Watch Trailer

Better Call Saul [S03 : E04] Sinhala Subtitles | ගේම ගහන්න ඕන මොළෙන්! [සිංහල උපසිරැසි සමඟ]

මේ දෙන්න යන්නේ Better Call Saul තුන්වෙනි කතා මාලාවේ හතරවෙනි කොටස. මේ කොටස නම් කරලා තියෙන්නේ “Sabrosito” කියන නමින්. 2017 මැයි 1 වෙනිදා තමයි මේ කොටස ඇමරිකාවේ AMC නාලිකාව හරහා ඇමරිකාව තුල ප්‍රදර්ශනය වුනේ. ඒ වගේම සමහර රටවල් වල සුපුරුදු විදිහට Netflix හරහා විකාශය වුනා. හරි ඉතිං වැඩි කතා නැතුව අපි පසුගි…

මේ දෙන්න යන්නේ Better Call Saul තුන්වෙනි කතා මාලාවේ හතරවෙනි කොටස. මේ කොටස නම් කරලා තියෙන්නේ “Sabrosito” කියන නමින්. 2017 මැයි 1 වෙනිදා තමයි මේ කොටස ඇමරිකාවේ AMC නාලිකාව හරහා ඇමරිකාව තුල ප්‍රදර්ශනය වුනේ. ඒ වගේම සමහර රටවල් වල සුපුරුදු විදිහට Netflix හරහා විකාශය වුනා. හරි ඉතිං වැඩි කතා නැතුව අපි පසුගිය කොටසින් වුන දේ ගැන මතක් කරගෙන ඉමු.

ඊට කලින් කියන්න ඕන. මේ වෙනකොට නිකුත් වෙලා තියෙන කිසිම ඉංග්‍රීසි උපසිරැසියක මෙක්සිකානු භාෂාව ඇතුලත් උපසිරැසි ඇතුලත් වෙලා නැහැ. ඒ නිසා මේ උපසිරැසිය කරනකොට මටම සිද්ධ වුනා ටයිම් ලයින් හදලා සබ් එක ඒ අඩු තැන් වල කරන්නත්. ඉතින් ලයින් එක එහේ මෙහේ වුනොත් තරහා නොගෙන ඉන්න.

පසුගිය කොටසට කලින් කොටසේ ඒ කියන්නේ දෙවෙනි කොටසේ අපිට දකින්න ලැබුනනේ මයික් ට්‍රැකර් එක හෙක්ටර් අරගෙන යනකොට ඒ පස්සෙන් පන්නනවා. ඉතින් මේ කොටසේ අපිට දකින්න ලැබෙනවා මයික් මේ ට්‍රැකර් එක පස්සේ පන්නගෙන යනකොට ට්‍රැකර් එක දාලා තිබුන ගෑස් කැප් එකයි ඒක උඩ ෆෝන් එකකුයි පාර මැද තියලා තියනවා. ඉතින් මයික් ඒක දැකලා වාහනේ නතර කරලා එතනට ඇවිත් ෆෝන් එක අතට ගන්නවා. ඉතිං මේ ෆෝන් එකට කෝල් එකක් එනවා ඔය අතර. අනිත් කතා කරපු මනුස්සයා අහනවා මයික් ගාව ආයුධ තියෙනවද කියලා. ආයුධ තිබුනත් ඒවා එලියට ගන්න එපා කියන පොරොන්දු මයික්ගෙන් අරගන්නවා. ඒ කරලා කියනවා විනාඩි කිහිපයකින් වාහන දෙකක් එයා ඉන්න තැනට එයි කියලා. ඒ කිව්වා වගේම ටිකක් ඉද්දි මයික්ගේ ඉස්සරහිනුයි පිටිපස්සෙනුයි වාහන දෙකක් ඇවිල්ලා පාර හරස් වෙන විදිහට නතර කරනවා. කාර් දෙක නවත්තපු ගමන් එක වාහනයකින් ගස් බහිනවා. ඉතින් ගස් බැහැලා මයික් ඉන්න තැනට යද්දි ගස්ගේ ආරක්ෂකයින් සූදානමින් ඉන්නවා මොනවහරි දෙයක් වුනොත් ක්‍රියාත්මක වෙන්න. ඉතින් ගස් මයික් ගාවට ගිහින් හෙක්ටර්ගේ ප්‍රශ්ණය ගැන කතා කරනවා. ඒ වගේම මයික් හෙක්ටර්ව මරණවට ගස් අකමැති බව එතනදී පෙන්වා දෙනවා. ඉතින් ගස් මෙතනදී කියනවා හෙක්ටර්ගේ කුඩු බිස්නස් එකට දිගින් දිගටම කරදර නොකර, කෙලින්ම පොලිස් අවධානය යොමු වෙන විදිහේ වැඩක් කරන්න යෝජනා කරනවා.

ඉතින් මේ ගැන හිතන මයික්, කොකේන් වගයක් බැරී ගුඩ්මන්ගෙන් අරගන්නවා. මයික් කරන්නේ මේ කුඩු ටික සපත්තුවක ඇගිලි තියෙන හරියට වෙන්න තියලා, අනිත් සපත්තුවත් අරගෙන ලේස් දෙක එකට ගැටගහලා, මෙක්සිකෝ පාරේ එක තැනක කරන්ට් වයර් එකකට විසි කරන එක. ලේස් දෙක ගැටගහලා නිසා සපත්තු දෙක කරන්ට් වයර් එකේ රැදෙනවා. මොකද මයික් දැනගෙන හිටියා දේශසීමාව පහුකරනකොට හෙක්ටර්ගේ ට්‍රක් වල ඉන්න මිනිස්සු තමන් ගාව තියෙන ආයුධ හංගන තැන් ගැන. මේ නිසා මයික්ට තවත් මේක ලේසි වුනා. ඉතින් ට්‍රක් එක ඇවිත් ඒකේ ඉන්න රියදුරා සහ අනිත් සහායකයා බැහැලා තමන් ගාව තියෙන ආයුධ හංගන තැනට ගමන් කරනවා. මයික් තමන් ගාව තියෙන ස්නයිපර් රයිෆලයෙන් අහසට බොරුවට වෙඩි කීපයක් තියනවා. එහෙම කරන්නේ අර දෙන්නට බොරුවට අගවන්න ඒ හරියේ දඬයම් කරන කට්ටිය ඉන්නවා වගේ හිතන්න සලසවන්නයි. ඉතින් ඩ්‍රයිවර් සහ සහායකයා එයාලා ගාව තියෙන තුවක්කු හංගලා වාහනේට නැගලා යන්න යනවා. මේ අතර මයික් කරන්නේ අර කරන්ට් වයර් එකේ එල්ලලා තියෙන කුඩු හංගලා තියෙන සපත්තුවට වෙඩි තියනවා. එතකොට ඒ සපත්තුව හිල් වෙලා ඒකේ තිබුන කුඩු ලොරියේ පස්සහ හැම තැනම විසිරෙනවා. ඉතින් දේශ සීමාව තියෙන තැන පොලිසිය පරීක්ෂා කරනකොට පොලිස් සුනඛයෙක්ට මේ කුඩු ඉව දැනෙනවා. ඉතින් මේ නිසා මේ රියදුරා සහ සහායකයාව පොලිසිය විසින් අත්තඩංගුවට ගන්නවා.

මේ අතර, චක්ගේ ගෙදරට බලෙන් ඇතුලුවුන නිසා ජිමීව පොලිස් අත්තඩංගුවට ගන්නවා. ඒත් ඉතිං චක් එක්ක කොච්චර තරහා තිබුනත් ජිමී තමන් වෙනුවෙන් උසාවියේ තමන්ම ඉඳිරිපත් වෙන්න සූදානම් වෙනවා. එතකොට එතනට කිම් ඇවිත් ජිමීගේ නීතීඥයා විදිහට ඉදිරිපත් වෙන්න හැදුවත් ජිමී ඒකට ඉඩතියන්නේ නැහැ. පස්සේ වරදකරුවෙක් නොවන බව පිළි අරගෙන උසාවියෙන් ජීමීට ඇප ලබාදෙනවා. පස්සේ ජිමී කිම්ට තේරුම් කරලා දෙනවා ඇයි එයාව මේකට සම්බන්ධ කර ගත්තේ නැත්තේ, චක්ගේ ගෙදරට කඩා වැදුනේ ඇයි කියන දේවල් ගැන. ඒ වගේම කිම්ට එක දිගටම මෙසා වෙර්ඩා එකේ නඩුව ගැන අවධානය යොමු කරන්න ඕන නිසා ජිමීගේ ප්‍රශ්ණ වලට මැදිහත් වෙලා ඒ දේවල් පාඩු කරගන්න එපා කියලා කියනවා.

ජිමීගේ නඩුව චක් වෙනුවෙන් හසුරවන්නේ කයිරා හේයි කියන නීතීඥවරිය විසින්. ඉතින් කයිරා හේයි එනවා චක්ව හම්බවෙන්න. ඒ අවැත් ප්‍රශ්ණ වගයක් අහනවා. එතනදී කයිරා චක්ට කියනවා මේ නඩුවෙන් ලේසියෙන් ජිමීට ගැලවෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. ඒ වගේම චක් හැම කෙනෙක්ටම හොඳ විසදුමක් ලැබෙන්න ඕන කියලා තමන්ගේ කැමැත්තත් විස්තර කරනවා.

රෑ වෙලා ජිමී වෙක්ස්ලර්-මැක්ගිල් ඔෆිස් එකෙන් එලියට වෙලා කිම් එක්ක කතාවක යෙදෙනවා. ඉතින් ජිමී කියනවා තමන් කරපු අපරාධය ගැන පාපොච්චාරණයන් නිව් මෙක්සිකෝ නීතීඥ සංගමයට ඉදිරිපත් කරොත් ඒකෙන් එයාගේ සිරදඬුවම වළක්වා ගන්න පුලුවන් වෙනවා කියලා. ඉතින් කිම් තීරණය කරනවා ජිමීට උදව් කරනවා වෙනුවට චක්ගේ සැලැස්මට විරුද්ධව ජිමීට සටන් කරන්න උදව් ලබා දෙනවා කියලා.

ඉතින් ඔතනින් පසුගිය කොටස අවසන් වෙනවා. එහෙනම් හොඳ නරක කියාගෙන යන්න. අනිත් කොටසින් හමුවෙමු. ජයවේවා…!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

6,125 downloadsDownload Better-Call-Saul-S03-E04.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චලිදු දේශාන්

Subtitles

6,125 downloadsDownload Subtitles26 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. harith98

    Thanks <3

  3. Jeewantha

    කලින් සීසින් එකට වඩා මේක නැගලා යනවා වගේ. උපසිරැසියට ස්තුතියි.

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Thusitha

    Good job,keep doing bro.Thank you for sub.

  6. sasiru

    ගොඩක් ස්තූතියි මචන් මහන්සි වෙලා උපසිරස නිර්මාණය කරන එකට.

  7. Akila Dilhara

    Thanks Brother...

  8. Mr. B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  9. amaya

    thank you