Watch Trailer

Boys Before Flowers [EP 01] | ඔබට ආදරය කරමි… ඔබ වෙනුවෙන්ම බලා සිටිමි… [සිංහල උපසිරැසි සමඟ]

එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. මෙයාලාගේ…

Boys Before Flowers 2

එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. මෙයාලාගේ කණ්ඩායමට කිව්වේ F4 කියලයි. මේකේ නායකයා තමයි Goo Jun-pyo (Lee Min ho ), එයා තමයි කොරියාවේ ලොකුම ව්‍යාපාරයේ අනාගත හිමිකාරයා. ඒ වගේම මේ පාසලත් අයිති එයාගේ පවුලට. ඒ නිසා කවුරුවත් මෙයාට උඩින් මේ පාසලේ වැඩ කරන්න ගියේ නෑ. එහෙම කරන අයට මේකේ ඉන්න ලැබෙන්නෙත් නෑ. මේ හතර දෙනා අතරින් එක්කෙනෙක් ටිකක් වෙනස්. එයා සංගීතෙට ලැදි F4 එකේ අය කරන සමහර දේවල් වලට අකමැති සංවේදී හදවතක් තියන කෙනෙක්. නම Yoon Ji-hoo (Kim Hyun ). මේ set එකේ අනිත් දෙන්නා තමයි, So Yi-jung (Kim Bum) සහ Song Woo-bin (Kim Joon ) කියන්නේ. කොහොම වුණත් මේ තුන්දෙනා අතිජාත මිත්‍රයෝ.

හදිස්සියේම අහම්බෙකින් කඩා පාත් වුණ වාසනාවක් හෝ අවාසනාවක් නිසා Geum Jan-di (Ku Hye sun ) ටත් මේ පාසලට එන්න අවස්තාවක් ලැබෙනවා. සාමාන්‍ය දුප්පත් dry cleaning ව්‍යාපාරයක් කරගෙන ජීවත් වෙන පවුලක එකම දූ තමයි මෙයා. කොහොම උණත් අසාධාරණය එහෙම මෙයාට පෙන්නන බෑ. ඒ නිසා පාසලට ආපු දවසේ ඉදන්ම මෙයාට කරදරම තමයි වැටෙන්නේ. ඒවත් සාමාන්‍ය කෙනෙක්ට ඉවසන්න පුලුවන් තරමේ ඒවා නෙවේ. ඒත් මෙයා කවදාවත් F4 එක ඉදිරියේ දණ නමන්න සූදානම් වෙන්නෙත් නෑ.

මේ පාසලට අකමැත්තෙන් ආවත් ඒ ආපු පළවෙනි දවසෙම හද සසල කරවන ලස්සනම ලස්සන වයලින් වාදනයක් වයමින් තනිවම ඉන්න කුමාරයෙක් වගේ ලස්සන පෙනුම තියන කෙනෙක් එයාට දකින්න ලැබෙනවා. එයා මොකක් හරි දුකකින් ඉන්න කෙනෙක් බවත් Jan-di තේරුම් ගන්නවා. ඒ තමයි Yoon Ji-hoo, ඒත් ඒ වෙනකොට එයා F4 එකේ කෙනෙක් බව නම් Jan-di දන්නේ නෑ. මොන අමාරුකම් දරාගෙන හරි Jan-di පාසලට එනවා. එත් Goo Jun-pyo ගෙන් මෙයාට හැමදාම කරදරම තමයි වෙන්නේ. ඒ හැම වෙලාවකම එයාව බේරගන්න Yoon Ji-hoo එනවා. ඒත් Geum Jan-di ඉක්මනටම දැනගන්නවා Ji-hoo ගේ ආදරය එයාට හිමි නැති බව. ඒ නිසා ඇය දුක් වෙනවා. ඒ අතර Goo Jun-pyo ටත් කිසිම දේකට යටත් නොවී ඉන්න මේ පුදුමාකාර ගෑණු ළමයා ගැන හිතක් පහල වෙනවා. ඒත් ඒක පෙන්නන්න ඕන විදිය එයාට තේරෙන්නේ නෑ. මෝඩ වැඩම තමයි කරන්නේ. ඒ නිසා Jan-di ට තවත් තරහ යන එක තමයි වෙන්නේ. ඒත් පස්සේ Goo Jun-pyo කියන්නේ හිතන තරම්ම නරක කෙනෙක් නොවන බව Jan-di තේරුම් ගන්නවා. ඒ අතර Ji-hoo ත් යම් සිදුවීම් කීපයකට පස්සේ Jan-di ට ආදරය කරන්න පටන් ගන්නවා. ඉතිං අන්තිමට කවුරු කාට හම්බවෙයි ද කියලා මේක බලලම තමයි තීරණය කරන්න වෙන්නේ.

Jan-di ගේ පවුලේ සිදුවන හාස්‍යජනක සිදුවීම් සහ පාසලේ දි වෙන රසවත් සිදිධීන් එක්ක සමහර අවස්තාවලදී සංවේදී බවකුත් එක්ක මේ කතාව ලස්සනට ගලාගෙන යනවා. ඒක පළවෙනි කොටස බැලුවම ඔයාලට තේරුම් ගන්න පුලුවන් පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන එකක් නම් නෑ. අවසානය වෙනකන්ම කම්මැලි නැතුව ආසාවෙන් බලන්න පුලුවන් කතාවක් තමයි මේ.

8.5/10 ක ඉහල IMDb අගයක් දරන මෙය 2009 විකාශනය වූ ටෙලිනාට්‍යක්, episodes 25 කින් සමන්විතයි.

අහ්… මට නිකමට හිතුණා මේ ගැන තවත් රසවත් දේවල් ටිකක් කියන්න, Kim Hyun joong (Yoon Ji-hoo ), කියන්නේ කොරියාවේ සුප්‍රසිධ SS501 කියන සංගීත කණ්ඩායමේ ඉන්න තරුවක්. මේකේ තියන සින්දු 2 ක්ම ගායනා කරන්නේ එයා විසින්මයි (“Because I’m Stupid”/”Making a Lover”) කියන ගීත දෙක ඒක ඔයාලට මේක බලන කොට අහන්න පුලුවන්. SS501 හි විශේෂ වේදිකා රංගනයක් නාට්‍යයේ episode 4 අඩංගුවෙනවා. තව අපේ කතා නායිකාව Geum Jan-di ට නිතරම හිරිහැර කරන පාසලේ “සුරුපිණියෝ 3න් දෙනා” කියලා හඳුන්ව ගන්න (ginger, sunny, miranda) අතරින් sunny කියන චරිතය රඟපාන නිලිය මේ drama එක රඟපෑමෙන් පස්සේ සියදිවි නසාගෙන තියනවා, ඒ මෙහි රගපාන අතරතුර නරක හැසිරීම් නිසා ඇති වූ චෝදනා දරාගන්න බැරුවලු.

ඒ වගේම මේ drama එකට ලැබුණ awards ගැන කිව්වොත් එම වසරේ බොහෝ සම්මාන උලෙල් වලදී, Lee Min hoහොදම නලුවා ලෙසත්, Kim Hyun joong ජනප්‍රියම නලුවා ලෙසත්, music award වලදී “Because I’m Stupid” හොදම ගීතය ලෙසද සම්මාන දිනාගෙන තියනවා.

ඉතිං නිවාඩු පාඩුවේ ඉදන් මේ ලස්සන drama එක බලන්න කියලා කොරියානු නිර්මාණ රසවිදින්න කැමති හැමෝගෙන්ම ඉල්ලනවා. ඒ වගේම බලලා හොද නරක අදහස් එහෙමත් කියන්නකො, එහෙනම් ආපහු හමුවෙමු. 😀

Boys Before Flowers (2009) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

240 MB කොපිය (5.4GB) මෙතනින් බාගන්න

9b529679d67a44b4e7efe393ae00db1374104788

720 MB කොපිය (16.63GB) මෙතනින් බාගන්න

b0353bc4465003f0ec2cc0ab32278fbcb471cb8b

860 MB කොපිය (19.85GB) මෙතනින් බාගන්න

9f46d795c6d226b40dd47148e8e71317e8f2f499 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Download

8,252 downloadsDownload Boys.Over_.Flowers.E01.zip82 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                       All Episodes                              Next Episode >>

Subtitles by

ස්වර්ණරේඛා සෙව්වන්දි

Subtitles

8,252 downloadsDownload Subtitles82 KB

89 comments

  1. dilshan

    ah ela.tawath korean drama ekkane.mekanan man balala tiyenawa.patta katawa.

  2. Nisal lakshan

    kriyan kathama genawane kalin dipu film balauwa mekath balanna patan gannawa

    1. Nisal lakshan

      koriyan hode

  3. sudeera

    ස්තුතියි සහොදරිය අපිත් ඔන්න ගත්තා

  4. Ashan ravihansa

    ela vadak akke meke direct link eka banne kohomada

  5. Lahiru

    Thanks... onna gaththa.. (y)

  6. හර්ෂ ලහිරු

    එලකිරි සෙව්වන්දී ජයවේවා :D
    පොඩි ෆයිල් තිබ්බෙම නැද්දෝ :-(

  7. senuri

    ammooooooooooooooooooooo pissu hadanawa,ela ela,maka nam danakan bln htya

  8. chandima

    නියමයි නියමයි දිගටම ඕන සහොදරිය ... මේකේ වෙන ටොරෙන්ට් නැද්ද පොඩි එවා එහෙම වුනානම් ගොඩ.. සුභපැතුම්

  9. senuri

    ou sisi size aka podi torrent ahama tynwa nm hodai

  10. Dilshan

    mage thunweniyata aasama katawa.Hodak sathutui KPOP pissoth meke inna eka hana.wade digatama karamu.Jayawewa...!

  11. Thisara Neo

    නියමයි...
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  12. yasiru

    episod 1 akanam hdi ikmanata ilaga ipisod akath denna
    thanks akke direct downlod dunnta

  13. RICHI

    kathawata niyamai wage eth podi ewa nane puluwannam podi torrent ekak denna bohoma pin akke...

  14. ගම්බට්ටා

    නියමයි නියමයි... මේක නම් සුපිරි කතාවක්.. ඔන්න එහෙනම් අපි සබ් එක ගත්තා ... ඉක්මනටම අනිත් ටිකත් දෙන්න.. ජයවේවා....!!!

  15. නලින්

    ස්තුතියි සේව්වන්දියේ!

    ලස්සන කථාවක් වගේ දිගටම දෙන්න හොදේ

    ජය වේවා!

  16. Shakthi

    oke nama Boys befor Flowers neme bn Boys Over Flowers,mona unath lassana kathawa :D

    1. ඇඩ්මින්

      ඒ නම් දෙකම කියනවා සහෝ... අපි දීලා තියන විකිපීඩියා ලින්ක් එක බලන්න... :)

      - Also known as Boys Before Flowers

    2. Dilshan

      KPOP dramas godak ewata region anuwa nam 3k tiyenawa.

  17. Tharindu Perera

    Elazzz elazzz....fatta kathavakk vageee....mekath blnva onna ehenamm...thankss sub ekatahh akkkeee..digatama dennaa....

    1. Tharindu Perera

      Happata uduu danui dakke torrent eke sizee ekaa...podi linkuvak hoyala dennanakooo.....

  18. රොයිලි

    බොහොම ස්තූතියි සෙව්වන්දි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Sewwandi

      සබ් එක ඉක්මනටම පලකලාට බොහොම ස්තුතියි. :D

  19. සචිත්‍ර දර්ශන

    thanks akke

  20. “චූටී මල්ලි”

    එලස් අක්කේ
    දිගටම ඩිරෙක්ට් ලින්ක් එක දෙනවා නේ???????????
    සබට තුති
    ඔබට ජය.....

  21. gayan

    Niyamaaaaaaaaai! :D :D

  22. isuru

    ස්තුතියි

  23. sameera

    Superb....., thanks sis...

  24. Kulanjana Maduranga

    wow ela lassana korean drama 1k.aniwa balanawa.thanks SEWWANDI akke.good work.meka digatama denna.jaya wewa....

  25. Givantha Arshakularathne

    කොරියන් ලව් ස්ටොරිය දුන්නට බොහොම පින් ,
    ඉදිරියටත් කරගෙන යමට සුබ පතුම්.

  26. Gayan Buddika

    Patta machan Episodes 25ma sub ikmanata dapan. kochchara beluwath epa wenne nethi series1k. Thankz Bro....

    1. Gayan Buddika

      Sorry Weraduna Bro nemei Sister. Thank u again

  27. herry

    බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
    මම autumn in my heart ටීවී සීරීස් එකත් බැලුවා.

  28. Mihiran

    පට්ට කතාව මේක මම 3න් වතාවක් බලල තියෙනවා..... සිංහල sub දෙන නිසා අයෙත් බලනවා....

  29. යොමාල්

    කොරියාවේ මම බලපු හොදම TV series එක නේ ඔය දාලා තියෙන්නේ.මම මේක බලල Geum jan di ට පිස්සු හදුනා.. ඒ කෙල්ලගේ මාර ඇක්ටින් ටිකක් තියෙන්නේ..ඔයාට ගොඩක් ස්තුත්යි අනිත් අයටත් බලන්න මේක දාපු එක...

  30. iresha dulanjani

    thank u soooo much.....we love BBF.superbe

  31. anuruddika

    16.63GB MEKA DOWNLOARD KARAMA SUBTITLE EKK MATCH WENNE NAHA, MAM ME DRAMA EKATA GODAK KAMATHI, EKA NISA SUB MATCH KARALA DANNAKO PLS,,,,,,,,,,,,,,,

    1. sudammi

      ane akki, sub match wenne naha, match karannakooooooooooooooooo, pls

    2. ඇඩ්මින්

      ඔයා බාපු ඔය කොපියේ තියන ඉංග්‍රිසි සබ් එක ගැලපෙනවද වීඩියෝ එකත් එක්ක. එහෙම ගැලපෙනවනම් අපි දුන්න සබ් එකත් ගැලපෙන්න ඕනා. මොකද ඒකට අනුව තමා සින්ක් කලේ සිංහල සබ් එක.

      ඔයා හරි සබ් එකද දන්නේ නෑ ලෝඩ් කලේ ෆිල්ම් එකට.. ඒක පොඩ්ඩක් බලන්න. මොකද ඔතන තියන සබ් ෆයිල් වලින් එක සබ් එකක් වෙනස් ටයිම් තියෙන්නේ. ඒ නිසා තුනම වෙන වෙනම ලෝඩ් කරල බලන්න හරියනවද කියල.

  32. thennkoon

    tnx kki, mm harima asa drama ekak, eth sub match wenne naha sudu, eka hari gassannakooooooooooooooooooo pls ,

    1. Sewwandi

      19 GB rip ekata gaelapenna thamay mama sub haedhuwee. eekata gaelapena sab english sub file witharay mata laebuNee.

  33. uttara

    thank you so much............... i,m very very happy .it is my favorite drama. plz... quickly other episode.... thank you..........

  34. sineth

    නියම වැඩක් ඔයා පටන් ගෙන තියෙන්නේ.මම මේ කතාව දෙපාරක් බැලුවා. මේක මම බලපු ලස්සනම කොරියන් කතාවක්.සිංහල සබ් එක්ක මම ආපහු බලනවා.මේ වගේම ඉතිරි සබ් ටිකත් ලස්සනට දාන්න. ඔබට ජය සහෝදරී !!!!!!!

  35. shamal

    Mage favourite ma k drama eka... 4parak balluwa....ayeth balanawa sinhala sub ekka...Thanks for great subtitiles....thawa lassana k drama thiyanawa ewa mara lassanai... City hunter-lee min hoo inne...eka mara lassanai...ekatath sub dennako...oyama balala hondainam sub denna.... Issarahata apota thawa k dramas walata sub denna labewai kiyala prarthana karanawa....

    1. Sewwandi

      මාත් ඒ CITY HuNTER බැලුවා .ලස්සනයි තමයි.ඒකටත් සබ් දාන්න බලන්න ඕනේ. :D

    2. shamal

      Akke mama city hunter ekata sub hadanam puluwan widiyata kamak nanea?

    3. sydney

      ඇයි පර්සනල් ටේස්ට් ... ? ප්ලෙෆුල් කිස් .. heirs ??? ane ewageth subs dannakoo :D

    4. Sewwandi

      අනේ දාන්නකෝ, නියමයි නේ, :D පර්සනල් ටේස්ට් …ප්ලෙෆුල් ඒ දෙකත් නියමයි නේද <3 <3

    5. nilmini

      අක්කෙ pinocchio 2015 පුලුවනුනම් සබ් දෙන්නකො

  36. Poshitha

    මම බලපු ලස්සන කතාවක්......දැන් සින්හල එක්ක ආයෙත් බලන්න පුලුවන්..බොහොම ස්තුතිය.........ි

  37. Thilini Rasangi

    meka hoda drama akak mama balala theyanawa, hodai

  38. dinidu madushanka

    ela ela bro digatama demu jaya wewa

  39. prabath

    meke 5.4 gb copy 1 ganna bane akke

  40. ප්‍රසන්න ප්‍රියදර්ශන

    අප්පටසිරි මේකනම් මාරම කතාව..ආයේ කියලා වැඩක් නෑ..මම මේක 3 පාරක් විතර බලලා තියෙනවා..දැන් සිංහල සබ් එක්ක ආයේ පාරක් බලන්න පුළුවන්..තෑන්ක් යු වේවා....!!

  41. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා අක්කේ දිගටම දෙමු එහෙනම්
    එපි සියල්ලම අරගෙන තියෙන්නේ දැන් ඉතින් සබ් දෙන දෙන විදිහට බලනවා.

  42. nishshanka ruwan

    thanx :)

  43. Ishini Priyangika

    මේක ඇත්තටම ලස්සන කතාවක් මේකේ Boys Before Flowers 2 ත් ලගදීම එනවනේ.මම මේක 3න් පාරක් බලලා තියෙනවා.

  44. sanju lakshan dharmasena

    අප්පා....
    මේක තමා මම මුලින්ම බැලුව Korean drama එක..
    මේක බැලුවට පස්සෙ එක දිගට Korean drama 20k විතර බැලුවා... එච්චරම addicted වුනා..
    මාරම ලස්සන කතාවක්....
    මටත් හිතුනා මෙකට sinhala sub එක දන්න ඔනේ කියලා, මෙක බලපු දවස් වලම, එත් වෙලවක් හම්බුනේ නැ.... බොහොම සතු‍ටුයි මෙකට කෙනෙක් ඉදිරිපත් විම ගැන, මොකද ගොඩක් ලස්සන කතවක්
    thanx ස්වර්ණරේඛා සෙව්වන්දි :) :) :)

    1. sydney

      ශා මාත් එහෙමයි.. දැන්නම් බලන්න ඔනේ රොමෑන්ටික් කොරියන් ඩ්‍රාමස් සෙරම වගෙ මම බලල ඉවරයි ... :D

    2. Sewwandi

      හි හී ....මාත් එහෙමම තමයි.

  45. sydney

    thank uuuuu ... 12 වසරෙදි මෙකෙන් තම මම ඉස්සරවෙලාම කොරියන් ඩ්‍රාමා බලන්න පටන් ගත්තෙ .... (JI hoo ට නම් kAmathi වෙන්න එපා ඔන්න එයා මගෙ ..... ) :D :D

    1. Sewwandi

      :(

    2. sydney

      Moko muna upset .... oyath eyata kamathidaaaa :P

  46. sydney

    මගෙ ලඟ මේක තියෙනව. ඒ නිසා සබ්ස් විතරයි ඩවුන් කලෙ. ඒත් සබ්ස් ප්ලේ වෙන්නෙ නෑනෙ .. ඇයි ඒ :(

  47. nalaka

    thank sis..

  48. eranthika

    ane sewandhi akke... meke files 3 k thiyenwa mulinma dhanna oni mokakdha ?mokakdha me copy 3k thiyenne mama b gaththe 3 weni copy eka...

  49. Menu

    Thank you :)

  50. Chathura

    I just wanted to tell this drama is shit.. i don't know who the hell even like to watch this kind of Shit Dramas in the world.

Load more comments