Vinland Saga Sinhala Subtitles එහෙනම් මහත්වරුනි, වින්ලෑන්ඩ් සාගා 19 සහ 20 කොටස් සඳහායි මේ උපසිරසි අරගෙන ආවෙ. පසුගිය කොටස් දෙස නැවත හැරීමක් කෙටියෙන් කළොත්; තෝර්කෙල් ගෙ හමුදාවෙ පැමිණීම නිසා ආෂෙලැඩ් ගෙ පිරිස දැන් ගොඩක් මර භයට පත්වෙලා ඉන්නෙ. කොච්චර බයවෙලාද කියනවනම් දැන් ආෂෙලැඩ්ගෙන් වෙන්වෙලා තෝර්කෙල් ට…

Vinland Saga Sinhala Subtitles

එහෙනම් මහත්වරුනි, වින්ලෑන්ඩ් සාගා 19 සහ 20 කොටස් සඳහායි මේ උපසිරසි අරගෙන ආවෙ. පසුගිය කොටස් දෙස නැවත හැරීමක් කෙටියෙන් කළොත්; තෝර්කෙල් ගෙ හමුදාවෙ පැමිණීම නිසා ආෂෙලැඩ් ගෙ පිරිස දැන් ගොඩක් මර භයට පත්වෙලා ඉන්නෙ. කොච්චර බයවෙලාද කියනවනම් දැන් ආෂෙලැඩ්ගෙන් වෙන්වෙලා තෝර්කෙල් ට එක්කහු වෙන්නයි ගොඩක් එවුන් හිතාගෙන ඉන්නෙ. කොහොමහරි මොවුන් සෙවන් ගඟ හරහා දිවෙන අර පාලම ගාවට එන්න සමත් උනා. එතනදි තමයි ආෂෙලැඩ්ගෙ එවුන් ද්‍රෝහිකම කරන්න පටන්ගන්නෙ. කුමාරයා අල්ලගෙන තෝර්කෙල් ට භාරදීමේ අරමුණ එක්ක ආෂෙලැඩ්ගෙ එවුන් දැන් ආෂෙලැඩ්ට ද්‍රෝහිකම් කළා මතක ඇතිනෙ. හැබැයි ආෂෙලැඩ් නම් එහෙම ලේසියෙන් කුමාරයා අතාරින්න බලාපොරොත්තුවක් නෑ. දැක්කනෙ යකා වගේ සටන් කරපු විදිහ. ඒ සටන එහෙම වෙනකොට ඔන්න තෝර්කෙල් එහෙමත් එතනට ආවා. ඉතින්, කට්ටියට මතක ඇතිනෙ ආෂෙලැඩ්ගෙ එවුන්ට මොකක්ද උනෙ කියල?

වැදගත්ම කාරණය උනේ ඒක නෙමෙයි. දකින්න ඇතිනෙ ඔතෑනි ළාමක විදිහට හිටපු කුමාරයා ලොකු වෙනසකට ලක්වෙනවා. ඔව්; ඉතාමත් කෙටි වෙලාවකින් ලෝකයෙ ස්වාභාවය, ආදරය ගැන ඔහු අවබෝධ කරගෙන ඔහුගෙ මනස වේගයෙන් ශක්තිමත් කරගන්නවා. කුමාරයා ගැන වැඩිදෙයක් දැන්ම කියන්න බෑ. අපි මෙහෙම බලාගෙන යමුකො අවසානය වෙනකම්ම.

ඉතින් තෝර්ෆින් සහ තෝර්කෙල් අතර වෙන ද්වන්ත සටන කොහොමද වෙන්නෙ කියල මේ කොටස් දෙකෙන් බලලා දැනගන්න. ඊළඟ කොටස් දෙකෙන් හමුවෙමු එහෙනම්…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

1,896 downloadsDownload Vinland-Saga-S01-E19-E20-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

1,896 downloadsDownload Subtitles27 KB

3 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි.

  2. Arusha Herath

    Ithuru tikath onee ikmanata

  3. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති