හැමෝටම ආයුබෝවන්, ගොඩක් කාලෙකට පස්සේ උපසිරසියක් අරන් ආවා. කාර්‍යබහුල වැඩිකම නිසා භාරගත්ත උපසිරසි කිහිපයකුත් තව දෙන්න තියෙනවා. ඒ අතරම තමයි ගොඩක් අය ආසාවෙන් බලපු Carnival Row කතා මාලාවේ දෙවෙනි කතා මාලාවත් නිකුත් උනේ. ඉතිං විමා සහෝ එපියක් කරමුද කියලා අහපු ගමන්ම වැඩේ පටන් ගත්තා. මේ කතා සමයෙන් කතාමාලාව අ…

හැමෝටම ආයුබෝවන්, ගොඩක් කාලෙකට පස්සේ උපසිරසියක් අරන් ආවා. කාර්‍යබහුල වැඩිකම නිසා භාරගත්ත උපසිරසි කිහිපයකුත් තව දෙන්න තියෙනවා. ඒ අතරම තමයි ගොඩක් අය ආසාවෙන් බලපු Carnival Row කතා මාලාවේ දෙවෙනි කතා මාලාවත් නිකුත් උනේ. ඉතිං විමා සහෝ එපියක් කරමුද කියලා අහපු ගමන්ම වැඩේ පටන් ගත්තා. මේ කතා සමයෙන් කතාමාලාව අවසන් වෙන බව නිවේදනය කරපු නිසා ඔන්න ඉක්මනටම පළවෙනි කොටස් දෙක අපි අරන් එනවා. මුල් පළවෙනි කොටස බිම්සර සහෝ ඔයාලට දුන්නනේ එහෙනම් ඉක්මනට අද කොටස පැත්තට යමු.
“ද ස්වෝන්” නැවෙන් ගමන් කරන ඇග්‍රියස් සහ ඉමොජින් පැක්ට්ලගේ වරායකට ළඟා වෙන්නේ සැලසුම් ගොඩක් එක්ක ඒත් දැන් පැක්ට් දේශය පරණ තිබුන එක නෙමෙයි කියලා මෙයාලට අවබෝධ වෙනවා. ඒ එක්කම “අවජාතක හාෆ් බ්ලඩ්” එහෙමත් නැත්තම් අපේ ෆයික්‍රොෆ්ට් විසින් චාන්සලර්තුමාව පන්නන්න අවදානම් සැලසුමකට ලෑස්ති වෙනවා. ඒ අස්සේ ෆයිලෝගේ පරණ යාළුවෙක්ව නැවත මුණගැහෙන්නත් පුළුවන් වෙනවා. ලෝන්ගර්බේන් මෙනවියගේ කපටි සහ දක්ෂ රාජතාන්තික උපායන් බොහෝයකුත් අද කරළියට එනවා. එහෙනම් ඉතින් වැඩි විස්තර කියන්නේ යන්නේ නෑ. මම මාතෘකාවට දාපු මළවුන්ගේ සාපය ලැබිලා තියෙන්නේ කාටද කියලත් ඔයාලම බලන්නකෝ. මාව මේ කතා සමයට සම්බන්ධ කර ගත්තට ශාන් විමුක්ති සහෝටත් ඒ වගේම ඉතුරු කොටස් ටික අරන් එන්න ඉන්න සහෝලටත් බෙහෙවින් ස්තූති වෙනවා. කතා මාලාවේ ඉතුරු කොටස් ටිකත් නිකුත් වූ සැනින් අපේ සහෝදරයෝ ඔයාලට ඉක්මනටම දෙයි. එහෙනම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ජයවේවා !!!
අද කතාංගයේ නම – “New Dawn”
කතා රචනය – Sara Byde
අධ්‍යක්ෂනය – Thor Freudenthal
විකාශය වූ දිනය – 2022 පෙබරබාරි 17
IMDb අගය – 7.7
මීළඟ කතාංගය – “The Martyr’s Hand”
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,320 downloadsDownload Carnival.Row_.S02E02.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
7 comments
Stephen holmes
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Thisal Lakpura
0
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Anonymous
සබ් එකට tnx සහො❤
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Subtitles වලට ස්තුති Dhanuka! ❤️