කොවිඩ් වසංගත සමයේ ව්‍යාපාර කඩාවැටීම නිසා අසරණ වූ මිනිසුන් තලා පෙලා එයින් තම දිවි සරු කර ගැනීමට මාන බැලූ පොලියට ණය දෙන දරුණු මැර කණ්ඩායමක නායකයෙක් හා ඔහු හා ගැටෙන බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙකු වටා දිවයන Bloodhounds කතා මාලාවේ අවසන් දිගහැරුමයි මේ.. පසුගිය කොටසින්, හත්වන කොටස පටන් ගන්නේ වූ-ජින් දරුණු තු…

කොවිඩ් වසංගත සමයේ ව්‍යාපාර කඩාවැටීම නිසා අසරණ වූ මිනිසුන් තලා පෙලා එයින් තම දිවි සරු කර ගැනීමට මාන බැලූ පොලියට ණය දෙන දරුණු මැර කණ්ඩායමක නායකයෙක් හා ඔහු හා ගැටෙන බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙකු වටා දිවයන Bloodhounds කතා මාලාවේ අවසන් දිගහැරුමයි මේ..

පසුගිය කොටසින්,

හත්වන කොටස පටන් ගන්නේ වූ-ජින් දරුණු තුවාල සහිතව රෝහලේ ඇදක වැතිර සිටින දර්ශනයකින්.. ඔහුට සැත්කම් කිහිපයක්ම සිදුකරන අතර කෙසේ හෝ ඔහුව ගොඩදැමීමට වෛද්‍ය කාණ්ඩායම් සමත් වෙනවා.. මේ අතර දරුණු මානසික අවපීඩනයකට ලක්වන හියොන්-ජූ කිසිවෙකුට නොකියා සැමගෙන් සමුගෙන නික්ම යනවා.. මේ අතර කිම් මියොන්ග්-ගිල් පරාජය කිරීමේ දැඩි අදිඨනින් ගුන්-වූ හා වූ-ජින් මිස්ටර් ඕ සමග පිටිසර ගමක සැඟවී ව්‍යායාම හා අවශ්‍ය පුහුණුවීම් වල යෙදෙමින් තමන්ගෙ ශාරීරික මට්ටම තවත් ඉහළ දමා ගැනීමට සමත් වනවා.. එහෙත් කිම් මියොන්ග්-ගිල් හා සටන් වැදීමට යාම මිස්ටර් ඕගේ දැඩි අප්‍රසාදයට හේතුවෙනවා.. කිම් මියොන්ග්-ගිල් පාරජය කිරීමේ අරමුණෙන් සෝල් වෙත නැවත පිටව යන ගුන්-වූ ට හා වූ-ජින්ට මිස්ටර් ඕගෙ මිනිබිරිය වන ඩා-මින් මුණගැසෙනවා.. කිම් මියොන්ග්-ගිල් පරාජය කිරීමට නම් මිතුරු පාර්ශවයක් එකතු කරගත යුතුබව වටහා ගන්නා ගුන්-වූ හා වූ-ජින් ආයිල් ගෲප් හිමිකරු වන මින්-බොම් හා මිස්ටර් මූන් තමන්ගේ සටනට එකතු කරගනු ලබනවා.. මතක ඇතිනෙ කොටස අවසානයේ කිම් මියොන්ග්-ගිල් සතුවූ හාඩ් ඩ්‍රයිව් එක විනාශ කරන්න කට්ටිය ගහන ප්ලෑන් එකත්.. කෙසේ හෝ කිම් මියොන්ග්-ගිල්ව දැඩි ලෙස කෝපයට පත් කර හත්වන කොටස අවසන් වනවා..

අවසාන කොටස වන අද කොටසින් ඔයාලට බලාගන්න පුලුවන් පෙර කොටස් වල සේම සුපිරි සටන් ජවනිකා කිහිපයක්ම. ඉතින් කිම් මියොන්ග්-ගිල් හා අවසන් සටනින් කවුරු ජය ලබයිද ? කාට දිවි අහිමි වෙයිද ?

අවසාන කොටසත් සමග Bloodhounds කතා මාලාව මෙලෙස අවසන් වෙනවා.. කොටස් 08 ක් පුරාවට මාත් සමග රැදී සිටියාට ඔබට බොහොම ස්තූතියි.. මාස දෙකකට වැඩි කාලයක කැප කිරීමක ප්‍රතිඵලයක් ලෙස ඔබට ලැබුනු Bloodhounds කතා මාලාවේ සිංහල උපසිරසි වලට ප්‍රති උපකාරයක් ලෙස ඔබගේ වටිනා අදහස මා වෙත ලබා දෙනවා නම් මා එය ඉතා අගය කොට සලකනවා. එසේ නම් අප නැවත කොතැනකදී හෝ හමුවෙමු.. හැමදාමත් පරිස්සමෙන් සතුටෙන් ඉන්න… බුදුසරනයි

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,572 downloadsDownload Bloodhounds-S01E08.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,572 downloadsDownload Subtitles26 KB

8 comments

  1. Buddhika laKMal

    ස්තූථියි ඉශාන් සහෝ උපසිරැසියට

  2. Sandun

    බොහොම ස්තුතියි. ❤️

  3. Keshan

    Thanks.... Cobra Kai S06 Part 3 eke Epi tikatath denna bro.

  4. sathesha

    dune prophecy , day of the jackle ekatai sub!!! one!!!!!

  5. Anonymous

    super bro thanks

  6. Anonymous

    thank u very much brother

  7. Ishara Gunarathna

    උපසිරසියට ස්තූතියි

  8. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌