ඉතිං යාළුවනේ. සෑහෙන්න කාලෙකින් විමා ගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා කානිවල් රෝ එකේ දෙවෙනි කතා සමයේ 03 වන කොටසට සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. 2023 පෙබරවාරි 24 වෙනිදා විකාශනය උන මේ 03 වෙනි කොටස විනාඩි 48ක් පුරා දිවෙනවා. තාම මේ කොටස සම්බන්ධයෙන් IMDb හෝ Rotten Tomato අගයන් සඳහන් වෙලා නැහැ කියලත්…

ඉතිං යාළුවනේ. සෑහෙන්න කාලෙකින් විමා ගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා කානිවල් රෝ එකේ දෙවෙනි කතා සමයේ 03 වන කොටසට සිංහලෙන් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. 2023 පෙබරවාරි 24 වෙනිදා විකාශනය උන මේ 03 වෙනි කොටස විනාඩි 48ක් පුරා දිවෙනවා. තාම මේ කොටස සම්බන්ධයෙන් IMDb හෝ Rotten Tomato අගයන් සඳහන් වෙලා නැහැ කියලත් විශේෂයෙන්ම කියන්න ඕන.
මේ වෙනකොට කානිවල් රෝ දෙවෙනි කතා සමයේ කොටස් දෙකක් ඔයාලා නරඹලා තියෙනවා. පසුගිය කොටසෙදි සිදු උන දේවල් ඔයාලට මතක ඇතිනේ. ඉතිං මේ කොටසෙදි සිදු වෙන දේවල් කිහිපයක් ගැන විතරක් සඳහන් කරන්නම්. ටෝමලින් ට ලැබුණු අළුත් බලය නිසා ඇයට යම් දෘෂ්ඨියක් පහල වෙනවා. ඒ දෘෂ්ඨිය මගින් පෙන්වන්නේ පික්ස් ලා දෙන්නෙක් ඝාතනය වන සිද්ධියක්. ඇයට ඔවුන් මරා දැම්මේ කවුද කියලා නොපෙනුනත් ඒ අය මරා දැමූ ස්ථානය ගැන පැහැදිලිව දර්ශනය වෙනවා. ඒක පල්ලියක උස් කොතක්. එතන ගාර්ගොයිල් පිළිමයකුත් තියෙනවා. නමුත් ටෝමලින් හරියටම දන්නෙ නෑ මේ පල්ලිය මොකද්ද, ඒ වගේම කොහේද තියෙන්නෙ කියලා. ඇය මේ සම්බන්ධයෙන් පයිලෝ ට කියනවා. එතනදි තමයි පයිලෝ මේ පල්ලිය ගැන හොයන්න පටන් ගන්නේ. ඒ අතරේ ස්පැනෝස් ව මුණගැහෙන්න ලුයීසා සහ පෙම්බ්‍රෝක් යනවා. එතනදි පෙම්බ්‍රෝක් ගෙ සහෝදරිය වන ඉමෝජින් පැහැරගැනීමකට ලක් වෙලා නැති බවත් ඇය ස්ව කැමැත්තෙන් ඇග්‍රියස් එක්ක ගිය බවටත් යන කටකතාව පිළිබඳ ඔවුන් ස්පැනෝස්ගෙන් අහනවා.
ඉතිං යාළුවනේ. පයිලෝ ට මේ පල්ලිය ගැන හොයාගන්න ලැබේවිද? මේ පික්ස්ලව ඝාතනය කරන්නෙ මනුෂ්‍යයෙක් ද? නැත්නම් වෙනත් සත්ව කොට්ඨාශයක් ද? ටෝමලින් ගෙ දෘෂ්ඨිය අනුව යන පයිලෝ ට හිස නැති සිරුරු දෙක හොයාගන්න ලැබේවිද? තමන්ගෙ සහෝදරිය ගැන පැතිරෙන කටකතාව සම්බන්ධයෙන් ස්පැනොක්ස් මොන වගේ දෙයක් කරාවිද? තමන්ගෙ දෙන්නෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පික්ස්ලා මොන වගේ ක්‍රියාවක් සිදු කරාවිද? කියලා මේ කොටස බලලම දැනගන්න. හැමෝටම ජය වේවා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
2,812 downloadsDownload Carnival.Row_.S02E03.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
16 comments
Stephen holmes
Anonymous
❤️❤️
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Isuru
Thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
lahiru
ko anith eka denne nadda bro
tharidu16
04 dennakoooooooooooo
Hemantha
ඒකත් මඟ නතර කරා. නෙදකින් තොපිනම්.
H.a.i. Dissanayaka
ඉතුරු ටිකත් දෙන්නකො ඉක්මනට බ්‍රෝ
Anonymous
series ek dn complete bn. ithuru tika ikmnt demu
Anonymous
ඉතුරු ටිකත් දාමු ඉක්මනට
Lakshan Gunathilake
Carnival row ithuru tika sub dennako
Anonymous
ඉතුරු ටික දෙන්නේ නෑද්ද?
chinthaka.max4
thankx machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks Bossa! අනිත් එපියත් අනිවා දෙන්න ❤️