හොඳයි එහෙනම්, මේ දෙන්න යන්නේ IMDb වල 9.4/10ක්, Rotten Tomatoes වලින් 100%ක්,Metacritic වලින් 78%ක් යන රේටින්ග් ලබාගෙන තියෙනBetter call saul (බෙටර් කෝල් සෝල්) කතා මාලාවේ තුන්වෙනි කොටස. ඊයේ රාත්‍රියේ තමයි මේ කොටස AMC නාලිකාවේ විකාශය වුනේ. කොහොමහරි ඔන්න පොරොන්දු වෙච්ච විදිහටම, ඒ කියන්නේ හැම අඟහරුවාදා…

හොඳයි එහෙනම්, මේ දෙන්න යන්නේ IMDb වල 9.4/10ක්, Rotten Tomatoes වලින් 100%ක්,Metacritic වලින් 78%ක් යන රේටින්ග් ලබාගෙන තියෙනBetter call saul (බෙටර් කෝල් සෝල්) කතා මාලාවේ තුන්වෙනි කොටස. ඊයේ රාත්‍රියේ තමයි මේ කොටස AMC නාලිකාවේ විකාශය වුනේ. කොහොමහරි ඔන්න පොරොන්දු වෙච්ච විදිහටම, ඒ කියන්නේ හැම අඟහරුවාදාකාම දෙනවා කියලා පොරොන්දු වෙච්ච විදිහටම තුන්වෙනි කොටසේදීත් ඒ පොරොන්දුව රැක්කා.
හොඳයි එහෙනම් වැඩි කතාබතා නැතිව ගියවර කොටස පැත්තට හැරෙමු.
ටුකෝ සලමන්කා එයාගේ කුස්සියේ සල්සා හදමින් ඉද්දී, එයාගේ ආච්චි ආපහු ගෙදරට එනවා එයාගේ පිටිපස්සෙන් සහෝදරයෝ දෙන්නා සල්ලි ඉල්ලමින් කෑගගහා එනගමන්. එක සහෝදරයෙක් හොඳට රඟපනවා ගොඩක් තුවාල වෙච්ච විදිහට. මොකද ආච්චි හප්පලා පැනලා ආපු නිසා. එයාලා හයියෙන් කෑගහන්න ගන්නවා. ඒ වගේම ටුකෝගේ ආච්චිට බැල්ලි කියලත් කියනවා. ටුකෝ, ආච්චිව උඩ තට්ටුවට යැව්වට පස්සේ හිතාගන්න බැරිවිදිහට මේ ස්කේට්බෝඩ් වලින් වැඩ දාන සහෝදරයෝ දෙන්නට ගහන්න පටං ගන්නවා. ටුකෝගේ යාලුවෙක්ට කියලා වෑන් එකක් ගෙන්න ගන්න සේරම සැලසුම් කරලා, ටුකෝ දොර ගාවට යනවා. ඒ ජිමී මැක්ගිල් ඇවිත් ගෙදර දොර ගාව කෑගහන හන්දා. ටුකෝ ජිමීගේ මූණට තුවක්කුවක් දිග්කරලා එයාව ඇතුලට ඇඳලා අරගන්නවා.
ප්‍රශ්ණ කිරීම් අතර, ජිමී කියනවා එයා ඉලක්ක කරේ ටුකෝගේ ආච්චි නෙමෙයි කියලා. ජිමී පුලුවන් තරම් ටුකෝට යටහත්පහත්ව තේරුම් කරලා දෙනවා මේ සිද්ධ වෙච්ච දේවල්. ඒ මොකද එයාගේ ජීවිතයයි අර සහෝදරයෝ දෙන්නාගේ ජීවිතයි බේරගන්න වගකීම තියෙන්නේ ජිමීගේ අතේ නිසා. ටුකෝ එයාලව නිදහස් කරන්න එකඟ වුනා විතරයි, සහෝදරයන්ගෙන් කෙනෙක් කෑගහලා කිව්වා ජිමී තමයි මේ වංචාව කරන්න මූලිකම හේතුව කියලා. ඒ හන්දම ටුකෝ ජිමීව කාන්තාරයකට අරගෙන යනවා තවත් ප්‍රශ්ණ කිරීම් වලට. ටුකෝ ජිමීගේ ඇඟිල්ලක් කපලා දාන්න හදනවා ප්‍රශ්ණ වලට උත්තර නොදෙන නිසා. කොහොමහරි FBI එකේ කෙනෙක් කියලා ජිමී බේරෙන්න හැදුවත් ටුකෝගේ තවත් යාලුවෙක් වෙන නාචෝ කරන දේවල් නිසා ජිමී පිළිගන්නවා එයා නීතිඥයෙක් කියලා. ඒ වගේම එයා කෙට්ල්මන් ජෝඩුවව රවට්ටලා සල්ලි කඩාගන්න හැදුවා කියලත් පිළිගන්නවා. ටුකෝ ජිමීව නිදහස් කරනවා. හැබැයි එයාගේ ආච්චිට බැනපු එකට සහෝදරයෝ දෙන්නවනම් මරණ්න හදනවා. ජිමී කොහොමහරි ටුකෝට කියලා එයාලගේ ජීවිත බේරගත්තා. හැබැයි නිකම්ම යවන්න බැරි නිසා ජිමී ටුකෝට අවසරය දෙනවා සහෝදරයෝ දෙන්නගේ එක කකුල බැගින් කඩන්න කියලා.
කකුල් කැඩුවට පස්සේ, ජිමී සහෝදරයෝ දෙන්නව රෝහල් ගත කරනවා. ඒ කරලා ජිමී යනවා කාන්තාවක් එක්ක බාර් එකක හමුවකට. හැබැයි එතන වෙන යම් සිඳුවීමක් නිසා ජිමීට එතන ඉන්න බැරි තත්වයක් උද්ගත වෙනවා. කොහොමහරි ජිමීට මදි නොකියන්න වමනේ යනවා. හොඳටම වෙරි වෙච්ච ජිමී කෙලින්ම යන්නේ චක්ගේ ගෙදරට. ගිහින් එයාගේ සෙටියේ නිදාගන්නවා. චක් කියන්නේ තමන්ගේ ගෙදරට විදුලිය හා සම්බන්ද කිසිම දෙයක් අරගන්නේ නැති කෙනෙක්ගේ. ඒ නිසා ජිමීගේ ෆෝන් එක තියෙනවා දැකලා එයා ඒක එලියට විසි කරනවා. ඊට පහුවෙනිදා උදේ ජිමී දැනගන්නවා සහෝදරයෝ දෙන්නව රෝහල් ගත කරපු බිල් දැකලා කියලා. ජිමී චක්ට පොරොන්දු වෙනවා එයා ආපහු ‘ලිස්සා යන ජිමී’ කියන පුද්ගලයා බවට පත්වෙන්නේ නෑ කියලා. වෙනත් වචනයකින් කියනවනම් එයා මිනිස්සුන්ට වංචා කරන්නේ නෑ කියලා.
උසාවියට පස්සේ දවසේ, ජිමී ආපහු එයාගේ කාර්යාලයට යනවා. ඒ වෙනකොටත් එයාට කිසිම පණිවිඩයක් ලැබිලාවත් නෑ. කොහොම හරි, රූපලාවන්‍යගාරයේ ඉන්න කාන්තාවක් ඇවිත් කියනවා එයාට පාරිභෝගිකයෙක් ඇවිත් ඉන්නවා කියලා. හැබැයි ඒ සේවාදායකයා වෙන කවුරුත් නෙමෙයි, ඒ තමයි නාචෝ. ජිමී නාචෝට තමයි කිව්වේ කෙට්ල්මන්ලා ඩොලර් මිලියන 1.5ක් හොරකම් කරලා තියෙනවා කියලා භාණ්ඩාගාරයෙන්. නාචෝ කියනවා ඒ මුදල හොරකම් කරන්න එයාට උදව් වෙන්න කියලා. ජිමී නාචෝට කියනවා එයා නීතිඥයෙක් මිසක් අපරාධකාරයෙක් නෙමේ කියලා. නාචෝ ඒ ගැන හිතන්නේ නැතිව එයාගේ දුරකථන අංකය ජිමීගේ ගිණිපෙට්ටියේ ලියලා යනවා. හැබැයි එයා ජිමීට මතක් කරනවා එයා මේ කතාව ගැන කාටහරි කිව්වොත්, ජිමීව මරණවා කියලා. නාචෝ රූපලාවන්‍යගාරයෙන් එලියට යනවාත් එක්කම ඒ කොටස අවසන් වෙනවා.
අද එතැන් පටන්. එහෙනම් පෙබරවාරි 24වෙනිදා හම්බවෙමු අනිත් කොටසින්. ජයවේවා!
A1FA997756AC41D378F1ABA615767AA7E5E7A854 7F3D31A8A8E56D9D80AEBD18EBD30BA02D8346CB ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,119 downloadsDownload Better-Call-Saul-S01-E03.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
19 comments
-HacKrisH-
sajeevi
thanks
සුපුන් බුද්ධික
නියමයි සහො..
දිගටම සබ් දෙමු.
Blacklist එකටත් සබ් දෙන්නකෝ..
ඒක අමතක කරන්න එපො..
ජය වේවා !!!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)isuru
ela ela meka digatama demu!jayawewa!
thisal
tnxxxxxxxxxxxxxxxxxxx sub ekat
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
ශාන් විමුක්ති [විමා]
මෙන්න තියනවා උබේ ලිපි
පලවෙනි ලිපිය සමීර ලියපු එකක්
තවම මේ කොටහ බැලුවේ නම් නෑ
සබත් එක්කම බලන්න ගන්නම්කොඉසු ඩිපි (Isu DP)
එල ඈ..
දුක කියන්නෙ සුරංගනා කතා බලන්න පොර කන තරම් මේ වගේ සුපිරි කතා බලන්න පොර නොකන එක තමා.
දිගටම දෙමු.
Atlantis එක නවත්තලාලු. :-(
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
harsha
meke link wada ne ne download karanne kohomada?
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........Sanath
Thanks for subtitle bro...
Heshan
Thanks saho..
Lahiru W
thanks
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Anonymous
thanks for sub
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Advertisement

නියමයි. තෑන්ක්ස්. මේ දවස් වල ආසම එකක්...:D