කොහොමද යාළුවනේ, සෑහෙන දවසකට පස්සෙ ආයෙත් ආවා සුපිරිම කොරියන් සීරීස් එකක් අරගෙන.. සීරීස් එකේ නම තමයි Bloodhounds.Netflix හරහා 2023 ජුනි 09 වෙනිදා නිකුත් වුන Bloodhounds කතා මාලාව කොටස් 08 කින් යුක්තයි.. බොක්සිං වලට ඇලුම් කරන ඔබ නැරඹිය යුතුම කතාවක් තමයි Bloodhounds කියන්නෙ.. මෙහි සටන් ජවනිකා ඉතා තාත්ව…

කොහොමද යාළුවනේ, සෑහෙන දවසකට පස්සෙ ආයෙත් ආවා සුපිරිම කොරියන් සීරීස් එකක් අරගෙන.. සීරීස් එකේ නම තමයි Bloodhounds.Netflix හරහා 2023 ජුනි 09 වෙනිදා නිකුත් වුන Bloodhounds කතා මාලාව කොටස් 08 කින් යුක්තයි.. බොක්සිං වලට ඇලුම් කරන ඔබ නැරඹිය යුතුම කතාවක් තමයි Bloodhounds කියන්නෙ.. මෙහි සටන් ජවනිකා ඉතා තාත්වික අයුරින් රූගත කර තිබෙනවා මෙන්ම මෙහි ප්‍රධාන නළුවන් ඔවුන්ගේ ශරීර කතාවට ගැලපෙන අයුරින් සාදාගැනීමටද විශාල වෙහෙසක් වී තිබෙනවා.. ඒ වගේම කියන්න ඕනෙ මේ කතාව බලන්න පටන් ගන්න කෙනෙක් මුළු කතාවම එක හුස්මට බලල තමයි නවතින්නෙ. මොකද එච්චරටම රසවත් කතාවක් තමයි මේක ඇතුලෙ තියෙන්නෙ..
IMDB 8.1 අගයක් වාර්ථා කරන Bloodhounds කතා මාලාව නිර්මාණය කර තිබෙන්නේ Joo Hwan-Kim විසින්. මෙහි ප්‍රධාන චරිත ලෙස Woo Do-Hwan කිම් ගුන්-වූ ලෙසත්, Lee Sung-Yi හොන්ග් වූ-ජින් ලෙසත්, Park Sung-Woong ප්‍රධාන සතුරා වන කිම් මියුන්ග්-ගිල් ලෙසත් රංඟනයෙන් දායකත්වය ලබා දෙනවා..
කොවිඩ් වසංගත සමයේ ව්‍යාපාර කඩාවැටීම නිසා අසරණ වූ මිනිසුන් තලා පෙලා එයින් තම දිවි සරු කර ගැනීමට මාන බැලූ පොලියට ණය දෙන දරුණු මැර කණ්ඩායමක නායකයෙක් හා ඔහු හා ගැටෙන අසාධාරනයේදී නැඟී සිටින කණ්ඩායමක් වටා තමයි මේ කතාව දිවයන්නෙ. විටෙක සිනහවෙන්ද, විටෙක කදුලින්ද කොටස් 08 ක් පුරාවට නරබන්නන් ඇද බැද තබා ගන්නා Bloodhounds බලන්න අදම ඔබත් BAISCOPLK සමග එකතු වෙන්න..
එහෙනම් අපි බලමු පළවෙනි කොටස ඇතුලෙ මොකක්ද වෙන්නෙ කියලා.. කිම් ගුන්-වූ දැඩි අධිශ්ඨානයක් තිබෙන බොක්සිං ක්‍රීඩකයෙක්.. ක්‍රීඩාවට අවතීර්ණ වී වැඩි කලක් නැතත් ඉක්මනින්ම බොක්සිං වලල්ල තුල අනසක පැතිරීමට ගුන්-වූට හැකිවෙනවා.. මේ අතර වාරයේ පැවති තරඟාවලියක අවසාන තරගෙයේදි තමයි ගුන්-වූට වූ-ජින් මුණගැසෙන්නෙ.. දෙදෙනාම අතිදක්ෂයින් වුවත් ගුන්-වූගේ දරුණු “ලීවර් ෂොට්” පහර නිසා වූ-ජින් පසුබසිනවා.. කෙසේ හෝ අවසානයේදි වූ-ජින් හා ගුන්-වූ අඹ යහළුවන් බවට පත්වෙන්නෙ ඔවුන් දෙදෙනාම මැරීන් බලකායෙ සේවය කර ඇතිබව දැනගැනීමෙන් අනතුරුවයි.. මේ අතර ගුන්-වූගෙ මව දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ඇයගේ කඩය කරගෙන යන අතර, ලබාගත් ණය මුදල පියවීමට ප්‍රමාද වීම නිසා ඇය යම් පසුතැවීමක පසුවෙනවා.. මේ අතර තමයි “ස්මයිල් කැපිටල්” සමාගමේ පුද්ගලයෙක් ඇයගේ කඩයට පැමින ඇයට පිහිට වීමට හැකි බව පවසන්නෙ..
කවුද මේ පුද්ගලයා ? ස්මයිල් කැපිටල් සමාගම කියන්නෙ මොකක්ද ? මේ ප්‍රශ්නවලට උත්තර බලාගන්න Bloodhounds පළවෙනි කොටස බලන්නම වෙනවා.. එහෙනම් සිනහවෙන්, කදුලින් හා දරුණු සටන් වලින් පිරුණු Bloodhounds දෙවෙනි කොටසෙන් හමුවීමේ බලාපොරොත්තුව ඇතුව මම සමුගන්නවා.. සුභ දවසක්.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,564 downloadsDownload Bloodhounds-S01-E01-Sinhala-Subtitles.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
5 comments
mavi
Buddhika laKMal
ස්තූතියි මචං සබට
Gamerz
Thank you very much sub ekata. meka baiscopedownloads eke ne neh download karaganna
Ishan
දැන් තියෙනවා..
Heshan
ස්තුතියි සබ් එකට. ❤️ ඉතුරු එපි ටිකටත් ඉක්මනින් ඔන.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Bloodhounds [S01 : E01] Sinhala Subtitles | ණය උඟුල.. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/02/bloodhounds-S01-1.jpg)



Thanks a lot