Watch Trailer

Boys Before Flowers [EP 02] | ඔබට ආදරය කරමි… ඔබ වෙනුවෙන්ම බලා සිටිමි… [සිංහල උපසිරැසි සමඟ]

එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. මෙයාලාගේ…

Boys Before Flowers 1

එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. මෙයාලාගේ කණ්ඩායමට කිව්වේ F4 කියලයි. මේකේ නායකයා තමයි Goo Jun-pyo (Lee Min ho ), එයා තමයි කොරියාවේ ලොකුම ව්‍යාපාරයේ අනාගත හිමිකාරයා. ඒ වගේම මේ පාසලත් අයිති එයාගේ පවුලට. ඒ නිසා කවුරුවත් මෙයාට උඩින් මේ පාසලේ වැඩ කරන්න ගියේ නෑ. එහෙම කරන අයට මේකේ ඉන්න ලැබෙන්නෙත් නෑ. මේ හතර දෙනා අතරින් එක්කෙනෙක් ටිකක් වෙනස්. එයා සංගීතෙට ලැදි F4 එකේ අය කරන සමහර දේවල් වලට අකමැති සංවේදී හදවතක් තියන කෙනෙක්. නම Yoon Ji-hoo (Kim Hyun ). මේ set එකේ අනිත් දෙන්නා තමයි, So Yi-jung (Kim Bum) සහ Song Woo-bin (Kim Joon ) කියන්නේ. කොහොම වුණත් මේ තුන්දෙනා අතිජාත මිත්‍රයෝ.

හදිස්සියේම අහම්බෙකින් කඩා පාත් වුණ වාසනාවක් හෝ අවාසනාවක් නිසා Geum Jan-di (Ku Hye sun ) ටත් මේ පාසලට එන්න අවස්තාවක් ලැබෙනවා. සාමාන්‍ය දුප්පත් dry cleaning ව්‍යාපාරයක් කරගෙන ජීවත් වෙන පවුලක එකම දූ තමයි මෙයා. කොහොම උණත් අසාධාරණය එහෙම මෙයාට පෙන්නන බෑ. ඒ නිසා පාසලට ආපු දවසේ ඉදන්ම මෙයාට කරදරම තමයි වැටෙන්නේ. ඒවත් සාමාන්‍ය කෙනෙක්ට ඉවසන්න පුලුවන් තරමේ ඒවා නෙවේ. ඒත් මෙයා කවදාවත් F4 එක ඉදිරියේ දණ නමන්න සූදානම් වෙන්නෙත් නෑ.

මේ පාසලට අකමැත්තෙන් ආවත් ඒ ආපු පළවෙනි දවසෙම හද සසල කරවන ලස්සනම ලස්සන වයලින් වාදනයක් වයමින් තනිවම ඉන්න කුමාරයෙක් වගේ ලස්සන පෙනුම තියන කෙනෙක් එයාට දකින්න ලැබෙනවා. එයා මොකක් හරි දුකකින් ඉන්න කෙනෙක් බවත් Jan-di තේරුම් ගන්නවා. ඒ තමයි Yoon Ji-hoo, ඒත් ඒ වෙනකොට එයා F4 එකේ කෙනෙක් බව නම් Jan-di දන්නේ නෑ. මොන අමාරුකම් දරාගෙන හරි Jan-di පාසලට එනවා. එත් Goo Jun-pyo ගෙන් මෙයාට හැමදාම කරදරම තමයි වෙන්නේ. ඒ හැම වෙලාවකම එයාව බේරගන්න Yoon Ji-hoo එනවා. ඒත් Geum Jan-di ඉක්මනටම දැනගන්නවා Ji-hoo ගේ ආදරය එයාට හිමි නැති බව. ඒ නිසා ඇය දුක් වෙනවා. ඒ අතර Goo Jun-pyo ටත් කිසිම දේකට යටත් නොවී ඉන්න මේ පුදුමාකාර ගෑණු ළමයා ගැන හිතක් පහල වෙනවා. ඒත් ඒක පෙන්නන්න ඕන විදිය එයාට තේරෙන්නේ නෑ. මෝඩ වැඩම තමයි කරන්නේ. ඒ නිසා Jan-di ට තවත් තරහ යන එක තමයි වෙන්නේ. ඒත් පස්සේ Goo Jun-pyo කියන්නේ හිතන තරම්ම නරක කෙනෙක් නොවන බව Jan-di තේරුම් ගන්නවා. ඒ අතර Ji-hoo ත් යම් සිදුවීම් කීපයකට පස්සේ Jan-di ට ආදරය කරන්න පටන් ගන්නවා. ඉතිං අන්තිමට කවුරු කාට හම්බවෙයි ද කියලා මේක බලලම තමයි තීරණය කරන්න වෙන්නේ.

Jan-di ගේ පවුලේ සිදුවන හාස්‍යජනක සිදුවීම් සහ පාසලේ දි වෙන රසවත් සිදිධීන් එක්ක සමහර අවස්තාවලදී සංවේදී බවකුත් එක්ක මේ කතාව ලස්සනට ගලාගෙන යනවා. ඒක පළවෙනි කොටස බැලුවම ඔයාලට තේරුම් ගන්න පුලුවන් පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන එකක් නම් නෑ. අවසානය වෙනකන්ම කම්මැලි නැතුව ආසාවෙන් බලන්න පුලුවන් කතාවක් තමයි මේ.

8.5/10 ක ඉහල IMDb අගයක් දරන මෙය 2009 විකාශනය වූ ටෙලිනාට්‍යක්, episodes 25 කින් සමන්විතයි.

අහ්… මට නිකමට හිතුණා මේ ගැන තවත් රසවත් දේවල් ටිකක් කියන්න, Kim Hyun joong (Yoon Ji-hoo ), කියන්නේ කොරියාවේ සුප්‍රසිධ SS501 කියන සංගීත කණ්ඩායමේ ඉන්න තරුවක්. මේකේ තියන සින්දු 2 ක්ම ගායනා කරන්නේ එයා විසින්මයි (“Because I’m Stupid”/”Making a Lover”) කියන ගීත දෙක ඒක ඔයාලට මේක බලන කොට අහන්න පුලුවන්. SS501 හි විශේෂ වේදිකා රංගනයක් නාට්‍යයේ episode 4 අඩංගුවෙනවා. තව අපේ කතා නායිකාව Geum Jan-di ට නිතරම හිරිහැර කරන පාසලේ “සුරුපිණියෝ 3න් දෙනා” කියලා හඳුන්ව ගන්න (ginger, sunny, miranda) අතරින් sunny කියන චරිතය රඟපාන නිලිය මේ drama එක රඟපෑමෙන් පස්සේ සියදිවි නසාගෙන තියනවා, ඒ මෙහි රගපාන අතරතුර නරක හැසිරීම් නිසා ඇති වූ චෝදනා දරාගන්න බැරුවලු.

ඒ වගේම මේ drama එකට ලැබුණ awards ගැන කිව්වොත් එම වසරේ බොහෝ සම්මාන උලෙල් වලදී, Lee Min hoහොදම නලුවා ලෙසත්, Kim Hyun joong ජනප්‍රියම නලුවා ලෙසත්, music award වලදී “Because I’m Stupid” හොදම ගීතය ලෙසද සම්මාන දිනාගෙන තියනවා.

ඉතිං නිවාඩු පාඩුවේ ඉදන් මේ ලස්සන drama එක බලන්න කියලා කොරියානු නිර්මාණ රසවිදින්න කැමති හැමෝගෙන්ම ඉල්ලනවා. ඒ වගේම බලලා හොද නරක අදහස් එහෙමත් කියන්නකො, එහෙනම් ආපහු හමුවෙමු. 😀

Boys Before Flowers (2009) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

240 MB කොපිය (5.4GB) මෙතනින් බාගන්න

9b529679d67a44b4e7efe393ae00db1374104788

720 MB කොපිය (16.3GB) මෙතනින් බාගන්න

b0353bc4465003f0ec2cc0ab32278fbcb471cb8b

840 MB කොපිය (19.8GB) මෙතනින් බාගන්න

9f46d795c6d226b40dd47148e8e71317e8f2f499 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Download

5,410 downloadsDownload Boys.Over_.Flowers.E02.zip104 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

ස්වර්ණරේඛා සෙව්වන්දි

Subtitles

5,410 downloadsDownload Subtitles104 KB

32 comments

  1. Tharindu Perera

    happa athi yantham podi torrent ekak dila.....thanks thanks...onna dan bagena balanavaa dekama.....thanks subekatahh.....

  2. dinidu madushanka

    ela ela sister jaya wewa

  3. nishshanka ruwan

    thanx :)

  4. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා අද තමා පළවෙනි කොටස බැලුවේ දෙවැනි එකත්
    අදම බලනවා සබට තුති!

  5. හර්ෂ ලහිරු

    අම්මේ.....දෙයියො දැක්කාවගේ පොඩි ටොරන්ට් එක දැක්කම :D :D
    තාම නම් මේක බලන්න පටන්ගත්තෙ නෑ දෙකතුනක් එකතුකර ගෙනම බලනවා :P ජයවේවා සෙව්වන්දි :D

  6. roxx

    අදම බලනවා සබට තුති!

  7. Chamath

    Superb....

  8. Kulanjana Maduranga

    ammo ati yantham podi torrent 1k dela.niyama drama 1k.meka digatama denn.thanks SEWWANDI akke,onna banna dawoooo... jaya wewa.....

  9. Sisira Hegoda

    Thanks.Thanks.. Thanks...

  10. නලින්

    ස්තුතියි සෙව්වන්දි සහෝදරියේ
    ජය වේවා

  11. “චූටී මල්ලි”

    එලස් අක්කේ
    සබට තුති
    ඔබට ජය......

  12. sudammi

    akke sub meke match wenawa, thank u soooooooooooo much

  13. Thisara Neo

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  14. herry

    බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි.

  15. RICHI

    thanks....

  16. රොයිලි

    බොහොම ස්තූතියි ස්වර්ණරේඛා සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P

  17. Givantha Arshakularathne

    අක්කෙ සුපිරි tv seris එක.
    සබට තුති.

  18. yaka

    akke
    akka kemathi nam man lassana Japanese katha tikaka nam dannam
    admin eken ahala puluwannam ape rasikayanta sub denna.

    1. Proposal Daisakusen
    2. 1 Litre no Namida
    3. Buzzer Beet
    4. Yamada Tarō Monogatari
    5. hana Zakari no kimithachi e
    6. koizora - meke nam korian ver. ekath thiyenawa

    http://www.d-addicts.com/forum/subtitles.php
    mema katha malawala Eng sub okkoma thiyenawa

  19. Hashini Avunugalla

    Tnx akki..Ep 2kama lasanai...digatama sub denna akki...

  20. sydney

    අක්කි to the beautiful you කියලා කෙල්ලෙක් කොල්ලෙක් වගෙ ඇඳන් බෝයිස් ස්කූල් එකකට ගිහින් මාස 10ක්ම ඉන්න එකක් තියෙනව. ඒක මාර ලස්සනයි. ඒකෙත් සබ්ස් දාන්නකො .. තව my Girl කියන එකත්... ඒක ෆුල් හවුස් වගෙ ටිකක් . මම bof එකෙන් පටන්ගෙන දැන් බලන්න තිබුන ලස්සනම ඩ්‍රාමස් බලුවා .. මේ දවස්වල බලන්නෙ bof එකෙ Ji hoo ගෙ Inspiring Generation කියලා තාම Episode 12 යන්නෙ.. ඒකෙනම් ඉන්නෙ ji hoo වගෙ නිහඬ ආදරණීය කොල්ලෙක් විදියට නෙමෙ .. "ස්ට්‍රීට් ෆයිටර් " කෙනෙක් විදියට :D

  21. nishu

    ane mata me podi torrent file eka download karaganna bane

  22. nishshanka ruwan

    ස්තුතියි :)

  23. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා..! 👍

  24. Naween

    සෑහෙන තෑන්ක්ස් ඈ.මේක පට්ට කතාව...

  25. nirosha

    meka dunnata thanks

  26. sanath

    ස්තුතියි සෙව්වන්දි .............
    මේක අපි රස විදින්නේ ඔයා නිසයි..............
    හද වතින්ම සුබ පතනවා කරන වැඩ කටයුතු සාර්ථක කර ගන්න කියලා................

  27. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  28. P.K

    Thanx a lot for the sub..

  29. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට ගොඩාක් ස්තූතියි සොහොයුරිය!! ඉදිරියටත් මේ වගේ කරගෙන යමු, ජය වේවා!! :-)

  30. podda

    thanks u

  31. ආදිත්‍ය

    සිංහල උපසිරැසියට ස්තූති