හරි එහෙනම් වැඩි කතා නැතිව පසුගිය කොටස ගැන බලමු. ගිය සතියේ කොටස පටං ගන්නේ තරුණ චක්ට ජිමීව හම්බවෙනවා හිරගෙදරකදී. ඒ ජිමීව ලිංගික අපයෝජනයක් කරා කියලා චෝදනා ගොනු කරලා හිරේ දාලා තියෙද්දී. චක් ජිමීට කියනවා එයාගේ ජීවිතේ විනාශ වෙයි කියලා මේ නඩුව ඇහුවොත්. මේ නිසා ජිමී චක්ගෙන් බැගෑපත් වෙනවා එයාට විරුද්ධව තියෙ…

හරි එහෙනම් වැඩි කතා නැතිව පසුගිය කොටස ගැන බලමු.
ගිය සතියේ කොටස පටං ගන්නේ තරුණ චක්ට ජිමීව හම්බවෙනවා හිරගෙදරකදී. ඒ ජිමීව ලිංගික අපයෝජනයක් කරා කියලා චෝදනා ගොනු කරලා හිරේ දාලා තියෙද්දී. චක් ජිමීට කියනවා එයාගේ ජීවිතේ විනාශ වෙයි කියලා මේ නඩුව ඇහුවොත්. මේ නිසා ජිමී චක්ගෙන් බැගෑපත් වෙනවා එයාට විරුද්ධව තියෙන චෝදනාවන් වලින් එයාව නිදහස් කරලා දෙන්න කියලා. චක් එකඟ වෙනවා ජිමී වෙනුවෙන් පෙනී හිටින්න. හැබැයි ඒ කොන්දේසි කිහිපයක් මත.
ඊටපස්සේ කතාව පැත්තට හැරෙනවා. උදේක කිම්ගෙන් ජිමීට පණිවිඩයක් ලැබෙනවා. ඒ තමන්ගේ ගෙදර හිටපු කෙට්ල්මන්ලා එකපාරටම අතුරුදහන් වෙලා කියලා. එයාලගේ දරුවෝවත් අඩුම ගානේ ගෙදර නෑ. ජිමී හිතනවා නාචෝ තමයි මෙයාලව පැහැරගන්න ඇත්තේ කියලා. ජිමී නාචෝට කෝල් කරන්න හැදුවොත් නාචෝ කෝල් එකට ආන්සර් කරන්නේ නෑ. නාචෝගෙන් පිලිතුරක් ලැබෙනකම් බලාගෙන හිටපු ජිමීව පොලිසිය විසින් අත්තඩංගුවට අරගන්නවා. ඒ නාචෝව අත්තඩංගුවට අරගෙන නිසා නාචෝ නීතිඥයා විදිහට ජිමීව නම් කරපු නිසා.
පොලිසියේ, නාචෝ කෙට්ල්මන්ලාව පැහැරගත්තේ නෑ කියලා කියනවා. නාචෝ ජිමීට තර්ජනය කරනවා එයාට විරුද්ධව තියෙන චෝදනාවන් වලින් නිදහස් කරේ නැත්නම් එයාව මරණවා කියලා. කිසිම තේරුමක් නැති ජිමී මේ නඩුව වෙනුවෙන් පෙනී හිටිනවා. පොලිසියත් එක්ක ආපහු යනවා කෙට්ල්මන්ලාගේ ගෙදරට පර්යේෂණයන් කරන්න. ඒ පොලිසියට බැරිවුන සාක්ෂියක්වත් හොයාගන්න පුලුවන් වෙයි කියලා හිතාගෙන. නමුත් එහෙම කිසිම දෙයක් ජිමීට හොයාගන්න බැරිවෙනවා. කිම් ජිමීට කියනවා කෙට්ල්මන්ලාට අනතුරු ඇගෙවීමේ ඇතුමක් මෙයාලා අතුරුදහන් වෙන්න කලින් දවසේ රෑ ලැබිලා තියෙනවා කියලා. නාචෝ මේ වැඩේ නොකරපු නිසා ජිමී කිම්ට පෞද්ගලිකවම පැත්තකට අඩගහලා කෙට්ල්මන්ලාට අනතුරු ඇගෙව්වේ එයා කියලා කියනවා. ඒ නාචෝගෙන් කෙට්ල්මන්ලා පැනලා ගිහින් හැංගිලා ඇති කියලා හිතාගෙන.
උසාවියේ ඉදන් එද්දී ජිමී සුපුරුදු පරිදි මයික් එක්ක පිටවීමේ ගෙට්ටුව ගාවදී බැනගන්නවා. ඒක වැඩිදුර ගිහින් ජිමී සහ මයික් අතර සටනක් ඇතිවෙනවා. පොලිසිය මයික්ට කියනවා ජිමීට විරුද්ධව චෝදනා ගොනු කරන්න කියලා. එතකොට පොලිසියට පුලුවන් ජිමී ලව්වා නාචෝගෙන් ඇත්ත දැනගන්න. හැබැයි වෙන්නේ වෙනම දෙයක්. මයික් ජිමීට විරුද්ධව චෝදනා ගොනු කරන්නේ නෑ කියලා කියනවා. මයික් විශ්වාස කරනවා ජිමී කෙට්ල්මන්ලාව පැහැරගෙන නෑ, එයාලා විසින්ම හැංගිලා ඉන්නවා කියන දේ. මයික් ජිමීට කියනවා එයා පොලිසියේ ඉද්දී කරපු පොඩි විමර්ෂණයක් ගැන. මේ හේතුව නිසාම ජිමී කෙට්ල්මන්ලාගේ ගෙදර පිටිපස්සේ තියෙන වත්තේ ඇවිදිනවා. ඒ එයාලා ඉදියි කියන විශ්වාසය තුල. ඇත්තටම, කෙට්ල්මන්ලා එයාලගේ වත්තේ සැතපුම් පහකට එහායින් දරුවන් දෙන්නත් එක්ක කඳවුරු බැඳගෙන ඉන්නවා ජිමීට දැකගන්න ලැබෙනවා. ජිමී කෙට්ල්මන්ලාව ආපහු එක්කරගෙන යන්න හදද්දී වෙන අකරතැබ්බයක් නිසා හොරකම් කරපු සල්ලි ටිකත් ඉබේම එලියට එනවා.
අද එතැන් පටන්… ඊලඟ කොටසින් හමුවෙමු. ජයවේවා!!!
F037CB1EEA4B0C4C41051D0690C82091CD097435 AC25AFA9A0C340DEF0D778809F73FF5CAF7D6165 AFE62B629135D379F8B134F5D1022E213F3916B4 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,942 downloadsDownload Better-Call-Saul-S01E04.baiscopelk2.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
21 comments
නලින් පෙරේරා
සඳුන් ආර් විමලවීර
දෙනකන් බලාගෙන හිටියේ සහෝ..........
ඇත්තටම දැන් තියෙන සුරංගනා කතා දිහා බැලුවහම මේක ඒවාට වඩා කොච්චර ඉදිරියෙන් ද කියලා හිතෙනවා....
දැනටමත් Highest Rated TV Series වල 5 වෙනි ස්ථානය මේක..........
මේක ඉවර වෙද්දී 1 ගහන්න ඉඩ තියෙනවා...
සබට තුති.......................!!!!!!!!!!!!!!!!!!!!isuru
ela ela kinaa.
ශාන් විමුක්ති [විමා]
සබ බෑවා
ෆිලුම බාන්න ඩේටා නෑ
පයිසත් නෑ
සබ දිගඇරගෙන කියවලාවත් නිකම් ඉන්න වෙනවා අදනම් :(R.D
ඉක්මනට සබ් එක දෙනවට ස්තුතියි.දිගටම කරගෙන යමු.ජය වේවා ............
sajeevi
thanks
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
thisal
tnxxxxxx sub ekt
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
දුකයි දුකයි, ඇත්තටම දුකයි. :-(
මේ වගෙ තාත්වික කතා බලන්න කට්ටිය නැති එක ගැන.
දිගටම දෙමු. මොලේ තියෙන ටිකක් හරි ඉන්නවනෙ. :-D
ජය වේවා. !Yenu
Thank you....................
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........Sanath
Thanks for subtitle bro...
Heshan
Thanks
Kalpa Pabasara
බොහොම ස්තුතියි සහෝදරයා සබ් එකට පුලුවන්නම් season 02 එකටත් සබ් එක ලබාදෙන්න ජය වේවා ✌️✌️
Lahiru W
thanks
Ishan Madusha
ස්තූතියි සහෝ
Bimsara
superb
Anonymous
thanks for sub
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි කිනා
ජය වේවා!