“පිළිකාවක් කියන්නේ මොකක්ද ? සරලව කිව්වොත් පිළිකාවක් කියන්නේ ශරීරයේ වෙනත් ප්‍රදේශවලට ආක්‍රමණය කිරීම කිරීම හෝ ව්‍යාප්ත කිරීමට ඇති හැකියාව සමඟ අසාමාන්‍ය සෛල වර්ධනය සම්බන්ධ රෝග සමූහයක්. ඒ පිළිකා වලට හේතුව විදිහට 2018 ජනවාරි මාසයේ ලෝක සෞඛ්‍යය සංවිධානයේ “පිළිකා තොරතුරු පත්‍රිකාව අංක 297” දක්වලා තියෙන්නේ…

“පිළිකාවක් කියන්නේ මොකක්ද ? සරලව කිව්වොත් පිළිකාවක් කියන්නේ ශරීරයේ වෙනත් ප්‍රදේශවලට ආක්‍රමණය කිරීම කිරීම හෝ ව්‍යාප්ත කිරීමට ඇති හැකියාව සමඟ අසාමාන්‍ය සෛල වර්ධනය සම්බන්ධ රෝග සමූහයක්. ඒ පිළිකා වලට හේතුව විදිහට 2018 ජනවාරි මාසයේ ලෝක සෞඛ්‍යය සංවිධානයේ “පිළිකා තොරතුරු පත්‍රිකාව අංක 297” දක්වලා තියෙන්නේ 20% ක් දුම්කොළ භාවිතය නිසා ඇතිවන බවත්, 10% ක් අධික තරබාරුකම, දුර්වල ආහාර, ශරීර ක්‍රියාකාරකම් අඩුවීම හෝ මත්පැන් අධික ලෙස පානය කිරීමත් සහ වෙනත් සාධකවලට ඇතැම් ආසාදන, අයනීකරණ විකිරණයට හා පරිසර දූෂකවලට නිරාවරණය වීමද ඇතුළත් වෙනවා, දියුණු වෙන ලෝකයේ, පිළිකා වලින් 15% ක් හෙලිකොබැක්ටර් බයිපාස්, හෙපටයිටිස් බී, හෙපටයිටිස් සී, මානව පැපිලෝමාවිරිස් ආසාදන, එප්ස්ටයින්-බාර් වෛරස් සහ මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV) හේතුවෙන්ද, පිළිකා රෝගීන්ගෙන් 5-10% පමණ පුද්ගලයාගේ දෙමාපියන්ගෙන් ජානමය අඩුපාඩු උරුම වෙලා තියෙන්නේ.”
“ පිළිකාවන් හැදෙන ප්‍රධාන අවයව විදිහට අපිට ගන්න පුළුවන්

1 සහ 3 – පෙනහැල්ල
2 – කොඳු ඇට පේලිය
4 – ඉල ඇට
5 – මහා ධමනිය
6 – ප්ලීහාව
7 සහ 8 – වකුගඩු
9 – අක්මාව
සමහර රෝග ලක්ෂණ සහ පරීක්ෂණ මගින් පිළිකා හඳුනාගන්න පුළුවන්. එතකොට ඒක සාමාන්‍යයෙන් වෛද්‍ය පරීක්ෂණ මගින් වැඩිදුර පරීක්ෂණයට ලක් කරනවා. දුම්වැටි නොසලකා හැරීම, සෞඛ්‍යය සම්පන්න බරක් පවත්වා ගැනීම, අධික ලෙස මත්පැන් පානය නොකිරීම, එළවළු, පලතුරු හා සම්පූර්ණ ධාන්‍ය ආහාර ගැනීම, ඇතැම් බෝවෙන රෝගවලට එරෙහිව එන්නත් කිරීම, අධික ලෙස සකස් කර ඇති සහ රතු මස් ආහාරයට ගැනීමෙන් හා අධික හිරු එළිය නිරාවරණය වීමෙන් වැළකීම යනාදියෙන් ගොඩක් පිළිකාවන් වළක්වාගන්න පුළුවන්. පුනර්ජනනය කියන්නේ මොකක්ද ? සරලව කිව්වොත් ඔයාලා දැකලා ඇති හූනේක්ගේ නැට්ට කැඩුනට පස්සේ ටික කාලෙකින් ආපහු හැදිලා තියෙනවා. අන්න එකට තමයි පුනර්ජනනය කියන්නේ. පුනර්ජනය ක්‍රියාවලිය සිද්දකරන්න පුළුවන් බැක්ටීරියාවේ ඉදන් මිනිසා තෙක් හැම ජීවියෙක්ටම.”

හූනෙක්ගේ වලිගය නැවතවර්ධනය වීම.

මුහුදු තරුවක කැඩුණු ගාත්‍රා නැවත වර්ධනය.
ඔයාලා බලනවා ඇති ඇයි මම මේ පිළිකාවක් ගැනයි පුනර්ජනනය ගැනයි කතාකරන්නේ කියලා. ඒ මේ කොටසට සම්බන්ධයක් තියෙන නිසා තමා ඒ ගැන කතාකලේ.හරි එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු. මේ කතාව පටන්ගන්නේ දරුණු රිය අනතුරකින්, මේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ (EMT) හිටපු ලෙනාඩ් මොරිස් කියන කෙනා මේ අනතුරෙන් මැරෙනවා, ඒ එයාගේ ඔලුව කඳෙන් වෙන්වුණු නිසා. ඊට පස්සේ මේ මලකද මෝචරියට ගිහින් දැම්මට පස්සේ මේ මළකඳ නැගිටලා එතනින් යනවා එතන හිටපු මරණ පරීක්ෂනව මරලා දාලා..
ස්කලීටයි මොල්ඩර්ටයි මේ ගැන විමර්ශනය කරන්න සිද්දවෙනවා. මේ අතරේදී මෙයාලට ආරක්ෂක කැමරාවල සටහන්වුනු දර්ශන කිහිපයක් ලැබෙනවා, එයාලා හිතන්නේ මේක එයත් එක්ක අර වාහනේ පදවපු ගැහැණු කෙනා මේක කළා කියලා. ඒත් ඒක ඔප්පුකරගන්න විදිහක් නැතිනිසා වෙනවෙනම මේ ගැන හොයන්න පටනගන්නවා. ස්කලී ලෙනාඩ් මොරිස්ගේ හිස පරීක්ෂා කරන අතරේ මෝල්ඩර් ලෙනාඩ් මොරිස් ජීවත්වුණු ගෙදරට යනවා. මොල්ඩර්ට පෙන්නේ හැමතැනම ඇඳුම් ඇදලා දාපු ගෙයක්. මේ අතරේ අර ස්කලී මොරිස්ගේ හිස පරීක්ෂා කානකොට, ඒක පාරටම අමුතු සිද්දියක් වෙනවා, ඒ මේ කඳෙන් වෙන්වුණු හිසේ ඇස් දෙකයි කටයි එකපාරටම ඇරෙනවා. මෙයාලා අමුතු පින්තුර ගන්න ශිප්ලයකින් මේ මැරුණු කෙනාගේ ශරීරයෙන් නිකුත්වෙන රැස් වළලු වල ජයාරූප ගන්න පුළුවන් වෙනවා. මේකෙන් මෙයාලට අමුතු දෙයක් පේනවා ඒ මේ කෙනාගේ ශරීරයේ ප්‍රතිබිම්භයක්. ඒත් මේ දේවල් ගැන ස්කලී විශ්වාස කරන්නේ නැහැ. මේ අතරේ අර අනතුරට කලින් අර මොරිස් එක්ක හිටපු වාහන් රියදුරා මිශේල්ට හඩක් ඇහෙනවා මොරිස්ගේ, හැබැයි ඒ ඇහෙන්නේ තවත් EMT කණ්ඩායමක සාමාජිකයෙක්ගෙන්. මේ නිසා මෙයා ඒ ගැන හොයන්න යනවා, එයා එහෙදි දකිනවා එයා ඇත්තටම මොරිස් කියලා…..
මොකද හිතෙන්නේ යාලුවනේ මේක කරපු අයව හොයාගන්න පුළුවන් වෙයිද ?
නැත්නම් මේ මොරිස් කියන හාදයා තවමත් ජීවතුන් අතරද ?
කතාවේ නම : “Leonard Morris`”
අධ්‍යක්ෂණය : කිම් මැනර්ස්
කතාව : ක්‍රිස් කාටර්
විකාශය වූ දිනය : 1997 ජනවාරි 26
෴ ප්‍රධාන නළු නිලියන් ෴
ෆොක්ස් මෝල්ඩර් – ඩේවිඩ් ඩච්නොව්
ඩේනා ස්කලී- ගිලියන් ඇන්ඩර්සන්
වෝල්ටර් ස්කිනර් – මිච් පිලේග්ගි
ලෙනාඩ් මොරිස් – පෝල් මැක්රෙන්
මිෂෙල් විල්ක්ස් – ජෙනිෆර් ක්ලෙම්
😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,553 downloadsDownload The-X-Files-S04-E12.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
18 comments
Pramukmili
denidu
Niyamai
Udara Damith Dissanayaka
lipiya niyamayi........
ravin rishmantha
elmaaa bokka elamaaaaaaaa
madhu bhagya
tnz ithuru kots tikth pulwn ikmnt denn
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො.
Ishan Madusha
බොහොම ස්තූතියි
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
subata thanks
mtckmadu
Thank You...!
curly
thankz broo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rumesh Asanka
thnak you
Navanjanaishan
Thanks
sasi1111
Tnk u bro
Lasantharathnasirirox
ස්තුතියි ස්තුතියි ..
sadeepa
thanks buddy..................................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanxx bro ithuru tikath ikmanata demu jayawewa..........