ඉතින් ඔන්න ඇදිලා තිබුන මේ කතා මාලාවේ 04වෙනි කතා මාලාව මෙහෙම ඉවරයක් වෙනවා. ඇත්තටම කොරෝනා වසංගතය නිසා වැඩ නැතුව ඉද්දි ඉතුරු ටික කරන්න පටං ගත්තත්, යම්තාක් දුරකට කොරෝනා වසංගතය ඉවර වෙනකොට ආපහු වැඩ පටං ගත්තු නිසත් මේක මඟ හැරුනා. ඉතින් පුලුවන් පුලුවන් වෙලාවට මේ කතා මාලාව ඉවර කරන්න ඕන නිසා පුලුවං විදිහට හෙ…

ඉතින් ඔන්න ඇදිලා තිබුන මේ කතා මාලාවේ 04වෙනි කතා මාලාව මෙහෙම ඉවරයක් වෙනවා. ඇත්තටම කොරෝනා වසංගතය නිසා වැඩ නැතුව ඉද්දි ඉතුරු ටික කරන්න පටං ගත්තත්, යම්තාක් දුරකට කොරෝනා වසංගතය ඉවර වෙනකොට ආපහු වැඩ පටං ගත්තු නිසත් මේක මඟ හැරුනා. ඉතින් පුලුවන් පුලුවන් වෙලාවට මේ කතා මාලාව ඉවර කරන්න ඕන නිසා පුලුවං විදිහට හෙමීට උපසිරැසි ටික කරා.
ඉතින් මේ අද කොටස විකාශනය වුනේ 2018 ඔක්තෝම්බර් 8 වෙනිදා Winner කියන නමින්. වැඩි කතා නැතුව පසුගිය කොටසින් මොකද වුනේ කියලා බලමු.
ජිමී මැක්ගිල් සහ කිම් වෙක්ස්ලර් දෙන්නම එකතුවෙලා ටෙක්සාස් ලුබොක් වල ඉඳිකරන්න හදන මෙසා වර්ඩා ශාඛාව සඳහා අනුමත වෙලා තියෙන ගොඩනැගිල්ල වෙනුවට තවත් විශාල ගොඩනැගිල්ලක් ඉඳිකිරීමට අවශ්‍යය නිසා දෙන්නම වංචාවක් කරනවා. ඉතින් වැඩේ සාර්ථක කරගෙන දෙන්නා ගෙදරට යද්දි ජිමී කියනවා එයාලගේ මේ තියෙන හැකියාවෙන් තවත් වැඩ කරන්න ඕන කියලා. ඒත් කිම් ජිමීට අවවාද කරනවා මේ ඇවිල්ලා එයාලගේ බලයක් නෙමෙයි කියලා. ඒ වගේම ජිම් දැනගන්නවා එයාව ආපහු නීතීඥයෙක් කරන්න තිබ්බ සාකච්ඡාවෙන් එයාට ඒක අහිමි වෙනවා කියලා. ඉතින් ජිමී මේ ගැන කමිටුවේ සාමාජිකයෙක්ගෙන් අහනකොට කියන්නේ එයාගේ සමහර උත්තර අවංක නෑ කියලා අවබෝධ උන නිසයි එහෙම වුනේ කියලා. ඒ වගේම කියනවා තව අවුරුද්දකින් ජිමීට ආපහු තමන්ගේ නීතීඥ තනතුර වෙනුවෙන් අයදුම්පත් යොමුකරන්න පුලුවන් කියලා.
මේකෙන් තරහා යන ජිමී කිම්ට වෙච්ච දේ පැහැදිලි කරනකොට කිම් පෙන්නලා දෙනවා ජිමී කොයිම වෙලාවකවත් චක් ගැන එතනදී සදහන් කරලා නෑ කියලා. ඉතිං මේ කතාව දුරදිග ගිහින් කිම් සහ ජිමී අතරත් බහින්බස් වීමක් ඇතිවෙනවා. ජිමී කියනවා කිම්ට මොනවාහරි දෙයක් කරගන්න ඕන උනොත් විතරක් එයා ඇවිත් මේ මුඩුක්කුවේ ලගිනවා කියලා. ඒත් මේකෙන් තරහා යන කිම් කියනවා එයාලා හම්බවුන පලවෙනි දවසේ ඉදන්ම ජිමීගේ ලොකුම සහායකයා කිම් කියලා. එදා රෑ ජිමී ආපහු කිම්ගේ මහල් නිවාසයට ගිහින් මොකවත් කියන්නේ නැතුව එයාගේ බඩු අහුරන්න පටං ගන්නවා. කිම් මේ අතර අහනවා තාමත් නීතීඥයෙක් වෙන්න ඕනද කියලා. ජිමී ඔව් කියනවත් එක්කම කිම් කියනවා තමන් ඒකට උදව් කරන්නම් කියලා.
ලාලෝ සලමන්කා නාචෝ වර්ගා එක්ක හෙක්ටර් සලමන්කා ඉන්න වැඩිහිටි නිවාසයට යනවා හෙක්ටර්ගේ සුවදුක් බලන්න. හෙක්ටර් කාලයකට පෙර හෙක්ටර්ට අවමන් කරපු හෝටලයක පුද්ගලයෙක් හෝටලය තුලම පුච්චලා මරපු එක හෙක්ටර්ට ලාලෝ විහින් මතක් කරලා දෙනවා. ලාලෝ ඒකෙන් සිහිවටනයක් ගත්තා කියලා හෙක්ටර්ට ඒක දෙනවා. ඒ තමයි ඒ පුච්චපු හෝටලේ ඉස්සරහ තිබුන බෙල් එක. ඉතින් මේ බෙල් එක හෙක්ටර්ගේ රෝද පුටුවේ ගැට ගහලා හෙක්ටර්ට තවත් හොඳට සන්නිවේදනය කරන්න පුලුවන් වෙන විදිහට වැඩ සලසනවා. ඒ කරලා ලාලෝ නාචෝත් එක්ක ලොස් පොලොස් හර්මනෝස් වලට යනවා. එතනදී ලාලෝට ගුස් ෆ්‍රින්ග්ව පුද්ගලිකවම මුණ ගැහෙන්න ඉඩ ලැබෙනවා. දෙන්නගේ කතාවෙන් පස්සේ නාචෝට ලාලෝ කියනවා ගුස්ගේ කුකුල් ගොවිපල තියෙන තැනට එයාව එක්කරගෙන යන්න කියලා.
මේ අතර වර්නර් සීග්ලර්ගේ කණ්ඩායම එකතුවෙලා මත්ද්‍රව්‍ය විද්‍යාගාරයේ විදුලි සෝපානය ඉදිකිරීමේ කටයුතු වලට භාධාවක් වෙන පර්වතය පුපුරවලා දානවා. පස්සේ එයාලගේ රස්සාවේ අවසානයක් පේන බව කියලා එයාලා සතුට සමරනවා. මේ අතර වර්නර් මයික්ගෙන් අහනවා එයාගේ බිරිඳ එක්ක ඉන්න සති අන්තයට ජර්මනියට ගිහිං එන්න පුලුවන්ද කියලා. වැඩ අවසන් කරන්න ආපහු ඉක්මනටම එනවා කියලත් කියනවා. ඒත් යන්න දෙනවා වෙනුවට මයික් කරන්නේ වර්නර්ට තමන්ගේ බිරිඳ එක්ක කතා කරන්න වැඩිපුර දුරකථන කාලයක් ලබා දෙන එකයි. කරන්නම දෙයක් නැති නිසා වර්නර් ඒක පිළිගන්නවා. ඉතින් මයික් පස්සේ දවසේ උදේ රාජකාරියේ යෙදිලා හිටපු ආරක්ෂකයන්ගෙන් තොරතුරු ගන්න යද්දී දකිනවා සමහර ආරක්ෂිත කැමරාවල පික්චල් පිච්චිලා කියලා. මේ නිසාම මයික් වැඩිපුර හොයලා බලද්දී මයික් දැනගන්නවා වර්නර් විසින් තාවකාලිකව ආරක්ෂිත කැමරා අක්‍රීය කරලා කියලත්, ඒමගින් වර්නර්ට අනාවරණය නොවී ගබඩාව හරහා ගමන් කරන්න පුලුවන් වෙනවා. පස්සේ වර්නර් වහලයට යන දොරවල් වල අගුලු කපලා දාලා ගොඩනැගිල්ලේ නඩත්තුවට තියෙන ඉණිමඟෙන් බැහැලා පැනලා යනවා.
ඉතින් අද කොටස එතන ඉදන්. අනිත් කොටසින් ඉක්මනින් හමුවෙමු. ජයවේවා…!
—
Thank You!
චලිඳු දේශාන් සහෝදරයා 05 වෙනි සහ 06 වෙනි සීසන් දෙක සඳහාත් සිංහල උපසිරසි ලබාදෙන බව අපිට ප්‍රකාශ කලා.
නමුත් ඔහුගේ රැකියාවත් සමඟ උපසිරසි කිරීම සඳහා ලැබෙන්නේ ඉතාම සුලු කාලසීමාවක් බැවින් ඉතිරි උපසිරසි සියල්ලම අවසන් කරගැනීම සඳහා ගතවන කාලය ගැන දැනට අපිට ස්ථිර වශයෙන්ම සඳහන් කරන්න විධියක් නෑ.
හැබයි අනිවාර්යයෙන්ම මේකෙ ඉතුරු සීසන් දෙකටත් සිංහල උපසිරසි ලබාදෙන බව චලිඳු සොයුරාත් බයිස්කෝප් සිංහලෙන් අපිත් පොරොන්දු වෙනවා.
මොකද මෙහෙම කතාවකට සිංහල සබ් හදන්න වැඩි දෙනෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ, වැඩේ කරගෙන යන්න කැමති කෙනාට කරගන්න හරියට වෙලාවකුත් නෑ, ඒ වගේම සබ් කරන එක චලිඳු සොයුරගේ විනෝදාංශය. ඒ නිසා ඉතිරි උපසිරසි ලබාදෙනකම් ඉතාම ඉවසීමෙන් කටයුතු කරන්න කියල ඉල්ලාහිටිනවා.
– ඇඩ්මින් මඩුල්ල
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත.
4,053 downloadsDownload Better.Call_.Saul_.S04E10.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
38 comments
Tharaka Lahiru
Anonymous
Season 5,6 dennko
Shan
ඊලග කොටසත් ඉක්මනින් ගේමු ❤️
Shan
Season 5 dnnko ikmamin
Sandun47
ඊලඟ එකේ ඉදන් වෙබ් රිප් දාන්න කිනා
Anonymous
Nawattanna epa machan digatama danna ilaga tiketh.
sujeewa
Thank you,anith season 2 th ikmanin sub denna,good luck
Anonymous
Thanks ithuru sub tikath ikmanatama denna
විමා
වෙච්ච මහන්සියට බොහොම ස්තුතියි මචෝ.
ඉතුරු ටිකත් දීපන් එහෙනම්.සබ් ටික දෙනකම් පොඩ්ඩක් ඉවසන් ඉමු මචන්ලා.
ඉතුරු සීසන් 2ත් අනිවා කරලා දෙනවා කියන කියනවනේ.
වෙලාව තියෙන හැටියට වැඩේ කරලා දෙයි.
ඒ නිසා මට වොකින් ඩේඩ් එකට සබ් කරන එක එපා කළා වගේ කමෙන්ට් දාල සබ් කරන එක එපා කරවන්න එපා චලිඳුටත්.Anonymous
Thank you bn ❤️
pathum
pulu puluwan widiyata sub tika diyan.... puluwannam satiyata ekakwath dan balan..... thankz ayi sub denawata......
Sathsara
Ithuru season 2 sub tikath ikmnt denndo jaya wewa
බුවා
ඉතුරු ඒවත් ඕනේ මචං
Anonymous
ithurutikath puluwan ikmanin denna balanna bro.
Mj
Ko season 5
Prageeth Chathuranaga
Meka magakin atha arainna epa bn, ithurau episodes thikath one
nithila
tnx bro sub ekata anith tikath ikmanata denna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjuna
Season 5 dennako
Ruwan Chamara
S05 one bro
Supun
Ithuru tikatath dunna NM pin
Dewmi
Season 5 dennko ikmant
Shalindu Rashmika
Season 5,6 denna puluwnda
විමා
කරන්න කෙනෙක් නැහැ සහෝ. :(
Prabha
අනේ දැං අවුරුදු එක හමාරක් විතර ගෙවිල නෙ, ඉතුරු සීසන් දෙකට සබ් දෙන්නකො, අපි බලන් ඉන්නව
Dineth Kanishka
Thank you...
Anonymous
Season 5,6 danna
කස්සා
අනේ පිංවත් මහත්වරුනි, ඉතුරු ටිකට සබ් දෙනු මැනවි.
Janak satharasinghe
Api welei eka welai polsambolai .Ape ekema sathute TV series. Season 5,6 sub tikath ikmenete danneco. Jaye we want.
Anonymous
2024 5 weni maseth awilla meke sub nane
Sithira
5,6 දෙන්නකො.Please
shali
ituru season walath sub denna bro. oyala sub hadana eka nam godak watinawa .pin
Malshani
ඉතුරු සීසන් දෙකටත් සබ් දෙන්නකො අනේ, ඔයාල මෙහෙම සබ් දෙන එකට ගොඩක් ස්තූතියි ❤️❤️
හරුෂි
සබ් එකට ගොඩක් ස්තූතියි ❤️. පිස්සුවෙන් වගේ එකදිගට බලාගෙන ආවා අංතිම සීසන් දෙකේ සබ් නෑ කියල දැක්කම ෂොක් උනා අනේ ඉතුරු ටිකට සබ් දෙන්නකො පීස් ❤️❤️❤️
Heisonberg
Ane ithuru tikath sub dennakoooo.....
Apita English bari nisaane me okkoma....
Ithuru tika aniwaren ikmanin daala dennakooooooshali
please 5,6 sub indeed
හර්ෂ
අනේ චලිඳු දේශාන් සහෝදරයා ඔයා කොච්චර දුරට මේ අන්තිම සීසන් දෙකේ වැඩ ඉවර කරලද, ඉක්මනට ඒ සබ් ටිකත් දෙයි කියල බලාපොරොත්තු වෙනව❤️❤️
ස්තූතියි
(අනේ පුළුවන් ඉක්මනට දෙන්නකො, දැන් අවුරුදු දෙකකටත් කිට්ටුයි නෙ)Laiya
good job bro... thanx...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



S5 and S6 eke Sub tikath oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee