Watch Trailer

Carnival Row (2019-2023) [S02 : E01] Sinhala Subtitles | අභිරහස් මිනීමැරුම! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ කානිවල් රෝ රසිකයන් මග බලාගෙන හිටපු එහි දෙවෙනි කතා සමය. මුලදි බොහෝ දෙනෙක් මෙහි දෙවෙනි කතා සමයක් එන්නැති වෙයි කියලා සිතුවත් පලවෙනි කතා සමය නිකුත් වී වසර තුනකට ආසන්න කාලයක් තුලදී අපිට එහි දෙවැන්න බලාගන්න හැකිවුණා. මේ කතාමාලාවෙ මාත් ලොකු රසිකයෙක් නිසා විමා අයියගෙ ආරාධනාවෙන් ම…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ කානිවල් රෝ රසිකයන් මග බලාගෙන හිටපු එහි දෙවෙනි කතා සමය. මුලදි බොහෝ දෙනෙක් මෙහි දෙවෙනි කතා සමයක් එන්නැති වෙයි කියලා සිතුවත් පලවෙනි කතා සමය නිකුත් වී වසර තුනකට ආසන්න කාලයක් තුලදී අපිට එහි දෙවැන්න බලාගන්න හැකිවුණා. මේ කතාමාලාවෙ මාත් ලොකු රසිකයෙක් නිසා විමා අයියගෙ ආරාධනාවෙන් මාත් මේකට උපසිරැසි කරන්න සම්බන්ද වුණා. එහෙනම් අපි කෙලින්ම කතාව පැත්තට හැරෙමු,

මෙහි පලවෙනි කතාසමය නිකුත් වී වසර තුනකටත් ආසන්න නිසා කට්ටියට කතාව අමතකයි වගේ නම් මං යෝජනා කරනවා යූටියුබ් එකෙන් රීකැප් වීඩියෝ එකක් බලල එන්න කියලා නැති නම් මෙහි පලවෙනි කොටසෙදි රඛිත රණතුංග සහෝදරයා ලියල තියෙන ලිපිය කියවලා එන්න කියලා. මොකද පෙර කොටස් මතක නැතුව මේක බලන්න අරන් කිසිම තේරුමක් නැති නිසා. ඒ අනුව ඔයාලට මේ කොටසින් බලාගන්න හැකිවෙන්නේ, ෆයිලෝ නැතිනම් අපේ හිටපු පරීක්ෂකතුමා තීරණේ කරණවා රෝ වල නවතින්න ඔහු ක්‍රිට්ච් කෙනෙක් නිසා. මතකනේ ඔහුගෙ තනතුර නැතිවෙලා යනව ඔහු හාෆ්-බ්ලඩ් කෙනෙක් නැතිනම් අඩ ෆේ කෙනෙක් කියලා ඔහුම අනාවරණය කරපු වෙලේ. මේ කාලෙදි රෝ වල දරුණු වසංගතයක් පැතිරිලා තියෙනවා ෆේ ලාට විතරක් බලපාන. ඒ වසංගතේ නිසා ඔවුන් මියයන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා විග්නට් ඇතුලු පිරිස මිනිස්සුන්ගෙ කෝච්චි වලින් වේදනානාශක බෙහෙත් හොරකම් කරන්න හුරු වෙලා තියෙනවා. මේ වෙනකොට ජෝනා තමයි චාන්සලර් වෙලා තියෙන්නෙ ඔහුගෙ පියාගෙ මරණෙන් පසුව. ඔහුගෙ නීති තදයි ක්‍රිට්ච් ලාට. තවද මේ වෙනකොට නගරෙ මිනීමැරුමක් සිද්ධ වෙනවා අභිරහස් විදිහට හමුධා ලුතිනන් කෙනෙක්. ඒ අභිරහස විසඳන්න බේරික් ෆයිලෝගෙන් උදව් ඉල්ලනවා.

මේ විදිහට තමයි කානිවල් රෝ දෙවෙනි කතා සමය ආරම්භ වෙන්නේ. ඉදිරියට කුමක් සිදුවෙයිද කියලා නරඹලාම තමයි දැකගන්න වෙන්නේ. මේ වෙනකොට මේ කතාමාලාවට IMDb 7.8 සහ කුණු තක්කාලි 47% ලබාගැනීමට හැකිවෙලා තියෙනවා. ඒවගේම කොටස් දෙකක් දැනට නිකුත් වෙලා තියෙනවා. අනෙක් කොටස් ටිකත් සතිය ගානෙ එපිසෝඩ් දෙක බැගින් නිකුත් වෙන්න නියමිතයි. අපි ඒවටත් පැමිනි විගස උපසිරැසි දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහෙනම් ඊලඟ කොටස යුරාන් ධනුක සහෝදරයා ගෙනේවි. ජයවේවා!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

3,012 downloadsDownload Carnival.Row_.S02E01.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

 

 

 

 

Subtitles

3,012 downloadsDownload Subtitles25 KB

5 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. ඩිල්ෂානි (Spa)

    සබ ඔබේ නම් සීරීස් එක කුමක් වුවද කම් නැත

  3. Stephen holmes

    Thanks බිම්සර Bossa! ❤️

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Akila Dilhara

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.