කොවිඩ් වසංගත සමයේ ව්‍යාපාර කඩාවැටීම නිසා අසරණ වූ මිනිසුන් තලා පෙලා එයින් තම දිවි සරු කර ගැනීමට මාන බැලූ පොලියට ණය දෙන දරුණු මැර කණ්ඩායමක නායකයෙක් හා ඔහු හා ගැටෙන බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙකු වටා දිවයන කතාවකි Bloodhounds.. පසුගිය කොටස් වලින්, ගුන්-වූ හා වූ-ජින් බොක්සිං වළල්ලේ ප්‍රතිමල්ලවයන් වුවත් ඉන්…

කොවිඩ් වසංගත සමයේ ව්‍යාපාර කඩාවැටීම නිසා අසරණ වූ මිනිසුන් තලා පෙලා එයින් තම දිවි සරු කර ගැනීමට මාන බැලූ පොලියට ණය දෙන දරුණු මැර කණ්ඩායමක නායකයෙක් හා ඔහු හා ගැටෙන බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙකු වටා දිවයන කතාවකි Bloodhounds..

පසුගිය කොටස් වලින්,

ගුන්-වූ හා වූ-ජින් බොක්සිං වළල්ලේ ප්‍රතිමල්ලවයන් වුවත් ඉන් පිටතදී අඹ යහලුවන් බවට පත්වෙයි.. කිම් මියොන්ග්-ගිල් ආයිල් සමූහයේ හොටෙල් ව්‍යාපාරයකට හේත්තු වීමට මාන බැලුවත් අවසානයේ ආයිල් සොහොයුරන්ගෙන් හොඳ හැටියට අසාගෙන වෙනත් මාර්ගයකින් ඒ වෙත ළඟා වීමට මාන බලයි. තම මවගේ කඩය මැරයන් විසින් බිමට සමතලා කර තම මුහුණද කපා දැමීමෙන් අනතුරු අසරන වූ ගුන්-වූ ණය උගුලක සිරවීම නිසා රැකියාවක් සොයා යන අතර චෝයිව හමුවේ.. ධානපතියෙකු වන චෝයි අසරන මිනිසුන්ට මුදලින් උපකාර කරමින් සිටින අතර තම පවුලේ එකම සාමාජිකාව වන හියොන්-ජූ ණය එකතු කිරීමට ගොස් අනතුරක් කරගනිතැයි බියෙන් ගුන්-වූ හා වූ-ජින්ව හියොන්-ජූගෙ ආරක්ෂාව උදෙසා යොදවයි… හියොන්-ජූට සිදු කල දැඩි පෙරැත්ත කිරීම් හමුවේ අවසානයේ රැකියාව ලබාගන්නා ඔවුන්, පලමු රාජකාරිය ලෙස යන්ග් ජේ-මියොන්ග් යාචකයෙකු ලෙස වෙස්වලාගෙන සිදුකරන කාර්‍ය්‍ය පිළිබදව සෙවීමට ඔහු පිටුපසින් ගමන් කරයි.. මේ අතර යන්ග් ජේගෙන් පහර කෑමකට ලක්ව මිය යෑමට ආසන්නව සිටින යාචකයෙකු දැක ඔහුව බේරාගැනීමට ගුන්-වූ දිව යයි..

මේත් සමගම දෙවෙනි කොටස අවසන් වේ..

අද කොටසින්,

යන්ග් ජේ ඇතුළු පිරිස සමග සටන් කොට ගුන්-වූට හා වූ-ජින්ට ඔවුන්ව පළවාහරින්න හැකිවෙයිද ? හියොන්-ජූ ඔවුන්ට නොපෙනෙන සේ සිටින ලෙස දුන් අවවාදය නොපිළිපැදිම නිසා ගුන්-වූට හා වූ-ජින්ට අත්වන ඉරණම කෙබදුද ? යන්ග් ජේ, ගුන්-වූව හදුනගත්තාද ? හෝටලය අත්පත් කරගන්න කිම් මියොන්ග්-ගිල් හදපු සැලැස්ම මොකක්ද ? මේ හැමදේකටම උත්තර අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි..

එහෙනම් හතරවෙනි කොටසෙන් නැවත හමුවෙමු. සුබ දවසක්..

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,049 downloadsDownload Bloodhounds-S01-E03-Sinhala-Subtitles.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,049 downloadsDownload Subtitles24 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි ඉශාන් සහෝ උපසිරැසියට