Watch Trailer

Castle Rock [S01 : E05] Sinhala Subtitles | ශාපලත් යක්ෂයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං මේ අරගෙන එන්නෙ කාසල්‍ රොක් පළවෙනි කතා මාලාවෙ පස්වන කතාංගය.. කතාව බලන අය නම් ඉතිං මේකෙ රස දන්නව ඇති. මොකද මේකෙ තියෙන්නෙ අමුතුම කුතුහලය පිරුණු ඔළුව කැරකිලා යන රසයක්.. හැමෝටම දිරවන්නෙ නැති වෙන්න පුළුවන් ඒ නිසා.. Westworld එහෙම බලපු අය දන්නව මේ වගේ කතාවල අවසානය වෙනකං ප්‍රතිසන්ධි ගැලපෙන්නෙ නෑ…

ඔන්න ඉතිං මේ අරගෙන එන්නෙ කාසල්‍ රොක් පළවෙනි කතා මාලාවෙ පස්වන කතාංගය.. කතාව බලන අය නම් ඉතිං මේකෙ රස දන්නව ඇති. මොකද මේකෙ තියෙන්නෙ අමුතුම කුතුහලය පිරුණු ඔළුව කැරකිලා යන රසයක්.. හැමෝටම දිරවන්නෙ නැති වෙන්න පුළුවන් ඒ නිසා.. Westworld එහෙම බලපු අය දන්නව මේ වගේ කතාවල අවසානය වෙනකං ප්‍රතිසන්ධි ගැලපෙන්නෙ නෑ කියන එක. ඉතිං ඒ නිසා අවසාන එපිය වෙනකං හුස්ම අල්ලගෙන ඉන්න. එතකොට අගමුල පැහැදිලිව ගැලපේවි.. ඇතිනෙ පම්පෝරිය කියෙව්ව.. කලින් කතාව ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉස්සරහට යමු..

පසුගිය කොටසින්..

හෙන්රි ඩීවර්, ඩෙනිස්ගෙ උදව් ඇතුව කොහොමහරි හිරකාර කොලුව ගැන විස්තර හොයාගෙන ශෝශෑන්ක් හිර ගෙදරටම යනව මතකයිනෙ.. ඒකට මොලීගෙ උදාව්වක් ලැබුණ “දේශීය වර්ණය” වැඩසටහනේදි.. මොලී කියන්නෙත් ටිකක් අමුතු ඩයල් එකක්.. ඇයට ඩීවර්ගෙ වගේම අනිත් මිනිස්සුන්ගෙ සිතිවිලි දැනෙනව.. කොහොමහරි ශෝශෑන්ක් එකේ නිළධාරීන් වන්දියක් දීල කොල්ලව එළියට දාන්න හදනව.. හැබැයි ඩීවර් ඒක ප්‍රතික්ෂේප කරනව. හැබැයි ඒ අතරෙ ඩීවර්ට ලොකු ප්‍රශ්නයක් එනව ඔහුගෙ අතීතය ගැන.. ඒ අනුව ඔහු හොයා ගන්නව ඔහුව අරන් හදාගත්ත පියා (පියතුමා) කාසල් රොක් විලට තල්ලු කළේ ඔහු විසින් කියන එක. මේක ඔහුට ලොකු බලපෑමක් වෙන නිසා ඔහු ඩෙනිස්ට කතා කරල කියනව වන්දි මුදල අරගෙන කොලුවව නිදහස් කරල වැඩේ ඉවරයක් කරමු කියල. බලපු අයට මතකනම් ඩෙනිස් මේ වෙනකොට ඔන්නෙ මානසික පීඩන තත්වයක. ඔහුට ඕනෙ කොලුවව නිදහස් කරගෙන ශෝශෑන්ක් හිර ගෙදර වෙන අකටයුතුකම් ලෝකෙට හෙළි කරල එතනින් ඉවත් වෙලා අලුත් ජීවිතයක් පටන් ගන්න. හැබැයි ඩීවර්ගෙ කෝල් එකත් එක්ක ඔක්කොම කණපිට හැරුණ.. ඉතිං ඔහු බොහොම සාහසික තීරණයක් ගන්නව.. තුවක්කුවක් අරගෙන එළියට ආපු ඔහු දිගට හරහට වෙඩි තියාගෙන යනව.. අවසානෙ හැබැයි ඉතිං අවාසනාවන්ත විදියට ඔහු ඩෙනිස් මැරුම් කනව.. එතනින් හතරවෙනි කතාංගය අවසාන වුණා..

අද කතාවෙන්..

ඩෙනිස්ගෙ මරණයෙන් පස්සෙ ඒක ඩීවර්ට ලොකුවටම බලපානව.. කොහොමහරි කිසිම බරපතල ක්‍රියමාර්ගයක් නැතුව ඩීවර් කොලුවව හිරෙන් නිදහස් කර ගන්නව. ඒ කරල ඔහුව නවත්‍තන්නෙ මොලීගෙ ගෙදරක.. ඒ අතරෙ ඇලන් වෙනුවෙන් පාලමක් නම් කරන්න යනව කියල කතාවක් කියවුණා කට්ටියට මතකද දන්නෙ නෑ.. ඔන්න ඒක අද වෙනව. පාලම නම් කරන එක නෙවෙයි ඇත්තටම මෙතන වැදගත්.. එතනිදි ඩීවර්ගෙ අම්ම එතන තිබුණු ගඟට පනිනව. ඒක දකින් ඩීවර් ගඟට පනිනව ඇයව බේර ගන්න. බලන්නකො බේර ගන්න වෙයිද? නැත්තං ඇයට මොකක් වේවිද කියල. ඒ අතරෙ අර කොලුව මහ රෑ එහෙ මෙහෙ ඇවිදිනව. වහළවල් උඩ නැගල පනින්න හදනව.. විකාර ගොඩයි. කොහොමහරි ඇලන්ගෙ අතීත රහසක් අද එළි වෙනව. ඒ වගේම කොලුවගෙ තවත් අබිරහස් ගතිය වැඩි වෙනව මේ රහස හෙළි වීම නිසා.. ඇත්තටම මේ කොලුව කවුද?

ලේසි මහත්මයා ඇයි ඔහුව අර අඳුරු බිම්ගේ ඇතුළෙ හිර කරගෙන හිටියෙ.. උත්තර ඕනෙද? එහෙනම් දිගටම අපි එක්ක ඉන්න.. හයවෙනි කොටස දැනටම සූදානම් කරල තියෙන්නෙ. ලහිරු ඒ කොටස අරගෙන ඒවි. එහෙනම් ගිහින් එන්නම්..

ජය වේවා..!

ලිපිය – උදයංග සම්පත්

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

2,002 downloadsDownload Castle-Rock-S01-E05.zip23 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

යසිරු හසරංග

Subtitles

2,002 downloadsDownload Subtitles23 KB

24 comments

  1. 4devinda

    උපසිරැසියට බොහොම ස්තුතියි.. .

  2. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා ඉතා වටිනා සේවය වෙනුවෙන් .

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. NokA

    Thanks bro...............

  5. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  6. chiro

    thnx sahooo

  7. npmuweerasinghe

    thanks

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  10. Prabodha Madhusankha Hettiarachchi

    Thank brooo sub ekata....

  11. NUWAN24

    thanx...............

  12. mindika

    Thanks !!!!!!!!!!!!!

  13. Nirosh C

    ස්තුතියි යසිරු සහෝ.ජයවේවා!

  14. Shehan_98

    Thanks saho

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Lakshan

    Thanks Bro.

  17. suranuwan

    thanks bro.

  18. thisaru321

    Ela thanks

  19. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  20. Dushan Tharuka

    Thanks For Sub

  21. kasun@rko

    Elama

  22. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  23. MAALnath

    Thanks .................good luck ..................