අධ්‍යක්ෂණය සහ තිර රචනය: Jason Kim (Kim Joo-hwan) ප්‍රධාන ශානරය (Genre): Action, Crime, Drama, Thriller කථාංග ගණන (Episodes): 7 නිකුත් වූ දිනය: 2026 අප්‍රේල් 03 (Netflix හරහා) IMDb දර්ශකය: 8.1/10 කොහොමද යාළුවනේ.. ඔන්න එහෙනම් ආයෙත් ආවා ටීවී සීරීස් එකක් අරගෙන. සීරීස් එකේ නම තමයි Bloodhounds.. Bloodhou…

අධ්‍යක්ෂණය සහ තිර රචනය: Jason Kim (Kim Joo-hwan)

ප්‍රධාන ශානරය (Genre): Action, Crime, Drama, Thriller

කථාංග ගණන (Episodes): 7

නිකුත් වූ දිනය: 2026 අප්‍රේල් 03 (Netflix හරහා)

IMDb දර්ශකය: 8.1/10

කොහොමද යාළුවනේ.. ඔන්න එහෙනම් ආයෙත් ආවා ටීවී සීරීස් එකක් අරගෙන. සීරීස් එකේ නම තමයි Bloodhounds.. Bloodhounds S01 උපසිරැසි මීට අවුරුද්දකට කලින් දුන්නා ඔයාලට මතක ඇතිනෙ. ඔන්න එහෙනම් අද ඉදලා අපි Bloodhounds S02 බලමු.. සමහරු නම් මේ වන විටත් S02 බලලා ඇති. අවුරුදු කටේ වැඩ ගොඩක් එක්ක සබ් එක ටිකක් පරක්කු වුනා.. ඒකට ඉතින් මට ඔයාලගෙන් සමාවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වචනෙන් වචනෙ බලමින් ට්‍රාන්ස්ලේට් කරන එකත් කාලයක් ගතවෙන වැඩක්.. ඔන්න එහෙනම් කාලයත් එක්ක ලොකු හරඹෙකින් පස්සෙ මේ විදිහට S02 ගේනවා..

එකටම අපි Season 01 එකෙදි මොකද වුනේ කියලා මතක් කරගමු..

කතාව ආරම්භ වෙන්නෙ COVID-19 වසංගත සමය තුළ දකුණු කොරියාවේ සාමාන්‍ය ජනතාව මුහුණ දුන් දැඩි ආර්ථික අර්බුද පසුබිම් කරගෙනයි.  ගන්-වූගෙ මව පවත්වාගෙන යන කුඩා කැෆේ එකත් මෙම ආර්ථික පසුබෑම නිසා දැඩි අසීරුතාවයකට පත්වෙනවා. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා අධික පොලියට ණය ලබා දෙන මියොන්ග්-ගිල්ගේ  ‘Smile Capital’ ණය දෙන සමාගම, වංචනික ලෙස ඇයව විශාල ණය උගුලක පටලවනවා..

තම මව බේරාගැනීම සඳහා ගන්-වූට විශාල මුදලක් අවශ්‍ය වන අතර, මේ අර්බුදයේදී ඔහුට උපකාර කිරීමට වූ-ජින් ඉදිරිපත් වෙනවා. ඔවුන් දෙදෙනාට හිටපු පාතාල නායකයෙකු වන, නමුත් යහපත් ජීවිතයක් ගත කරන මිස්ටර් චෝයි මුණගැසෙන අතර මියොන්ග්-ගිල් විසින් කරගෙන යන මේ මහා ජාවාරම සහ දුප්පතුන් සූරාකෑම නැවැත්වීම සඳහා, චෝයිගේ මඟපෙන්වීම යටතේ ගන්-වූ සහ වූ-ජින් තම කණ්ඩායමේ සගයන් සමග පෙරමුනට පැමිනෙනවා..

මියොන්ග්-ගිල් විසින් චෝයි සහ ගන්-වූගේ කණ්ඩායමේ කිහිප දෙනෙකු ඝාතනය කරනු ලබන අතර දැඩි සටනකින් අනතුරුව මියොන්ග්-ගිල් පරාජය කර ගන්-වූ හා වූ-ජින් ජය ලබනවා..

අපි එහෙනම් බලමු දෙවෙනි කතා සමයෙ මොකක්ද වෙන්න යන්නෙ කියලා..

පළමු සමයේ අපගේ ආදරය දිනාගත් ප්‍රධාන චරිත ද්විත්වයම මෙවරත් වෙනසකින් තොරව දැකගන්න පුළුවන්.. ඒ වගේම සුප්‍රසිද්ධ K-pop ගායකයෙකු සහ නළුවෙකු වන Rain නව දුෂ්ටයා ලෙස මෙවර කතාවට එක්වෙලා ඉන්නවා..

පළමු කතා සමයෙන් පසුව ගන්-වූ හා වූ-ජින් හට නිදහසේ හුස්ම ගැනීමට ලැබෙන්නෙ සුළු කාලයයි. ඔවුන්ගේ ජීවිත වලට මීළඟට තර්ජනය එල්ල වන්නේ බෙක්-ජන්ග්(Rain) නැමැති අතිශය භයානක සතුරෙක්ගෙන්

 බෙක්-ජන්ග් යනු Dark Web හරහා ලොව පුරා විකාශනය කෙරෙන නීතිවිරෝධී සහ අතිශය කෲර බොක්සිං තරඟාවලියක් (IKFC) පවත්වාගෙන යන පාතාල නායකයෙක්.. කාලයක් දකුණු කොරියාවෙ හොදම බොක්සිං තරුව බවට පත්වූ  බෙක්-ජන්ග් තමන්ගේ නොමනා හැසිරීම් නිසා තමන්ගේම දෑතින් සතුරන්ව මරා දමන දරුණු සටන්කරුවෙක් බවට පරිවර්තනය වෙනවා.. ගන්-වූ ලෝක සුපර් හෙවිවේට් ශූරතාව දිනා ගැනීමෙන් පසුව  බෙක්-ජන්ග්ගේ ඉලක්කයක් බවට පත්වනවා.. මෙහිදී ඔහු විසින් ගන්-වූ වෙත තම ලීග් තරඟාවලියට පැමිණෙන ලෙස ආරාධනා කරන අතර එය ප්‍රතික්ෂේප කිරීමත් සමග ගන්-වූ සමග වෛරයෙන් ගන්-වූ අවට සිට්න අයවළුන් විනාශ කිරීමට පෙළඹෙනවා.

තමන්ගේ ආදරණීයයන් බේරාගැනීම වෙනුවෙන්, කවදාවත් නොදුටු විදියේ දරුණු සටන්කරුවන් පිරුණු මේ භූගත බොක්සිං ලෝකයට පය තැබීමට මේ මිතුරන් දෙදෙනාට සිදුවෙයිද ? කිසිදු නීතියක් නොමැති, ජීවිතයත් මරණයත් අතර සටනක් පවතින මෙම කතා මාලාව තුලදි බෙක්-ජන්ග්ව පරාජය කිරීමට ඔවුන්ට හැකි වෙයිද ?

පළමු කතා සමයේ අතිවිශාල සාර්ථකත්වයෙන් පසුව, ප්‍රේක්ෂකයින් දැඩි නොඉවසිල්ලෙන් බලා සිටි මෙම නව කතා සමය, පෙරටත් වඩා දැවැන්ත ක්‍රියාදාම සහ නවතම අභියෝග රැසක් සමඟ කරළියට පැමිණ තිබෙනවා.. එහෙනම් මම ඔබට ආරාධනා කරනවා අද සිට මාත් සමඟින් Bloodhounds S02 නැරඹීමට එක්වන ලෙස.. එහෙනම් අපි ඉක්මනටම දෙවෙනි කොටසෙන් හමුවෙමු..

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

890 downloadsDownload Bloodhounds-S02E01.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1All BT1Next BT1

Subtitles

890 downloadsDownload Subtitles24 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි ඉෂාන් සහෝ මේකේ දෙවැනි සීසන් එකටත් සිංහල සබ් දෙන්න පටං ගත්තට

  2. Sandaru Nimsara

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.