මේ දෙන්න යන්නේ Better Call Saul තුන්වෙනි කතා මාලාවේ පස්වෙනි කොටස. මේ කොටස නම් කරලා තියෙන්නේ “Chicanery” කියන නමින්. 2017 මැයි 08 වෙනිදා තමයි මේ කොටස ඇමරිකාවේ AMC නාලිකාව හරහා ඇමරිකාව තුල ප්‍රදර්ශනය වුනේ. ඒ වගේම සමහර රටවල් වල සුපුරුදු විදිහට Netflix හරහා විකාශය වුනා. හරි ඉතිං වැඩි කතා නැතුව අපි පසුග…

මේ දෙන්න යන්නේ Better Call Saul තුන්වෙනි කතා මාලාවේ පස්වෙනි කොටස. මේ කොටස නම් කරලා තියෙන්නේ “Chicanery” කියන නමින්. 2017 මැයි 08 වෙනිදා තමයි මේ කොටස ඇමරිකාවේ AMC නාලිකාව හරහා ඇමරිකාව තුල ප්‍රදර්ශනය වුනේ. ඒ වගේම සමහර රටවල් වල සුපුරුදු විදිහට Netflix හරහා විකාශය වුනා. හරි ඉතිං වැඩි කතා නැතුව අපි පසුගිය කොටසින් වුන දේ ගැන මතක් කරගෙන ඉමු.
කතාව මුලින් පටං ගන්නේ මතක ආවර්ජනයක් එක්ක.
දොන් එලැඩියෝගේ ගෙදර පූල් එකේ එයා පීනමින් ඉද්දි හෙක්ටර් එතනට එනවා. හෙක්ටර් හදුන්වලා දෙනවා ඉම්නස්ව එයාව එලැඩියෝට. මේ සිම්නස් තමයි මයික් කොල්ලකාපු ට්‍රක් එකේ ඩ්‍රයිවර්. පස්සේ හෙක්ටර් කාන්තරේ තැනකට අරගෙන ගිහිල්ලා මරළා දාන්නේ මේ සිම්නස් කියන පුද්ගලයාවයි. ඉතින් හෙක්ටර් කියනවා තමන් ඇල්බකර්කි වල අයිස්ක්‍රීම් වෙළඳ සැලක් මිළට ගත්ත බවත්, එතන එයාලගේ මත්ද්‍රව්‍ය බෙදා හරින්න අවශ්‍යය ඉඩකඩ තියෙනවා කියලත්. මොකද සිම්නස්ට මෙක්සිකානු බෝඩර් එක හරහා මත්ද්‍රව්‍ය අරගෙන එන්න පුලුවන් අයිස්ක්‍රීම් තොග පිටින් ඒ ගබඩාවට ට්‍රක් එකේ අරගෙන එද්දි. ඒ වගේම හෙක්ටර් කියනවා එයා ඒ කඩේට නම තිබ්බේ එල් ග්‍රීගෝ ගුයිසඩෝර් කියලයි. ඒ එලාඩියෝ වෙනුවෙන්. හෙක්ටර් ඒ වගේම පොඩි තෑග්ගකුත් එලාඩියෝට දෙනවා. ඒ වගේම සල්ලි පිරිච්චි බෑග් එකකුත්. ජුවාන් බොල්සා ඔතනට එනවා ගස්ගෙන් ලැබුන තෑගි වගයක් අරගෙන. එතන තිබුනේ ලොස් පෝලොස් හර්මානෝස් ටීෂර්ට් එකක් සහ හෙක්ටර්ට වඩා හුඟක් වැඩි සල්ලි තොගයක්. ඉතින් එලැඩියෝ හෙක්ටර්ගේ තෑගි සහ උපහාර සමච්චලයට ලක් කරනවා. ඒත් මෙහෙම විහිලු කරන එක විනෝදජනක බවත් කියනවා. හෙක්ටර් මෙතනදී නින්දාවට පත්වන අතර කෝපයට පත්වන ඔහු දිගින් දිගටම කතාබහ කරන්න දගලනවා. ඒත් ජුවාන් එයාලගේ ලොක්කට ගෞරවයක් පෙන්වන්න කියලා හෙක්ටර්ට මතක් කරලා දෙනවා.
ඉතින් දැන් ප්‍රධාන කතාව පැත්තට හැරෙමු.
හෙක්ටර්ගේ ට්‍රක් එකට මයික් විසින් උපක්‍රමශීලීව මත්ද්‍රව්‍ය අතෑරියාට පස්සේ ඒ ට්‍රක් එක බෝඩර් එකේදී අත්තඩංගුවට ගන්නවා. ඒ වගේම ඒකේ හිටපු රියදුරා සහ සහායකයාවත්. මයික් පරීක්ෂාවෙන් ඉන්නවා හෙක්ටර්ගේ අයිස්ක්‍රීම් ෆ්‍රැක්ටරිය සෝදිසි කරන්න පොලිසියෙන් එයිද කියලත්. පස්සේ ස්ටේසිව සහ කයිලීව බලන්න එයාලගේ අලුත් ගෙදරට ගියත්, ස්ටේසිට දකින්න ලැබෙනවා මයික්ගේ අවධානය වෙන තැනක තියෙන්නේ කියලා.
හෙක්ටර් ලොස් පෝලොස් හර්මානෝස් වලට යනවා නචෝ සහ ආටුරෝ එක්ක. හෙක්ටර්ට ගස් එක්ක ගතා කරන්න ඕන වෙනවා. ඉතින් මෙතන වෙන සිදුවීම් නිසා මුලු අවන්හලේම ඉන්න කට්ටියම බයවෙනවා. ගස් ඒ වුනාට ඒ වෙලාවේ අවන්හලේ හිටියේ නැහැ. ඉතින් ගස් එතනට ආපුවාහම, හෙක්ටර් ඉල්ලීමක් කරනවා ගස්ගේ වාහන වල හෙක්ටර්ගේ මත්ද්‍රව්‍ය ප්‍රවාහණය කරලා දෙන්න කියලා. හැබැයි හෙක්ටර් දන්නේ නෑ මේ දේ ගස් ගාවට එන්න ගස් විසින්ම කරපු වැඩක් මේක කියලා. පස්සේ වික්ටර් ඇවිත් මයික්ට සල්ලි වගයක් දෙනවා ගස් දෙන්න කිව්වා කියලා හෙක්ටර්ගේ සැපයුම් නවත්තලා දාපු නිසා. ඒත් මයික් ඒ සල්ලි ගන්න එක ප්‍රතික්ෂේප කරනවා. ඊළඟ දවසේ, ගස් එයාගේ අවන්හලේ වැඩ කරන කාර්ය මණ්ඩලයෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම ගස් කියනවා එයා මෙක්සිකෝවේ පලාවෙනි අවන්කහල රගෙන ඉද්දි එයාගෙන් කප්පම් ගන්න කට්ටියක් ආවා කියලා. ඒ කට්ටියම තමයි මෙහාට ආවේ කියලත් කියලා. ඒත් මෙහෙදි කප්පම් ඉල්ලුවාට එයා ඒක ප්‍රතික්ෂේප කරලා කියලත් කියනවා. ඒ වගේම පසුගිය දවසේ වැඩමුරය වෙනුවෙන් සල්ලි ගෙවනවා කියලත්, ඒ වගේම පැය 24ක ඕවර් ටයිම් එකකුත් ගෙවනවා කියලත්, ඒ වගේම මේ සිද්ධියෙන් මොනවහරි දෙයක් සිද්ධ වුනානම් ඕනම කෙනෙක් එයාව හම්බවෙන්න කියලත් ගස් කියනවා. ගස් සමාව ඉල්ලලා, එයා ඒ ආපු කට්ටියට සල්ලි ගෙවපු නැති නිසා ඒ සල්ලි වලින් කාර්ය මණ්ඩලයට මුහුණ දෙන්න වුන එකරතැබ්බියට වන්දි ගෙවනවා කියලා කියනවා.
චක්ගේ කැඩුනු දොර මොන කම්පැනි එකද අලුත්වැඩියා කරන්නේ කියලා හොයාගන්න කිම්, ඒ අදාල කම්පැනි එක බාරගත්ත වැඩේ කැන්සල් කරනවා. ඒ වගේම ජිමී මයික්ව කුලියට අරගන්නවා මේ වැඩේ කරන්න. මයික් කරන්නේ දොර අලුත් වැඩියා කරන විදිහට චක්ගේ ගෙදරට ගිහින් අහුමුලු හැමතැනකම ෆොටෝ අරගන්නවා. ජිමීට මේ ගත්තු පින්තූර සහ විස්තර ටික ලබා දුන්නට පස්සේ මයික් චක්ගේ ඇඩ්‍රස් පොත ඇතුලේ තිබුන නෝට් එකක තොරතුරු වගයක් ලබා දෙනවා. මේ අතර ගස් එනවා මයික් වැඩ කරන තැනට. ඒ එන්නේ ගස් දුන්න සල්ලි මයික් භාරගත්තේ නැත්තේ ඇයි කියලා දැනගන්නයි. මයික් පැහැදිලි කරනවා එයා හෙක්ටර්ගේ ට්‍රක් එකට පහර දුන්නේ තමන්ට ඕන නිසා බවත්, ඒකට ගස්ගෙන් ගෙවීමක් අපේක්ෂා කරන්නේ නැහැ කියලා. ගස් කියනවා මයික්ව එයාගේ වැඩ වලට කුලියට අරගන්න කැමතියි කියලා වගේම මයික් කියනවා ඒ ලැබෙන වැඩේ අනුව කරනවද නැද්ද කියන එක තීරණය කරන්නම් කියලා. මේ අතර ගස් හෙලිකරනවා හෙක්ටර්ව මයික් මරණ එක නතර කරේ එයා කියලත්.
ජිමී, කිම්, හෝවර්ඩ් සහ චක් කියන හතර දෙනාම කයිරා හේයි ව හම්බවෙනවා. ඒ ජිමීගේ ලිඛිත පාපොච්චාරණය අවසන් කිරීම සඳහා. ඒ වගේම ජිමී මේ පාපොච්චාරණය නිව් මෙක්සිකෝ නීතීඥ සංගමය විසින් සමාලෝචනය කරන එකට එකඟ වෙනවා. හමුවීමට පස්සේ, කිම් චක්ව හම්බවෙලා කියන්නේ එයා සැකකරනවා කියලා ජිමී ගෙට ඇතුලු වුන වෙලාවේ විනාශ කරපු ටේප් එකේ කොපියක් එයා ගාව තියෙනවා කියලා. චක් එතනදී කියනවා එයා ගාව මුල් පිටපත තියෙනවා වගේම ඒක ජිමීගේ නඩු විභාගයේ සාක්ෂියක් විදිහට ඉඳිරිපත් කරනවා කියලා. කිමී පස්සේ ජිමීට කියනවා, චක් ගාව ටේප් එකේ කොපියක් තියෙනවා කියලා පිළිගන්න එක කිම් සහ ජිමීගේ සැලසුමක් කියලා.
ඉතින් අද කොටස ඔතන ඉදන් තමයි පටන් ගන්නේ. එහෙනම් හොඳ නරක කියාගෙන යන්න. අනිත් කොටසින් හමුවෙමු. ජයවේවා…!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,544 downloadsDownload Better-Call-Saul-S03-E05.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
10 comments
Kavinu
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
harith98
Thanks machan <3
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasiru
Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.
sasiru
ගොඩක් ස්තූතියි මචන් මහන්සි වෙලා උපසිරස නිර්මාණය කරන එකට.
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
dinushka
ko bn ithuru sub meke
amaya
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සබට තුති ❤️