Vinland Saga Sinhala Subtitles මහත්වරුනි, මහත්වරුන්ගෙ කතාවෙ 17 සහ 18 කොටස් දෙකටයි මේ උපසිරසි අරගෙන ආවෙ එහෙනම්. පසුගිය කතාව අපි මතක් කිරීමක් කළොත්, ආෂෙලැඩ් ඇතුළු පිරිස අර ගම්මානයට එල්ල කරපු ප්‍රහාරයෙන් දිවි බේරාගත් එකම කෙනා උනේ අර ඈන් කියන ගෑණු ළමයා. ඇය වේදනාවෙන් ඉදිරියට ඇවිදන් යද්දි එම ප්‍රදේශය භාර…

මහත්වරුනි, මහත්වරුන්ගෙ කතාවෙ 17 සහ 18 කොටස් දෙකටයි මේ උපසිරසි අරගෙන ආවෙ එහෙනම්. පසුගිය කතාව අපි මතක් කිරීමක් කළොත්, ආෂෙලැඩ් ඇතුළු පිරිස අර ගම්මානයට එල්ල කරපු ප්‍රහාරයෙන් දිවි බේරාගත් එකම කෙනා උනේ අර ඈන් කියන ගෑණු ළමයා. ඇය වේදනාවෙන් ඉදිරියට ඇවිදන් යද්දි එම ප්‍රදේශය භාර ප්‍රධානියගෙ සෙබළුන්ට හමු වෙනවා. ඔන්න ඔය විදිහට ඩෙන්මාර්කයෙ පිරිසක් සෙවන් ගඟ ආසන්නයෙ ගමක රැඳිලා ඉන්නවා කියන තොරතුර ඉංග්‍රීසි හමුදාවන් අතට යනවා. එම අධිපතියා මේ ඩෙන්මාර්ක පිරිසට පහර දෙන්න අමතර හමුදා සහය ඉල්ලන්නෙ ග්ලෝස්ටර් වලින්. වෙලාව කියන්නෙ ආෂෙලැඩ් ඇතුළු පිරිස දඩයම් කරන්න බලාගෙන ඉන්න තෝර්කෙල් දැන් ග්ලෝස්ටර් වලයි ඉන්නෙ. ඔන්න ඔය විදිහට තෝර්කෙල් දැන් සිය පිරිස සමඟ එම ගම්මානයට පිටත් වෙනවා.
කල්තියාම ඉංග්‍රීසි හමුදාවන්ගෙ පැමිණීම දැනගත් ආෂෙලැඩ් දැන් ඔවුන් හා සටනට පිරිස සූදානම් කළා. මේ අතරවාරයෙ අපි දැක්කා රැග්නාර් ට ආෂෙලැඩ් මොකද කළේ කියල. ආෂෙලැඩ් එයින් බලාපොරොත්තු උනාට වඩා දෙයක් තමයි ඔහුට රැග්නාර්ගෙන් දැනගන්න ලැබුණෙ. දැන් දන්නවනෙ ඩෙන්මාර්කයෙ ස්වෙයින් රජු හා ඔහුගෙ බාල පුත් කුනූට් අතර තියෙන කෝන්තරය මොකක්ද කියල. බලය නිසා මිනිසුන් නොමිනිසුන් වෙලා…
අල්ලාගත් ඉංග්‍රීසි හමුදා කපිතාන්වරයගෙන් තෝර්කෙල්ගෙ පිරිස තමා දෙසට එන බව ආෂෙලැඩ් දැනගන්නවා. මෙයින් ගොඩක්ම භයවෙන්නෙ ආෂෙලැඩ්ගෙ මිනිසුන්. කොච්චර භයවෙලාද කියනවනම් උන් දැන් ආෂෙලැඩ් අතෑරලා තෝර්කෙල් ට එක්කහු වෙන්නයි හිතාගෙන. ඉතින් අපි බලමු නේද මාර කටෙන් ආෂෙලැඩ් කොහොමද ගොඩ එන්නෙ කියල…

ඉහත සිතියම හරහා ඔයාලට බලාගන්න පුලුවන් ආෂෙලැඩ් ඇතුළු පිරිස රැඳීසිටි ගම අතහැර සෙවන් ගඟ හරහා දිවෙන පාලම ගාවට ආපු මාර්ගය. දැන් මේ පාලම ආසන්නයෙයි සටන සිදුවෙන්න යන්නෙ…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
1,985 downloadsDownload Vinland-Saga-S01-E17-E18-Sinhala-Subtitles.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
3 comments
Arusha Herath
Ishan Madusha
බොහොම ස්තූතියි.
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Ithuru tikath onee