Watch Trailer

Better Call Saul [S02 : E01] Sinhala Subtitles | සෝල්ට කතා කරානම් වැඩේ ගොඩනේ [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, Better Call Saul පලාවෙනි කතා මාලාව බැලුවනම් ඒ කෙනා අනිවාර්යෙන්ම දන්නවා පලවෙනි කතා මාලාවේ අවසාන කතාවට 2015 අප්‍රේල් 8 වෙනිදා තමයි සිංහල උපසිරැසි ලබා දුන්නේ. ඉතින් පලවෙනි කතා මාලාවට පස්සේ දෙවනි කතා මාලාවත් ආවා. නමුත් කාර්යබහුල තත්වයන් යටතේ දෙවනි කතා මාලාවට අතහගන්න ලැබුනේ නැහැ. ඒ වගේම 2015…

හරි එහෙනම්, Better Call Saul පලාවෙනි කතා මාලාව බැලුවනම් ඒ කෙනා අනිවාර්යෙන්ම දන්නවා පලවෙනි කතා මාලාවේ අවසාන කතාවට 2015 අප්‍රේල් 8 වෙනිදා තමයි සිංහල උපසිරැසි ලබා දුන්නේ. ඉතින් පලවෙනි කතා මාලාවට පස්සේ දෙවනි කතා මාලාවත් ආවා. නමුත් කාර්යබහුල තත්වයන් යටතේ දෙවනි කතා මාලාවට අතහගන්න ලැබුනේ නැහැ. ඒ වගේම 2015 අවුරුද්දෙන් මම සිංහල උපසිරැසි කරන එකත් නතර කරන්න වුනා. 2016 වසරේ එක උපසිරැසියකුත්, 2017 වසරේ තවත් එක් උපසිරැසියකුත් කරන්න පුලුවන් උනා. නමුත් මේ ලෝකෙටම වසංගතයක් වෙලා තියෙන කොරෝනා වෛරසය හේතුවෙන් මමත් නිවාඩු පාඩුවේ ඉන්න නිසා දැනට විකාශය වෙලා තියෙන මේ Better Call Saul කතා මාලාවේ උපසිරැසි ලබා දෙන්න බැරිවුන කොටස් ටිකට උපසිරැසි ලබා දෙන්න හිතුවා. ඉතින් මේ වෙන විට මෙම කතා මාලාවේ Season 05 Episode 07, 2020.03.31 වන දින විකාශය වෙනු ලැබුවා. කතා මාලාවට අත තියද්දි හිතුවේ නැහැ මෙච්චර දිග කතා මාලාවක් බවට මේක පත්වෙයි කියලා.

ගොඩක් වෙලාවට මේ කතා මාලාව Breaking Bad කතා මාලාවට කැමති අය නැඹුරු වුනා. ඒකට හේතුව බ්‍රේකින් බෑඩ් කතා මාලාව බලපු අය හොදටම දන්නවා කවුද මේ සෝල් කියන්නේ කියලා. ඉතින් බ්‍රේකින් බෑඩ් එකෙන් ගැලවුන උප කතාවක් විදිහටත් මේ Better Call Saul කියන සීරියස් එක හදුන්වන්න පුලුවන්. ඉතින් වැඩි කතා ඕන නැහැ. කතාමාලව දිහාට හැරෙමු.

S01E10 කොටස මතකයිනම් ඔයාලට මතක ඇති අපේ සෝල් සැන්ඩ්පයිපර් කේස් එක කොහොමද තනියම විසදගන්න හැදුවේ, ලඟ ඉදලා තමන්ට උදලු පාර දැම්මේ කවුද, කොහොමද ඒක මුට්ටි ගනං සල්ලි එක්ක විසදගත්තේ වගේ දේවල් සේරම. ඉතින් අද මේ දෙවනි කතා මාලාව ආරම්භ වෙන්නේ සෝල්ගේ අලුත් මුහුණුවරත් එක්ක. ඒ කියන්නේ මෙච්චර කල් වැරදි දේවල් වලට නීථිඥයෙක් විදිහට පෙනී හිටපු සෝල් අන්තිමට අසරණ පුද්ගලයන්ට උදව් කරන්න හදපු මනුස්සයෙක් වුනා. අන්න ඒ හේතු නිසා සෝල්ට තියෙන හොඳම නීතිඥ ආයතන වල රැකියාවන්ට කතා කරනවා. ඉතින් සෝල් මොන තීරණයක් ගනීවිද? මේ ගැන අපි දෙවනි කොටසින් කතා කරමු.

ආරාධනා කරනවා රැදී ඉන්න කියලා.

ජයවේවා…!

තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

9,297 downloadsDownload Better.Call_.Saul_.S02E01.Baiscopelk.com_.zip27 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

9,297 downloadsDownload Subtitles27 KB

17 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Kosala

    Tnx for the sub

  3. විමා

    කින ඊස් බැක්...
    සබට තුති බන්
    අවුරුදු ගානක් ගිහින් හරි
    සිරිස් එක සම්පුර්ණ කරන්න ඉඩ ලැබේවා!!
    මොකද මේවා බලන්නම ඕන කතා :)

    1. Savindu

      Tnx. Puluwn nam lock and key ekata sub denna. ❤️❤️❤️

  4. Dil

    Sub ekta sthuthi mchn series eka iwra wenknma sub denna shaktiya labenna ona

  5. tharindugds

    සබ් දෙනකං බලං ඉදලා බැරිම තැන english sub එක්ක බැලුවා ඔක්කොම ටික.
    සීරිස් එක ඉවර වෙනකම්ම සබ් දෙන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා කිනෝ.

  6. Sam fisher

    Welcome back bn

  7. Rocky45

    curfew iwara wenna kalin okkouma season wala sub dennooooooooooooooooooooo, loku deyak

  8. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේක Season 6 එකෙන් ඉවරටම ඉවර වෙන නිසා දිගටම සබ් දෙමු...

  9. Ishan Madusha

    දිගටම සබ් දෙන්න සහෝ.ස්තූතියි

  10. Bandara

    thankz broo.gdk kal balan hitiya enakan.the americans / Dexter tv series 02 tath sub diynko puluwn nm.Gdk aya balanna innawa.sub na mchn ewta thama.

  11. Kavinu

    ජය වේවා!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. sasiru

    Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.

  14. Bimbisha

    වීඩියෝ පිටපත ලබාදුන්නාට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨

    1. Bimbisha

      සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  15. Akila Dilhara

    Thanks Brother...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.