මේ ගේන්නේ Better Call Saul හතරවෙනි කතා මාලාවේ නම වෙනි කොටසයි. ඉතින් 2018 ඔක්තෝම්බර් 1 වෙනිදා තමයි මේක ඇමරිකාවේ AMC නාලිකාවේ විකාශය වුනේ. මේ කොටසේ විකාශන නම වුනේ “Wiedersehen” කියන නමින්. මේක ජර්මන් නමක්. ඒකේ තේරුම වෙන්නේ නැවත හමුවෙමු කියන එකයි. ඉතින් සුපුරුදු විදිහට පහුගිය කොටසින් මොකද උනේ කියලා බල…

මේ ගේන්නේ Better Call Saul හතරවෙනි කතා මාලාවේ නම වෙනි කොටසයි. ඉතින් 2018 ඔක්තෝම්බර් 1 වෙනිදා තමයි මේක ඇමරිකාවේ AMC නාලිකාවේ විකාශය වුනේ. මේ කොටසේ විකාශන නම වුනේ “Wiedersehen” කියන නමින්. මේක ජර්මන් නමක්. ඒකේ තේරුම වෙන්නේ නැවත හමුවෙමු කියන එකයි.
ඉතින් සුපුරුදු විදිහට පහුගිය කොටසින් මොකද උනේ කියලා බලමු.
කිම් වෙක්ස්ලර් හියුල් බැබින්ව බේරගන්න ඕන නිසා එයාගේ සහයට ක්ෂ්යිවර්ට් සහ කෝක්ලි සමාගමේ සේවකයින් කීපදෙනෙක්ව තමන් යටතට බඳවා ගන්නවා. ඉතින් මේකෙන් කිම් බලාපොරොත්තු වෙන්නේ සුසෑන් එරික්සන් කියන අධිකරණ නියෝජිතවරියට හියුල්ට දෙන්න යන දඬුවම අඩු කරන්න කියලා බලපෑම් කරන්නයි. මේ අතර ජිමී හියුල්ගේ උපන් ගම වන ලුසියානා වලට බස් එකකින් යනවා. ඉතින් ජිමී කොහොමහරි මේ බස් එකේ ගමන යන අතරතුර ඒකේ හිටපු මිනිස්සුන්ට සල්ලි දීලා කොහොමහරි හියුල්ව නිදහස් කරන විදිහට ලිපි ලියාගන්නවා.
ඉතින් මේ ලියුම් මුන්සිංගර් විනිසුරුතුමාට ලැබුනට පස්සේ ඔහුට හොඳටම තරහා යනවා. මේ ගැන සුසෑන්ට සහ කිම්ට අවධාරනය කරලා කියනවා මොනවාහරි දෙයක් කරලා ඉක්මනටම නඩුව අරගන්න කියලා. ඉතින් කොහොමහරි සුසෑන් එතන තිබුන ලියුම් සේරම අරගෙන ගිහිල්ලා ඒවගේ මොකක් හරි සැකයක් තියෙනවද කියලා බලන්න එයාගේ කාර්යාලයේ ඉන්න හැමෝම ලවා පරීක්ෂා කරන්න පටං ගන්නවා. සුසෑන් කොච්චර පරීක්ෂණයන් දිගටම කරගෙන යන්න හැදුවත්, ෆෝන් නම්බර් හොයාගෙන කතා කරන්න හැදුවත් ජිමී ඒ වෙද්දිත් කට්ටියකට සල්ලි දීලා ෆෝන් එහෙම වෙනම අරගෙන ඒකට ලෑස්ති වෙලයි ඉන්නේ. ඉතින් ජිමී ඒ අයට කියලා දුන්න විදිහටම සුසෑන්ගෙන් ලැබෙන හැම කෝල් එකකටම ගානට හැමදෙයක්ම බැලන්ස් කරගෙන උත්තර දෙනවා. සුසෑන්ට හිතාගන්න බැරි වෙනවා මොකක්ද ඇත්තටම මෙතන වෙන්නේ කියන එක ගැන.
මේ අතර කිම්, කෙවින් සහ පේජ් මෙසා වෙර්ඩා එක ගැන කතාබහට නියැලෙනවා. කෙවින්ට ඕන වෙනවා ඉස්සරහට එන්න තියෙන ශාඛාවකට ඒ සැලසුම වෙනස් කරන්න. ඒත් මේකට අකමැති වෙන කිම් පේජ් එක්ක එකතුවෙලා ඒක ගැලපෙන්නේ නැති අදහසක් විදිහට අයින් කරලා දාන්න කෙවින්ට ඒත්තු ගන්වනවා.
මයික් වර්නර්ගේ කණ්ඩායමට පාටියක් ලෑස්ති කරනවා. මයික් සහ වර්නර් නිශ්ශබ්දව බාර් එකේ හිටියත්, කායි ආරවුලක් ඇති කරගන්න නිසා මයික්ට ආපහු එතැනට එන්න වෙනවා. මෙහෙම එද්දී බීලා වැඩිවුන වර්නර් අදුරන්නේ නැති අය එක්ක භූගතව තමන් ඉදිකරමින් තියෙන දේ ගැන කියවමින් ඉන්නවා. ඊටපස්සේ දවසේ මයික් වර්නර්ව හම්බවෙලා අවවාද කරනවා ආපහු මෙහෙම දෙයක් වෙන්න බැහැයි කියලා. ආපහු වර්නර් එහෙම දෙයක් කරොත් වර්නර්ව මරළා දානවා කියලත් කියනවා. මයික් වර්නර් බාර් එකේ කරපු දේ ගැන ගුස්ට දන්වනවා වගේම වර්නර් එක හොද අවධානයෙන් ඉන්න කියලා ගුස් මයික්ට කියනවා.
නාචෝ එයාගේ තුවාල වලින් සෑහෙන විදිහට සුවයක් ලබලා තියෙන නිසා සලමන්කාගේ සංවිධානයේ ප්‍රමුඛ භූමිකාවක් එයාට හිමිවෙලා තියෙනවා. මේ අතරම අපිට පෙන්නනවා නාචෝ ඩොමින්ගෝව සලමන්ගේ සංවිධානයට අනුව හිග මුදල් අය කරගන්න විදිහ, ඒ අය කිරීම් හරියට කරේ නැතිවුනොත් කරන්න ඕන දේවල් ගැන උගන්නනවා. ලාලෝ සලමන්කා එනවා මේ ව්‍යාපාර ටික පාලනය කරන්න. හෙක්ටර් සලමන්කා වගේ නෙමෙයි ලාලෝ කියන්නේ හැම පැත්තක් ගැනම උනන්දුවෙන් ඉන්න කෙනෙක් නිසා නාචෝ ටිකක් කනස්සල්ලයට පත්වෙලයි ඉන්නේ.
ඉතින් අද එතැන් පටන්. අනිත් කොටසින් ඉක්මනින් හමුවෙමු. ජයවේවා…!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත.
3,349 downloadsDownload Better.Call_.Saul_.S04E09-1.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
8 comments
Shan
Jhony
Thanks bro
Anonymous
Web copy walata dunnanam hodai hdtv torrent na
yeshmika
tnx ane ithuru tikath ikmanata denna
nithila
tnx bokka sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
anith season 2 sub denne ndd
Anonymous
Anith season2ke sub dnwd please
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks brother ❤️