හොඳයි. මේ ගේන්නේ Better Call Saul කියන කතා මාලාවේ දෙවනි සීසන් එකේ නමවෙනි කොටස. තව එක කොටසකින් මේ දෙවෙනි කතා මාලාවත් ඉවර වෙනවා. ඉතින් වැඩිය කතා කරන්නේ නැතුව කලින් කොටසේ මොනවද වුනේ කියලා මතක් කරගෙන ඉමු. කිම් ජිමීට කියනවනේ එක තැනක් කුලියට අරගෙන එතන එයාලා දෙන්නට ඔෆිස් දෙකක් හදාගමු කියලා. එතකොට මුදල් ඉත…

හොඳයි. මේ ගේන්නේ Better Call Saul කියන කතා මාලාවේ දෙවනි සීසන් එකේ නමවෙනි කොටස. තව එක කොටසකින් මේ දෙවෙනි කතා මාලාවත් ඉවර වෙනවා. ඉතින් වැඩිය කතා කරන්නේ නැතුව කලින් කොටසේ මොනවද වුනේ කියලා මතක් කරගෙන ඉමු.
කිම් ජිමීට කියනවනේ එක තැනක් කුලියට අරගෙන එතන එයාලා දෙන්නට ඔෆිස් දෙකක් හදාගමු කියලා. එතකොට මුදල් ඉතුරු කරගන්න පුලුවන් වෙනවා කියලා. ඉතින් ජිමී මේකට කැමති වෙනවා. ඒ අතරතුර කිම් HHM එකට ගිහින් හෝවර්ඩ්ට කියනවා එයා HHM එකෙන් ඉල්ලා අස්වෙනවා කියලා. හෝවර්ඩ් කිම්ගේ ඉල්ලා අස්වීම පිළිගන්නවා වගේම කිම් හෝවඩ්ට ගෙවන්න තියෙන තමන්ගේ නීති පාසලට ගෙවපු සල්ලිත් හෝවර්ඩ්ට ආපහු ඕන නැහැ කියනවා. ඒ වගේම අතට අත දීලා හෝවර්ඩ් කිම්ට සුභ පතනවා.
කිම් හෝවර්ඩ්ගේ ඔෆිස් එකෙන් එලියට ආපු ගමන්ම හෝවර්ඩ් හදන්නේ මෙසා වෙර්ඩා එකත් එක්ක එයාගේ තියෙන ගණුදෙනුව කඩාවැටෙන්න නොදී ඒක එහෙම්ම කොහොම හරි තියාගන්නයි. මේ අතර කිම් මෙසා වෙර්ඩා එකේ සභාපති වන කෙවින් සහ ඒ සමාගමේ උපදේශක වන පේජ්ව හම්බවෙනවා. ඉතින් කෙවින් සහ පේජ් කැමති වෙනවා කිම්ට තනියම මේ වැඩේ කරගනෙ යන්න බාරදෙන්න.
ජිමී එයාටයි කිම්ටයි ඔෆිස් එකක් හොයාගන්නවා. ඒක දන්ත වෛද්‍යවරුන්ට නිර්මාණය වුන තැනක්. ඒ වුනාට කිම් වුනත් ඒ තැනට කැමති වෙනවා.
මේ අතර හෝවර්ඩ් චක් ගාවට ගිහින් කිම් එයාලගෙන් ඉල්ලා අස්වුනා කියන කාරණේ වගේම මෙසා වෙර්ඩා නඩුවත් එයාලගෙන් නැතිවුනා කියලා කියනවා. ඉතින් චක් එයාට විද්‍යුත් චුම්භක අධි සංවේදිතා රෝග ලක්ෂණයන් පැත්තකට දාලා HHM එකේ තිබුන කෙවින් සහ පේජ්ගේ රැස්වීමට යන්න තරම් චක් මේ වෙලාවේ නිර්භීත වෙනවා. ඒ වගේම මේ රැස්වීම අතරතුර කිම්ට කිසි වරදක් චක් කියන්නේ නැහැ. ඒ වගේම HHM එකේ තියෙන රැස්වීම අවසානයේ වහාම චක්ට තමන්ගේ ලෙඩේ වැඩිවෙලා ඇදගෙන වැටෙන තත්වයටම පත්වෙනවා.
ඔය අතරේ ජිමී ලිංගික අපරාධකරුවෙක් කියලා චෝදනා ලබපු වයසක මනුස්සයෙක්ව අරගෙන ගිහින් දෙවෙනි ලෝක යුද්ධයේ සටන් කරපු කෙනෙක් විදිහට ඇමරිකානු ගුවන් හමුදා කදවුරට හදුන්වලා දීලා එයාගේ කැමරා ශිල්පීන් එක්ක ඒ කදවුර ඇතුලට පැනගන්නවා. එයාලා ඇතුලට ගිහින් අවස්ථාව ලැබුන ගමන් දෙවනි ලෝක යුද්ධයේ භෘවිතයට ගත්තු බෝයින්ග් B-29 වර්ගයේ ගුවන් යානයක්, එහෙමත් නැත්නම් මේ ගුවන්යානය FIFI කියලත් හදුන්වනවා. මෙයාලා මේ ගුවන් යානය ගාව මේ වයසක මනුස්සයා හමුදා නිලධාරියෙක් විදිහට තියලා ජිමීගේ රූපවාහිනි දැන්වීමේ කොටසක් විදිහට මෙතන පටිගත කිරීමක් කරනවා.
මෙසා වෙර්ඩා නඩුව HHM එකට ආපහු කැරකුන නිසා කිම් මේ ගැන කනස්සල්ලෙන් ඉන්නේ. කිම්ට මේකෙන් පස්සේ සැකයක් ඇතිවෙනවා ජිමීත් එක්ක එයාගේ මේ වෘත්තිය දිගටම කරගෙන යන්න පුලුවන් වෙයිද කියන එක ගැන. ඒත් ජිමී කිම්ට සහතික වෙනවා ජයග්‍රහණයේ තෝතැන්නට යන්නනම් තවත් පාරක් තියෙනවනම් කියලා.
ජිමී ගුවන් හමුදා කඳවුරේ රූගත කිරීම් කරගෙන ඉන්නකොට චක්ගේ සහයකයාගෙන් කෝල් එකක් එනවා චක්ට සනීප නැතුව ගෙදර අරගෙන ආවා කියලා HHM එකේදී. ඉතින් ජිමී චක්ව බලන්න ඇවිත් එතන හිටපු එර්නිව ගෙදර යවලා ජිමී චක්ගේ තනියට ඉන්නවා. ඔය අතරතුර ජිමී මෙසා වෙර්ඩා එකේ ලිපිගොනු ගැන හොයන්න ගන්නවා. එයාට පුලුවන් ඉක්මනින් මෙසා වෙර්ඩා එකේ තිබුන ලිපිගොනුවල සමහරක් දේවල් වෙනස් කරනවා.
මයික් ගැන කියනවනම් මයික් හෙක්ටර්ගේ රෙස්ටුවර්න්ට් එක ගාවට වෙලා හෙක්ටර්ගේ ගමන් බිමන් ගැන හොයලා බලනවා. ඒ වගේම එයාගේ ගැරේජ් එකට එන යන වාහන ගැනත් හොයලා බලනවා. ආපහු ගෙදර එන මයික් අලුත් සෙල්ලමකට වැඩක් දාන්න හදනවා කියලා අපිට දකින්න ලැබෙනවා.
ඉතින් අද කොටස එතැන ඉදන්. අවසාන කොටසින් හමුවෙමු. ජයවේවා…!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
7,720 downloadsDownload Better.Call_.Saul_.S02E09.Baiscopelk.com_.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
10 comments
harith98
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
PRIYANKARA APONSO
Thanx
Gayan
supiri anith season tikath denna bro
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Induvara
ස්තුතියි
sasiru
Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.
Mr B
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Akila Dilhara
Thanks Brother...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Better Call Saul [S02 : E09] Sinhala Subtitles | කිරි ගහට කෙටුවා වගේ! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Better-Call-Saul-S2P2.jpg)



thankss