ඔන්න එහෙනම් BIG LITTLE LIES පලමු කතා සමයේ අවසානයටත් ආවා. මුලින්ම මේ සීරිස් එක කරමු කියලා මට භාරදුන්න අපේ Baiscopelk පවුලේ සමීර අයියට විශේෂ ස්තූතියක් කරන්න ඔනී. ඊටපස්සේ සංස්කාරක මණ්ඩලේ සිසිල අයියටත්, අසංක අයියටත් ස්තූතිවන්ත වෙන්න ඔනී. තව ඉතින් අපේ අනිත් සංස්කාරක අයියලත් හැම උපසිරසිකරුවෙක්මයි මතක් කර…

ඔන්න එහෙනම් BIG LITTLE LIES පලමු කතා සමයේ අවසානයටත් ආවා. මුලින්ම මේ සීරිස් එක කරමු කියලා මට භාරදුන්න අපේ Baiscopelk පවුලේ සමීර අයියට විශේෂ ස්තූතියක් කරන්න ඔනී. ඊටපස්සේ සංස්කාරක මණ්ඩලේ සිසිල අයියටත්, අසංක අයියටත් ස්තූතිවන්ත වෙන්න ඔනී. තව ඉතින් අපේ අනිත් සංස්කාරක අයියලත් හැම උපසිරසිකරුවෙක්මයි මතක් කරනවා මේ අවස්ථාවේ. එහෙනම් වැඩිය කියන්න යන්නේ නෑ බලමු අවසාන කොටස ගැනයි. මේ කතාව ගැන පොඩ්ඩකුයි.
ඇමරිකානු රූපවාහිනී නාලිකාවක එනම් HBO නාලිකාවේ විකාශනය කරපු මේක 2017 පෙබරවාරි 19 තමයි විකාශනය ආරම්භ කලේ. HBO නම කියපු ගමන් දන්නවනෙ ඉතින් සුපිරි සිරීස් එකක් කියල. HBO හී ලිමිටඩ් ක්‍රයිම් සිරිස් ගැන කියන්න දෙයක් නෑ, දැනට නිකුත් උන ඔක්කොම සුපිරිම මට්ටමේ ඒවා. හැබැයි මේක Limited විදිහට ආවට දෙවනි කතා මාලාවට දීර්ඝ කලා නේ… මේ Tv Series එකට IMDb 8.6 ක ඉහල රේටින් එකක් හම්බු වෙලා තියෙන්නේ නිකන් නම් නෙමෙයි. ඒ වගේම කුණු තක්කාලි දර්ශකයේ 93%ක ඉහල අගයකුත් ලැබිලා තියෙනවා. ඒ වගේම Top Rated tv series ගොන්නේ 137 වැනි තැන පවා මේකට ලබාගන්න පුලුවන් වෙලා තියෙනවා. සම්මාන ගොඩකුත් ලැබිලා තියනවා මේකට. මේක අයත් වෙන්නේ Crime, Drama, Mystery කියන categories වලට මේ Tv series එකට පාදක වෙලා තියෙන්නේ Liane Moriarty කියන ලේඛකයා ලියපු නවකතාවක්. පහල තියෙන්නේ දිනා ගත්ත ප්‍රධාන සම්මාන විතරයි. තව සම්මාන 44යි, නිර්දේශ 49කුත් මේකට තියෙනවා.
* Top Rated Tv #137
* Winner Golden Globe
1. Best Performance by an Actress in a Limited Series or a Motion Picture Made for Television Nicole Kidman (කැලෙස්තේ ව්රිග්ට්)
2. Best Television Limited Series or Motion Picture Made for Television
3. Best Performance by an Actor in a Supporting Role in a Series, Limited Series or Motion Picture Made for Television Alexander Skarsgård (පෙරී ව්රිග්ට්)
4. Best Performance by an Actress in a Supporting Role in a Series, Limited Series or Motion Picture Made for Television Laura Dern (රෙනාටා ක්ලෙයින්)
* Nominee Golden Globe
1. Best Performance by an Actress in a Limited Series or a Motion Picture Made for Television
Reese Witherspoon (මැඩලින් මැකෙන්සි)
2. Best Performance by an Actress in a Supporting Role in a Series, Limited Series or Motion Picture Made for Television Shailene Woodley (ජේන් චැප්මන්)
පසුගිය කොටසින්
ගිය කොටසින් බලාගන්න පුලුවන් වුනා ජේන් එදා සැක්සන්ව හම්බු වෙන්න ගිහින් මොකද කලේ කියලා. බලාගෙන ගියාම එයා නෙමෙයි තාත්තා. ඒක අද කොටසින් සනාථ වෙනවා. එතකොට මැඩලින්ගේ හීනයක් වෙලා තිබ්බ දෙයක් හරි යනවා ඒ නාට්‍ය වැඩේ. එතකොට පෙරිට කැලෙස්තෙගේ මහත්තයට හරි වැඩේ තමා වෙන්නේ.. දැක්කනේ අම්මෝ… එතකොට කැලෙස්තේ ලොකු තීරනයක් අරගත්තා පැරීගෙන් අයින් වෙලා යන්න. ඒකට උල්පන්දම් දෙන කෙනා කවුද කියලත් දැක්කනේ. එතකොට රෙනාටට එහෙමත් නැත්තම් ඇමබෙලාගේ අම්මට ජේන් හොද වැඩක් කරනවා. ඇහැ ගලවලා ගන්න හැදුවේ. ඒකෙන් පස්සේ දෙන්නා යාලු වුනා වගේ..
අද කොටසින්
අද නම් මුල ඉදලම අන්දුන් කුන්දුන් වෙලා යනවා. අපි ගොඩ නගපු ගොඩක් මතයන් අන්තිම ඒ කියන්නේ මේ කොටසෙන් බිද වැටෙනව. සබ් එක කරපු මටවත් ඒවා හිතාගන්නවත් බෑ. මම අද කොටස ගැන නම් මුකුත්ම කියන්නේ නෑ. බොරුවට මොකටද නේද Spoil කරන්නේ. මම මෙහෙම කියන්නම් අද කොටසින් කතා මාලාවේ තිබ්බ ඔක්කම සැගවුන දේවල් එලියට දානවා. පලවෙනි එපියේ පටන් ගන්න කොට මැරුණ කෙනා කවුද? කවුද මැරුවේ? සිගීගේ ඇත්තම තාත්තා කවුද කියලා? ඒ කවුද කියලා දැක්කම මාවත් උඩ ගිහින් බිම වැටුනා. තරහ අය යාලූ වෙනවා. යාලු අය තරහා වෙනවා. සින්දු ටිකකුත් වැඩියෙන් මේකේ තියෙනවා. ඒවත් ඔයාලගේ රසවින්දනයට උපසිරසි කලා. වැරද්දක් තිබ්බොත් සමාවෙන්න ඔනී. තව කිව්වොත් එක්කෝ ඔනී නෑ.. හැබැයි කතා මාලාව ඉවර කරන්නේ පොඩි ඉගියක් දීලා දෙවනි කතා මාලාවට.
අපි දැනටමත් දන්නවනේ දෙවනි කතා මාලාව 2019 දී එනවා කියලා ඒ වගේම මේ වෙනකොට තිරගත කිරීම් කටයුතුත් ඉවරයි කියලත්. මුලින් ආවේ නම් Limited Series එකක් විදිහට පස්සේ දෙවනි කතා මාලාවට දීර්ඝ කලා නේ. එහෙනම් දෙවනි කතා මාලාව මම හරි කවුරුහරි අරන් එයි.. මෙච්චර දවසක් මාත් එක්ක මේ කතා මාලාව එක්ක හිටපු හැමෝටම ස්තූතියි. comment වලින් දිරි ගන්වපු අයටත් විශේෂයෙන් ස්තූතියි. එහෙනම් මම යනවා තව උපසිරසියකින් ඉක්මනින් හමුවෙන බලාපොරොත්තුවෙන්. ජය ශ්‍රී………
අද කතාවේ නම :- You Get What You Need
අධ්‍යක්ෂණය :- Jean-Marc Vallee
ලියලා තියෙන්නේ :- Liane Moriarty (From Novel)
විකාශය වුනේ :- 2017 අප්‍රේල් 02
IMDb අගය මේ කොටසට :- 9.5 Rating
ඊලග කොටස :- 2019
ප.ලි.
දෙවනි කතා සමයේ පලවෙනි එපිසෝඩ් එකේ photo එකක් නිකුත් වෙලා තියෙනවා. ඒක තමයි මේ පහලින් පල කරලා තියෙන්නේ.

Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
2,329 downloadsDownload Big-Little-Lies-S01E07.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
21 comments
sachintha
Bandaramudiyansi
ලස්සන මාතෘකා ටිකකුත් දානව නෙද... HOB ලගෙ වැඩක්ලු නෙද... ඔක්කොම සබ් ආවට පස්සෙම ගන්නව මල්ලි අනිවාර්යයෙන් මෙක නම්.හැමදාම බලම් ඉන්නෙ සබ් ටික ඉක්මනින් එනව වගෙ.. ස්තුතියි .මෙවගෙ කතාවලට මහන්සි වෙලා උපසිරැස ගන්වල මෙ විදියට ගෙනවට
Kulanjana Maduranga
subata thanks.....
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
තවත් අලුත් කතමාලාවක් අරන් එමු...
Season 2 ආවහම ඔයාම ඒකත් අරන් එමු..harshana deshan
thank you bro
din_rana
Thank you saho sub ekata,season 2 awama ekatath ikmanata sub denna api balagena innawa.
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!ජනිත් මාතුල ද සිල්වා
thank u
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
wikz
thanx 4 sub
pradeep hashan
sub ekata thanks bro
MAALnath
Thanks .................good luck ....................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--o_O@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
kasun@rko
Supiri wedak bro
Dilruk lahiru
Ela digatama sub Denna....
99199
ft
S.Yapa
Thanks....
Maduweralu
Nice one bro season 2 ඇවිත් akatath sub දෙන්න
Kasun Andy Doo
big little lies 02 sub dennnako
isharasanju_dk
2020ත් උනා. Season 2 ඕනි
tharindu gunarathna
season 2 sub plz
chanuka manod
patta bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Big Little Lies [S01 : E07] Sinhala Subtitles | මේ මොකද්ද දෙයියනේ මේ වුනේ…..! [සිංහල උපසිරැසි සමඟ] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/Big-Little-Lies-Season-1.jpg)




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය