පස්වෙනි කොටස එක්කයි අද මේ එකතු වෙන්නේ. මම පොඩි සාරාංශයක් ගේන්නම් මෙතෙක් දුරට කතාව සිද්ධ උනේ කොහොමද කියල. කැප්ටන් ෆ්ලින්ට් : කලින් කතා සාමය අවසාන උනේ ස්පාඥ්ඥ යුධ නැවකට පහර දෙන්න ගිහින් මෙයාගේ නැව සහ පරිවාර නැව කියන නැව් දෙකම මුහුදු බත්වෙලා. ඒ සිද්ධියෙන් එයාගේ කණ්ඩායමේ අය බොහෝ දෙනෙක් මියගියා. ඒ වගේම…
පස්වෙනි කොටස එක්කයි අද මේ එකතු වෙන්නේ. මම පොඩි සාරාංශයක් ගේන්නම් මෙතෙක් දුරට කතාව සිද්ධ උනේ කොහොමද කියල.
කැප්ටන් ෆ්ලින්ට් :
කලින් කතා සාමය අවසාන උනේ ස්පාඥ්ඥ යුධ නැවකට පහර දෙන්න ගිහින් මෙයාගේ නැව සහ පරිවාර නැව කියන නැව් දෙකම මුහුදු බත්වෙලා. ඒ සිද්ධියෙන් එයාගේ කණ්ඩායමේ අය බොහෝ දෙනෙක් මියගියා. ඒ වගේම ගේට්ස් මහත්තයව මරන්නත් කැප්ටන්ට සිද්ධ උනා මේ රත්තරන් කොල්ල කන්න යන ගමන සාර්ථක කරගන්න ඕනේ උන නිසා. මේ කතා සමයේදී එයාට පුළුවන් උනා ස්පාඥ්ඥ යුධ නැවක් එයාගේ සන්තකයට අරගන්න ඒ වගේම ජෝන් සිල්වර්ගේ උදව්වෙන් ආයෙත් නැවේ කැප්ටන් කම ලබාගෙන නසාවූ බලා පිටත් වෙනවා නැවත ශක්තිමත් වෙලා තවත් පරිවාර නැවක් එක්ක මුහුදුබත් වෙලා තියෙන අර්කා නැවේ රත්තරන් ටික කොල්ල කන්න. ඒ ආවම තමයි දන්නේ නසාවූ වල බලකොටුව දැන් තියෙන්නේ කැප්ටන් වේන් යටතේ කියල. දැන් ෆ්ලින්ට් හදන්නේ කලින් බලකොටුව බලාගෙන හිටපු කැප්ටන් හොර්නිගොල්ඩ් එක්ක එකතු වෙලා නසාවූ බලකොටුවට පහරදීල කැප්ටන් වේන් එතනින් එළවලා නැවත අර්කා රත්තරන් ටික අරගන්න යන්න. කලින් කොටසේදී අපි දැක්කේ බාර්ලෝ නෝනාගේ ගෙදරදී ෆ්ලින්ට්ට වේන් පහර දෙන සිදුවීමකින්. අද කතාව ආරම්භ වෙන්නේ එතැන් පටන්.
එලනොර් ගෝත්‍රි:
කලින් කතා සාමය අවසානයේ මෙයා කැප්ටන් ෆ්ලින්ට් සමඟ ගිවිසුමකට එනවා එයාගේ වියදමෙන් මේ රත්තරන් කොල්ලයට පහසුකම් සපයාගෙන ඒ රත්තරන් වලින් නසාවූ සහ ඇයගේ වෙළඳ සමාගම දියුණු කරන්න. එත් කැප්ටන් වේන්ගේ හදිසි ආගමනය වෙළඳ සමාගමේ ව්‍යුහය මුළු මනින්ම වෙනස් කළා. හොර්නිගොල්ඩ් ඒ සමාගම තුල ආරක්‍ෂාව සම්බන්ධ කටයුතු කරනු ලැබුවා. වේන් ඇවිත් ඔහුව බලකොටුවෙන් පන්නලා ඒ තනතුර ඔහු සන්තක කරගත්තා. කැප්ටන් ෆ්ලින්ට් නසාවූ වලින් පිටවෙනකොට තියෙන දූපත නෙමේ අවසානයේ සකස් වෙලා තියෙන්නේ. ඒ වගේම දෙවන කතා සමයේ නසාවූ වලට ආපු නෙඩ් ලෝ කියන කැප්ටන් එලනොර් එක්ක ආරවුලක් ඇති කරගත්තා. අන්තිමේදී නෙඩ් ලෝට උනේ කැප්ටන් වේන්ගේ අතින් ජිවිතේ නැති කරගන්න. දැන් කැප්ටන් ෆ්ලින්ට් නසාවූ වලට ඇවිල්ලා එයා බලාපොරොත්තු උන දේවල් නෙමේ දැන් මෙහෙ වෙන්නේ. එයා වේන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරලා. එලනොර්ට ඕනේ මේක සමගියෙන් බේරාගෙන නසාවූ ආරක්ෂා කරගන්න. මොකද මේ බලකොටුව තමයි නසාවූ දූපත ආරක්ෂා කරන එකම ස්ථානය. පිටින් එන කිසිම නැවකට නසාවූ වලට පහරදෙන්න ඉඩක් නොදී ආරක්ෂා කරන්නේ මේ බලකොටුවෙන්. ඉතින් මේක විනාශ උනොත් පහසුවෙන්ම එංගලන්ත සහ ස්පාඥ්ඥ නැව් වල පහරදීමකට නසාවූ දූපත ලක් වෙනවා.
ඒ වගේම කලින් සතියේ කැප්ටන් ෆ්ලින්ට් මුහුදට තල්ලු කරලා දාපු බිලි ආයේ නසාවූ වලට පය ගහනවා. අපි දැක්ක ඔහුව මුහුදේදී බේරාගෙන තියෙන්නේ එංගලන්ත නාවික හමුදාව මගින්. එයාල හදන්නේ නසාවූ වලට පහර දෙන්න. එසේම අහුවෙලා හිටපු බිලි නසාවූ වලට කිසිම කරදරයක් නැතුව ආපු එකේ පොඩි පරහක් තියෙනවා.
ඒ වගේම කැප්ටන් ෆ්ලින්ට්ගේ අතීත ආවර්ජනයක් ගියා නේ මේ කොටස් කීපයේදීම. අදත් ඒ අතීත පොතේ පිටු කීපයක් පෙරළෙනවා. හැබැයි ඒවා කළු පැල්ලම් සහිත පිටු කීපයක්. ඒ වගේම ෆ්ලින්ට් මුහුදු මංකොල්ලකාරයෙක් වෙන්නේ මොනවගේ හේතුවක් නිසාද කියලා ඉදිරි කොටස් වලදී දැනගන්න ලැබේවි.
අනික් කාරණය තමයි රැකම් උන්නැහේ කොහොමින් කොහොම හරි ඔන්න නැවක් එක්ක කණ්ඩායමක් හොයාගන්නවා ආයෙත් යාත්‍රා කරන්න. එයාල හදන්නේ ආයෙත් මුහුදු කොල්ල කෑම් වලට පිටත් වෙන්න. රැකම් දැන් කැප්ටන් කෙනෙක්. බලමු රැකම් වගේ කෙනෙක් කොහොමද කැප්ටන් කෙනෙක් වෙන්නෙත් කියල. බලමු එහෙනම් මේ සතියේ වෙන්නේ මොකද්ද කියලා. එහෙනම් නැවත හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,394 downloadsDownload Black-Sails-S0205.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
31 comments
Jack
weere
එල වේවා මචන් :) පරක්කු උනාට අව්ලක් නෑ මචන්.නතර නොකර දෙනවනම්.කරන හැම වැඩක්ම සාර්ථක වේවා.
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
Sisira Hegoda
Thanks.
ශාන් විමුක්ති [විමා]
හයියෝ ඉතින් තමා
මදැයි ඉතින්
සබට බොහොම තුති වේවා හසෝ
අන්තිම කොටහත් උබට හැකි විගසින් දිහන්කෝ
ජය!හර්ෂණ
ජය වේවා.. එල
නලින්
ස්තුතියි හසන්ත අයියා!
ජය වේවා!
Sam
thnkss sahooo..elzzzzzzzzz..//
harsha
ස්තූතියි හසසන්ත සබ් එකට ජයවේවා
sajeevi
thanks
isuru
thanks bro!
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
R.D
සබ් එකට ස්තුතියි හසන්ත අයියේ...........දිගටම වැඩේ කරගෙන යමු.ජය වේවා......
harsha
thnx bro
jeewantha
download කලා. බලමු කොහොමද කියලා. ස්තුතියි සබ් වලට.
tharaka
thanks macho...!!
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
තව එකයි නේ සමගාමි විකාශයට.
කව්ද කියන්නෙ පරක්කුයි කියලා.
ජය වේවා. !ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
sorry wenna one dan dan comment nowatenawata./..
wda appaa wada...
onna danuyi epi thunakama sub baaganne
me ekanewi
*265 copy walata sub match wenawa neda ?
ehenm kathawa nm maxxa widiyata yanbawa
ilanga eke idan caomment daannam hode..
jya wewa!!රොයිලි
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. හපොයි කියලා ලිව්වෙ මේ කොටසේ ෆ්ලින්ට් නාගන්නව වත්ද? බලමු බලන්න. ජය෴෴ :P :P
Kasun
නියම series එක, ඒත් Episode 06 එකේ ඉදන් සිංහල subtitles දෙන්නෙ නැද්ද ???
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Mahesh
Sub ekata thanx aaaaaaa
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ....
සබට තුති....
ජයවේවා...!!!“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........lakshan
thanks.....
kumara
Thanks Bro !!!
ashan lankanath
Thanks ..................good luck .........................
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!GTRZ
The 100, West world dan Black sails..... Ammo thanks machanla.
Mewa nathuwa kohoma jiwath wennada manda.Sandarunimsara
Sub ekata tnx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Black Sails [S02 – E05] with Sinhala Subtitles | හපොයි ෆ්ලින්ට්… (18+)[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/blacksails-S2E3.jpg)

එල එල මචෝ.
ස්තුතියි සබ් එකට.