කොහොමද ඉතින්. හොඳයි, මේ ගේන්නේ දෙවනි සීසන් එකේ අටවෙනි කතාව. වැඩිය කතා බහ නැතුව පසුගිය කොටසේ සිද්ද වුනේ මොනවද කියලා දැනගෙන ඉමු. ඇත්තටම බෙටර් කෝල් සෝල් කියන්නේ ඛේදවාචකයක්ද? මේකට හේතුව වෙහෙස මහන්සි වෙලා වැඩ කරන ජිමී මැක්ගිල්ලේ නීත්‍යානුකූලභාවය පිළිබද බලාපොරොත්තු සුන්වෙනවා වුනත් එයා අනිවාර්යෙන්ම අසාර්ථ…

කොහොමද ඉතින්. හොඳයි, මේ ගේන්නේ දෙවනි සීසන් එකේ අටවෙනි කතාව. වැඩිය කතා බහ නැතුව පසුගිය කොටසේ සිද්ද වුනේ මොනවද කියලා දැනගෙන ඉමු.
ඇත්තටම බෙටර් කෝල් සෝල් කියන්නේ ඛේදවාචකයක්ද? මේකට හේතුව වෙහෙස මහන්සි වෙලා වැඩ කරන ජිමී මැක්ගිල්ලේ නීත්‍යානුකූලභාවය පිළිබද බලාපොරොත්තු සුන්වෙනවා වුනත් එයා අනිවාර්යෙන්ම අසාර්ථක වෙනවා කියලා දැන දැනත් ඒ ඒ දේම කරන එකයි මට තියෙන පුදුමෙත්. ඒ වගේම තවත් දෙයක් හිතෙනවා. ජිමී හැම දෙයක්ම තමන්ගේ අතට අරගෙන, එයා අකමැති නමුත් තමන්ගේ ජීවිතය ගොඩදාගන්න පුලුවන් රස්සාවෙනුත් අයින් වෙලා යන මේ මනුස්සයා ගැන මට ඇත්තටම තේරෙනව විදිහටනම් මේ කතාව නිකම් කාලකන්නියෙක් මනුස්සයෙක් විදිහට ගොඩනැගෙන විදිහ පෙන්නනවා කියලයි. තමන්ගේ ගෞරවය වෙනුවෙන් තමන්ව පාලනය කරනු ලැබූ අනිත් මිනිස්සුන්ව හලලා දාලා තමන් වෙනුවෙන් තමන්ම නැගිටින එක තරම් ජිමී ගේ තියෙන වටිනාකම මොකක්ද?
ඉතින් කතාව පට ගන්නේ 1970 දශකයේ මුල් භාගයේ පොඩි මතකයකුත් එක්කයි. අවුරුදු දහයක් වයසැති ජිමී තමන්ගේ තාත්තගේ ගබඩාවේ වැඩ කරමින් ඉන්නවා. මේ වෙලාවේ සල්ලි උවමනාවක් තියෙන දරුවෙක්ගේ තාත්තා කෙනෙක් කියාගෙන කෙනෙක් ජිමීගේ තාත්තගෙන් සල්ලි අරගන්න උත්සාහ කරනවා. ජිමීට ඒ මනුස්සයාව අවිශ්වාස නිසා ජිමී තාත්තට ඒ මනුස්සයා ගැන අනතුරු අගවන්න උත්සාහ කරනවා. ඒත් ජිමීගේ තාත්තා මෙයාට උදව් කරන්න කැමති වෙනවා. ඒකට හේතුව සැකය නිසා ඇත්තටම අවශ්‍යයතාවයක් තියෙන පුද්ගලයෙක්ට වුනත් උදව් කරගන්න සමහරවිට බැරිවෙන නිසා. ජිමීගේ තාත්තාගේ අවධානය වෙන පැත්තකට යොමුවුනාහම, මේ අනිත් පුද්ගලයා ජිමීට පොඩි උපදෙසක් දෙනවා. ඒ මේ ලෝකයේ වෘකයන් හා බැටළුවන් කියන දෙවර්ගයම ඉන්න බවත්, ඒ කවරෙක් වෙනවද කියන එක තමුන් තෝරාගත යුතු බවත්. තාත්තාගේ මේ මෝඩ ක්‍රියාව ගැන කලකිරිමෙන් හිටපු ජිමී රෙජිස්ටර් එකෙන් සල්ලි හොරකම් කරනවා.
මයික් සහ ටුකෝ අතර වෙච්ච සටනේදී ටුකෝ ගාව තිබිලා හොයාගත්තු තුවක්කුව ටුකෝගේ නෙමෙයි මයික්ගේ කියන දේ පිළිගන්න මයික් ජිමීගේ සහාය පතනවා. ඒ වගේම ජිමී ඩේවිස් ඇන්ඩ් මේන් සමාගමෙන් අයින් වෙන්න හිතාගෙන හිටියත්, එයාට තේරුම් ගියා, අවුරුද්දක් ඇතුලට තමන් විහින් ඉල්ලා අස්වුනොත් එයා මේ සමාගමට එද්දි එයාට ලැබුන බෝනස් එක ආපහු සමාගමට ගෙවන්න වෙනවා කියලා. ඉතින් ජිමී කොන්ත්‍රාත්තුවේ තියෙන අඩුපාඩුවක් ගැන හොයාගන්නවා. ඒකේ සඳහන් වෙලා තියෙනවා කිසි හේතුවක් නැතුව සේවයෙන් පහර කරන සේවකයෙක්ට ඔහුට ලබාදී තිබෙන බෝනස් මුදල නැවත ආයතනයට ගෙවන්නට අවශ්‍යය නැහැයි කියලා. ඉතින් මේකට මොකද කරන්නේ කියලා ගෙදර යනකොට ජිමීට මතක් වෙනවා කරන්න ඕන දේ. ජිමී එක එක ඇහැට කැපිලා පේන පාට පාට ඇදුම් ඇදගෙන ඔෆිස් එන්න පටං ගත්තා. තමන්ගේ කාර්යාලයට වෙලා එක එක සංගීත භාණ්ඩ අනිත් අයට කරදරයක් වෙන විදිහට නාද කරන්න පටන් ගත්තා. ඒ වගේම බාත්රූම් එකට ගිහින් ටොයිලට් එක ෆ්ලෂ් කරන්නේ නැතුව එන්න ගත්තා. හැබැයි ජිමී මේ සේරම බොරුවට කරා වුනත්, ජිමීට මේ හැම දේකටම ඕන කෙනෙක් ප්‍රශ්ණ කරොත් කියන්න හේතු තිබුනා. ඉතින් අවසානයේදී ක්ලිෆ් ජිමීව අස් කරනවා. ඒ වගේම ක්ලිෆ් කියනවා ඒ බෝනස් එක නැතිවෙන දුකට වඩා ජිමී එයාගෙන් ඈත් වෙන එක එයාට සතුටක් කියලා.
ජිමී කිම් ගාවට ගිහින් කියනවා එයාලගේම කියලා නීති ආයතනයක් ජිමී එක්ක එකතුවෙලා පටං ගමු කියලා. කිම් ඒකට කැමති වෙනවා. හැබැයි ඒ එක කොන්දේසියක් මත. ජිමී මේ දේ කරන්න ඕන හරියාකාර විදිහට මිසක් වංගු ගහලා නෙමෙයි කියලා. ජිමී පිළිගන්නවා එයාට තමන් වෙන්න විතරයි පුලුවන් කියලා. ඒ කරලා ජිමී තමන්ගේ පරණ ඔෆිස් එකට යනවා නියපොතු අලංකාර කරන සැලූන් එක තිබුන තැනට.
මයික් පොරොන්දු වෙනවා ස්ටේසිට කලින් තිබුනට වඩා හොඳ ගෙදරක් මිළට ගන්නවා කියලා. ඒ වගේම ආරක්ෂිත නිවසක් මයික් විසින් හොයාගන්නවා. ඒ මයික්ට හෙක්ටර්ගේ රෙස්ටුවරන්ට් එකත් ඇහැ ගහගෙන ඉන්න පුලුවන් වෙන විදිහේ.
කිම් ජිමීට යෝජනාවක් කරනවා. ඒ එක සමාගමක් කරගෙන යමු, හැබැයි කාර්යාල දෙකක් විදිහට. එතකොට සල්ලි ඉතුරු කරගන්න පුලුවන් වෙන නිසා. ඒ වගේම උවමනානම් එකිනෙකාට සහාය වීමටත් පුලුවන් වෙන නිසාත්. ජිමී ඇගේ ඉල්ලීම සලකා බලන අතර ඒ ගමන්ම ඒකට ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ.
එහෙනම් අනිත් උපසිරැසියෙන් හමුවෙමු. ජයවේවා…!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
7,522 downloadsDownload Better.Call_.Saul_.S02E08.Baiscopelk.com_.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
9 comments
PRIYANKARA APONSO
harith98
thanxx
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Jeewantha
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තුතියි.
Bandara
thankz bro anik epi wala sub tikth digtma denna.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasiru
Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.
Mr B
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Advertisement
![Better Call Saul [S02 : E08] Sinhala Subtitles | අලුත් පන්නරයක්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Better-Call-Saul-S2P2.jpg)



Yes 1st comment, most awaiting to watch..... good work , keep it up