ඔන්න අද උපසිරැසි අරන් එන්නේ මේ අවුරුද්දේ එනකම් බලාගෙන ඉදපු සීරීස් එකකට. නම තමයි Black Knight. පෞද්ගලිකවම මාත් එනකම් බලන් ඉදපු සීරීස් එකක් මේක. ඉතින් මැයි 12 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වුනු මේ සීරීස් එක එපිසෝඩ් 6කින් සමන්විත වෙනවා. වොන් බිලියන 25ක් වගේ ලොකු වියදමකින් නිර්මාණය කරපු මේ සීරීස් එක…

ඔන්න අද උපසිරැසි අරන් එන්නේ මේ අවුරුද්දේ එනකම් බලාගෙන ඉදපු සීරීස් එකකට. නම තමයි Black Knight. පෞද්ගලිකවම මාත් එනකම් බලන් ඉදපු සීරීස් එකක් මේක. ඉතින් මැයි 12 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වුනු මේ සීරීස් එක එපිසෝඩ් 6කින් සමන්විත වෙනවා. වොන් බිලියන 25ක් වගේ ලොකු වියදමකින් නිර්මාණය කරපු මේ සීරීස් එක Sci-fi – Action ශානරයන්ට අයත් වෙනවා. Black Knight සීරීස් එකේ අධ්‍යක්ෂණය වගේම තිරරචනයත් සිදුකරලා තියෙන්නේ Cho Ui Seok විසින්. Lee Yoon Kyun විසින් නිර්මාණය කරපු Black Knight කියන වෙබ්ටූන් එක පදනම් කරගෙන තමයි Black Knight නිර්මාණය කරලා තියෙන්නේ.

CAST – රංගන දායකත්වය

• Kim Woo Bin – 5-8
• Song Seung Heon – රියු සොක්
• Kang Yoo Seok – යූන් සා වොල්
• Esom – ජන්ග් සොල් ආ

-පළමු කථාංගයෙන්-

එහෙනම් දැන් කතාව පැත්තට යං, 2071දී පෘථිවියේ ජනගහනයෙන් සීයට එකයි ජීවත් වෙන්නේ. ඒකට හේතුව ඊට අවුරුදු හතළිහකට කලින් පෘථිවියේ ගැටිච්ච උල්කාපතයක්. ඉතින් මේ දිවි ගලවගත්ත අය වෙනුවෙන් අලුත්ම තාක්ෂණයක් වගේම සමාජ ක්‍රමයක් ඕන වෙනවා. ඒකට විසදුමක් විදියට QR කෝඩ් එකකින් මිනිස්සුන්ව දිස්ත්‍රික්ක තුනකට වර්ග කරනවා.
1. සාමාන්‍ය දිස්ත්‍රික්කය
2. විශේෂ දිස්ත්‍රික්කය
3. ප්‍රධාන දිස්ත්‍රික්කය
ඉතින් ඔය එකකටවත් තෝරගත්තේ නැති අයව සරණාගතයින් විදියට වර්ග කරනවා. මේ ලෝකය නිර්මාණය කරපු අය තමා චොන්ම්යොන්ග් සමූහය කියන්නේ. චොන්ම්යොන්ග් සමූහ ප්‍රධානියාගේ පුතා තමා රියු සොක්.

බෙදාහරින්නන්… බෙදාහරින්නන් කියන්නේ මිනිස්සුන්ව ජීවත් කරන ඔක්සිජන් වගේම අවශ්‍යතා බෙදාහරින අය. ඉතින් මේ බෙදාහරින්නන් අතරේ ප්‍රසිද්ධම බෙදාහරින්නා තමා 5-8 කියන්නේ. එකදවසක් 5-8 ට හම්බෙනවා යූන් සා වොල් කියලා කොල්ලෙක්ව. සා වොල් කියන්නේ බෙදාහරින්නෙක් වෙන්න හීන දකින සරණාගතයෙක්. සරණාගතයෙක් වුනාට මෙයා ඉන්නේ නම් සාමාන්‍ය දිස්ත්‍රික්කයේ. ජන්ග් සුල් ආගේ ගෙදර තමා සා වොල් ඉන්නේ. සුල් ආගේ අක්කා තමා ජන්ග් සොල් ආ කියන්නේ. සොල් ආ ආරක්ෂක බුද්ධි අංශේ මේජර්වරයෙක්. ඉතින් දවසක් ඔහොම ඉද්දි බෙදාහරින්නෙක් විදියට කෙනෙක් සුල් ආ, සා වොල් දෙන්නා විතරක් ගෙදර ඉද්දි එකපාරටම එනවා. හැබැයි ඒ ඇවිල්ලා තියෙන්නේ සුල් ආව පැහැරගන්න. සා වොල් සුල් ආව පැහැරගන්න හදන එක දැකලා සුල් ආව බේරගන්න හදනවා. ඉතින් මේ අය කවුද? සා වොල්, සුල් ආව බේරගනීවිද? නැත්තම් සා වොල් ටත් මොනාහරි වෙයිද?

ඉතින් මන් තවත් කතාව ගැන කියන්න යන්නෑ. කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා. එහෙනම් දෙවෙනි කොටසින් හමුවෙමු. හැමෝටම සුභ දවසක්!

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,801 downloadsDownload Black-Knight-2023-S01E01.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

නයන බුද්ධික

Subtitles

5,801 downloadsDownload Subtitles20 KB

12 comments

  1. bhanu

    සුපිරියක් වගේ
    තැන්ක්ස් මචෝ කොරියන් සබ් දෙනවට

  2. lakmal karunathilaka

    thanks bro
    well done

  3. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    1. නුවන්

      අපි දෙන්නා අරගලයක් පටන් ගමු carnival raw එකේ සබ් දෙනකන්

  6. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥

  7. Rajitha

    තැන්ක්ස් සහෝ

  8. Kushan

    Sub akta thanks

  9. Sung Jin-Woo

    නියමයි. මේකට සබ් දුන්නට ගොඩක් ස්තූතියි.

  10. Amila

    Tnx 4 da sub..!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P