මියොන්ග්-ගිල් පරාජය කිරීමෙන් පසු නිදහසේ කාලය ගත කරන ගන්-වූ හා වූ-ජින් හට නිදහසේ හුස්ම ගැනීමට ලැබෙන්නෙ සුළු කාලයයි. ඔවුන්ගේ ජීවිත වලට එල්ලවන මීළඟ තර්ජනය එල්ල වනුයේ බෙක්-ජන්ග් නැමැති දරුණු හිටපු බොක්සිං ශුරයකුගෙන්.. බෙක්-ජන්ග් යනු Dark Web හරහා ලොව පුරා විකාශය කෙරෙන නීතිවිරෝධී සහ අතිශය කෲර බොක්සිං තර…

මියොන්ග්-ගිල් පරාජය කිරීමෙන් පසු නිදහසේ කාලය ගත කරන ගන්-වූ හා වූ-ජින් හට නිදහසේ හුස්ම ගැනීමට ලැබෙන්නෙ සුළු කාලයයි. ඔවුන්ගේ ජීවිත වලට එල්ලවන මීළඟ තර්ජනය එල්ල වනුයේ බෙක්-ජන්ග් නැමැති දරුණු හිටපු බොක්සිං ශුරයකුගෙන්..
බෙක්-ජන්ග් යනු Dark Web හරහා ලොව පුරා විකාශය කෙරෙන නීතිවිරෝධී සහ අතිශය කෲර බොක්සිං තරඟාවලියක් (IKFC) පවත්වාගෙන යන පාතාල නායකයෙක්.. කාලයක් දකුණු කොරියාවෙ හොදම බොක්සිං තරුව බවට පත්වූ බෙක්-ජන්ග් තමන්ගේ නොමනා හැසිරීම් නිසා තමන්ගේ දෑතින් මිනිසුන් මරා දමන දරුණු සටන්කරුවෙක් බවට පරිවර්තනය වෙනවා.. ගන්-වූ ලෝක සුපර් හෙවිවේට් ශූරතාව දිනා ගැනීමත් සමඟ ගන්-වූ, බෙක්-ජන්ග්ගේ ඉලක්කයක් බවට පත්වෙනවා.. බෙක්-ජන්ග් විසින් ගන්-වූ වෙත තම IKFC ලීග් තරඟාවලියට පැමිණෙන ලෙස ආරාධනා කරන අතර ගන්-වූ විසින් එය ප්‍රතික්ෂේප කිරීමත් සමග බෙක්-ජන්ග්, ගන්-වූගෙන් පළිගැනීමට අදිටන් කරගනියි…
පසුගිය කොටසෙන්,
මියොන්ග්-ගිල් පරාජය කර වසර තුනකට පසු තම පුහුණු වීම් සිදුකරමින් හා තම මවගේ කෝපි ෂොප් එකේ වැඩ කටයුතු වලට උදව් කරමින් ගන්-වූ හා වූ-ජින් නිදහසේ කාලය ගත කරනවා. ඒ වන විට ගන්-වූ ලෝක ශූරතාව ඉලක්ක කරගෙන සිටින නැගී එන සාර්ථක වෘත්තීය බොක්සිං ක්‍රීඩකයෙක් වන අතර, ඔහුගේ සමීපතම මිතුරා, වූ-ජින් ඔහුගේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටිනවා. ගන්-වූ, ප්‍රබල බොක්සිං ශූරයකු වන ආදික්ට එරෙහිව සිය ජීවිතයේ විශාලතම තරඟයට මුහුණ දෙන අතර එහිදී knockout කිරීමකින් ඔහුව පරාජයට පත්කරනවා. ආදික් ඒ වන විටත් ණය බරින් මිරිකී සිටීම හේතුවෙන් ඔහු ණය ලබාගත් ඉම් බෙක්-ජන්ග් නම් හිටපු බොක්සිං ශූරයකුගේ IKFC නම් නීතිවිරෝධී ලීගයේ තරඟ වදිමින් තම ණය ගෙවීමට ආදික්ට සිදුවෙනවා.. ඉම් බෙක්-ජන්ග් හා ආදික් අතර සටනෙන් පහසුවෙන් ජය ලබන බෙක්-ජන්ග් ආදික්ට දැඩි ලෙස පහර දී ඝාතනය කරනවා.. මෙම තරඟය මගින් අධික ලාභයක් ලබන බෙක්-ජන්ග් ලෝක හෙවිවේට් ශූර ගන්-වූද කෙසේ හෝ තම ලීගයට ඇදගැනීමට තීරණය කරනවා. ගන්-වූට තම ලීගයට පැමිනෙන ලෙස බෙක්-ජන්ග් ආරාධනා කලත් ගන්-වූ එය ප්‍රතික්ෂේප කිරීම නිසා බෙක්-ජන්ග් ප්‍රමුඛ කන්ඩායම ගන්-වූගෙ මව පැහැර ගැනීමට සැලසුම් කරනවා. එහිදී සිදුවන පැහැර ගැනීමේ ප්‍රයත්නය ව්‍යර්ථ කිරීමට ගන්-වූ හා වූ-ජින් සමත් වන අතර එහි ප්‍රතිපලයක් ලෙස බෙක්-ජන්ග් විසින් අදාල පැහැර ගැනීමට පැමිණි කන්ඩායම ඝාතනය කරනු ලබනවා..
අද කොටසෙන්,
මව පැහැර ගැනීමේ ප්‍රයත්නයෙන් දැඩි ලෙස බියට පත්වන ගන්-වූ තම මවත් රැගෙන ඔවුන්ගේ යෙහෙලියක් වන ටේ-යොන්ග් ගේ නිවසට ගමන් කරයි. ටේ-යොන්ග් විසින් Dark Web පරිශීලනය කිරීමෙන් IKFC පිළිබද තොරතුරක් සොයාගැනීමට සමත්වෙයි.. මේ සොයාගැනීමෙන් ගන්-වූගෙ මව පැහැර ගැනීමට පැමිනි කන්ඩායම පිලිබදව තොරතුරක් සොයාගැනිමට ගන්-වූට හැකිවෙයිද ? හිරෙන් පනින කන්ග් ඉන්-බොම් හා බෙක්-ජන්ග් අතර හමුව කෙසේ කෙලවර වෙයිද ? තමන්ට සිදුවූ කරදරය පිලිබදව දැන්වීමට ග්වන්ග්-මූ හමුවට යන වූ-ජින් අවසානයේ කුමක් සොයාගනියිද ? මේ එකී මෙකී නොකී සියල්ලත්, අවසානයේ සිදුවන දරුණු සටනත් නැරඹීමට ඔබට ආරාධනා කරන ගමන් මා සමුගන්නවා.. තුන්වන කොටසෙන් ඉක්මනින්ම හමුවෙමු..
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
838 downloadsDownload Bloodhounds-S02E02.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
2 comments
Buddhika laKMal
Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සබට ස්තූතියි ඉෂාන් සහෝ