Watch Trailer

Blindspot [S04 : E18] Sinhala Subtitles | මාරක මීමැස්සන්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ Blindspot කතා මාලාවේ 18 වැනි කතාංගය. ඉතිං අද කතාව පටන් ගන්නෙ ටාෂා ඩොමිනික්ව හොයන්න ගිහින් සෑහෙන වෙහෙසට පත් වෙලා ඉන්න වෙලාවක. මේ නිසා රීඩ් කියනව එයාගෙ නවාතැනට ගිහින් ටිකක් විවේකයෙන් ඉන්න කියල. ඔන්න ඔය අතරෙ තමයි කට්ටිය දැනගන්නෙ නිව්යෝර්ක් ආහාර සැපයුමට TTX කියන විෂ මි…

ආයුබෝවන් යාළුවනේ…!

මේ අරගෙන එන්නෙ Blindspot කතා මාලාවේ 18 වැනි කතාංගය. ඉතිං අද කතාව පටන් ගන්නෙ ටාෂා ඩොමිනික්ව හොයන්න ගිහින් සෑහෙන වෙහෙසට පත් වෙලා ඉන්න වෙලාවක. මේ නිසා රීඩ් කියනව එයාගෙ නවාතැනට ගිහින් ටිකක් විවේකයෙන් ඉන්න කියල. ඔන්න ඔය අතරෙ තමයි කට්ටිය දැනගන්නෙ නිව්යෝර්ක් ආහාර සැපයුමට TTX කියන විෂ මිශ්‍ර කරල නිසා මිනිස්සු 26ක් මැරිල කියල. ඒ විෂ ටිකක් අසාමාන්‍ය විෂක්. මේ විෂ හඳුනාගෙන තියෙන්නෙ මුහුදෙ ඉන්න මාළු විශේෂයකින්. නමුත් මේ විෂ මිනිස්සුන්ගෙ ශරීර වලට ඇතුළු වෙලා තියෙන්නෙ කොමඩු හරහා. ඉතිං කොහොමද මාළුවෙක්ගෙ විෂ නීරෝගී කොමඩු අස්වැන්නකින් මිනිස්සුන්ගෙ ශරීර වලට ඇතුළු වෙන්නෙ. ඔන්න ඔය ගැන කරුණු හොයාගෙන යනකොට තමයි දැනගන්න ලැබෙන්නෙ මේ විෂ කොමඩු එළියට ඇවිල්ල තියෙන්නෙ පැටර්සන්ගෙ තාත්ත වැඩ කරන ලැබ් එකකින් කියල. මේකෙන් කරුණු කාරණා තව සෑහෙන දරුණු වෙනව. මේ දේවල් එක්ක වැඩ කරගෙන යනකොට, දැනගන්න ලැබෙනව ජිනී කියල පර්‍යේෂණ සහායිකාවක් මීමැස්සන් යොදාගෙන ජාන වැඩිදියුණු කිරීමක් කරල තියෙනව කියල. අයින්ස්ටයින් වතාවක් කියල තියෙනව, මීමැස්සන්ගෙන් තොරව මිහිමත මිනිසුන්ගේ පැවැත්ම තහවුරු කරගන්න පුළුවන් අවුරුදු හතරක් විතරයි කියල. ඔන්න එතන ඉඳල තමයි කතාව සැරටම අවුල් වෙන්නෙ. කොහොමහරි මේ ජාන වැඩිදියුණුව මඟින් මීමැස්සන් අපි නොහිතන විදියේ භයානක සත්ව විශේෂයක් බවට පත් වෙනව. ඉතිං මේ සිදුවීම එක්ක තමයි කට්ටිය අද පටලැවෙන්නෙ. මීට අමතරව ක්ලෝඩියා එනව ටාෂා ලඟට ඩොමිනික් යවපු කේත් කරපු තොරතුරු වගයක් අරගෙන. ඒ තොරතුරු වලින් සමහර දේවල් තෝරගන්න දෙන්නට හැකියාව ලැබෙනව. ඊට පස්සෙ ක්ලෝඩියා තනියම යනව ඩොමිනික් හොයාගෙන. අවාසනාවට අද ක්ලෝඩියා ඒ යන්නෙ තමන්ගේ ඉරණම් ගමන. ඩොමිනික් සිදුවීම පස්සෙ තොරතුරු වගයක් නිසා ඊලඟ කතාංගයේ කර්ට්ට ලොකු බලපෑමක් එල්ල වේවි. එහෙනම් ආයෙත් හමුවෙනතෙක් හැම කෙනෙකුටම ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා අදාළ වේ.

4,294 downloadsDownload Blindspot-S04-E18.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitles by

උදයංග සම්පත්

Subtitles

4,294 downloadsDownload Subtitles45 KB

17 comments

  1. Kanchana

    Thanx saho

  2. hasitha2005

    නියමයි සහෝදරයා . ජයවේවා

  3. suranuwan

    thanks bro.......

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. harshahjk

    බොහොම ස්තූතියි උදයංග. සබ අරගත්තා ජයවේවා

  6. dx12

    Thanks bro
    Godk pin bro
    Good luck

  7. sasanwalasa

    thanks wewa okkotama

  8. romeshransika

    Thnks

  9. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  10. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා...........!

  11. s.s.m

    Tz sub ekata...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. podda

    niyamai saho keep it up!!!

  14. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  15. Janith220

  16. Janith220

    Thanks bro

  17. Akalanka Sandakelum

    THANKS