Watch Trailer

Narcos [S01 : E03] Sinhala Subtitles | බලවන්තයෝ [සිංහල උපසිරැසි] [18+]

හොඳයි මිත්‍රවරුනි, තුන්වෙනි කොටස කරන්න පැවරුනේ මට. වැඩ අස්සේ කොහොමහරි මේක කරලා දෙන්න හැකියාවක් ලැබුණා. ඉතින් මට මුල් කොටස් නම් බලන්න වෙලාවක් ලැබුණේ නෑ. ඒක නිසා මම මේ කොටසේ සිද්ධවෙන දේවල් ගැන ටිකක් සඳහන් කරන්නම්. ඉතින් අපේ ප්‍රධාන චරිතය පැබ්ලෝගේ දැන් ප්‍රධාන අභිප්‍රාය තමයි එයාගේ සල්ලි විසිකරලා කොහොම…

හොඳයි මිත්‍රවරුනි, තුන්වෙනි කොටස කරන්න පැවරුනේ මට. වැඩ අස්සේ කොහොමහරි මේක කරලා දෙන්න හැකියාවක් ලැබුණා. ඉතින් මට මුල් කොටස් නම් බලන්න වෙලාවක් ලැබුණේ නෑ. ඒක නිසා මම මේ කොටසේ සිද්ධවෙන දේවල් ගැන ටිකක් සඳහන් කරන්නම්.

ඉතින් අපේ ප්‍රධාන චරිතය පැබ්ලෝගේ දැන් ප්‍රධාන අභිප්‍රාය තමයි එයාගේ සල්ලි විසිකරලා කොහොමහරි ඇමති කෙනෙක් වෙන එක. මොකද ඒ තැනට ගියාම මිනිහාගේ මේ ජාවාරම් ටික හරියට කරගන්න පුලුවන් නිසා. ඉතින් පුලුවන් හැම තැනටම හොඳට සල්ලි විසිකලා. පක්ෂ වල ඉන්න අයට හොඳට සල්ලි වලින් දායක උනා. හැබැයි පැබ්ලෝගේ අධිෂ්ඨානය ඇමති කෙනෙක් වෙලා නවතින එක නම් නෙමෙයි. ජනාධිපති වෙන එක 😀 කුඩු රජා ජනාධිපති උනොත් එහෙම :O

ඉතින් පැබ්ලෝ මේ දේශපාලන සෙල්ලම කරන අස්සේ DEA එක උත්සාහ කරන්නේ මිනිහාව කොටු කරගන්න. පැබ්ලෝව කොටු කරගන්න එක අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්. මොකද කිව්වොත් පොලිසියේ හැමතැනකම වගේ මිනිහාගේ සාක්කුවේ ඉන්න අය ගොඩාක් ඉන්න නිසා. පැබ්ලෝට මොකක්හරි අන්චියක් ඇදෙන්න ආවොත් ගානට ඔත්තුව එයාට එනවා. කොහොමහරි DEA එක දැනගන්නවා පැබ්ලෝ මුලින් හිරේට ගිහින් තියනවා කියලා. ඉතින් ඔය ගැන සාක්ෂි හොයාගන්න එක තමයි එයාලාගේ ඊලඟ අභියෝගය. ඔහොම සාක්ෂි හොයන්න ගිහින් ඊට සම්බන්ධ නීතිඥයා, නඩුකාරවරයා හැමෝම වගේ පැබ්ලෝ ඉවරයක් කලා. හැබැයි එයාට අමතක උනා හිරේට යනකොට පින්තූර ගත්තු ඡායාරූප ශිල්පියාව. ඔන්න ඔතනින් තමයි DEA එක පොටක් පාදගන්නේ.

පැබ්ලෝ ඇමති කෙනෙක් වෙයිද ? DEA එකට එයාව කොටු කරගන්න පුලුවන් වෙයිද ? ඔය කාරණා හැරුණාම තව ගොඩාක් දේවල් ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි මේ කොටසින්. එහෙනම් තවත් උපසිරැසියකින් අපි මුණගැහෙමු. ජය!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

21,992 downloadsDownload Narcos-S01-E03.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

21,992 downloadsDownload Subtitles30 KB

13 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  3. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. suranuwan

    thanks bro.......

  6. Malaka prasad

    thnq machan sub ekata

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Pramukmili

    thanx macho..............

  9. Anonymous

    Thanks

  10. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  11. Manu

    Godak Sthuthi..Jaya wewa!

  12. Akila Dilhara

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤

  13. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.