මේ අරගෙන එන්නෙ ටොක්සික් ෆෑන් බේස් එකක් නිසා අතැරලා දාපු සිරිස් එකක්. 🙂 ඔන්න එහෙනම් කට්ටිය බලන් ඉදපු දවසක් බලන් ඉදපු කතාංගයකට උපසිරැසි අරන් එන්න තමයි හදන්නෙ. මේ උපසිරැසිය ලැබෙන්නෙ නැතුව පොඩි පොඩි ප්‍රශ්න වගේකුත් ඇති උනා. ඇත්තෙන්ම උපසිරැසියක් පොඩ්ඩක් පරක්කු උනාම කෑගහන්න හොද නෑ කියන එකයි මං නම් කියන්න…

මේ අරගෙන එන්නෙ ටොක්සික් ෆෑන් බේස් එකක් නිසා අතැරලා දාපු සිරිස් එකක්. 🙂
ඔන්න එහෙනම් කට්ටිය බලන් ඉදපු දවසක් බලන් ඉදපු කතාංගයකට උපසිරැසි අරන් එන්න තමයි හදන්නෙ. මේ උපසිරැසිය ලැබෙන්නෙ නැතුව පොඩි පොඩි ප්‍රශ්න වගේකුත් ඇති උනා. ඇත්තෙන්ම උපසිරැසියක් පොඩ්ඩක් පරක්කු උනාම කෑගහන්න හොද නෑ කියන එකයි මං නම් කියන්නෙ. ඉතින් ඒ වගේ අවස්ථාවක අශාන් අයියා මේ එපියට සබ් එක කරන්න කියල කිව්වම මං කරා ඉතින්.
හරි එහෙනම් මේ අපි හැමෝම ආස මේ වෙනකොට ප්‍රධාන සීරිස් එක අවසන් වෙලා ස්පින් ඕෆ් කිහිපයක් ඉදිරියට පැමිණීමට නියමිත සොම්බි ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච වෝකින් ඩෙඩ් කතා මාලාවෙ අවසාන කතා මාලාවෙ එකොලොස්වෙනි කතාවට උපසිරැසි තමයි මේ අරන් ආවෙ.
පසුගිය කොටසින්
මැගී එක්ක එකගතාවයකට එන්න උත්සහ කලත් මේ උත්සහය අපතේ යන්නෙ ලාන්ස් හිල්ටොප් වලට පහර දෙන්න පටන් අරගෙන. මැගී මේ වෙලාවේ පිටවෙලා යන්න සිද්දවුනා. ඒ නිසාම එයා හර්ෂල්ව බලාගන්න කියලා බාර දුන්නෙ නීගන්ට වගේම ඇනීටයි. මේ අතරෙම මැගීව ලීයා පැහැරගෙන ගිහිං එයාගේ කැබින් එකේ හිර කරගෙන තියාගත්තා. ඒ දේවල් එහෙම වෙද්දී ඩැරල්, ඇරොන් වගේම ගැබ්‍රියල් තුන්දෙනාම කොමන්වෙල්ත් හමුදාවට ද්‍රෝහී වෙලා ලාන්ස්ගෙ නියෝග මත මරලා දාන්න ලෑස්ති වෙලා හිටියෙ. තුන්දෙනාම නොමැරී බේරුනත් මේ දේවල් වලට මුහුණ දෙන අතරේ ඇරොන්ට ටිකක් වැඩියෙන් තුවාල වුනා.
ලියා හිර කරගෙන හිටිය කැබින් එකෙන් නිදහස් වෙලා ලියා එක්ක සටන් කරන අතරතුරේ එතනට ඩැරල් ඇවිල්ලා අන්තිමේදී කෙලවරක් වෙන්නෙ ඩැරල් අතින් ලියාව මරණයට ලක් වෙලා. මේ අතරේ පැමෙලා ගැන මැක්ස් සෝදිසියෙන් ඉදලා එයා ඇලෙක්සැන්ඩ්‍රියාවල කට්ටියත් එකතු කරගෙන ආටිකල් එකක් පල කලා පැමෙලා කරන කියන බොරු ගැන. ඒවගේම බලයෙන් රජ වෙන්න හිතාගෙන කොමන්වෙල්ත් හමුදාවත් ලං කරගෙන ලාන්ස්ට අවස්ථාව ලැබුනා ඇලෙක්සැන්ඩ්‍රියා, හිල්ටොප් වගේම ඕෂන්සයිඩ් යටත් කරගන්න. ඒ අවසානය ලබා දුන්නෙ හරියට හිට්ලර් පාලනයක ආරම්භයක් වගෙ. කලින් කොටසෙ ඉතින් කොමන්වෙල්ත් නගරෙ වෙච්ච අකරතැබ්බයක් නෙ දකින්න ලැබුණෙ. දැන් ඉයුජින් වගේම ඩැරිල් ල ඔක්කොම පොඩි අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ.
අද කොටසින්
මේ වෙනකොට ඉයුජින් පලා ගිහින් ඉන්නේ. මර්සර් විසින් එයාව හොයාගෙන යනව. ඒ වගේම ඇරොන්ගේ කණ්ඩායමට හදිසි සිදුවීමකට මුහුණ දෙන්න සිද්දවෙනවා. එහෙනම් බලපු නැති අය ඔන්න බලන්න අරගන්න. දිගටම මේක දීලා ඉවර කරාවි. විශේෂයෙන්ම කියන්නේ. මේ දෙන්නේ බලපු නැති අයට. බලපු අයට නෙමෙයි. 🙂
හරි එහෙනම් ලෝක ප්‍රකට කතා මාලාවකට මාව සම්බන්ධ කරගත්තු අශාන් අයියටත් ස්තූති වන්ත වෙමින් සීරිස් එකේ ඉතිරි කතාංගද සතුටින් රසවින්දනය කරන්නට ආරාධනා කරමින් මං සමුගන්නම්
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
4,256 downloadsDownload The.Walking.Dead_.S11E19.Variant.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
36 comments
යුරාන් ධනුක (දනුවා)
විමා
සබට බොහොම ස්තුතියි.
බලමු බලන්න දැන් කමෙන්ට්ස් තත්වේ :)නුවන්
Carnival raw එකේ සබ් එක දෙන්නකෝ
sachintha
Carnival Row එකේ සබ් දුන්නෙත් නෑ...
තරහයි මං..නුවන්
මාත් තරහයි sachintha මෙගොල්ලොත් එක්ක
Kasun
Athi yantham dala tnq sub ekata
නුවන්
ඒ උනාට ඕගෝල්ලෝ carnival raw එකේ සබ් දෙන්නැනේ
Naveen Mbr
බොහෝම ස්තූතියි සහෝ!
Anonymous
ගොඩක් බලන් හිටියා tnx❤️ උපසිරසට
Bimsara Yashan(ඔලිව)
ගොඩක් දෙනෙක් බලන් හිටපු උපසිරැසියක්නෙ ගෙනත් තියෙන්නෙ. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ජයවේවා!
Anonymous
Thanks A Lot For Sub.............
Anonymous
Ado adarei ban
Andy
Toxic fansla keepadenek saha, e fanslage cmnts walata tipper una sub creator kenek nisa nawathuna series ekak kiyala wenas wenna ona.. fake and sulu pirisak damu cmnts nisa Lokuma asadaranaya une saha creator revenge eka gatthe eka digata asawen balapu set ekan..
Rukshan
උට ටිපර් වෙන්න පුළුවන් බන්. මොකද ඌට අහවල් එකේ අමාරුවක් නැහැනේ බැනුම් අහගෙන තව උන්ට සබ් හදලත් දෙන්න. උඹ වෆේ හිතන උනුත්, මහන්සි වෙලා සබ් හදන උන් දෙන සබ් බලනවනේ. සබ් හදන උන් රොබෝලා කියලද කොහෙද හිතාගෙන ඉන්නේ.
Rukshan
අනික බලපන් ඌමයි මේ වැඩේ ආපහු පටන් අරගෙන තියෙන්නේ,
මේ සහෝ ස්තුති කරලා තියෙන්නෙත් උටමයි. උඹල මාර ආත්මාර්ථකාමී මිනිස්සු බන්.
Ishan Madusha
බොහෝම ස්තූතියි...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ashan Chathuranga
උපසිරැසියට ස්‍තුතියි
Rukshan
සබට ස්තුතියි බන්.
Anonymous
GOOGLE TRANSLATE EKEN SUB HADAGENA MASAGANAKATA KALINMA BALALA IWARAKARAPU AYA ME KONATA. LASSANATA THIBBA BAISCOP EKA EPA KREWWA. DEN CINERU EKA THAMA BEST ARA PURUDDATA WAGE ME PETHTHE ENAWA
සංජන චමෝද්
මේ පැත්තෙ ඇවිත් ගමන් මහන්සියත් ඇති නේ.
මෙන්න මං ගානෙ ඔයාට සීතල වතුර වීදුරුවක්.thilina
boruvata kahinne nativa idpan bn.
thilina
thx bn sub denvata
විමා
සබ් එක දෙනකම් අඩා කාපු එකෙක්ට ආයේ සබ් දෙන නිසා කටට පන ඇවිල්ල
Anonymous
anith tikath genna godak kalayak balan hitiya
Thilina Jayarathna
Adarei yako adarei. Sub eka dipan ahh ❤️❤️. Ummmah
Anuja Lakshitha
thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Dewadithya
Thanks fou sub!
Anonymous
ADarei yko adarei❤️ pin ubata❤️
max payne
Thank you! Puluwannam the last kingdom eke season 05 ektath sub eka denna
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Sameera
අන්තිමේ කොහොමහරි ආපහු දෙන්න උනා නේද. අර පඬි ටෝක්ස් දුන්න ඩයල් එක නැද්ද දැන්.
Charitha Athawuda
ado thanks sub ekata
Dulitha
adooo thanks thanks sub ekt
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උපසිරසියට බොහෝම ස්තූතියි මල්ලි.
මේක දෙනකන් බලන් හිටපු අයගේ කොමෙන්ට් බලමුකො දැන්.
ජය වේවා !!!