Beowulf: Return to the Shieldland කියන්නේ බ්‍රිතාන්‍ය ITV නාලිකාව මෙතෙක් වැඩිම වියදමක් දරා නිර්මාණය කල ටෙලි නාටකය. මම කොහොමත් මේ වගේ රජකාලේ වීරයන්ගේ කතාවලට ආසා නිසාත් මේක මිනි සිරිස් එකක් කියලා තිබ්බ නිසාත් මේකට උපසිරැස එකතු කරන්න හිතුවා. කතා 13 පොතේ හැටියට නම් තියෙන්නේ, එන්න තියෙන්නේ 2016. අයත් වෙ…

Beowulf: Return to the Shieldland කියන්නේ බ්‍රිතාන්‍ය ITV නාලිකාව මෙතෙක් වැඩිම වියදමක් දරා නිර්මාණය කල ටෙලි නාටකය. මම කොහොමත් මේ වගේ රජකාලේ වීරයන්ගේ කතාවලට ආසා නිසාත් මේක මිනි සිරිස් එකක් කියලා තිබ්බ නිසාත් මේකට උපසිරැස එකතු කරන්න හිතුවා. කතා 13 පොතේ හැටියට නම් තියෙන්නේ, එන්න තියෙන්නේ 2016. අයත් වෙන්නේ Action, Adventure, Drama, Fantasy කියන කාණ්ඩවලට. ධානව කාලය වෙන්නේ මිනිත්තු 45ක්.
මේක හොඳ හා නරක, වීරයන් හා දුෂ්ටයන්, ගැන කතාවක් වගේම ධෛර්යය, ලෝභකම, පක්ෂපාතිත්වය, පවා දීම හා පලිගැනීම වගේම, බලය, මිනිසා හා පරිසරය අතර ඇති ඝට්ටනය වගේම ආදරය කියන එකී නොකී මාතෘකා සියල්ලක් ගැනම කතා වෙන ටෙලි නාටකයක්. James Dormer තමයි මේකේ නිර්මාපකයා වෙන්නේ, ඔහු මීට කලින් Strike Back වගේ බ්‍රිතාන්‍ය කතා මාලාවල වැඩ කරලා තියනවා. රංගනය ගැන කතා කරනවා නම් Kieran Bew (Da Vinci’s Demons), Edward Speleers (Downton Abbey), David Ajala (Black Box), Ellora Torchia (Indian Summers), Gisli Orn Gardarsson (Spooks and Spirits), Laura Donnelly (Outlander), Elliot Cowan (Da Vinci’s Demons), Ian Puleston-Davies (Coronation Street), David Harewood (Homeland) වගේ පිරිසක් තමයි එකතු වෙන්නේ.
කතාවේ විරය වෙන්නේ බේවුල්ෆ්, මේ වෙනකොට ඔහු කතාවට පසුබිම සපයන ශිල්ඩ්ලෑන්ඩ් වලින් නික්ම ගිහින් වසර ගණනක්. නමුත් ඔහු නැවත පැමිණෙනවා කුඩා කල සිට තමුන්ට පියෙක් වගේ වුන් හෙරෝට් හි පාලකයා වන රෝත්ගාගේ මරණයට කලින් ඔහු සමඟ ඇති ආරවුල සමතයකට පත් කරගන්න. නමුත් ඔහු ප්‍රමාද වැඩි… කරුණු කරනා ඇදිලා යන කොට අපිට බේවුල්ෆ් ගැන දැනගන්න ලැබෙනවා වගේම රහස් කිහිපයකුත් දැනගන්න ලැබෙනවා…. නමුත් ඔක්කොම වෙනස් වෙන්නේ එල්වීනා මඩ රකුසෙක් විසින් පැහැරගෙන ගියත් එක්කයි… ඔහු යනවා ඇය බේරාගන්න… මොනවා වේවි ද? ඇයට මොනවා වේවි ද? මොනවා ද මේ රහස් ? ඒවා දැන් ගන්න මේ චරිත හැදුනා ගන්නත් දැන් ඔබට බරයි.
ආ කලින් කියන්න බැරි වුනා මේ පළාතේ තනිකරම විවිධ අමුතු සතුන් හා සතුරු මිනිසුන්ගෙන් පිරිලා ඉතිරිලා තියෙන්නේ… එහෙම කෙනෙක් තමයි ඔය මඩ රකුසා කියන්නේ…. කතාව බලන්නකෝ එතකොට තේරෙයි… ඊලග කොටසෙන් හමුවෙමු එහෙනම්, ජය වේවා !
216 MB (720p x265 WEB-DL) කොපිය මෙතනින් බාගන්න 97A5EC2460CBC4DA5CA7B4AE6EB7D0C5C78D6B52 346 MB (720p x264 WEB-DL) කොපිය මෙතනින් බාගන්න C2748BCEFF13A1897701E9A8AD4BEF6B7257C0AF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,540 downloadsDownload Beowulf-Return-to-the-Shieldlands-2016-E01.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
27 comments
Sajith Anthony
දිල්ශාන් සචින්ත(සචී)
සමීර අයියා දෙන්නේ ඉතින් එලම ඒවනේ අනිවා බලනවා.
Lahiru
mxxxaaaa
හර්ෂණ
හොදා බලමුකෝ :v මෙන්න බානෝ
rajitha
Thank you saho......digatama yamu ......jayawewa......!
Gathsara Umesh
නියමයි අයියා දිගටම යමු..............
me
Thanks
dinusha
Mamath Asama me wage Veera katha walata . Thanx saho
මධුකප්‍රිය පෙරේරා
කතාවනම් පට්ට ආ..මම ඉංග්‍රීසි සබක් එක්කම බැලුවා..
ආයේ ඉතින් දෙවැනි කොටහේ ඉදන් සහෝගේ සබ එක්ක තමා..
ඒ නිසා කලට වෙලාවට සබ ඕන..එහෙනම් දෙවැනි කොටහින් හමුවෙමු..
උපසිරසියට තුති.ඔබට ජය.විමා
සමියා නැවත වැඩ අල්ලලා
ඔහොම යමු ඔහොම යමු
හැබැයි උබේ තියන පිං මහිමය හැටියට
මිනි සීරියස් එකක් උනත් සීසන් දෙක තුනකට දික් වෙන්න පුළුවන් :pසමීර කරුණාරත්න
නොදකින්, ඔන්න ඕකනේ බැරි... අපි වැඩකට අත තිබ්බොත් මුන් ඇවිත් අපිට මොක්කා හරි එකක් කියනවා... කියවන්න එපා හරිය උඹට මේකත් දීලා මම නිවාඩු යනවා... :P
Kulanjana Maduranga
niayamai…pattama tv series 1k wge....nobala kohomada?ada idalama balanawa...thanks SAMEERA aiye..sub ekata..digatama sub demu.jaya wewa……
thisal
තැන්ක්ස් අනිවා බැමක් එලම
Nishadi Wickrama
tnx
Menuka
බොහොම ස්තුතියි! මම බලපු තවත් සුපිරිම කතාවක්! ඔබට ජය වේවා!
Sajeevi
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න. ජය෴෴ :P :P
ප්‍රණීත් චින්තක
තවත් එකක්. කාලෙකට පස්සේ නිවාඩුවක් හම්බෙලා.
ආපහු වැඩ පටන් ගත්තු එක නම් නියමයි. :)
වෙලාවක් ලැබුණු ගමන්ම කතාව බලන්න කාරිය පටන් ගන්නවා.
උපසිරැසියට බොහෝම ස්තුතියි.Bhashith Udawatte
Thanks for sinhala subtitle :smile: :roll:
Damith Nuwan
මචන් දිගටම මේකට සබ් දීපන්.
උපසිරැසියට බොහෝම ස්තුතියි.
ජය වේවා.......sanu
Thanks buddy
Tilantha1
උපසිරැසියට බොහෝම ස්තුතියි කොටස් ටිකක් එකතු කරගෙනම බලනව :)
Samith
සුපිරිම කතාවක් වගේ..
උපසිරැසියට බොහෝම ස්තුතියි.Nerun Kalpajith Fernando
අලුත් එපි එක තාම නැද්දෝ
SEO SPIDER
Baana gaman. Thank yiu.
Kesara Nipun Avishka
Bro The 100 season 3 eke sub dennako.. kawuru hari
isuru
elama kollo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සුපිරිම කතාවක් වගේ
බලන්න වටිනවා
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය වේවා...!!!