මේ අවුරුද්දේ පෙබරිවාරි මාසයේ සබ් දෙන්න පටන් ගත්ත ලෝකයේ තවමත් ටිවි සිරියස්වල ප්‍රථම ස්ථානයේ තියෙන Breaking Bad කතාවේ අවසානයටයි අපි මේ ඇවිත් ඉන්නේ. මුල්ම දවස්වල නම් ඉතින් දවසින් දවස දෙන්න පටන් ගත්තත් පස්සේ සතියෙන් සතිය දිලා මාසෙන් මාසෙත් දිලා අවුරුද්දෙන් අවුරුද්දට දෙන්න ගිහින් නූලෙන් බේරිලා ඔන්න කොහ…
මේ අවුරුද්දේ පෙබරිවාරි මාසයේ සබ් දෙන්න පටන් ගත්ත ලෝකයේ තවමත් ටිවි සිරියස්වල ප්‍රථම ස්ථානයේ තියෙන Breaking Bad කතාවේ අවසානයටයි අපි මේ ඇවිත් ඉන්නේ. මුල්ම දවස්වල නම් ඉතින් දවසින් දවස දෙන්න පටන් ගත්තත් පස්සේ සතියෙන් සතිය දිලා මාසෙන් මාසෙත් දිලා අවුරුද්දෙන් අවුරුද්දට දෙන්න ගිහින් නූලෙන් බේරිලා ඔන්න කොහොම හරි ඉවර කලා. 😀 මේ මාස නවය පුරාවට කට්ටියගේ කමෙන්ට් වල නම් අඩුවක් තිබ්බේ නෑ ඉතින්. මට විතරක් නෙවෙයි බයිස්කෝප් මේල් එකටත් ගොඩක් අය අනන් මනන් එවලා තිබුනා. ඇත්තම කතාව නම් මගේ කැම්පස් එකේ වැඩ නිසා තමයි සමහර කාල වලදි මේ සබ් දෙන එක හිතුවෙවත් නැති විදියට හිර වුනේ. හැබැයි ඉතින් ඒකෙන් අපි මේ අපේ වැඩ පාඩු කරගෙන, වෙලාව නාස්ති කරගෙන, සල්ලි වියදම් කරගෙන සබ් දෙන්නේ මොන වගේ අයටද කියලා මට නම් හොදට තේරුනා. බයිස්කෝප් එකට හැමදාම එන සහෝලා උපේක්ෂාවෙන් බලාගෙන ඉද්දි කවදාවත් කමෙන්ට් එකක්වත් නොදාන සමහරක් අය ඉතින් රෙදි උස්සගෙන බැනගෙන ඇවිත් වගේම මාව පස්සට අදින්නත් වැඩ කලා. ඇරෝ එකට සබ් දෙන දවසේ කිවා වගේමයි අදටත් මං ඒවා ගණන් ගන්නේ නෑ. මොකද කවුරු කමෙන්ට් දැම්මත් නැතත්, මොනවා කිවත් මම මගේ වැඩේ කරගෙන යනවා. ඒ නිසාම කොහොම හරි ඔයාලාට මම පොරොන්දු වුන විදියට කතා මාලාව සම්පුර්ණයෙන්ම දුන්නා.
ඒ වගේම මං නිසා බැනුම් අහන්න වුන අපේ සයිට් එකේ ඇඩ්ඩින් අයියලා මට සමාවෙන්න හොදේ. මාත් එක්ක කට්ටිය තරහද මන්දා. තව මට මේ ටිවි සිරියස් එක සම්පුර්ණයෙන්ම දුන්න වාසල අයියට විශේෂයෙන් ස්තුති කරන්න ඕනි. මොකද එයා නැත්නම් සමහර විට මම මේකට සබ් නොදි ඉන්නත් තිබුනා. කොහොම හරි මෙච්චර කාලයක් පුරාවට මාත් එක්ක එකතුවෙලා හිටපු ඒ වගේම සබ් පරක්කු වෙද්දි ඉවසාගෙන හිටපු බයිස්කෝප් එකට හැමදාම යන එන ඔයාලා හැමෝටමත් ස්තුතියි. තව මට අනන් මනන් කියපු අයටත් ස්තුතියි. මොකද ඔයාලා වගේ අයත් සබ් දාන අපිට ශක්තියක්. 😀
මුලදි රසායන විද්‍යා ගුරුවරයෙක් වුන, පස්සේ මෙත් ලෝකයේ ලොකු රජෙක් වුනු වොල්ට්ගේ ජිවිත කතාව ඉදිරියට කොයි වගේ වෙයිද කියලා දැනගන්න මේ කොටසින් බලමු. ඒ වගේම ඔයාලා හැමෝම දිගටම බයිස්කෝප් සයිට් එකත් එක්ක එකතු වෙලා ඉන්න. අන්තිමේට කියන්න තියෙන්නේ වරදක් කලත් සිතකින් නොවේ… . . 😉
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
38,060 downloadsDownload Breaking-Bad-S05-E16.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
160 comments
Nish
Cheshan Jayathilaka
elazzzz...thankss mchooo
Hivin Aßeywanshe
THANKS BN...anthima ekath dunna elama tamai
Rasindu Perera
නියමයි...නියමයි...එහෙනම් එකත් ඉවරයි...ලෝකේ අංක 1කෙ TV Series එක බලන්න නොඉවසිල්ලෙන් හිටියේ....මාත් මේකේ සබ් ඉක්මනට ගන්න එක එක ඒවා කියල ඇති...කොහොම හරි මේ කතාව ඉවර වෙනකන් සබ් දුන්නට බොහොම ස්තුතියි...මොන site එකකවත් ඉවර වෙනකන් සබ් දීලා තිබ්බේ නැ...ඔයාගේ කැම්පස් වැඩත් කරගෙන සබ් දුන්නට ස්තුතියි...තව පට්ට TV Series එකකින් හම්බෙමු....ජය වේවා !!!
D CRAIZY
thnx brother. keep it up
Hasanka Sanjana
ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපි වෙනුවෙන් මේ කරන සේවයට......
සබ දෙන්න ටිකක් පරක්කු උනා තමා ඒ උනාට ඔයා මේ වැඩේට අතගහපු එකම ලොකු දෙයක්....
ලෝකේ තියන හොදම නිර්මාණ අපිට සමීප කරන්න බයිස්කෝප් ටීම් එකේ ඔයාලා මේ ගන්න උත්සාහය අගය කරනවා...
කවිඳු ගිම්හාන් සහෝ ඔයාට මේ වගේ තව තවත් දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....sanjaya90sri
thankz machan ehenam wede iwarama una.....
Kulanjana Maduranga
niayamai…good work.thanks KAVINDU saho..sub walata..digatama sub demu.jaya wewa……
Ranga Gabriel
thank you very much !
Ayantha Kumarasinghe
thnx kolla. keep it up
“චූටී මල්ලි”
mama nm meika balalaa iwar karala godak kal
sub dena eka hira unu nisath
meikiata abbahi unu nisath english sub eknma balalaa danma ..
niyama wadak bro
thawa hoda ekakata isssrhata sub denna
thanxxxxxxxxxKasun Widusha
උබ නම් සිරා පොරක් මචන්...ගොඩක් ස්තුති සබ් වලට,,පුලුවන්නම් ,,කාලය තියෙනවනම් මේ වගේ ඉවරවුන එකකට ආයෙමත් සබ් දෙන්න..Dexter,Fringe,House.M.D මේ 3න් එකකට දුන්නොත් පින් මචන්.....෴෴෴෴ජය වේවා෴෴෴෴෴෴
Prabuddha Kulatunga
ehenam ekat iwara kara.. :D :D thanx bro... math banne nati unata "ikamta diyanko" wage ewa nam qwa itn :D
Kanapita Mp3
mamath ithuru sub tika denakan pissuwen wage hitiye ban....
onna den S05 balanna patan ganna puluwan ada idan.
thanks machan.....harsha
බොහෝම බොහෝම බොහෝම ස්තූතියි මචෝ. ලෝකේ හොඳම කතාමාලාව අපිට සිංහලෙන් ලබා දුන්නාට ආයිති ස්තූතියි. පමා වෙනකොට පොඩි තරහක් ආවේ නෑ කියලා කියන්න බෑ. නමුත් මම නම් උඹට බැන්නේ නෑ. මම තවම අන්තිම සීසන් එක බලන්න පටන් ගත්තේ නෑ. ඉතින් දැන් එක දිගටම බලාගෙන යන්න පුලුවන්. සියලු වැඩකටයුතු සාර්තක වේවා! ජයමවේවා!
Sameera
නියමයි මචන්
AMR
ela ela great job
sameera
thanks machan api wenuwen ube watina kalaya kepakarala sub dunnata, ubata jaya
D Chamara
niyamai sahooo niyamai wada athar apewenuwen hari mahansi wennwata niyamai sahoo niyamai degatama karagena yamooo jaya.... :D
Sahan
fattama fata fata.. fattama vatinva saho meka ivara krapu eka...
Isuru Chamara
Hama sub ekkakma gaththaaa..hama ekatma commet krnnam bari una..ekta..sorry..jaya wewaa
Anonymous
Tnx bn marama watina kathawak love it
sanoj
thnks bro for everything
prasanna
මම මේක ගොඩක් කල් බලල ඉවර උනෙ.දවස් පහක් විතර ඇතුලත බලල ඉවර කල, ඒතරම් ඇබ්බැහි වෙන කතාවක්, තාම ආදරෙයි. මුලු ජිවිත කාලෙම අමතක කරන්න බැරිවෙන තරම් ලස්සන කතාවක්, ඔක්කොම සබ් දුන්න නිස හොදයි, අලුතින් බලන්න පටන්ගන්න අයට loku දෙයක් ඒක,better call saul]= එකත් ඒ වගෙ තම.season 2 එනකල් බලන් ඉන්නව ජය වේ
Ruchira
sub 1ට ස්තුතියි........
sanju
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!Harshaka
එල මචං කල සේවය වෙනුවෙන් උත්තමාචාරය නැවත අලුත් එකකින් හමුවෙමු
කැම්පස් එකේ වැඩත් හොඩට කරගෙන යන්න කියල සුබපතන ගමන්ම නැවත එකකින් අප හමුවට එන ලෙස පාර්තනා කරන්නෙමිඉසුරු දිල්ශාන්
එහෙනම් කවිදුවා වැඩේ ඉවරකරා!
මාත් සබ් එක පරක්කු වෙද්දී ඉතින් හෙන අවුලෙන් තමා හිටියේ, හැබැයි උබ මේක පටන්ගත්ත එක ලොකු දෙයක් බං.
නැත්නම් අදටත් මම මේක බලලා නෑ. සබ් එක පරක්කු පරක්කු වුන නිසා තාම සීසන් 5 බැලුවේ නෑ. දැන්නම් ඉතින්
බැලිල්ලක් තමා. එහෙනම් තෑන්ක්ස් කිව්වා මේක ඉවරකරාට!ආ තව දෙයක් කියන්න ඕනේ!! Breaking Bad බලපු නැති එකෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් බලපන්.
මොකද මේ කතාව තරම් තාත්වික කතාවක් මං බලලම නෑ. මේක බලන්නත් අදහසක් නැතිවුන් ඉන්නවනම් කියන්න
තියෙන්නේ ඔය ටීවී සීරියස් බැලිල්ල අත ඇරලා දාන්න කියලා තමා. ජය!!!!!!!තිසල්
එල කිරි මචන් උබ දෙන්න කලින් මම නම් english සබ් එක්ක බැලුවා උබ දෙන්න පරක්කු නිසා ඖලක් නැ උබ දිලා ඉවර කරපු එක හොදයි තැන්ක්ස් මචන් එල තව සුපිරි එකක් අරන් එමු dexter වගෙ එකක් නම් මරු නැතනම් කොමඩි tv s එකක් ගෙනාවොත් වටිනවා මොකද කොමඩි එවා අඩු නිසා ela
R@ndi
තෑන්ක්ස් මචන්....
දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉඳලා මේ වගේ හොඳ නිර්මාන අපට සමීප කරන්න ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!joy
මේ වදිනනං මචන්. තරහ වෙන්න එපා ,
එකදිගට සබ් දෙන්න බැරිනම්. කරුණාකරලා මේ වගේ සීරියස් බාරගන්න එපා.
උබ නිසා මේක බලන එකත් එපා උනා
please......රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. මේක ඉවර කරල දුන්න එක ලොකු දෙයක් සිරාවටම. ජය෴෴ :P :P
ShiRan
thank you soo much.. me wage supiri series ekakata sub ayeth demu.. download adu unata athin atha ghin okkoma balanne baiscope sub thamai.jaya wewa!! :D :D :D
chap
mama balala tiyena hodama tv series eka..recommended..10/10
thank you sub walata :)Dantha
Thanx lot...
ගොඩක් ආසාවෙන් බලපු tv සීරියස් එකක්..Kavindu
Breaking Bad nuth sub dala iwara kra.thnx saho.baiscopelk eka complete wenna thwa tv series tiai thyenne
ANUSHKA
godak thanks bro. supiriyatama karala thiyenawa
Buddila Nilaksha
thanx bro .....
Ishan Madusha
සුපිරි වැඩක් සහෝ.ජය වේවා!!!
ජගත්
ගොඩක් ස්තුතියි. මම අද තමා බලලා ඉවර කලේ. ඔයාලා නිසා කතාව හොදට රස වින්දා.
Ishan
Thanx machn... loku pinak bn....
Tharindu Madusanka
ela mcn great job !! supiri tv serious ekak subs hodatama thiyanawa. Good luck !!!
Udaraweerasingh
adooo gann ganna epa brooo appreciate the comitment download all the sub hama ekatama thanks kiyala anthima eke dana kkkkkkkkkkkkkkkkkkkkkk jaya... (Y)
Rakitha
Kollo meke Film ekk awilla neda? Puluwn nm sub eka dnwada ekata.
Bhanuka Addaraarachchi
ලොකු ලොකු වචන ඕන නෑ කවිඳු මම කෙටියෙන්ම කියන්නම් ......සුපිරි වැඩක්.....
ජයMadura J. Kawshalya
ඔන්න දැන් තමයි මේ කතාව මම බලන්නෙ ...සීසන් 5හේම සිංහල උපසිරැසි බා ගත්තා ..
ගොඩාක් ස්තූතියි සීසන් 5ක් පුරාවට මේ කතා මාලාව උපසිරැසි ගැන්වීම වෙනුවෙන් කැපවුනු හැමෝටම ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ...Akash Wimalasena
Series ekema sub walata godak thankz machan
Isuru Sampath
okkoma sub tikata bohooma sthuthiy ....thank u bro tthank uuuuuu so mutch
Sudda_king
බොහොම ස්තුතියි මචන් උපසිරැසි වලට සේරම සබ් ටික බාගත්තා දැන් තමයි බලන්න හදන්නේ <3 මේ වගේ ටීවී සීරියස් වලට වැඩි වැඩියෙන් සබ් දෙන්න ලැබේවා කියලා සුබ පතනවා <3
Manura Sathsarindu
thnx saho sub walata...okkoma down karala anthima epiyata comment ekk damme...good luck..
Thashila Rachithra
සීසන් ඔක්කොම ටික සබ් බාගෙනබැලුවා. ඇත්තටම මචන් වැඩේනං සුපිරි. ආයේ කතා දෙකක් නෑ. කවුරු කොහොම මොනා කිව්වත් සැලෙන්න එපා. ඔබට ජය!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Breaking Bad [S05 : E16] | අවසානය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/Breaking-Bad-s012.jpg)


ඔන්න මචන් මුලින්ම Thanks අන්තිම sub එකත් දීලා අපිව නිදහස් කලාට.. ඒ වගේම බැනල දැම්මෙ නැති උනාට මාත් අනන් මනං කිව්ව :D :D . කොහෙම හරි බැන්න කට්ටියත් බැන්නෙ මේ කතාවෙ ඉතිරි sub ටිකත් ඉක්මනට ගන්න චෙතනාවෙන් තමයි. ඒ බැන්න කස්ටියට මේ වෙලාවෙ comment එකක් දාලම ගියා නම් කට්ටියට සතුටින් විසිර යන්න පුලුවන්... එහෙනන් ජය වේවා !!