Watch Trailer

Better Call Saul [S03 : E03] Sinhala Subtitles | කරන දේ නූලට කරන්න එපැයි! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, සුපුරුදු විදිහට අදත් මේ දෙන්න යන්නේ Better Call Saul තුන්වෙනි කතා මාලාවේ තුන්වෙනි කොටස. මේ කොටස විකාශය වුනේ 2017 අප්‍රේල් 24 වෙනිදා AMC රූපවාහිනී නාලිකාවෙන්. ඉතින් මේ කොටස නම් කරලා තියෙන්නේ “Sunk Costs” කියලයි. ඒ වගේම ඇමරිකාව තුල මේ කතා මාලාව AMC හරහා විකාශය වෙනකොට ඇමරිකාවෙන් පිට සමහර…

හොඳයි එහෙනම්, සුපුරුදු විදිහට අදත් මේ දෙන්න යන්නේ Better Call Saul තුන්වෙනි කතා මාලාවේ තුන්වෙනි කොටස. මේ කොටස විකාශය වුනේ 2017 අප්‍රේල් 24 වෙනිදා AMC රූපවාහිනී නාලිකාවෙන්. ඉතින් මේ කොටස නම් කරලා තියෙන්නේ “Sunk Costs” කියලයි. ඒ වගේම ඇමරිකාව තුල මේ කතා මාලාව AMC හරහා විකාශය වෙනකොට ඇමරිකාවෙන් පිට සමහර රටවල් වල මේ කතා මාලාව විකාශය වෙන්න ගත්තේ Netflix හරහායි.

හරි ඉතිං. වැඩි කතා නැතුව පසුගිය කොටසේ සිද්ධ වුනේ මොනවද කියලා මතක් කරගෙන ඉමු.

කතාව මුලින් පටන් ගන්නේ හවස් වරුවේ චක් කුලියට ගත්තු පෞද්ගලික විමර්ශකයෙක් වන ඩේවිඩ් කියන පුද්ගලයා එක්ක කතා බහර කරමින් ඉන්නවා. ඉතින් රෑ වෙනවත් එක්කම එයාලා හිටපු තැන තිබුන ලාම්පුව නිවලා ජනේලය දිහා බලාගෙන ඉන්නවා.

එතනින් ප්‍රධාන කතාව පැත්තට ආවොත්,

මයික් තමන්ගේ කාර් එකට ට්‍රැකර් එක හයි කරේ කවුද කියන අය ගැන දැනගන්න බැටරි මාරු කරන්න ආපු මිනිස්සු දෙන්නගේ පිටිපස්සෙන් යනවා. ඔය අතරතුර මයික්ට දැනගන්න ලැබෙනවා මේ එයාගේ කාර් එකෙන් ගත්තු ට්‍රැකින් ඩිවයිස් එක කුරියර් කරන කෙනෙක්ට ලබා දෙනවා කියලා. මයික් මුලු රෑ පුරාම මේ මනුස්සයා කරන්නේ මොනවද කියන දේ හොයලා බලනවා. අන්තිමට මේ මනුස්සයා ලොස් පෝලෝස් හර්මානෝස් කියන කෑම කඩේට යනවා දකින්න ලැබෙනවා. ඉතින් මේ කුරියර් කාරයා පිටව යනවත් එක්ක මයික් මේ ට්‍රැකර් එක තියෙන්නේ කොහෙද කියලා තමන්ගේ උපකරණයෙන් බලද්දි හරියටම ඒ ට්‍රැකර් එක නතර වෙලා තියෙන්නේ මේ කෑම කඩේ ඇතුලෙයි.

මේ අතර ෆ්‍රැන්චෙස්කා ලිඩී කියන කාන්තාවක් නිව් මෙක්සිකෝ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ හිටපු ලිපිකාරිනියක්. ඉතින් මෙයා එනවා වෙක්ස්ලර්-මැක්ගිල් ආයතනයට සම්මුඛ සාකච්ඡාවකට. එහෙමත් නැත්නම් රස්සාවක් හොයාගෙන. ඉතින් මෙයාගෙන් ජිමී අමුතු ප්‍රශ්ණ වගයක් අහලා මිනිත්තු කිහිපයකින් එයාගේ වෙළඳ දැන්වීම ප්‍රකාශය වෙන නිසා ඒක වුන ගමන්ම දුරකථන ඇමතුම් වලට කතා කරන්න කෙනෙක් උවමනා නිසා මේ ෆ්‍රැන්චෙස්කාව ජිමී නව පිළිගැනීමේ නිලධාරිනිය විදිහට බදවාගන්නවා. ඒත් කිම් කියනවා මේ ගැන තව සලකලා බලමු කියලා. ඒත් අන්තිමට දෙන්නම කැමති වෙනවා මෙයාව බදවා ගන්න. ජිමීගේ වෙළද දැන්වීම විකාශය වුනාට පස්සේ ජිමීට මුලින්ම ලැබෙන දුරකථන ඇමතුම හරහා ෆ්‍රැන්චෙස්කාට එතන වැඩ කරන්න ඕන විදිහට, කට්ටියට කතා කරන්න ඕන විදිහට ගැන පුහුණුවක් ලබා දෙනවා. හැබැයි පලවෙනි එකනම් වයසක කෙනෙක් වුනාට දෙවෙනි ඇමතුම එන වයසක පුද්ගලයා වෙන්නේ මයික්. මයික් එක්ක කතා කරන ජිමී අනිත් දවසේ උදේ මයික්ව හම්බවෙන්න කැමති වෙනවා.

මයික් ජිමීට වැඩක් බාරදෙනවා. ඒ තමයි ලොස් පෝලොස් හර්මානෝස් වලට එන කුරියර් කෙනෙක් ගැන නිරීක්ෂණය කරන්න කියලා. ඉතින් මේ අදාල පුද්ගලයා ඇතුලට ඇවිත් එයාගේ කෑම එක කාලා ඉතුරු වගයක් කුණු බක්කියට විසි කරනවා. ජිමීට මෙතන මොනවත් දාලා ගියාද කියලා බලන්න ඕන නිසා ජිමී කුණු කූඩෙ ඇතුලට ඔලුව දාලම පීරලා හොයන්න පටන් ගන්නවා. එක පාරටම ජිමීට ගස් ෆ්‍රින්ග් කතා කරනවා. ගස් අහනවා ජිමීගෙන් උදව්වක් ඕනද කියලා. ජිමී බොරුවට කියනවා එයාගේ ඔරලෝසුව ඇතුලට වැටුනා කියලා. ගස් ඔරලෝසුව හොයාගන්න උදව් කරනවා. ඉතින් ජිමී එලියට ගිහින් මයික්ට කියනවා ඇතුලේ කිසිම සැක සහිත දෙයක් සිද්ධ වුනේ නැහැ කියලා. මේ නිසා මයික් තවත් කලකිරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ ගස් එලියට එනවා ඇතුලේ සුද්ධ කරපු කුණු ටික එලියට දාන්න. නිකමෙට පාර පැත්ත බලනකොට ගස් දකිනවා මයික් සහ ජිමී අවන්හල ගැන සෝදියෙන් ඉන්නවා කියලා.

ජිමී මයික් එක්ක කතා කරලා එතනින් ගියත්, මයික් එතන ඉදන් දිගටම අවන්හල දිහා ඇහැ ගහගෙන ඉන්නවා. ඔය අතර මයික්ට දකින්න ලැබෙනවා වික්ටර් විසින් පදවාගෙන ආපු වාහනයක් ගොඩනැගිල්ලේ පිටිපස්සෙන් මේ අවන්හල පැත්තට ඇතුලු වෙනවා. වික්ටර් එතනින් ආපහු පිටත් වුනාට පස්සේ මයික් වික්ටර්ගේ පස්සෙන් යනවා. ඒකට ලොකුම හේතුව වන්නේ මයික්ගේ කාර් එකෙන් අරගත්තු ට්‍රැකින් ඩිවයිස් එක හෙක්ටර්ගේ වාහනේ තියෙනවා කියලා හෙක්ටර් ගමන් කරනකොට පෙන්නුම් කරපු නිසා. ඉතින් ලොකු දුරක් යනකොට පාර මැද මයික් දකිනවා එයාගේ කාර් එකේ ගෑස් කැප් එකත් එක්කම ඒ උඩ ෆෝන් එකක් තියලා තියනවා. ඉතින් ඒත් එක්කම කෝල් එකක් එනවා මේ ෆෝන් එකට. මයික් ඒ කෝල් එකට උත්තර දෙන්න සූදානම් වෙනවා.

මේ අතර, එර්න්ස්ටෝ චක්ට දුන්න පොරොන්දුව කඩ කරලා කිම්ව හම්බවෙන්න ගිහින් ජිමීගේ රෙකෝඩ් එකක් ගැන එයාට අහන්න ලැබුනා කියලා කියනවා. ඉතින් කිම් ජිමී ගාවට ගිහින් කෙලින්ම අහනවා මොකක්ද එයාලා අතර තියෙන රහස කියලා. ඒ වගේම කිම් කියනවා ජිමී මෙසා වෙර්ඩා එකේ ලිපිගොනු වෙනස් කරපු එක ගැන කරපු පාපොච්චාරණය ගැන එයා දන්නවා කියලත්. ජිමී කොච්චර ගහපහ දුන්නත් කිම්ට එයා එහෙම කරේ චක්ට එයා ගැන තියෙන තරහ අයින් කරවගන්න කියලා, ඒ වුනාට කිම් ටේප් එකක් ගැන කියපුවාමයි ජිමීට තරු පේන්නේ. කිම් තමන්ගේ නීති විද්‍යාලයේ මහාචාර්යවරයෙක් එක්ක සම්බන්ධ වෙලා එයාගෙන් උපදෙස් ලබාගන්නවා. ඒ මහාචාර්යවරයාගෙන් කිම් දැනගන්නවා චක්ට අධිකරණයේදී මේ පාපොච්චාරණය භාවිතා කරන්න බැරි බවත්, HHM එකේ සේවාදායකයෙක් විදිහට මෙසා වෙර්ඩා නැවත ලබාගන්න ඒක භාවිතා කරන්න බැරි බවත්. චක්ගේ සැලැස්ම ගැන කිසි විශ්වාසයක් නැති කිම්, ජිමීට කියනවා චක් මොනවහරි දෙයක් කරනකම් බලාගෙන ඉමු කියලා. ඒත් ජිම් එතනින් තරහින් පිටත් වෙලා යනවා.

දවස් කිහිපයකට පස්සේ හෝවර්ඩ් චක්ගේ ගෙදරින් ටිකක් ඈතට වෙන්න වාහනේ නතර කරලා වෙන ගෙවල් හරහා ඇවිත් හොරෙන් චක්ගේ ගෙදරට ඇතුලු වෙනවා. චක් එතනදී පිළිගන්නවා එර්න්ස්ටෝට චක් හිතාමතාම ඒ ටේප් එක අහන්න සැලැස්සුවා කියලා. මොකද එර්න්ස්ටෝ අනිවාර්යෙන්ම ඒ ගැන එතකොට ජිමීට සහ කිම්ට කියනවා කියලා දන්න නිසා. ඒ වගේම චක් කියනවා ජිමී මේක දැනගත්තු ගමන්ම අනිවාරයෙන්ම මේ ටේප් එක විනාශ කරන්න ගෙදරට හොරෙන් ඇතුලු වෙනවා කියලා. එහෙම ආවහම ජිමීව අත්තඩංගුවට ගන්න පුලුවන් කියලා කතා වෙනවා. හැමෝම පුදුම කරවමින් එකපාරටම ඒ වෙලාවේම ජිමී චක්ට කෑගහගෙන ඉස්සරහා දොරට පයින් ගහගෙන කඩාගෙන ගේ ඇතුලට එනවා. ඒ වගේම චක්ට හොඳටම බනිනවා. ඒ වගේම ජිමී කියනවා එතනදී චක්ගේ සෞඛ්‍යය තත්වය හේතුකරගෙනයි ඒ විදිහේ දෙයක් කිව්වෙ කියලත්. එහෙම කරලත් චක් තමන්ව උගුලකට අහුකරේ ඇයි කියලා අහනවා. ජිමී කොහොම හරි මේ චක්ගේ ටේප් එක හොයාගෙන ඒක විනාශ කරලා දානවා. ජිමී තර්ජනය කරනවා ටේප් එකේ තව කොපි තිබිලා හම්බවුනොත් ගෙදර ගිනිතියලා දානවා කියලා. ඔය අතර හෝවර්ඩ් සහ ඩේවිඩ් හැංගිලා හිටපු තැනින් එලියට ඇවිත් ජිමීගේ මේ ක්‍රියාවේ සාක්ෂි විදිහට ඒ දෙන්නා ඉන්නවා කියලා, චක්ට සහයෝගය දෙනවා ජිමීව අල්ලලා පොලිසියට භාරදෙන්න.

ඉතින්, ඔහොම තමයි පසුගිය කොටස ගලාගෙන ගියේ. පසුගිය කොටස බැලුවනම් අදහසකුත් එකතු කරගෙනම යන්න. ඉතින් අද ඔතන ඉදන් ඔයාට බලාගන්න පුලුවන්. එහෙනම් අනිත් කොටසින් හමුවෙමු. ජයවේවා..!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,195 downloadsDownload Better-Call-Saul-S03-E03.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

7,195 downloadsDownload Subtitles24 KB

12 comments

  1. latemo

    මෙලෝ රහක් නෑ,

    1. Anonymous

      එහෙනම් මේ පෝස්ට් ඇතුළේ රස්තියාදු නොවී ආස දෙයක් බලන එක නේද හොඳ මහත්තයෝ

    2. sachintha

      එහෙනම් මොන මගුලටද මේක අස්සේ රිංගුවේ...

  2. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....
    පට්ට කතාව....

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. lol

    හැමදාව ක‌ොම‌ේන්ට දාන්න බැරිවුනාට සමාවියන්... ඔබ නම් supiri bro..... Thak you.

  5. harith98

    thanks <3

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. sasiru

    Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.

  8. Akila Dilhara

    Thanks Brother...

  9. Mr. B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  10. amaya

    thank you