ඔන්න එහෙනම් අපි තවත් කතා මාලාවක අවසානයට ලං වෙලා තියෙනවා. 2019 වසරේ පටන් මේ වෙනකන් Carnival Row කතා මාලාව ලොව පුරා අතිශය ජනප්‍රිය උනා කිව්වොත් නිවැරදියි. ඉතිං තාමත් බලන්න ගත්ත නැති කෙනෙක් ඉන්නවනම් Carnival Row කතා මාලාවන් දෙකේ නිකුත් උන සියළුම කොටස් සිංහල උපසිරසි එක්ක දැන් ඔයාලට නරඹන්න පුළුවන්. කතා…

ඔන්න එහෙනම් අපි තවත් කතා මාලාවක අවසානයට ලං වෙලා තියෙනවා. 2019 වසරේ පටන් මේ වෙනකන් Carnival Row කතා මාලාව ලොව පුරා අතිශය ජනප්‍රිය උනා කිව්වොත් නිවැරදියි. ඉතිං තාමත් බලන්න ගත්ත නැති කෙනෙක් ඉන්නවනම් Carnival Row කතා මාලාවන් දෙකේ නිකුත් උන සියළුම කොටස් සිංහල උපසිරසි එක්ක දැන් ඔයාලට නරඹන්න පුළුවන්. කතා මාලාවේ අවසානය ගැන ගොඩක් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු කඩවුන බවට වාර්තා උනා. අවසානය ඉක්මන් කලාදෝ කියන හැඟීම මටත් පෞද්ගලිකව දැනුනා. කොහොම උනත් ඒ ගැන ඔයාලටම තීරණය කරන්න දැන් අවස්ථාව තියෙනවා.
අවසාන කොටස නිසා අද කතාව ගැන වැඩි යමක් කියන්නේ නෑ. බර්ග්වල මිනිස්සුන්ව කුපිත කරලා රෝ එක ඇතුලට ගෙනත් කොටු කරන්න වින්යෙට් ඇතුළු කණ්ඩායම සැලසුම් කරනවා. මේ අතර ටෝර්මලින් සහ ඩේරියස් දෙන්නා හැල හැප්පීම් මැද ස්පරස්ට මූණ දෙන්න සූදානම් වෙනවා. නිව් ඩෝන් ග්‍රහණයේ ඉන්න ඉමොජින්, ඇග්‍රෙයස්ගෙ පණත් බේරගෙන ඩෝන්ලගෙ සැලසුම් කඩාකප්පල් කරන්න හැදුවත් ඒක ලේසි වෙන්නේ නෑ. ඒ වගේම ස්පරාස් ගැන පාර්ලිමේන්තුවට අනතුරු අගවන්න පයිලෝ ගන්න උත්සහත් අපිට බලාගන්න පුළුවන්. එහෙනම් කානිවල් රෝ එකේ හැමෝගෙම ජීවිත වල ඉරණම් ගැන දැනගන්න අවසාන කොටස එක්ක එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. දෙවෙනි කතාමාලාව උපසිරසි ගන්වන්න මාත් එක්ක එකතු උන බිම්සර යෂාන් සහෝටත්, දිනිඳු සම්පත් අයියටත්, පලවෙනි කතාමාලාව සම්පූර්ණ කරපු රඛිත මල්ලිටත්, උදයංග සම්පත් සහෝටත්, මේ කතාමාලාව උපසිරසි ගන්වන්න අවසර දීපු ශාන් විමුක්ති සහෝටත් මම මේ වෙලාවේ ස්තූති කරන්න කැමතියි.
දෙවෙනි කතා මාලාව සම්පූර්ණ කරන්න සැලකිය යුතු ප්‍රමාදයක් උන එකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. ඒ වගේම කියන්න ඕන මාත් ඇතුළුව උපසිරසි දුන්න අනිත් හැමෝම සහෝදරයෝ පෞද්ගලික වැඩ අස්සේ තමයි ඔයාලගේ රස වින්දනය වෙනුවෙන් මේක කරන්නේ. ඒ කාටවත් උපසිරසි කරන එක කියන්නේ පඩියක් හම්බෙන ස්ථීර රැකියාවක් නෙමෙයි. ගොඩක් අය අධ්‍යාපන වැඩ, විභාග, කාර්යාල වැඩ අස්සේ විවේකයක් ලැබුනම තමයි මේ වැඩෙත් කරන්නේ. ඒ නිසා සිදුවෙන ප්‍රමාද දෝෂ ගැන මානුෂියව හිතන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. තවත් ඉස්සරටත් මේ වැඩේ කරගෙන යන්න ධෛර්යය දෙන කොමෙන්ට් මිසක් කරන වැඩෙත් එපා වෙන විදියට දොස් කියන්න එපා කියලා කරුණාවෙන් ඉල්ලනවා. එහෙනම් කොටස් 18ක් පුරාවට අපිත් එක්ක හිටපු, අදහස් දක්වපු ඔයාලා හැමෝටම බෙහෙවින් ස්තූති වෙන ගමන් මමත් නවතින්නම්. තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු.
අවසාන කතාංගය – “Carnival Row”
කතා රචනය – Sarah Byrd & Erik Oleson
අධ්‍යක්ෂනය – Andy Goddard
විකාශය වූ දිනය – 2023 මාර්තු 17
IMDb අගය – 6.7
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
2,388 downloadsDownload Carnival.Row_.S02E10.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #2019
- #2023
- #Andrew Gower
- #Cara Delevingne
- #Carnival Row S02 Sinhala subtitles
- #Carnival Row Season 2 Sinhala subtitles
- #Carnival Row Sinhala sub
- #Carnival Row Sinhala subtitles
- #David Gyasi
- #Editor's Pick
- #MaxxA
- #Orlando Bloom
- #Simon McBurney
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #Tamzin Merchant
- #යුරාන් ධනුක
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
kavindu srimal
Shivantha
Lost tv serious ekata sub one
Mahesh
Thanks malli meka complete karata
Bimsara Yashan(ඔලිව)
මේක නතර වෙන්න නොදී බාගෙට බාගයක්ම එපිසෝඩ් ටික ඇදගෙන ආවට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Anonymous
American Horror Story එකට Sub ඕනි Please
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

godaak sthuthi..
jaya wewa..
good luck byscope team..❤❤❤❤❤