Watch Trailer

Paatal Lok [S02: E01] Sinhala Subtitles | මුහුණට මුහුණ [සිංහල උපසිරසි සමඟ] [18+]

ආයුබෝවන්. අද සිට තවත් ඉතා ජනප්‍රිය නවතම ඉන්දියානු ටෙලි කතා මාලාවක දෙවන කතා මාලාව ඔබ වෙත දිනපතා ගෙන එන්න අදහස් කලා. බොහෝ දෙනෙක් මෙහි පළවෙනි කතා මාලාව (2020) නරඹලා ඇති.නැත්නම් ඒකෙ කතාංග නවය දැන්ම බා ගන්න. බයිස්කෝප් එක එහි උප සිරැසි නිකුත් කර තිබෙනවා. ඉතිං බොහෝ දෙනා බලා ගෙන සිටි දෙවැන්න තමයි මේ. ‘පාතා…

ආයුබෝවන්. අද සිට තවත් ඉතා ජනප්‍රිය නවතම ඉන්දියානු ටෙලි කතා මාලාවක දෙවන කතා මාලාව ඔබ වෙත දිනපතා ගෙන එන්න අදහස් කලා. බොහෝ දෙනෙක් මෙහි පළවෙනි කතා මාලාව (2020) නරඹලා ඇති.නැත්නම් ඒකෙ කතාංග නවය දැන්ම බා ගන්න. බයිස්කෝප් එක එහි උප සිරැසි නිකුත් කර තිබෙනවා. ඉතිං බොහෝ දෙනා බලා ගෙන සිටි දෙවැන්න තමයි මේ.

‘පාතාල් ලෝක්’කියන නම අමුතුවෙන් සිංහලට හරවන්න ඕනෙ නෑනෙ. මේකෙ මුල් කතා මාලාවට ගියොත් ඔබට මතක ඇති ප්‍රධාන චරිත දෙක. අවුටර් ජමුනා පාර් පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක හාති රාම් චෞද්රි සහ ඔහු යටතෙ පුහුණුවට එන තරුණ උප පරීක්ෂක ඉම්රාන් අන්සාරි.  උසස්වීම් නොමැතිව පාතාල ලෝකයක් අසල කුඩා පොලිස් ස්ථානයක වේලි වේලි සිටින චෞද්රි මහත්තයගෙ පොලිසියට මරාලයක් කඩා වැටුනා මාධ්‍යවේදියෙකු ඝාතන තැතක් පිළිබඳව. ඒත් ඒක වෙස් වලා ගත් ආශීර්වාදයක් වෙන්නෙ එයාට වැඩ පෙන්නන්න අවස්ථාවක් ලැබෙන නිසා. කෙසේ වෙතත් මේ සිදුවීම යටින් දිවෙන ඉහළ පැලැන්තියේ අභිලාශයන් ගැන අවබෝධයක් නොමැතිව අදාල විමර්ශනය සිදු කරපු පොලිස් පරීක්ෂක වරයා දැඩි අමාරුවක වැටෙන්නේ වැඩ තහනමකුත් සමග. ඒත් අවසානයේ එම අභිරහසේ සත්‍ය එලි දක්වන්න ඔහු සමත් වෙනවා.ඉතින් මේ ගුරයි ගෝලයයි අතර ඇති වෙන බැඳීම මදක් දුරස් වෙන්නෙ පරිපාලන විභාගය සමත් වෙලා ගෝලයා එක් වරම සහකාර පොලිස් කොමසාරිස් ධූරයකට පත් වීමත් සමගයි.

දෙවෙනි කතා මාලාව වෙන කොටත් අපේ පොලිස් පරීක්ෂකයා තාමත් සුපුරුදු පොලිස් ස්ථානයේ වේලෙනවා. අන්සාරිට ඉහළ මට්ටමේ ඝාතනයක් සම්බන්ධ විමර්ශනයක් භාර වෙද්දී චවුද්‍රි ඔහුගෙ කලාපයේ පුද්ගල අතුරුදහන් වීමක් ගැන පරීක්ෂන පවත්වනවා. ඒ බිරිඳකට හා දරුවෙකුට සිය අතුරුදහන් ස්වාමියා සහ පියා සොයා දීමට. ඉහළ පෙළේ විමර්ශනය චවුද්‍රිගේ කලාපයට ඇදෙද්දී ඔහුගේ පරීක්ෂණය අන්සාරිගේ බල ප්‍රදේශය දෙසට ඇදී යනවා. ඉතින් මේ දෙක එකම අභිරහසක කොන් දෙකක් හැටියට එක් වෙද්දී නැවතත් දුරස් වූ මිතු දම අළුත් වෙනවා.

මේ කතාවට පසුබිම් වෙන්නේ ගිනිකොණ දිග ඉන්දියාවේ පිහිටි කුඩා ප්‍රාන්තයක් වන නාගලන්ඩ් ප්‍රාන්තයයි. කලක සිට සිවිල් අරගල අඩුවක් නැති මේ කුඩා ප්‍රාන්තයේ දේශපාලනික ගැටුම් මේ කතාව ප්‍රබන්ධ කිරීමට පාදක කර ගෙන තිබෙනවා.

2020 දී සුදීප් ශර්මා නවකතාවක් ඇසුරින් තිර රචනය කර ප්‍රොසිට් රෝයි සහ අවිනාශ් අරුන් විසින් මෙය අධ්‍යක්ශණය කරනු ලැබුවා. කතාංග 9 කින් සමන්විත මුල් කතා මාලාව අතිශය ජනප්‍රිය උනා වගේම Filmfare OTT Awards වලදී සම්මාන 5කුත් Indian Television Academy Award වල සම්මාන දෙකකුත් දිනා ගත්තා. කතාංග 8කින් යුක්ත මේ කතා මාලාව ජනවාරි 17 නිකුත් උනා.

මෙහි පොලිස් පරීක්ෂක චරිතය Jaideep Ahlawat විසින් රඟපානු ලබන අතර එයට Filmfare OTT Awards වලදී හොඳම නළුවා සම්මානය දිනා ගන්න හැකි උනා.  Ishwak Singh අන්සාරි ලෙසත් සෙසු චරිත සඳහා Jahnu Barua, Nagesh Kukunoor, Merenla Imsong,සහ Tillotama Shome පොලිස් නිලධාරිණියකගේ චරිතයෙන් මෙහි පෙනී සිටිනවා. එහෙනම් අද බා ගෙන බලන්න පටන් ගන්න. මේක අළුත් කතාවක්.

එහෙනම් තව ලස්සන උපසිරැසි කීපයක් සමග හමු වෙමු

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,295 downloadsDownload Paatal-Lok-S02E01.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

BANDULA K

Subtitles

1,295 downloadsDownload Subtitles24 KB

6 comments

  1. Anonymous

    warrior season 3 sinhala sub plz

  2. Ranindu

    warrior season 3 sinhala sub plz

  3. Buddhika laKMal

    බොහෝම ස්තූතියි බන්දුල සහෝ මේ කෙ දෙවැනි සීරිස්එකට සබ් ගෙනාවට

  4. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  5. Chamath

    Mee wenakn deepu sub walata saha idiriyedi dena siyaluma sub walat isthuthi sagoo...

  6. Anonymous

    Subtitles aul neda? Kalin yanwa sub