Blue Eye Samurai S01 Sinhala Subtitles 2023 වසරේදී Netflix වෙතින් නිකුත් වුනු Blue Eye Samurai ඇනිමේෂන් කතා මාලාව අතිශයින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඇනිමේෂන් කතා මාලාවක්. අතීත ජපන් සමාජයේ පැවති අසමානකම් පරයා තම යුක්තිය සොයා යන සමුරායිවරයෙකුගේ කතාවක් ඔස්සේ දිව යන මේ කතාව, රුධිර වැගිරවීම් වලින් යුක්ත…

2023 වසරේදී Netflix වෙතින් නිකුත් වුනු Blue Eye Samurai ඇනිමේෂන් කතා මාලාව අතිශයින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඇනිමේෂන් කතා මාලාවක්. අතීත ජපන් සමාජයේ පැවති අසමානකම් පරයා තම යුක්තිය සොයා යන සමුරායිවරයෙකුගේ කතාවක් ඔස්සේ දිව යන මේ කතාව, රුධිර වැගිරවීම් වලින් යුක්ත කතාවක්ද වෙනවා. එම කතාවේ 05 සහ 06 කොටස් සමගිනුයි ඔබ මේ එකතු වෙන්නේ.
හෙයිජි ශින්ඩෝ සොයා පැමිණෙන මිසුව ඝාතනය කිරීමේ අරමුණින් මිසු වෙත එවපු ෆැන්ග්වරු හෙවත් කුළී ඝාතකය කණ්ඩායම මිසු විසින් ඝාතනය කර දමනවා. ඒ අතරෙදි ධනවත් කුමරියක් විවාහ කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්න, මිසුගේ ළමා කාලයේ එදිරිවාදියෙක් වෙන ටයිගන් පෙර සටනේදී තමන්ට අත් වුනු ලැජ්ජාවේ විළි වසා ගැනීම වෙනුවෙන් මිසු පසුපස හඹා එනවා. මිසු සහ ටයිගන් දෙදෙනා මුණ ගැහුනත් ෆැන්ග්වරුන්ට මුහුණ දීමෙන් ඇතිවුනු තුවාල නිසා මිසු ඉතා දුබල තත්වයට පත් වෙනවා. දෙදෙනාගේම එකඟතාවයක් අනුව සටන කල් දමන මේ දෙදෙනාටම හෙයිජි ශින්ඩෝ නම් පුද්ගලයා මුණ ගැසෙනවා.
ශින්ඩෝගේ නොසිතූ විදිහේ යෝජනාවක් සමඟින් එල්ල වුනු ඊතල ප්‍රහාරයකට මැදි වුනත් මිසු, ටයිගන් දෙදෙනා එතැනින් පළා යන්න සමත් වෙනවා. මේ සිදුවීමෙන් පස්සෙ මිසු හොයන සුදු ජාතිකයා දැන් මේ නොදන්නා සමුරායිවරයා ගැන ටිකක් දැනගෙනයි ඉන්නේ. ඒත් තමන්ගේ ඉලක්කයට යන්න මිසුට තාමත් හරි පාරක් නෑ. ඉලක්කය වෙත යන්න පාරක් හොයාගන්න මිසු ගණිකා මඩමක් වෙත යනවා. හරියටම කිව්වොත් මිසුගේ පළිගැනීමේ බිමට ඇතුල් වෙන්න පාරක් දැනගැනීම වෙනුවෙන් ඒ ගණිකා මඩමේ පාලිකාව වෙත ළඟා වෙන එක තමයි මිසුගේ අරමුණ වුනේ. ඒ පාලිකාවගේ රහස් කොන්ත්‍රාත්තුවක් සාර්ථකව ඉටු කළාට පස්සෙ මිසුට එයා හොයන මාර්ගය ලැබෙනවා. හැබැයි මිසු ඉටු කරපු පාලිකාවගේ රහස් කොන්ත්‍රාත්තුව හෙළි වීම නිසා ඝාතක සේනාවක්ම මිසු සහ ගණිකා මඩමේ පාලිකාව ඉදිරියට එනවා.
මීළඟට මොකක් වේවිද? තවත් ලේ නැහැවෙන සටන් කිහිපයකට තමයි මේ ඇතුල් වෙන්නෙ. මිසුට මේකෙන් බේරිලා තමන්ගෙ පළිගැනීමේ මාවතට ඇතුල් වෙන්න පුලුවන් වේවිද? නරඹන්න මේ කොටස් දෙක. Blue Eye Samurai හි වැඩිහිටියන්ට පමණක් සුදුසු වෙන ලිංගික දර්ශන ඍජුවම අඩංගු වෙන බවත් මතක් කරනවා. ඒ වගේම මේ කතාවට සිංහල උපසිරැසි නිර්මාණය කරල තියෙන්නේ PSA වීඩියෝ පිටපත් වලට වගේම ඉංග්‍රීසි භාෂාවට ගැලපෙන විදිහටයි. Baiscopedownloads වෙබ් අඩවියෙනුත් වීඩියෝ පිටපත් ලබා දේවි. මීළඟට Blue Eye Samurai හි 07 සහ 08 කොටස් හෙවත් අවසාන කොටස් දෙක තුළින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB-Rip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,231 downloadsDownload Blue.Eye_.Samurai.S01-E05-E06-Sinhala-sub.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Blue Eye Samurai S01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
4 comments
Dasun Lakruwan
buddika
thanks for the sub
Denith
Agent 2023 Telugu Sinhala sub onaa
Shen
Bro netflix lage one hundred years of solitude ekata subtitle eka dennako
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



දෙනකන් හිටියේ, පිස්සුවක් මේක