Watch Trailer

Breaking Bad [S05 : E14] | කපෝති… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ටොඩ් තනියම මෙත් හදන්න පටන්ගෙන. වෙන මොකක් නිසාවත් නෙවෙයි ලඩියගේ ගණුදෙනුකරුවන්ට දෙන්න. හැබැයි ඉතින් මේ වැඩේ හිතන තරම් ලේසි නෑ වගේ. ටොඩ්ට මෙත් ටිකක් ශුද්ධව හදන්න පුලුවන් වුනත් ඒකෙ නිල් පාට ගන්න එක නම් ප්‍රශ්නයක් වෙලා වගේ. කොහොම හරි මෙයාලා ඉතින් මේ වැඩේ දිගටම ගෙනියන්නයි හදන්නේ. ඔය අතරේ වොල්ට…

Breaking Bad s01

ඔන්න ඉතින් ටොඩ් තනියම මෙත් හදන්න පටන්ගෙන. වෙන මොකක් නිසාවත් නෙවෙයි ලඩියගේ ගණුදෙනුකරුවන්ට දෙන්න. හැබැයි ඉතින් මේ වැඩේ හිතන තරම් ලේසි නෑ වගේ. ටොඩ්ට මෙත් ටිකක් ශුද්ධව හදන්න පුලුවන් වුනත් ඒකෙ නිල් පාට ගන්න එක නම් ප්‍රශ්නයක් වෙලා වගේ.  කොහොම හරි මෙයාලා ඉතින් මේ වැඩේ දිගටම ගෙනියන්නයි හදන්නේ. ඔය අතරේ වොල්ට්ට අටවපු උගුල ජෙසී අවුල් කරපු නිසා ශ්‍රේඩර්ට අලුත් දෙයක් හිතන්න වෙලා. ජෙසි නම් කියන්නේ එයා ලග ප්ලැනක් තියෙනවා කියලයි. හැබැයි ගෝමි නම් කිවේ ජෙසිව අත්අඩංගුවට ගත්තා නම් හරි කියලා. කොහොම හරි ජෙසිගේ ප්ලෑන් එක වෙන්නේ වොල්ටර් කවදාවත් විනාශ කරන්නේ නැති එයාගේ සාක්ෂිය හොයාගන්නයි. ‍ඒ වෙන මොකුත් නෙවෙයි වොල්ටර් හම්බකරපු සල්ලි තොගය හොයාගන්න. ඒවා තියෙන තැන හොයාගන්න ලේසි නැති නිසා ශ්‍රේඩර් පොඩි කපටි වැඩක් කරනවා. එයාලා ‍හියුල්ව අල්ලාගෙන වොල්ටර් එයාව මරන්න එනවා කියලා අනන් මනන් බොරු කතා කියලා එයාව රවට්ටනවා. ඒ වගේම ජෙසි මැරුණා වගේ ගත්ත බොරු ෆොටෝ එකක් පෙන්නලා එයාව තවත් බය කරනවා. ඒ වෙලාවේ තමයි හියුල් එයා සල්ලි ගැන දන්න හැමදේම කියන්නේ. හැබැයි ඉතින් මෙයා සල්ලි හංගපු තැන නම් දන්නේ නෑ. ඒ වුනාට සල්ලි ගැන ගොඩක් වැදගත් දේවල් කියනවා.

කොහොම හරි වොල්ටර් ජෙසි මරණ කොන්ත්‍රාත් එක ටොඩ්ගේ ජැක් අංකල්ට දෙනවා. හැබැයි මේකට යන වියදම සල්ලි විදියට නෙවෙයි ජැක් ඉල්ලන්නේ. ටොඩ්ට මෙත් හදන්න පුරුදු වෙනකන් වොල්ටර්ට කිහිප සැරයක් මෙත් හදලා පෙන්වන්න කියනවා. වොල්ටර් ඒකට එකග වෙනවා. හැබැයි එක පාරක් විතරක් කරනවා කියලා. ඊට පස්සේ වොල්ටර් ජෙසිව ඉන්න තැනින් එලියට ගන්න බ්‍රොක්ගේ ගෙදරට ගිහින් පොඩි කපටි වැඩක් කරනවා. හැබැයි ඉතින් ඒකට ජෙසි අහුවෙන්නෙ නෑ. මොකද ශ්‍රේඩර් නිසා එයා ඒ ගැන දැනගන්නෙවත් නෑ. අන්තිමේට වොල්ටර්ට ඒකත් නැතිවෙනවා. ඔය අතරේ වොල්ටර් අල්ලාගන්න ශ්‍රේඩර්ට හොද සැලැස්මක් මතක්වෙනවා.

එකපාරටම වොල්ටර්ට එයාගේ සල්ලි බැරල් එකක ෆොටෝ එකක් ජෙසිගෙන් එනවා. ජෙසි වොල්ටර්ට තර්ජනය කරනවා මේ හැම සල්ලියක්ම ගිනිතියලා දානවා කියලා. ඒක නවත්වන්න නම් සල්ලි තියෙන තැනට ඇවිත් කතා කරලා නවත්වමු කියනවා. ඉතින් වොල්ටර් වෙඩි කාලාව වගේ ඉක්මනට එයා සල්ලි වළදාපු තැනට යනවා. හැබැයි එතනට ගියාම තමයි වොල්ටර්ට තේරෙන්නේ තමන්ව ඇන්දිලා කියලා. මොකද ජෙසි එයාට‍ බොරු ෆොටෝ එකක් පෙන්නලා එයාව ඇත්තටම සල්ලි තියෙන තැනට යැව්ව නිසා. අන්තිමේට වොල්ටර් මේ ආපු තැනට ශ්‍රේඩර් එහෙම වාහනයෙන් එනවා. වෙන කරන්නම දෙයක් නැති නිසා වොල්ටර් ජැක්ට කතා කරලා එතනට ඉක්මනින් එන්න කියන්න හදද්දිම එයා දකිනවා ශ්‍රේඩර් එක්ක ජෙසි ඉන්නවා. ඒ නිසා එයා ජැක්ට එන්න එපා කියනවා. කොහොම හරි මෙතනදි ශ්‍රේඩර් වොල්ටර්ව අල්ලාගන්නවා. මාංචු දාලා එයාව වාහනයට දැම්මාම කවුරුවත් නොහිතපු විදියට ජැක්ගේ කට්ටිය එතනට කඩාපාත් වෙනවා. වොල්ටර් එපා කියද්දි ජැක් වෙඩිතියන්න පටන් ගන්නවා. ඒ වෙඩි තැබිල්ල නම් ගොඩක් දරුණු විදියට යනවා වගේ…

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය…!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

36,886 downloadsDownload Breaking-Bad-S05-E14.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

36,886 downloadsDownload Subtitles41 KB

22 comments

  1. Sahan

    fattama fata fata.. thankz a lot sahooo..

  2. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Nish

    oya thiyenne oya thiyennne ..... ela ela sahooooo ..... bohoma sthuthi ... balan hitiye denakan..

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

  5. Thilakshana

    Fatta bro......

  6. sameera

    thanks machan me Fargo season 2 sub denawada meken passe ?????????????????????????????

  7. D CRAIZY

    thnx brother

  8. Prabuddha Kulatunga

    tawa 2y bro.. thank u..anik 2 th ikmanta dila damu :D :D

  9. KMC

    thank macho

  10. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. harshaka

    උබනම් දෙයියෙක් බං ගොඩක් ස්තූතී මේ ඔක්කොම සබ් වලට
    මාගේ හදපිරි මෙවුවා එක හොදේ සේවාව වෙනුනෙන්
    ජය වේවා :D (y)

  12. ShiRan

    thanx broow :D

  13. Jayasiri

    me episode ekta imdb ratings 10 ma aran thyenwa.fatta bro

  14. Ishan Madusha

    ස්තුතියි සබ් එකට සහෝ

  15. Amila Mudalige

    Sub ekta Thanks

  16. Sandarunimsara

    Sub ekata tnx bro

  17. Pramukmili

    Thanxx bro........

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  19. Ayesh

    උපසිරසියට ස්තුතියි

  20. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  21. kennan

    Thanks bro !

  22. Anonymous

    Just finish. Best tv series ever no doubts about. Hands down ❤️