Watch Trailer

Better Call Saul [S05 : E01] Sinhala Subtitles | විශ්වකර්මයා [සිංහල උපසිරසි]

“ජීමි මිගෙල් කියන්නෙ හැමතිස්සේම චක් මිගෙල්ගෙ පරාජිත සහෝදරයා. ඒක ඉවරයි. ඒ නම පිච්චුවා. මේක අලුත් ආරම්භයක්. මේ විදියට තමයි මම ඉස්සරහට යන්නෙ. මම කැමතියි මේකට.” […]

“ජීමි මිගෙල් කියන්නෙ හැමතිස්සේම චක් මිගෙල්ගෙ පරාජිත සහෝදරයා. ඒක ඉවරයි. ඒ නම පිච්චුවා. මේක අලුත් ආරම්භයක්. මේ විදියට තමයි මම ඉස්සරහට යන්නෙ. මම කැමතියි මේකට.”                                                                                         ජිමි මිගෙල් හෙවත් සෝල්ගුඩ්මන් 

ජීමි තම ජීවිතේ  විවිධ අවධි පහුකරළා ආපහු නැවුම් විදියට පටන් ගන්න යන්නෙ. තරුණ කාලේ  මෙයාට කියන්නෙ Slipping-Jimmy කියලා. season එක පටන් ගනිද්දිම අපි දැනගන්නවනෙ ගැටයා කාලේ ඉදලාම සුපිරි scammer කෙනෙක් කියලා. එහෙම කියන්න හේතු වුනෙ  සල්ලිකාර මිනිස්සුගේ වාහන එනකම් රැකලා ඉදලා ව්‍යාජ අනතුරු කරගෙන සල්ලි ගන්න එක තමයි මිනිහාගෙ රාජකාරිය වුනෙ. ඒකෙන් නොනැවතුනු ජිමී පස්සෙ con artist (Confidence artist) කෙනෙක් වෙනවා. con artist කෙනෙක් කියන්නෙ දන්න බාසාවෙන් කාගෙහරි සල්ලි ඇඟිට පතට නොදැනි සුද්දකරන අයනෙ. ඔයා ” කූඹියෝ  කතාමලාව, Catch me if you can වගේ චිත්‍රපට ” බලලා තියෙනවනම් ලංකාවට අලුත් දෙයක් වුනත් දන්නවා ඇති මේගොල්ලෝ ඇවිල්ලා සුපිරි ගේම්කාරයෝ  කියලා.

ඉතින් ජිමි එයාගේ scammer යාළුවා මාර්කො පැස්ටර්නැක් එක්ක දෙන ගේම් season 01 සහ  season 03 වලින් බලාගන්න පුළුවන් වෙනවා. කොහොම හරි ජිමි එයාගේ අයියා වෙන චක්ගෙ නීතිඥ සාමාගමක් වෙන හැමලින් හැමලින් ඇන් මිගෙල් වල ලිපි කාමරේ වැඩට ගියාට පස්සෙ ටික කාලයක් හොදින් ගතවෙනවා. ඒ අතරේ ජිමි නීතිඥ විභාගේ සමත් වෙලා නීතිඥයෙක් වෙනවා. ජීමිගේ මේ වංචා කිරීමේ  හැකියාව සහ මුදල් අවශ්‍යතාව, ආපරාධ කරුවන් තුළින් දේවල් සාක්ෂාත් කර ගන්න තත්වයට පත් වෙන්නෙ මේ අතරවාරයේ. ඒ විදියට ජිමි නමගිය අපාරධකරුවන්ගෙ විත්ති නීතිඥයා බවට පත්වෙන්නෙ තම සහෝදරයාගෙ නික්මයාමත් සමඟයි.
මෙතැන ඉදලා කොටස් 10 කින් සමන්විත 5වන කතාමාලාවේ ජිමී, සෝල් ගුඩ්මන් විදියට තම නීති ව්‍යාපාර කටයුතු කරනගෙන යන්න පටන් ගන්නනෙ. ඊළඟට මත්ද්‍රව්‍ය වෙළෙඳාම පැත්තට හැරෙමු. season 05ට එද්දී මත්ද්‍රව්‍ය වෙළෙඳාම මහමොළකරුගෙ ඉදළා පහළටකට්ටියගෙ සම්බන්ධතාවෙ මොකක්ද කියලා පහල chart එක බලලා අදහසක් ගන්න.   ලාලෝ සලමන්කට එයාලාගේ මත්ද්‍රව්‍ය වල ගුණාත්මක භාවය ගැන ප්‍රශ්නාර්තයක් ඇතිවෙලා. ඒ වගේම ගස් ෆ්රින්ගෙ රසායනාගාර වැඩ ගැන සහ ඒයාගෙ මෙහෙයුම් ගැන සැක හිතිලා තියෙන්නෙ. ඒවා එහෙම වෙද්දී කිම් වෙක්ස්ලර් මුලින් ජිමිගේ මේ රැවටිලිකාර වැඩ වලට විරුද්ධ වුනත් පස්උසෙ දව්කරනවා වගේ. ජිමි එයාගේ රැවටිලිකාර උපක්‍රම භාවිතා කරලා අලුත් සේවාදායකයනගෙන් උපරිමේ ගන්න උත්සහ කරනවා.   සරලවම ඔය ටික තමයි කියන්න තියෙන්නෙ. කවුරුත් දන්නවා වගේ මේක සුපිරි කතා මාලාවක්නෙ. අතුරු කතාමාලවක් (Spin-off) අති සාර්ථක වෙන්නෙ කළාතුරකින්. ඉතින් සහෘදයිනි හොදින් රසවින්න. මෙහි එන කැමරා කෝණ පිළිබඳ දැඩි අවධානයෙන් බලන්න. (මේක උසස් ගණයේ නිර්මාණයක් වෙන්න කොහොමද කියලා ඉස්සරහට බලමු.) අවසාන වශයෙන් රවිදු සොහොයුරා ඇතුළු ඇඩ්මින් මඩුල්ලට ස්තූතිය පුද කරන ගමන් නවතින්නම්. ස්තුතියි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Bluray පිටපත් සඳහා ලබා දි ඇත.

1,354 downloadsDownload Better-Call-Saul-S05E01.zip28 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමාල් ගනේගොඩ (G.V.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2025-03-02
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හේමාල් ගනේගොඩ (G.V.)

Subtitles

1,354 downloadsDownload Subtitles28 KB

6 comments

  1. Supun Thiwanka

    අම්මො ඇති යන්තම් දීලා. නිවන් දකින්න මෙ පිනම ඇති. කොයි කාලයක්ද අන්තිම එපිය දීලා. සබ් නැති නිසා බැලුවෙත් නෑ ඉතුරු ටික. අතරමග නම් නතර කරන්න එපා බ්‍රො. ඔන්න මෙ දැන් ටොරන්ට් එකත් ඩවුන්ලොඩ් වෙන්න දාලා මෙ කමෙන්ට් එක දාන්නෙ. ඉවරවෙනකම්ම දිගටම දෙන්න හොදද බ්‍රො. තෑන්ක්ස් සබ් එක දෙනවට ලොකු දෙයක්.

  2. Buddhika laKMal

    ස්තූතියි සහෝ අන්තිමේදි මේකට ඔයා සබ් එක ගෙනාවට.......
    ආයි ඉතිං සබ්එකත්එක්ක බලනවා........

  3. ෂාන්

    මේක ආයෙ බලන්න ගන්නෙ ඔක්කොම සබ් දීලා ඉවර වුන කාලෙක තමයි,ටිකක් කරනවා මගින් නතර වෙනවා.දැන් කතාව මතකත් නෑ. සීරිස් එකෙ හොදම තැනින් සබ් නතර වුනෙ මතක විදියට. එනිවේ ආයෙ සබ් දෙනවට පිං.ඔක්කොම දුන්නට පස්සෙම ආයෙ බලන්න ගන්නවා.

  4. Nimesh Darshana

    Thank You Brother! Good Luck!❤️

  5. Anonymous

    supiri thank you sub ekata

  6. Anuka

    Thanks shodaraya kaleka idan balance idapu akak