කාර්ල් ලූකස් නොහොත් සීගේට් වල පරීක්ෂණයට ලක් වෙලා පසුකාලිකව ලූක් කේජ් එහෙම නැත්තම් වෙඩි නොවදින කළු ජාතිකයාගේ කතාවේ හොද ඔරිජින් එකකින්ම පහුගිය කතාසමයෙන් දැකගන්න ලැබුණා. මං දන්නවා හුග දෙනෙක් මේ කතාවට ආස නැත්තේ මේකේ තියෙන නාට්‍යමය ගතියයි, භාෂාව නිසයි කියලා. ඒත් ඉතින් කොමික් රසිකයෙක් නම් ඔය කිසිම කාරණාව…

කාර්ල් ලූකස් නොහොත් සීගේට් වල පරීක්ෂණයට ලක් වෙලා පසුකාලිකව ලූක් කේජ් එහෙම නැත්තම් වෙඩි නොවදින කළු ජාතිකයාගේ කතාවේ හොද ඔරිජින් එකකින්ම පහුගිය කතාසමයෙන් දැකගන්න ලැබුණා. මං දන්නවා හුග දෙනෙක් මේ කතාවට ආස නැත්තේ මේකේ තියෙන නාට්‍යමය ගතියයි, භාෂාව නිසයි කියලා. ඒත් ඉතින් කොමික් රසිකයෙක් නම් ඔය කිසිම කාරණාවක් ආදාල වෙන්න විදිහක් නැහැ. 2016 සැප්තැම්බර් 30 වැනිදා ප්‍රථම වතාවට තමන්ගේම කියලා කතාමලාවකින් ප්‍රේක්ෂකයා අතරට ආව ලූක් කේජ් කතාමලාවට මේ චෙද්දී සම්මාන හතරකුත් ලැබිලා තියෙන්නේ කියලා කිව්වොත් විශ්වාස කරනවද?
- BET 2017 සම්මාන උළෙලහි හොදම නළුවා සම්මානය ලැබුනේ ලූක් කේජ් මුල් කතාසමයේ කොට්න්මවුත් රංගනයෙන් දායක වූ Mahershala Ali නම් රංගධරයා හටයි.
- Saturn Awards 2017 සම්මාන උළෙලහි හොදම නව රුපවාහිනී ටෙලිකතාමාලා මාධ්‍ය යටතේ ලූක් කේජ් කතාමලාව සදහා සම්මානය දිනාගත්තා.
- Black Reel Awards for Television 2017 සම්මාන උළෙලහි විශිෂ්ට නාට්‍ය රචක කතාමලාවට යටතේද,
- විශිෂ්ට නාට්‍යමය කතාමලාවන් යාටතේ හොදම ආරාධිත රංගනය වෙනුවෙන් නැවත වතාවක් Mahershala Ali සම්මානය දිනාගත්තා.
- Primetime Creative Arts Emmy Awards 2017 සම්මාන උළෙලහිහොදම නාට්‍යමය ස්ටන්ට්, සීමිත යටතේ James Lew ඇමරිකානු රංගධරයා සම්මානය දිනාගත්තා.
මේ සම්මාන පහ ඇතුළුව, තවත් සම්මාන උළෙලවල්වල නාම යෝජනා 19 කටම හිමිකම් කියන්න මේ මුල් කතාසමයට හැකිවුනා. ඉන් අනතුරුව ලූක් කේජ් කියන චරිතය නැවත වතාවක් අපිට දැකගන්න ලැබුණේ මාවල් නෙට්ෆ්ලික්ස් මීලග වෙළුම හැටියට ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කල ඩෙයාඩෙවිල්, ජෙසිකා ජෝන්ස්, ලූක් කේජ් වගේම අයන් ෆිස්ට් යන හතර දෙනාගේ එකතුවෙන් නිර්මාණය වූ The Defenders ආරම්භයත් සමගමයි. අවසානාවට මෙහි දෙවැනි කතාසමයකට යන එක ගැන තාමත් මෙහි නිෂ්පාදකවරුන් තීරණය කරලා නැහැ.
ලූක් කේජ් කියන්නේ කවුද කියන එක මේ වෙද්දී මුළු ලෝකයම දන්නවා. ඒ විතරක් නෙවෙයි එයා වෙනුවෙන් හාර්ලම් හීරෝ ඇප් කියලා මොබයිල් ඇප්ලිකේෂන් එකක් පවා මේ වෙද්දී නිර්මාණය වෙලා තියෙන්නේ. මේකෙන් පුලුවන් එයා යන තැන් ගැන ලේසියෙන්ම හොයාගන්න. ඩිෆෙන්ඩර්ස් අටවැනි කොටසේ එක්තරා සටනකදී ක්ලෙයර්ව වගේම කොලීන්ව බේරගන්න ගිය පරීක්ෂක මිස්ටි නයිට්ගේ දකුණු අත කඩු පහරකින් උඩින්ම වෙන් වෙලා ගියා මතක ඇතිනේ නේද?! ඉතින් දැන් එයාගේ අත නැති නිසා එයාට එයාගේ රස්සාවත් නැතිවෙලා පැන්ෂන් එකකින් ගෙදරට වෙලා ජීවත් වෙන කෙනෙක් හැටියටයි ඉන්න වෙලා තියෙන්නේ. මේ හින්දම එයා අල්ලලා ඇතුලට දාපු මැරයෝ, අම්න්කොල්ලකාරයො සෑහෙන දෙනෙක් ලොකු තැන්වල ඉන්න මිනිස්සුන්ගේ මාර්ගයෙන් නිදහස් වෙලා. ලූක් කේජ් තාමත් තනියෙන් අපරාධකාරයින් අල්ලන රැකවලනයෙක් හැටියට කටයුතු කරන් යනවා. දැන් කතාව විකාශය වෙලා සෑහෙන කල් නිසා මං වැඩිය ලිපියෙ කියවන්න යන්නේ නැහැ. බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා.
ප : ලි : දැන් ඔයාල බලනවා ඇති ඇයි මේ ලූක් කේජ් දෙවැනි කතාසමය විකාශය වෙලා මාසයයි දවස් ගානකුයි වෙලා තියෙද්දී, අයන් ෆිස්ට් දෙවැනි කතාසමය විකාශය වෙච්ච අස්සෙ ඇයි මේ ලූක් කේජ් එකක් දෙන්න ගත්තෙ කියලා. අවංකවම යම් යම් හේතු නිසා ලූක් කේජ් දෙවැනි කතාසමයට උපසිරසි ගන්වන එක අපේ අඩවියෙන් නවත්තලා දාලා තිබුනේ. (දැන් ඇයි කියලා අහන්න එපා. එක හේතුවක් දැනගන්න කැමති නම් මුල් කතාසමයේ පෝස්ට් ටික පොඩ්ඩක් බලන්න) ඉතින් එහෙම නවත්තලා දාලා තිබුණු මේ සීරිස් එකේ දෙවැනි කතාසමය කරලා දාන්න ඕන අදහසක් මගේ කරුමෙට පහල උන නිසා තමයි කට්ටිය කිහිප දෙනෙක් එකතු කරන් මේක ඔන්න ඔහේ ගොඩදාන්න ඕන කියලා හිතුනේ. අපේ ඉලක්කය උනේ කොහොමත් අයන් ෆිස්ට් දෙවැනි කතාසමය එන දාට මේකේ වැඩ අවසන් කරන්නයි. එහෙම හිතාගත්ත දෙයක් තමයි අද මේ වෙද්දී ඔයාලට අරන් ඇවිත් තියෙන්නෙත්. මේක මේ වෙද්දී බලපු අයත් ඇති. නොබලපු අයත් ඇති. බලපු අයට තරහ ගිහිල්ලත් ඇති. ඒත් ඉතින් ඒවට නම් කරන්න දෙයක් නැහැ. ඒ වගේ අය අපිට කරන උදව්වක් හැටියට මේක නොබලපු අයට පාඩුවේ බලන්න දීලා, මෝඩ අදහස් ප්‍රකාශ කරන එකෙන් වැලකිලා හිටියා නම් හොදටෝම ඇති. එහෙනම් ඉතින් දවසට එක ගානේ මේ කතාවත් බලන්න ලැස්ති වෙන්නකො!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,084 downloadsDownload Marvels-Luke-Cage-S02E01.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
38 comments
madusanka
geeganagamage
බොහොම ස්තුතියි දෙනකම් බලාගෙන හිටියේ
Dilshan Sanka
Thanks macho!!!!!!!!!
Kanchana
Thanx sahooo api balanava aniva digatama denns
Ravindu Rukshan
Thx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
මේක දෙනකල් තමයි බලන් හිටියේ
එහෙනම් ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයBandaramudiyansi
ටිවි කතා වැඩි බලන් නැතුව හිටියේ.. ඔව හොයන්න ගියාම එපා වෙන නිසා.. එත් ඉතින් අර රොයිලි ප්‍රනාන්දු කියන කෙනා දුන්න rome ටිවි කතාවට පස්සෙ ආපහු කොටස් අටක එකක් බැලුව එක හුස්මට... එකත් හැටි.
මෙක මගේ බලන ටයිපින් වගෙ.එක බලමු සෙට් වෙන all torrent එකක් තිබ්බොත් ගන්නව.කොහොමත් හොද කතාගෙනවට ස්තුතිය .පලවෙනි එක ගන්න තැනක් නැද්ද හොද කොලිටි තියෙන .? 720 වගෙVihanga sathsara
psa rip balanna.... complete single torrent nam na... but.. best quality
Udara Damith Dissanayaka
මන් බලන්නෙම ටීවී සීරියස්
කොහෙන් හරි හොයා ගන්නවා
Kulanjana Maduranga
subata thanks..
Sudheera Kasun
Late wela hari sub dena ekat thanks...!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Ayesh Prashan
godaak sthuthie.meka denakam balan hitiya download karagena balanne nathuwa.thank you
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ආපු කාලෙම බැලුවා..සබ් දෙන්නේ නැති වෙයි කියලා හිතුවේ ආයේ මේකට...
ඔක්කොම සබ් ටික ආවහම ආයෙත් බලනවා....
Ali රගපාවේ කොටන්මවුත්ට නේ..
Iron Fist S02 එකටත් ඉක්මනටම සබ් දෙමු...Malinda
Thanks bro. serama enakan idala eka para balanawa.
Nadeesha rox alahakoon
Tnx bro mekata sub denawata
Amila max
thanks mekata sub. dunnata....good luck.....!!!
Chanula
Iron fist season 2 eka ikmanata sub demu aa thankx.
Lasa_Sadaru
TNQ....
Vihanga sathsara
pin machan... pin.... illanna giye na... hamoma group age ekathu wela godak katha walata sub dunna nisa....
wishwasayak thibuna kawamadaka hari dei kiyala... ethakan download karan idiya....
dan sanasime okkoma dunnama balanawa...
baiscopelk kawadawath wishwasaya kadakarala na ape..
pin..... thankss kiyana eka oyalata madi... pin aithiwenna ona....
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. පෞද්ගලිකව මම වැඩි කැමැත්තක් නැති කතා මාලාවක් මේක. ඒත් බලන අය වෙනුවෙන් කමෙන්ට් එකක් දාන්න ආවේ. අනික DC universe එකේ චාමර සහෝ මොකේ මේ marvel කරලා තියෙන්නේ කියලා බැලුවා. කොහොමහරි වැඩේ හොදා. අපි නොබැලුවත් ආසාවෙන් බලන ගොඩක් දෙනෙක් ඉන්නවා. ජය වේවා..බුදුසරණයි..
Eshan_CJ2018
Godak Thanks torrent eka aragena balanne natuwa ain karala tibbe sub ekak ei kyla balagena...supiri Ironfist sub eka enakan inne....!!!!
Pasindu liyanage
Thank you bro...
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
එල
Kasun A.
upasiresiyata thuthi chamara saho,jaya!
Thilan Durage
Thank you....
Sanjeewa2010
thnxxxxxxxxxxx
snowghost
thank you bro
great workmadhushi1.amarasinghe
Thanks alot
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Kavinda
sub akata thanks bro
ravidu ishan
Sub walata bohoma sthuthiy saho!!
Thanusha
thanks bro
jagath_chaminda
thank you bokka..
jagath_chaminda
thank you..
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks bro***!