Solo Leveling Season 02 Sinhala Subtitles සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 5 වෙනි කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආරම්භයේ පටන් මෙතෙක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. මේ කොටසින් අලුත්ම ක්‍රියාද…
Solo Leveling Season 02 Sinhala Subtitles
සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 5 වෙනි කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආරම්භයේ පටන් මෙතෙක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. මේ කොටසින් අලුත්ම ක්‍රියාදාමයකට මුල පුරන්නයි සූදානම් වෙන්නෙ. අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිදුවීම් කෙටියෙන් මතක් කර ගනිමු.
තමන්ගේ සැබෑ ශක්තිය හෙළි කරන්නට හිතාගන්නා සන්ග් ජින්වූ, බලය නැවත තක්සේරු කරගන්නවා. ඒකට අනුව සන්ග් ජින්වූ S නිලයේ හන්ටර් කෙනෙක් බවට තක්සේරු වෙනවා. ඒ වගේම රටේ දසවෙනි S හන්ටර් බවටත් පත් වෙනවා. මේ අලුත්ම S නිලයේ හන්ටර් ගැන දැනගන්නේ හන්ටර්වරුන්ගේ සංගමයේ සභාපති ඇතුළු ඉහළ ගිල්ඩ් හන්ටර්වරුන් කිහිප දෙනෙක් විතරයි. සන්ග් ජින්වූ ගැන බාහිර ලෝකයට කිසිම තොරතුරක් හෙළි කිරීමක් සිද්ධ වුනේ නෑ. මේකෙන් ප්‍රයෝජන ගන්න හිතන ජින්වූ, තවදුරටත් E නිලයේ හන්ටර් කෙනෙක් විදිහට පෙනී ඉන්නවා. ඒ අතරේ වැටලීම් වලට යන්න පෙරාතුව මුදල් ඉපැයීම බලාපොරොත්තුවෙන් ඩන්ජන් වල මානා පළිඟු කැනීම් කරන කණ්ඩායමකට ජින්වූ එකතු වෙනවා. ජින්වූ කියන්නෙ ඇත්තටම මොන විදිහේ හැකියාවන් තියෙන කෙනෙක්ද කියලත් තාම ඩන්ජන් වැටලීම් වලට යන B, A සහ S නිලයන් වල කිසිම හන්ටර් කෙනෙක් දන්නේ නෑ.
ජින්වූගේ අලුත් රැකියාව මොන විදිහෙ එකක්ද? ජින්වූගේ මේ වතාවේ අභියෝගය මොකක් වේවිද? ජින්වූගේ රහස් බලයන් හැමෝම ඉස්සරහ එළියට ගන්න වේවිද? ජින්වූගේ රහස එළි වේවිද? එහෙනම් නරඹන්න මේ කොටස. උපසිරැසිය ගැන ඔයාගෙ අදහසත් පහළින් කියන්න අමතක කරන්න එපා. මීළඟට Solo Leveling: Arise from the Shadow හි 6 වෙනි කොටසින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : This is What We’re Trained to Do
Released Date : 2025.02.01
IMDB Rating : 8.9

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
5,061 downloadsDownload Solo-Leveling-S02-E05-Sinhala-Subtitles.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Solo Leveling Season 02 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
10 comments
Anonymous
Isuru Sandaruwan
Thank you
Kavee
Thank You Very Much Sahooo
Next episode ekt ikmntama denna ❤️❤️Shanika
Thank You Very Much
Next episode ekath ikmntama one ❤️senuth
bro ep6 aawa ikmnata denna aaa
Chamika
Ep 6 sub ekath danwada
Anonymous
8 wenida epiya awe thama sub na ne oi
Chamika
Anith eka danne nedda bro
Kusal
episode 6 ikmntama one..
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank you... ilaga eka apu gamn deepn mchan parakku karnne nethuw