එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. මෙයාලාගේ…

එක පාසලක මල් වගේ හැදුන කඩවසම් පිරිමි ළමයි හතර දෙනෙක් හිටියා. ඒ විතරක් නෙවේ එයාලා කොරියාවේ ඉන්න ධනවත්ම පුත්තු 4 දෙනා. ඒ පාසලත් එසේ මෙසේ එකක් නෙවේ ඒකට යන එක සාමාන්‍ය පවුලක ළමයෙකුට නම් හීනයක්. මෙයාලා තමයි පාසලේම ගෑණු ළමයින් ගේ සිහින කුමාරවරු. ඒත් මෙයාලා හරිම ආඩම්බරයි, හරිම ඉහලින් තමයි ඉන්නේ. මෙයාලාගේ කණ්ඩායමට කිව්වේ F4 කියලයි. මේකේ නායකයා තමයි Goo Jun-pyo (Lee Min ho ), එයා තමයි කොරියාවේ ලොකුම ව්‍යාපාරයේ අනාගත හිමිකාරයා. ඒ වගේම මේ පාසලත් අයිති එයාගේ පවුලට. ඒ නිසා කවුරුවත් මෙයාට උඩින් මේ පාසලේ වැඩ කරන්න ගියේ නෑ. එහෙම කරන අයට මේකේ ඉන්න ලැබෙන්නෙත් නෑ. මේ හතර දෙනා අතරින් එක්කෙනෙක් ටිකක් වෙනස්. එයා සංගීතෙට ලැදි F4 එකේ අය කරන සමහර දේවල් වලට අකමැති සංවේදී හදවතක් තියන කෙනෙක්. නම Yoon Ji-hoo (Kim Hyun ). මේ set එකේ අනිත් දෙන්නා තමයි, So Yi-jung (Kim Bum) සහ Song Woo-bin (Kim Joon ) කියන්නේ. කොහොම වුණත් මේ තුන්දෙනා අතිජාත මිත්‍රයෝ.
හදිස්සියේම අහම්බෙකින් කඩා පාත් වුණ වාසනාවක් හෝ අවාසනාවක් නිසා Geum Jan-di (Ku Hye sun ) ටත් මේ පාසලට එන්න අවස්තාවක් ලැබෙනවා. සාමාන්‍ය දුප්පත් dry cleaning ව්‍යාපාරයක් කරගෙන ජීවත් වෙන පවුලක එකම දූ තමයි මෙයා. කොහොම උණත් අසාධාරණය එහෙම මෙයාට පෙන්නන බෑ. ඒ නිසා පාසලට ආපු දවසේ ඉදන්ම මෙයාට කරදරම තමයි වැටෙන්නේ. ඒවත් සාමාන්‍ය කෙනෙක්ට ඉවසන්න පුලුවන් තරමේ ඒවා නෙවේ. ඒත් මෙයා කවදාවත් F4 එක ඉදිරියේ දණ නමන්න සූදානම් වෙන්නෙත් නෑ.
මේ පාසලට අකමැත්තෙන් ආවත් ඒ ආපු පළවෙනි දවසෙම හද සසල කරවන ලස්සනම ලස්සන වයලින් වාදනයක් වයමින් තනිවම ඉන්න කුමාරයෙක් වගේ ලස්සන පෙනුම තියන කෙනෙක් එයාට දකින්න ලැබෙනවා. එයා මොකක් හරි දුකකින් ඉන්න කෙනෙක් බවත් Jan-di තේරුම් ගන්නවා. ඒ තමයි Yoon Ji-hoo, ඒත් ඒ වෙනකොට එයා F4 එකේ කෙනෙක් බව නම් Jan-di දන්නේ නෑ. මොන අමාරුකම් දරාගෙන හරි Jan-di පාසලට එනවා. එත් Goo Jun-pyo ගෙන් මෙයාට හැමදාම කරදරම තමයි වෙන්නේ. ඒ හැම වෙලාවකම එයාව බේරගන්න Yoon Ji-hoo එනවා. ඒත් Geum Jan-di ඉක්මනටම දැනගන්නවා Ji-hoo ගේ ආදරය එයාට හිමි නැති බව. ඒ නිසා ඇය දුක් වෙනවා. ඒ අතර Goo Jun-pyo ටත් කිසිම දේකට යටත් නොවී ඉන්න මේ පුදුමාකාර ගෑණු ළමයා ගැන හිතක් පහල වෙනවා. ඒත් ඒක පෙන්නන්න ඕන විදිය එයාට තේරෙන්නේ නෑ. මෝඩ වැඩම තමයි කරන්නේ. ඒ නිසා Jan-di ට තවත් තරහ යන එක තමයි වෙන්නේ. ඒත් පස්සේ Goo Jun-pyo කියන්නේ හිතන තරම්ම නරක කෙනෙක් නොවන බව Jan-di තේරුම් ගන්නවා. ඒ අතර Ji-hoo ත් යම් සිදුවීම් කීපයකට පස්සේ Jan-di ට ආදරය කරන්න පටන් ගන්නවා. ඉතිං අන්තිමට කවුරු කාට හම්බවෙයි ද කියලා මේක බලලම තමයි තීරණය කරන්න වෙන්නේ.
Jan-di ගේ පවුලේ සිදුවන හාස්‍යජනක සිදුවීම් සහ පාසලේ දි වෙන රසවත් සිදිධීන් එක්ක සමහර අවස්තාවලදී සංවේදී බවකුත් එක්ක මේ කතාව ලස්සනට ගලාගෙන යනවා. ඒක පළවෙනි කොටස බැලුවම ඔයාලට තේරුම් ගන්න පුලුවන් පොඩ්ඩක්වත් කම්මැලි හිතෙන එකක් නම් නෑ. අවසානය වෙනකන්ම කම්මැලි නැතුව ආසාවෙන් බලන්න පුලුවන් කතාවක් තමයි මේ.
ඉතිං නිවාඩු පාඩුවේ ඉදන් මේ ලස්සන drama එක බලන්න කියලා කොරියානු නිර්මාණ රසවිදින්න කැමති හැමෝගෙන්ම ඉල්ලනවා. ඒ වගේම බලලා හොද නරක අදහස් එහෙමත් කියන්නකො, එහෙනම් ආපහු හමුවෙමු. 😀
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
220 MB කොපිය (5.4GB) මෙතනින් බාගන්න
9b529679d67a44b4e7efe393ae00db1374104788670 MB කොපිය (16.3GB) මෙතනින් බාගන්න
b0353bc4465003f0ec2cc0ab32278fbcb471cb8b790 MB කොපිය (19.8GB) මෙතනින් බාගන්න
9f46d795c6d226b40dd47148e8e71317e8f2f499 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,668 downloadsDownload Boys.Over_.Flowers.E05.zip115 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/ස්වර්ණරේඛා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ස්වර්ණරේඛා සෙව්වන්දි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ස්වර්ණරේඛා සෙව්වන්දි
Subtitles
47 comments
dinidu madushanka
ගයාන් රූකාන්ත (ජෝනා)
මේ වගේ තවත් ලස්සන කොරියන් ලව් ස්ටෝරි වල නම් ටිකක් හරි
ලින්ක් ටිකක් හරි එවන්න බැරිද දන්න කවුරු හරිjanaka wickramasinghe
SAHO
Autumn in My Heart
BAGENA BALANNA LASSANA KATAWAK...
SUB DALA TIYENNESewwandi
fullhouse, මම නම් ආසම මේකට මේක නම් බලලා ඇතිනේ,
Play full - ඉස්කෝලේ ඉන්න මෝඩම් ගෑණු ලමයා ඉස්කෝලේ ඉන්න ලස්සනම් බුද්ධිමත්ම පිරිමි ලමයට ආදරය කරන හැටි බලන්න,you're beautifull,මේකත් ලස්සනයි
city hunter,--මේකනම් ටිකක් ඇක්ශන් ගනයේ එකක් ඒත් කොරියාවේ ඉහලින්ම තියන ඩ්‍රාමා එකක්, ගොඩක් ලස්සනයි
personal test,
49 days,--කෝමා තත්වෙකට වැටිලා ඉන්න කෙනෙක්ගේ ආත්මයක් තමන්ගේ ජීවිතේ ආපහු ලබා ගන්න තමන් වෙනුවෙන් ඇත්තටම කදුලු හලන තුන් දෙනෙක් හොයන් යන ගමනක්, සංවේදී කතාවක්
secret garden,
coffie prince,
heartsring,
rooftop prince.
to the beautiful you,
i hear your voice,madhu
උපසිරැසි වලට ගොඩක් ස්තූතියි !අක්ක ඔයා දිගටම ලියන්න . best of luck
Sewwandi
fullhouse, මම නම් ආසම මේකට මේක නම් බලලා ඇතිනේ,
Play full - ඉස්කෝලේ ඉන්න මෝඩම් ගෑණු ලමයා ඉස්කෝලේ ඉන්න ලස්සනම් බුද්ධිමත්ම පිරිමි ලමයට ආදරය කරන හැටි බලන්න,you're beautifull,මේකත් ලස්සනයි
city hunter,--මේකනම් ටිකක් ඇක්ශන් ගනයේ එකක් ඒත් කොරියාවේ ඉහලින්ම තියන ඩ්‍රාමා එකක්, ගොඩක් ලස්සනයි
personal test,
49 days,--කෝමා තත්වෙකට වැටිලා ඉන්න කෙනෙක්ගේ ආත්මයක් තමන්ගේ ජීවිතේ ආපහු ලබා ගන්න තමන් වෙනුවෙන් ඇත්තටම කදුලු හලන තුන් දෙනෙක් හොයන් යන ගමනක්, සංවේදී කතාවක්
secret garden,
coffie prince,
heartsring,
rooftop prince.
to the beautiful you,
i hear your voice,sasika manori
my pricess,my girl, playful kiss, cofee price, you are beautiful
madhu
thanks dear.මම මේවා බලලා තියෙනවාගවෙන ඔයා දන්න ලස්සන drama ටිකක් කියන්නකො.
madhu
dear heirs drama එකත් ලස්සනයි. ඒකත් බලන්න
madhu
my love from another star ඒ drama එකත් ලස්සනයි.
manoj
niyamai denakanma thamai hitiye
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සෙව්වන්දි :P ජය
Chami.S
Thanks..
sydney
thankw..... ikmanata dammata.................
Tharindu Perera
elazz.....thanks sub ekatahh...
udara
elaaa sisiter digtma ooni
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න ගත්තා අක්කේ ජය වේවා සබට තුති
Kulanjana Maduranga
niyamai denakam unne.onna mmth gatta.thanks SEWWANDI akke. meka digatama denn.jaya wewa......
dilshani Nimeshika
ane ThanQ very much
akki oyta godak pinThisara Neo
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)Sisira Hegoda
Tnanks.
Sisira Hegoda
Thanks.
“චූටී මල්ලි”
එලස් සහෝ
සබට තුති
ඔබට ජය.........“චූටී මල්ලි”
සොරි සොරි
සහෝදරි හොදේ
කලබලේට වැදුනෙ
herry
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. :)
ජයවේවාIllusion
Meke Samahara Episode dwload krnna seed nane :( :/
tharindu
mama ada balala evara kara. godak blaSSANA story 1k.... thanks
aki
ikmeneta ithuru kotas tikath denna
thanks!Sanjaya
Thanks Sewwandi
roxx
උපසිරැසියට තුති...................(y)
janaka wickramasinghe
ස්තුතියි සෙව්වන්දි.....
sasika manori
i have already seen this but you are doing great job.
so well done dear.suranga galappaththi
very good story suba . i like it . thanks a lot
රොයිලි
බොහොම ස්තූතියි ස්වර්ණරේඛා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Erandi
Thanks..!! Try Master's Sun and Emergency Couple
nishshanka ruwan
ස්තුතියි :)
දසන් බුද්ධික
නියමයි නියමයි... බොහොම තුති සබ ට... ජයවේවා.....!!!!
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා..! 👍Kushan
Thanx Sub Ekata
nirosha
sub ekata thanks
sanath
ස්තුතියි සෙව්වන්දි .............
මේක අපි රස විදින්නේ ඔයා නිසයි..............
හද වතින්ම සුබ පතනවා කරන වැඩ කටයුතු සාර්ථක කර ගන්න කියලා................Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
P.K
Thanx akki...
Amaniya aneesha
Ane rooftop prince wala sinhala subtitles dennako
විදුෂාන් සජිත්
උපසිරැසියට ගොඩාක් ස්තූතියි සොහොයුරිය!! ඉදිරියටත් මේ වගේ කරගෙන යමු, ජය වේවා!!
podda
thanks sis!!!
ආදිත්‍ය
ස්තූති!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela ela sister jaya wewa