Better Call Saul හතරවෙනි කතා මාලාවේ අටවෙනි කතාංගය නම් වුනේ Coushatta කියන නමින්. මේ කතාංගය විකාශය වුනේ AMC නාලිකාවේ 2018 සැප්තැම්බර් මස 24 වෙනිදා. ඉතින් මේ කොටසින් තමයි Lalo Salamanca මුලින්ම මේ කතාවට එලි දැක්වෙන්නේ. (ඔන්න පොඩි හින්ට් එකකුත් දුන්නා.) පේන විදිහට පස්වෙනි කතා මාලාවේදී ලාලෝව ලොකුවට පෙන…

Better Call Saul හතරවෙනි කතා මාලාවේ අටවෙනි කතාංගය නම් වුනේ Coushatta කියන නමින්. මේ කතාංගය විකාශය වුනේ AMC නාලිකාවේ 2018 සැප්තැම්බර් මස 24 වෙනිදා. ඉතින් මේ කොටසින් තමයි Lalo Salamanca මුලින්ම මේ කතාවට එලි දැක්වෙන්නේ. (ඔන්න පොඩි හින්ට් එකකුත් දුන්නා.) පේන විදිහට පස්වෙනි කතා මාලාවේදී ලාලෝව ලොකුවට පෙන්නුම් කරලා වැඩේ පටංගන්න වගෙයි හදන්නේ.
ඉතින් වෙනවා වගේම පසුගිය කොටසින් මොකද වුනේ කියලා බලමු.
කතාව ආරම්භයේදී අපිට දැකගන්න පුලුවන් වෙනවා 2004 අවුරුද්දේ අවසානයට මාස අටක විතරක කාලයක් තුළ ජිමී මැක්ගිල් සහ කිම් වෙක්ස්ලර් දෙන්නා ඈත් වෙලා ඉන්නවා. කිම්ගේ අත හොඳ කරගෙන එයා ක්ෂ්වයිකර්ට් සහ කෝක්ලි සමාගමේ දියුණුවට උදව් වෙන්න කියලා රස්සාවට යනවා. ජිමී ජංගම දුරකථන වෙළඳසැලේ දිගටම වැඩ කරගෙන ඉන්නවා. ඒත් පෙරගෙවුම් දුරකථන විකුණන රස්සාව ගොඩක් හොඳට කෙරීගෙන යනවා. ඉතින් ඇල්බකර්ක් වල අපරාධකරුවන් සමඟ ජිමීගේ සම්බන්ධතාවය වැඩිවෙන නිසාම ඔහුගේ සෝල් ගුඩ්මන් කියන අන්වර්ථ නාමය නිතර භාවිතා කරන්න පුරුදු වෙනවා.
ඔතනින් පස්සේ කතාවට එනවා. ජිමී හියුල් බිබින්ක්ස්ට එයාගේ එලුත් නීති කාර්ලයේ තියෙන ඉඩකඩ පෙන්නනවා. කිම් සහ ජිමී යනවා ක්ෂ්යිවර්ට් සහ කෝක්ලි වල තියෙන උත්සවයකට. ඉතින් ජිම්ට එතන ගැලපෙන්නේ නෑ වගේ හිතිලා හෙමින්ම කිම්ගේ කාර්ලායට යනවා. ජිම්ට එතකොට තේරෙනවා හියුල්ට පෙන්නුවාට වඩා එයාට දැනට තියෙන කාර්යාලය කොච්චර හොඳ එකක්ද කියලා. ආපහු සාදයට යන ජිම්, රිච් ෂ්වයිකාර්ට් සහ කිම්වල කලබලයට පත් කරමින් සමාගමේ වාර්ෂික නිවාඩුව සඳහා වැඩි වැඩියෙන් දැවැන්ත අදහස් හා යෝජනා ඉදිරිපත් කරමින් වෙනම දර්ශණයක් එතන නිර්මාණය කරනවා.
හෙක්ටර් සලමන්කාගේ ලෙඩේ හොඳ වීගෙන එනවා කියලත්, හෙක්ටර්ගේ දකුණු අතේ යම්කිසි චලනයක් සිද්ධ වුන බවකුත් පෙන්වන වීඩියෝවක් ගස් ෆ්‍රින්ග්ට ඩොක්ටර් බෘක්නර් පෙන්නනවා. හෙක්ටර් වතුර වීදුරුවකට අතින් ගහපු එක ඒක නිකම්ම සිද්ධ වුන දෙයක් විදිහට ඩොක්ටර් කිව්වත්, ෆ්‍රින්ග්ට තේරෙනවා ඒක හෙක්ටර් සලමන්කා හිතලම කරපු දෙයක් කියලා. මොකද එතකොට හෙක්ටර්ට පුලුවන් එතන සුද්ධ කරන නර්ස් කවුද කියන එක දැකබලා ගන්න. ගස් කියනවා බෘක්නර්ට හෙක්ටර්ට කරන වෙදකම් නතර කරන්න කියලා, ඒකට හේතුව වෙන්නේ හෙක්ටර්ගේ සුව වුන මනස එයාගේ සුව නොවුන ශරීරය ඇතුලේ හිරකරන්නයි.
වර්නර් සිග්ලර්ගේ කණ්ඩායම මත්ද්‍රව්‍ය රසායනාගාරයේ වැඩකරමින් ඉන්නවා. වැඩකරන එක අඩාල වෙනවා, ආතතිය වැඩි වෙනවා. කායි සහ කැස්පර් අතර ගැටළුවක් පැනනගිනවා. මයික් එර්මන්ට්‍රන්ට්ට ප්‍රශ්ණේ විසදන්න මැදිහත් වෙන්න වෙනවා. මයික් හිතනවා කායි ව නැතුව මෙතන වැඩ කරගෙන ගියොත් හොදයි කියලා. ඒත් වර්නර් කියනවා තමන්ගේ කණ්ඩායමට ටිකක් විවේක සහ නිදහස් කාලයක් ඕන වෙනවා කියලා. හේතුව වෙන්නේ බලාපොරොත්තු වුනාට වැඩියෙන් කාලයක් එක දිගට වැඩ කරපු නිසා.
ජිමී එක දිගටම දුරකථන නැවත විකුණන එක දිගටම නගරයෙන් පිටතට ගිහින් වෑන් එකක ඉදන් කරගෙන යනවා. රාජකාරියෙන් බැහැරව යන පොලිස් නිළධාරියෙක් මෙතනට ඇවිත් ජිමීට කියනවා මීට වඩා හොඳ පාරිභෝගික පන්තියක් ඉලක්ක කරගෙන මේ දුරකථන විකුණන්න කියලා. ඒත් ජිමී එයාගේ ව්‍යාපාරය නීත්‍යානුකූල බව කියමින් පොලිස් නිළධාරියත් එක්ක තර්ක කරනවා. මේ අතර හියුල් දවල් කෑම අරගෙන එන ගමන් හිටියේ. හෙඩ්ෆෝන් එක දාගෙන හිටිය නිසා හියුල්ට මේ දෙන්නා කතා කරන ඒවා ඇහුනේ නෑ. ජිමීට කරදරයක් වෙන්න ඇති කියලා හිතලා හියුල් ගෙනාපු කෑම බෑග් එකෙන් පොලිස් නිළධාරියාට ගහනවා. පොලිස් නිළධාරියා හියුල්ව අදුරගන්නවා කලිනුත් හියුල්ව අත්තඩංගුවට අරගනෙ තියෙන නිසා. කිම් හියුල්ව බේරගන්න ඉදිරිපත් වුනත්, පොලිස් නිළධාරියාගේ කීර්ති නාමය විනාශ කරන වැඩේට එකඟ වෙන්නේ නැහැ. ඒ වගේම හියුල් පැනලා යන්නේ නෑ කියලත් කිම්ට ජිමීගෙන් සහතිකයක් ඕන වෙනවා. ඒත් ජිමී දෙන උත්තරෙන් ඒක එහෙම වෙයි කියන එකනම් තේරුම් ගන්න බැහැ. කිම් අභිචෝදක සුසෑන් එරික්සන් එක්ක මේ හියුල්ගේ නඩුව අතෑරලා දාන තත්වයට යන විදිහක් ගැන කතා කරත්, සුසෑන් ඒකට ඉඩක් ලබාදෙන්නේ නැහැ. කිම් එලියට යනවා එයාට ඕන දේවල් අරගන්න. ඒ කරලා කිම් ජිමීට කතා කරලා කියනවා එයා කරන හැමදෙයක්ම දාලා එයාව හම්බවෙන්න එන්න කියලා. මොකද හියුල්ව බේරගන්න වෙන හොද විදිහක් තියෙනවා කියලා.
ඉතින් අද කොටස ඔතන ඉදන් තමයි දිගහැරෙන්නේ. අනිත් කොටසින් ඉක්මනින් හමුවෙමු. ජයවේවා…!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත.
4,079 downloadsDownload Better.Call_.Saul_.S04E08.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
4 comments
Shan
shan
ඉතුරු ටිකත් ඕන සහෝ
Sandun47
ඊලඟ එකේ ඉදන් වෙබ් රිප් දාන්න කිනා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Digatama denna ❤️