ඔන්න එහෙනම් මෙ පාර ඔයාලට අරගෙන එන්නේ ඇමේසන් ප්‍රයිම් වෙතින් නිකුත් උනු අලුත් කතාමාලවක් අරගෙනයි. අලුත් කිවුවට දැන් නිකුත් වෙලා සති තුනක් විතර වෙනවා. තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක බාරගත්තට කරන්න බැරි උනා. ඉතින් කොහොමහරි කොටලා කොටලා එපි ටික ගොඩ දාගත්තා. එහෙනම් මං මෙ ගැන පොඩි විස්තරයික් කියන්නම්. නම දැක්…

ඔන්න එහෙනම් මෙ පාර ඔයාලට අරගෙන එන්නේ ඇමේසන් ප්‍රයිම් වෙතින් නිකුත් උනු අලුත් කතාමාලවක් අරගෙනයි. අලුත් කිවුවට දැන් නිකුත් වෙලා සති තුනක් විතර වෙනවා. තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක බාරගත්තට කරන්න බැරි උනා. ඉතින් කොහොමහරි කොටලා කොටලා එපි ටික ගොඩ දාගත්තා. එහෙනම් මං මෙ ගැන පොඩි විස්තරයික් කියන්නම්.
නම දැක්ක ගමන් ඔයාලට හිතෙන්න ඇති මේක විනෝදාත්මක කතාවක් කියලා. නෑ එහෙම නෙමෙයි. මේක Fantasy, Thriller ගණයට වැටෙන එකක්. හැබැයි IMDb අගය 8.1 ක් අරගෙන ඉතා හොඳ ප්‍රේක්ශක ප්‍රතිචාර ලබාගෙන තියෙනවා. ඔය Game Of Thrones, Harry Potter, Lord Of The Rings වගේ කියවලා තේරුම්ගන්න පුලුවන් පොතක්වත් මේ ආශ්‍රයෙන් නිර්මාණය වෙලා නෑ. ඒක නිසා බලලාම තමයි කතාව තේරුම්ගන්න වෙන්නේ. එවගේම මේකෙ තියෙන චරිතත් ටිකක් විතර වෙනස්. අමුතුම සුරංගනා ලෝකයක් තමයි තියෙන්නේ. එහෙනම් මුලින්ම මේකෙ ජීවත්වෙන විවිධ ජන කොට්ඨාස ගැන කියලා ඉන්නම්.
- මනුශ්‍යයින් – මොවුන් ගැන අමුතුවෙන් හඳුන්වන්න දෙයක් නෑනෙ. පුරුදු පරිදිම ඊර්ෂ්‍යාව, කුහකකම, අනික් අයට ඉදිරියට යන්න නොදෙන බව වගේම තමන්ගේ ආධිපත්‍ය තියාගෙන ඉන්න කැමති කොට්ඨාසයක්. ඒ ගැන වැඩි දෙයක් කියන්න ඕනෙ නෑ.
“මේ කතාමාලාව තුල මනුශ්‍යයින් නොවන හැම කෙනෙක්වම පොදුවෙ හඳුන්වන්නේ “ක්‍රිච්” කියන නමින්. ඒ කියන්නේ අර්ධ මිනිස්සු. සුරඟනක් සහ මනුශ්‍යයෙකුගේ එකතුවීමෙන් සෑදෙන දරුවකු පවා අයත් වෙන්නේ ඒ ගණයට. මොකද අලුත ඉපදෙන දරුවාට තියෙන්නේ කලවම් ලේ නිසා. ඒක නිසා ඒ නම භාවිත වන හැමතැනකදීම මං “ක්‍රිච්” කියලම යොදලා තියෙනවා.”
- සුරඟනුන් – ඉතින් ඕනෙම කතාමාලාවක් තුල සුරඟනුන්ව හඳුනාගන්න ලේසියිනේ. මොකද ඔවුන්ට කියන්නේ “fae folk”, එහෙමත් නැත්නම් “faeries” කියලා. ඔවුන්ගේ විශේෂත්වය තමයි පියාපත් තියෙන එක, ඒවගේම අමුතුම ලස්සනක් තියෙනවා. ඒ ගැන ඉතින් වැඩිය මං කියන්න ඕනෙ නෑනෙ, ඒවගේම ඔවුන්ට “Pix” කියලත් සමහර තැන්වලදී කියනවා.
- ෆයුන්ස්ලා – මේ වර්ගය ටිකක් විශේෂයි. මොකද මේ කතාමාලාව තුල මොවුන්ට එල්ලවන විරෝධය ඉතා විශාලයි. විවිධ උද්ඝෝෂණපවා සිද්ධවෙනවා මොවුන්ට සිදුවන හිරිහැර කරදර සම්බන්ධයෙන්. මොවුන් අයත්වෙන්නේ සේවකයින්ගේ ගණයට. මොකද හැම ප්‍රභූ නිවසකම වගේ මෙයින් එකෙක් ඉන්නවා සේවයට.ඒවගේම මොවුන්ව හඳුනාගන්න ඉතා පහසුයි. එළුවෙකුගේ මෙන් දෙපා, හරකෙකුගේ මෙන් අං දෙක වගේම ඇවිදීමේ ගමන් විලාශය නිසා මොවුන්ව අනික් අයගෙන් ඉතා පහසුවෙන් වෙන් කර අඳුරගන්න පුලුවන්.
- අවසන් වශයෙන් පැක්ට් එක – පලමු කොටස් කිහිපයේදී වැඩි වශයෙන් මේ වචනය කියවෙනවා. වෙන මොකක්වත් නෙමෙයි. මේ තමයි ඔය සුරඟනුන්ගේ විරුද්ධවාදීන්. එහෙමත් නැත්නම් හතුරන්. කතාවේ තැනින් තැන මෙ පැක්ට් එක ගැන කතාවන නිසා මං සමහර තැන්වලදී හතුරන් වගේම පැක්ට් කියන වචන දෙකම යොදාගෙන තියෙනවා.
එහෙනම් අපි මෙහි කතාවස්තුව දිහාට හැරෙමු. මෙහි කාලසීමාව යන්නේ 7 වෙනි සියවසට. තනිකරම මනඃකල්පිත ලෝකයක් තමයි මෙහි තියෙන්නෙ. සරලව කතාව මෙහෙමයි. එකමත් එක කාලෙක ඉතා අලංකාව වගේම නිදහස්, සාමයෙන් ජීවත් උන සුරඟනුන් හිටිය ප්‍රදේශයක් තිබුනා ටිර්නනොක් කියලා. ඉතින් ඊටපස්සේ මේ මිනිස්සු, ඒ ප්‍රදේශය ආක්‍රමණය කරන්න පටන් ගත්තා එහි තිබෙන සම්පත් කොල්ලකෑම සඳහා. ඉතින් ඔවුන්ගේ සහයට මේ බර්ග් කියන ජනරජයේ සොල්දාදුවන් එකතු උනා. කොහොම උනත් ඔවුන් දෙගොල්ලන්ට මේ යුද්ධය දිනන්න බැරි උනා. ඒක නිසා සියල්ලන්ම බර්ග් ජනරජයට පලා ආවා. සරලව කිවුවොත් මේ පැක්ට් එක නරකයි, සුරඟනුන් හොඳයි වගේම ඔය දෙකටම අතරමැද්දෙන් බර්ග් ජනරජය ඉන්නවා. ඉතින් ඔය බර්ග් වල මෙන්න මේ ක්‍රිච්ලා ඉන්න ප්‍රදේශයට තමයි කාර්නිවල් රෝ කියලා කියලා. ඉතින් ක්‍රිච්ලා බර්ග් වලට ආවත් මේ බර්ග් තුල සුරඟනුන්ට පියාඹන්න තහනම්. ඒකට හේතුව මේකයි, බර්ග් වල ඉන්න ගොඩාක් මිනිස්සු මේ ක්‍රිච්ලාට කැමති නෑ. මොකද ඔවුන් ඉතා අඩු පඩියට තමයි මිනිස්සුන්ට සේවය කරන්නේ. ඒක නිසා සාමාන්‍ය මිනිස්සුන්ගේ පසුම්බියට ලොකු කනේ පාරක් වදිනවා. ඔය එකී මෙකී නොකී කරුණු කාරණා නිසා මිනිස්සු තදින්ම මේ ක්‍රිච්ලාට විරුද්ධයි.
මං ඔය ඉතා සරලව තමයි කතාවේ ඇතුලාන්තය ගැන කිවුවේ. එහෙනම් ඊලඟට මං මේකෙ චරිත ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.
රයික්‍රොෆ්ට් ෆිල්ස්ට්‍රේට් – මෙ තමයි කතාමාලාවේ ප්‍රධාන චරිතය. මොහු හිටපු හමුදා නිලධාරියෙක්, වර්ථමානයේ පොලිස් පරීක්ශකවරයෙක්. කතාමාලාව ආරම්භයේ සිදුවන මිනීමැරුම් ගැන පරීක්ශනය භාරව කටයුතු කරන්නේ මොහු තමයි. ඒවගේම මේ රංගන ශිල්පියා අපිට සෑහෙන හුරුපුරුදු ජනප්‍රිය මෙන්ම දක්ශ රංගන ශිල්පියෙක්. ඒ තමයි Orlando Bloom. Lord Of The Rings, Hobbit, Black Hawk Down, Troy, Pirates Of The Caribbean , Three Musketeers, Kingdom Of Heaven වගේ චිත්‍රපටවලට රංගනයෙන් දායක උන දක්ශයෙක් තමයි මේ.
වින්යෙට් ස්ටෝන්මොස් – මෙයා තමයි මේකෙ ප්‍රධාන නිලිය. සුරඟනක්. ඒවගේම ප්‍රධාන චරිතයත් එක්ක පෙම් පලහිලව්වක් තියෙනව මැයට. පැක්ට් එකක් එක්ක තිබුනු යුද්ධයේදී ඉදිරිපෙල සටන්කාරියක් විදිහට හඳුන්වන්න පුලුවන්. ඒවගේම මේ චරිතය රඟදක්වන නිලියත් අපිට ටිකක් හුරුපුරුදු නිලියක් තමයි. Anna Karenina, Pan, Suicide Squad, Valerian and the City of a Thousand Planets වගේ චිත්‍රපට වල රංගනයෙන් දායක වෙච්චි නිලියක්.
ඉතින් අනිත් චරිත සහ අදාල දේවල් ගැන වෙනම කියන්න අවශ්‍ය නෑ කියලා හිතනවා. ලිපියත් ටිකක් දිග වැඩි උන නිසා මෙතනින් නවත්තන්නම්. තවත් කතාමාලාවක් එනවයි කියලා දැනට දැනුම් දීලා තියෙනවා. එහෙම උනොත් හොඳයි.
එහෙනම් අලුත්ම මනඃකල්පිත ලොවකට එකතුවෙන්න ඇරයුම් කරන ගමන් මං මෙතනින් නවතිනවා. අමතක නොකර ඔයාලගෙ අදහසුත් කියාගෙනම යන්න.
බයිස්කෝප් අඩවියට ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
8,662 downloadsDownload Carnival-Row-S01-E01.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
27 comments
Lasa_Sadaru
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
Panther
Thanz saho
ChamalKanishka
බොහොම ස්තූතියි..ජය වේවා...
Stranger
thanks for sub
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න :)
ජය වේවා.!!malithmadhushan45
මාරු සහෝ දෙනකන් හිටියේ මේක ස්තුතියි උපසිරසට
ශෂික දිල්ෂාන්
ammooo enakan balan hitiye. thanx bro❤❤❤
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහො...මේක දේවි කියලා හිතුවෙම නෑ..මේක කරපු සෙට් එකම තමා See සීරිස් එකට අතගහලා තියෙන්නෙත්. ඒකත් ආවම සබ් දෙමු..ජය වේවා
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Cavil
Thanks Saho. Jaya wewa
Naveen Rangana
Thanks for Subtitle...................
Jayawewa..................!!!!!!!!!!!!!!!!thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravindu Rukshan
thx
Pramukmili
thanxx bro..........
Udara Damith Dissanayaka
elaaa
suranuwan
thanks...
tharushisajeewani
Aneee mata films download karanna bane
Lahiru Ravinath
Seeba
බොහොම ස්තූතියි
ANJALO1997
thank you bro
shanuka rathnayake
Thanks
Shaggie
Thnks mchn
melinda
thank you
Anonymous
Thnx sub ekta...
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Enakan Hitiya Series ekak...... thanks broo