්‍රස්තවාදී උවදුර. ඒ සමාජය තුල වෙසෙන සාමාන්‍ය බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ වෙනත් රටවලින් සංක්‍රමණය උන පිරිස් අතර ලොකු ඝට්ටනයක් අදටත් නිර්මාණය වී තිබෙනවා. ඊට අමතරව ඒ කරුණු කාරනා වෙනුවෙන් විවිධ දේශපාලකයන් විවිධාකාර මත දරන්නන් වීම මේ අර්බුධය උග්‍ර වෙන්න තවත් හේතුවක් වෙලා.
එවන් වාතාවරණයක් මත තමයි පහුගිය අගෝස්තු 26 වෙනි ඉරිදා මේ කතාව බ්‍රිතාන්‍ය රූපවාහිනිය ආක්‍රමණය කලේ. පළමු කොටසින්ම ඒ වටා එක්රොක් උන පිරිස මිලියන 14.42ක්. මේ අගය 2008 පසු BBC One රූපවාහිනී නාලිකාවේ රූපවාහිනී කතාමාලාවක් වෙනුවෙන් ලැබුන වැඩිම අගය බවත් සඳහන් වෙනවා. මේ අගය කතාව අවසන් වන විට කෙමෙන් කෙනෙක් වැඩි වී මිලියන 15.93ක් දක්වා බ්‍රිතාන්‍ය ප්‍රේක්ෂක පිරිසකගේ හිත සොරාගන්න සමත් උනා. මේ ගණන් බ්‍රිතාන්‍යට පමණක් අදාළ සංඛ්‍යා ලේඛන වලින් ලබාගත් අගයන් වෙනත් රටවල ප්‍රතිචාරත් මේ හා සමානයි. මේ කතාවට ලැබී තිබෙන IMdb අගය 8.3. වගේම සෑම කොටසකටම 8 වඩා ඉහල අගයක් ලැබිලා තියෙනවා. ඉතින් කොටස් 20 ගණන් වල කතා මාලාවක් මාස ගණන් බලපු ඔබ මේ වගේ කොටස් 6 කින් සමන්විත ත්‍රාසය කුතුහලය තප්පරයක් පාසා කැටි කරගත් මේ වගේ කතාවක් මග ඇර ගන්නවා නම් මේ ලැබුන මනුස්ස ජිවිතයේ කරගන්න ලොකු අත් වැරද්දක්.

ප්‍රධාන නළුවා සහ නිළිය
මේ කතාවේ නිර්මාණ පසුබිම ගැන සඳහන් කරනවා නම් Jed Mercurio තමයි මේ කතාවේ රචකයා සහ නිර්මාතෘ වෙන්නේ. මෙහි අධ්‍යක්ෂණය Thomas Vincent, John Strickland දෙදෙනා විසින් සිදුකර තිබෙනවා. ඒ වගේම ඉතාමත් දක්ෂ සහ අපි හඳුනන නළු නිලි කැලක් තමයි මේ කොටස් හය පුරාවටම අපිට දකින්න ලැබෙන්නේ. හැමෝටම මතක ඇති ගේම් ඔෆ් ත්‍රෝන් පළමු සහ දෙවන කතා මාලාවන්. එහෙනම් රොබ් ස්ටාර්ක් අමතක වෙන්න බැහැ. ඔව් ඒ චරිතයට පණ පෙවූ Richard Madden විසින් තමයි මේ කතාමාලාවේ ප්‍රධාන චරිතය වර්ණවත් කරන්නේ. ඒ වගේම Sophie Rundle, Keeley Hawes, Gina McKee, Vincent Franklin වගේ නළු නිලියන්ද මීට එකතු වී තිබෙනවා. මේ කතාව ගොඩ දෙනෙක් අතරට යන්න මූලික උනේ මෙහි තිබුන සිදුවීමක් නිසයි. ඒ සිදුවීම ඉතාමත් තාත්වික ලෙසින් රූගත කර තිබීම බොහෝ පිරිසක් පුදුම වී තිබුනා. ඒ සිදුවීම ගැන කියනවා නම් ස්නයිපර් වෙඩි පහරක් මගින් ගමන් ගන්න මෝටර් රථයකට එල්ල කර එහි රියදුරා මරා දමන අවස්ථාවක්. මේ අවස්ථාව ඉතාමත් තාත්වික අයුරින් සහ නියම ස්වරුපයෙන් රූගත කර ගන්න මේ නිර්මාණ කරුවන් සමත් වී තිබෙනවා.
මම මේ කතාව මොනවගේ දෙයක්ද කියල ඉතාමත් කෙටියෙන් කියල කතාව නැරඹීම භාර කරන්නම්. ඩේවිඩ් බඩ් කියන්නේ කලින් ඇෆ්ගනිස්ථානයේ හමුදා සේවය කල බ්‍රිතාන්‍ය සෙබලෙක්. ඔහු දැන් යුද්ධයෙන් පසු නැවත බ්‍රිතාන්‍යට පැමිණ පොලිසියේ සේවය කරනවා. ඒ වගේම ඔහු දරු දෙනෙකුගේ පියෙක්. විවාහයේ යම් අර්බුද නිසා බිරිඳ සහ ඔහු වෙන් වෙන්ව ජිවත් වෙන්නේ. තම දරුවන් දෙදෙනා එක්ක නැවත ඔහුගේ බිරිඳ වෙතට දරුවන් සමඟ දුම්රියකින් ගමන් කරන දර්ශනයක් තමයි ඔබට මුලින් දකින්න ලැබෙන්නේ. මේ දුම්රිය ගමන පොලිස් සාජන් ඩේවිඩ්ගේ ජීවිතය වෙනස් කරන්න සමත් වෙන එකක් කිව්වොත් වඩාත් නිවැරදියි. මේ ගමන සහ එහිදී හමුවන අය නිසා ඩේවිඩ්ගේ රැකියාව සහ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙන හැටි මේ කොටස් 6 පුරා ඔබට දැකගන්න ලැබේවි.කොටසක් අවසානයේ ඊළඟ කොටස බලන්න ඕන කියන හැඟීම මුල් කොටස් පහ අවසානයේත් අවසන් කොටස අවසානයේ තවත් කතා සමයක් දකින්න ලැබේවා කියන ප්‍රාර්ථනය මේ කතාව බලන්න පටන් ගන්න හැමෝටම දැනෙන දෙයක් කියල මෙතැනදී අනිවාර්යෙන් කියන්න ඕන. එහෙනම් මගේ යුතුකම මෙතනින් අවසන්. ඊළඟ කොටස් දෙකට උපසිරැසි තරිඳු සහෝ අරගෙන එයි. නැවත 4 වෙනි කොටසේදී මුණගැහෙමු. ජය!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV/BR පිටපත් සඳහා අදාළ වේ.
15,130 downloadsDownload Bodyguard.S01E01.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
55 comments
baiscope_chandima
Ravindu Rukshan
Thx
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා ...sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAchintha Udayanga
සබට තුති සහෝ...
Kulanjana Maduranga
niyamai.subata thanks saho..keep it up..
dsdkavishka
Thenks aiya, mewage kathawak enakam balan idiye
තරිඳු ගමගේ
උපසිරැසියට තුති. . . ජය සහෝ !!! බලන්න පුලුවන් , හොඳවායින් එකක් අරන් ආවට.
Bobby
Thank you very much
Shamal Ranasinghe
Thank you..! jaya wewa..!
Lakshan
sub ekta thanx bro
Ayesh Prashan
Thank You
Prabodha Madhusankha Hettiarachchi
Me wage tv series enakan balan hitiyee godak sthuthi brooo.. jaya wewa...
Malith Weeramuni
පට්ට අයියේ...
සුපිරි...❤❤❤
ජයවේවා...Indika Priyashantha
උපසිරැසියට ස්තුතියි...............!
Mayura
මේක පට්ට.
අන්තිමට කරීනයි සල්මනුයි එකතු වෙනවනේ.Kanchana
Thanx sahooo
Nilush Angana
Sub ekata thanx
hasalaka
mekata sub denakan balan hitiye... thank you very much !!!
Uvindu Dilshan
Sub ekata thankx
දිල්ශාන් සචින්ත
තෑන්කූ හසයියේ. බලන්නම්කෝ අනිවා.
Dimuthu Nisansala
Thank you!!!
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි.............. ජයවේවා.........!!!!!!!!!!!!
ලිපිය සුපිරි මචං........Stranger
thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
loxley
Supiri
Sevenupboy
Thanx brooo sub ekata
SPrasa
harima lassana lipiyak. Lipiya nisama kathawa balanna download kara. Thama trailer ekawath beluwe nehe. Bohoma sthuthiy.
nisala_d
Thank you bro...!!!
upps
Thanks very much .oyala ta godak thanks me waga supiri tv show ganawata. Digatama denna.I always with you baiscop team.thnks sub akatath
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සුපිරි වගේ....
දිගටම දෙමු ඉක්මනටම සබ්...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. දෙනකම් මඟ බලාගෙන උන්න කතාවක්. අනිවා ගැනිල්ලක් තමා. නොබලන්න හිතපු අයටත් කියන්නෙ, නොබල ඉන්න එපා, අනිවා බලන්න. ජය෴෴ :P :P
Rasitha Illangasinghe
Thanks sub ekata..
thiwanka anuhas
oya sub denawanm bro aniwa supiri kathawak thama
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
imyk
palaweni episode eka telecast una dawase idanma mama meka oyalagen illuwa...very ...very thanks to giving this....
AsithaDilruwan
Ela saho thanks
maduranga
සබ නැතුව මේක බලල ඔලුව කුරුවල් උනා කියහන්කො .
Viraj
thanks saho..
suranuwan
thanks bro...
bfmvprasa
thanks
priyan99
thanks macho sub ekata
oshanmp
උපසිරැසියට ස්තුතියි!
MAALnath
Thanks ..................good luck .....................the exorcist season 02,colony season 03 sinhala sub denna ..............................
Eranda Malith 2.0
Thanks bro jayawewa
LakshanD
එල බං ❤️
melinda
thank you
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Rumesh dhanushka
Thanks hasantha &all admins
Gayashan dileepa karunathilaka
Sub 1 hodai
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ammo ati yanthan dala...
ස්තුතියි.