කොවිඩ් වසංගත සමයේ ව්‍යාපාර කඩාවැටීම නිසා අසරණ වූ මිනිසුන් තලා පෙලා එයින් තම දිවි සරු කර ගැනීමට මාන බලන පොලියට ණය දෙන දරුණු මැර කණ්ඩායමක නායකයෙක් හා ඔහු හා ගැටෙන බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙකු වටා දිවයන Bloodhounds කතා මාලාවේ හත්වෙනි දිගහැරුමයි මේ.. පසුගිය කොටසින්, පසුගිය කොටස පටන් ගන්නෙ කිම් මියොන්ග්-…

කොවිඩ් වසංගත සමයේ ව්‍යාපාර කඩාවැටීම නිසා අසරණ වූ මිනිසුන් තලා පෙලා එයින් තම දිවි සරු කර ගැනීමට මාන බලන පොලියට ණය දෙන දරුණු මැර කණ්ඩායමක නායකයෙක් හා ඔහු හා ගැටෙන බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනෙකු වටා දිවයන Bloodhounds කතා මාලාවේ හත්වෙනි දිගහැරුමයි මේ..

පසුගිය කොටසින්,

පසුගිය කොටස පටන් ගන්නෙ කිම් මියොන්ග්-ගිල්, ආයිල් ගෲප් හිමිකරු වන මින්-බොම්ව එක්තරා ආකාරයකින් ප්‍රාන ඇපයකට ගනිමින්.. මෙහිදි කිම් විසින් මින්-බොම්ගේ සහෝදරයට තර්ජනය කරමින් ජුන්-මින් මරණයට පත් කිරීමට පැමිණි බයික්කරුවන් දෙදෙනාව සොයාදෙන ලෙස පවසනවා,  එසේ නොවුනහොත් මින්-බොම්ගෙ වීඩියෝව එළියට දමන බවටත් තර්ජනය කරනවා.. මෙයින් බියට පත්වන ගැන්ග්-යොන්ග් පොලිස් ආවේක්ෂණ දත්ත භාවිතා කර ඔවුන් දෙදෙනා ගිය ස්තානය කිම් මියොන්ග්-ගිල්ට පවසනවා.. මේ අතර මේ කිසිත් නොදත් චෝයි ඇතුළු පිරිස ඉදිරිය පිළිබදව සැලසුම් කරමින් සිටින්නෙ.. මේ අතර චෝයිගේ ඉල්ලීම පරිදි චෝයිගේ නිවසේ මත්පැන් සාදයක් පවත්වනවා.. මේකෙදි වැඩියෙන්ම මත්වෙන්නෙ වූ-ජින්.. ගුන්-වූ මත්පැන් පානයෙන් වැලකී සිටිනවා.. මේ කොටසින් ඔයාලට දැනගන්න ලැබුනා හියොන්-ජූගෙ අතීතය සහ චෝයි හා හියොන්-ජූ අතර සම්බන්ධය ඇතිවූ ආකාරයත්.. බයික් කරුවන් දෙදෙනා ගිය ස්ථානය සොයා ගන්නා කිම් මියොන්ග්-ගිල් අදාල ස්ථානයට යන විට කිසිවෙකුත් නොසිටියත් අදාල ස්ථානය තුල ජන්ග්-දෝව ප්‍රශ්න කර ඇති ආකාරයත්, ඩූ-යොන්ග් සිටින ස්ථානය පිලිබදවත් තොරතුරු දැනගන්නවා.. මෙයින් උද්දාමයට පත්වන කිම් මියොන්ග්-ගිල් හා ජුන්ග් ඇතුළු අපරාධ කල්ලිය ඩූ-යොන්ග්ව හඹායනවා.. මේ කොටස තුල අතිශය බිහිසුණු සටන් කිහිපයක්ම ඇතිවෙනවා ඔබ දකින්න ඇති.. ඒ වගේම රූපවාහිනී කතා මාලවක දකින සංවේදීම කොටස් කිහිපයක් මේ කොටස තුල ඇතුලත් වනවා..

අද කොටස පිළිබදව ඔයාලට වැඩි දෙයක් පවසන්න මම බලාපොරොත්තු වෙන්නෙ නෑ.. මොකද අද කොටසත් ඉතා සංවේදී කොටසකින් තමයි පටන් ගන්නෙ.. එහෙනම් Bloodhounds කතා මාලාවේ අවසාන කොටසින් අපි ඉක්මනින්ම හමුවෙමු..

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,572 downloadsDownload Bloodhounds-S01E07.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ඉෂාන් මධුෂංක(ඉෂූ)

Subtitles

2,572 downloadsDownload Subtitles24 KB

4 comments

  1. Sandun

    සබ් එකට බොහොම ස්තුතියි. අන්තිම කොටසටත් ඉකමනින් ඕනා. ජය ❤️

  2. mavi

    Thanks for your effort

  3. Buddhika laKMal

    ස්තූතියි ඉෂාන් සහෝ උපසිරැසියට

  4. ishan

    thanx bro. antima akath iamata oni