හරි එහෙනම් පහුගිය කොටසේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගෙන ඉමු. ජිමීට සැන්ඩ්පයිපර් කේස් එකෙන් පස්සේ ප්‍රසිද්ධම නීතිඥ ආයතනයක රස්සාවකට ආරාධනාවක් ලැබෙනවනේ. ඒත් ජිමීගේ හිතුවක්කාරකම නිසාම ජිමී හිතනවා තමන්ට මේ නීතිඥ රස්සාවෙන් අයින් වෙලා නිදහසේ ඉන්න ඕන කියලා. ඉතින් ජිමී ඒ ජොබ් එක ගහලා දාලා ආතල් එකේ ඉන්නවා. නමුත…

හරි එහෙනම් පහුගිය කොටසේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගෙන ඉමු.
ජිමීට සැන්ඩ්පයිපර් කේස් එකෙන් පස්සේ ප්‍රසිද්ධම නීතිඥ ආයතනයක රස්සාවකට ආරාධනාවක් ලැබෙනවනේ. ඒත් ජිමීගේ හිතුවක්කාරකම නිසාම ජිමී හිතනවා තමන්ට මේ නීතිඥ රස්සාවෙන් අයින් වෙලා නිදහසේ ඉන්න ඕන කියලා. ඉතින් ජිමී ඒ ජොබ් එක ගහලා දාලා ආතල් එකේ ඉන්නවා. නමුත් හොඳටම දන්නවනේ ජිමීගේ ආර්ථික තත්වය. ඉතින් කේන්ට ඕනවුනා ජිමී එක්ක කතා කරන්න මොකක්ද එයා මේ කරන පිස්සු වැඩේ කියලා හරියටම දැනගන්න. ඉතින් කේන් ආවා ජිමීව හම්බවෙන්න. ජිමීට ඕන එයා සල්ලිකාරයෙක් කියලා පෙන්නන්න. ඒත් අන්තිමට බීපු අරක්කු ෂොට් එකටත් සල්ලි දුන්නේ කේන්. ඒත් ජිමීගේ තරම කේන්ට පෙන්නන්න ඕන නිසා ජිමී ඩොලර් පනහක් වටින ටිකිලා ෂොට් එක බොන්න ගහපු ප්ලෑන් එක දැක්කනේ. තමන්ගේ ඥාතියෙකුගෙන් ලැබුනු දායාකයක් කොටස් වෙළඳපලට ආයෝජනය කරනවා වගේ. ඉතින් මේකට කේනුත් සම්බන්ධ වුනානේ. මේ දේත් එක්ක කේන් සහ ජිමී අතර තිබ්බ පරස්පර ගති පොඩ්ඩක් එහෙන් මෙහෙන් අයින් වෙනවා. ඒ කරලා දෙන්නම ආපහු ආදරේ කරන්න පටං ගන්නවා වගේ දෙයක් ඒ කොටසෙන් දැකගන්න පුලුවන් වෙනවා.
ඒ අතර වෝමල්ඩ් සහ මයික් අතර සිද්ධීියකුත් යනවා. මයික් තමයිනේ වෝමල්ඩ්ගේ කුඩු බිස්නස් එක නචෝත් එක්ක එකතු වෙලා ගොඩදාපු කෙනා. ඕන කෙනෙක්ට තේරෙනවා වෝමල්ඩ් කියන්නේ මෝඩයෙක්. මිනිහා සල්ලි හොයාගත්තේ මයික්ට පින්සිද්ධ වෙන්න. නමුත් වෝමල්ඩ් ට ඕනවෙනවා දැන් තමුන් සල්ලි කාරයෙක් කියලා පෙන්නන්න. ඉතින් අලුත්ම හමර් එකක් එහෙම අරගෙන වෝමල්ඩ් එනවා ඊළග බිස්නස් එක ගැන මයික් එක්ක කතා කරන්න. නමුත් මයික් මේ සේරම දේවල් දන්න නිසා මයික් කැමති වුනේ නැහැ වෝමල්ඩ්ගේ හමර් එකේ මේ බිස්නස් එක කරන්න නචෝව හම්බවෙන්න යන්න. නමුත් වෝමල්ඩ් කොහොමහරි මයික් කියන දේ අහන්නේ නැතුව යනවා නචෝව හම්බවෙන්න. නචෝ කරපු දේ මතක ඇතිනේ. ඕනම ගොනෙක්ට තේරෙනවනේ ෆාමසියක කම්පියුටර් සයිඩ් එකේ වැඩ කරන කෙනෙක්ට අලුතින්ම ආපු හමබර් එකක් සම්පූර්ණයෙන්ම සල්ලි දීලා ගන්න හැකියාවක් නැහැ කියලා. ඉතින් නචෝට ඕනවුනා වෝමල්ඩ්ගේ මේ රැගිල්ල නතර කරන්න. ඉතින් නචෝ මොකද කරේ වෝමල්ඩ්ගෙන් කුඩු ටික අරගෙන වෝමල්ඩ්ට සල්ලි දෙනවා. ඒ සල්ලි වෝමල්ඩ් ගණං කරන අතරතුර නචෝ වාහනේට නැගලා වාහනේ ලියාපදිංචි විස්තර බලාගන්නවා.
ඒ අතරතුර අනිත් දවසේ වෝමල්ඩ් වැඩට ගිහින් එනකොට වෝමල්ඩ්ගේ ගෙදර හොරු කඩලා. ඉතින් වෝමල්ඩ් පොලිසියට කතා කරනවා. වෝමල්ඩ් මුලින්ම පොලිසියට කියන්නේ තමන් එකතු කරපු ආසම බේස්බෝල් කාඩ් ටික හොරු අරං ගිහින් කියලා. නමුත් පොලිසියට සැකයි වෝමල්ඩ් කියන දේවල් ගැන. ඒ නිසා පොලිසියට ටිකක් හොයලා බලද්දි පොලවේ තිබුන රහස් තැනක් හොයාගන්නවනේ. ඉතින් පොලිසිය මේ දේ හොයන්නම් කියලා යනවා. ඉතින් ඔය අතරතුර අපේ ජේම්ස් මැක්ගිල් නැත්නම් සෝල් මහත්තයා හරි දරුණු තීරණයක් ගන්නවා. ඒ තමන්ට මෙහෙම ඉදලා හරියන්නේ නැති නිසා ආපහු අර මුලින්ම ආරාධනාවක් ආපු ප්‍රසිද්ධ නීතිඥ ආයතනයට රැකියාවට යන්න.
ඉතින් අද කොටස ඔතන ඉදන් තමයි පටන් ගන්නේ. අද කොටස බලන්න එහෙනම්. ජිමී අලුතින් වැඩට යන තැන මොනවද වෙන්නේ, වෝමල්ඩ්ගේ බේස්බෝල් කාඩ් ටික හම්බවෙයිද, මයික් මේකට සම්බන්ධයක් වෙයිද, ජිමීටත් කොහෙන් හරි දෙයක් කැරකිලා ඇවිත් වදියිද, පොලිසිය වෝමල්ඩ් ගැන තියෙන සැකයට මොනවා වෙයිද, කවුද වෝමල්ඩ්ගේ ගෙදරට හොරෙන් ඇතුලුවුනේ කියන දේවල් ගොඩක් අද කතාවේ ගෙතිලා තියෙනවා.
එහෙනම් අනිත් කතාවෙන් හම්බවෙමු. ජයවේවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
8,223 downloadsDownload Better.Call_.Saul_.S02E02.Baiscopelk.com_.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
9 comments
Rasindu Perera
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
sam fisherr
patta thanks
Anonymous
thanks sub ekata godak kal balan hitiya
thimila
brother digatama denna thanks a lot
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasiru
Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Akila Dilhara
Thanks Brother...
Advertisement
![Better Call Saul [S02 : E02] Sinhala Subtitles | නව ආරම්භයක් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Better-Call-Saul-S2P2.jpg)



නියමයි…සබ් එකට තැන්ක්ස්…
බලන එක මගදී නැවතුන සුපිරි කතාවක්...
අයෙත් බලන්න පටන් ගන්න ඕනේ...