Watch Trailer

Castle Rock [S01 : E10] Sinhala Subtitles | යක්ෂයාගේ ලොවට විවර වන අන්තර්මාන දොරටුව..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං මේ අරගෙන එන්නෙ කාගෙන්වත් කරදරයක් නැති, කිසි කෙනෙක් ඉල්ලල කරදර කරපු නැති, දුන්නොත් බලපු කතාවක පළමු කතා සමයේ අවසාන කතාංගය. ඒ කියන්නෙ කාසල් රොක් කතා මාලාවේ පළමුවැනි කතා සමයේ දහවන කතාංගය. මේ කතා මාලාව එක්ක බොහොම අතලොස්සක පිරිසක් විතරයි රැඳිල හිටියෙ. ඒකට හේතුව වෙන්න ඇත්තෙ හ…

ආයුබෝවන් යාළුවනේ..!

ඔන්න ඉතිං මේ අරගෙන එන්නෙ කාගෙන්වත් කරදරයක් නැති, කිසි කෙනෙක් ඉල්ලල කරදර කරපු නැති, දුන්නොත් බලපු කතාවක පළමු කතා සමයේ අවසාන කතාංගය. ඒ කියන්නෙ කාසල් රොක් කතා මාලාවේ පළමුවැනි කතා සමයේ දහවන කතාංගය. මේ කතා මාලාව එක්ක බොහොම අතලොස්සක පිරිසක් විතරයි රැඳිල හිටියෙ. ඒකට හේතුව වෙන්න ඇත්තෙ හැම කතාංගයක් ගාණෙම කතාව පැටළුණා මිස කිසිම තේරුමක් තිබුණෙ නැති නිසා වෙන්න ඕනෙ. මම නම් හිතන්නෙ ඒකම තමයි මේ කතා මාලාවේ රස රහස. නැත්තං ඉතිං IMDb වල ප්‍රේක්ෂක මනාප 15300+ අගයකින් 8.1ක දැවැන්‍ත ප්‍රතිචාරයක් ලැබෙන්නෙ නෑනෙ. කොහොමද වුණත් ලංකාවෙ අපේ පිරිස නම් මේකට ඒ හැටි ලොකු මනාපයක් නෑ වගේ තමයි පෙනුණෙ..කොහොමනමුත් බයිස්කෝප් පටන්ගත්ත වැඩක් ලේසියකට අතාරින්නෙ නෑ.. ඔන්න ඒ වගකීම අකුරට ඉෂ්ට කරමින් මම අවසාන එපියත් මෙතෙක් බලපු පිරිස වෙනුවෙන් අරගෙන ආව. මේක ගේන්න පොඩි ප්‍රමාද වීමක් වුණේ මටත් කතාව පැටලිලා තිබුණු නිසා. ඒ නිසා ආයෙත් මුළු කතාවම මුල ඉඳල බලල ඉවර කරල තමයි අවසාන එපිය ලියන්න වුණේ. ඒ වගේම කියන්න ඕනෙ මේක සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. සමීර කරුණාරත්න, අචින්ත උදයංග, මයුර සුරාජ්, යසිරු හසරංග, ලහිරු ප්‍රසාද්, රවිඳු රුක්ෂාන්, සොහාන් ජයසූරිය සහ මම එකතුවෙලා තමයි මේක කළේ. ඒ හැමෝමත් මේ වෙලාවෙ සිහිපත් කරන්න ඕනෙ. ඒ වගේම දෙවනි කතා සමයක් සඳහා කතාව දීර්ඝ කරල තියෙනව කියලත් නිළ වශයෙන් දැනුම්දීල තියෙනව. 2019 වර්ෂයේ විකාශනය සිදු වේවි. ඉතිං එහෙනම් ඔන්න මෙතෙක් පැටළුණු කතාව මම හැමෝටම පැටළුම් ඇරල විස්තර කරල දෙන්නම්.

මෙතෙක් කතාවේ සංක්ෂිප්තය…

ඔන්න කට්ටියට මතකයි නේ ශෝශෑන්ක් හිරගෙදර ප්‍රධානියා විදියට හිතපු “ලේසි” ගහක ලණුවක් ගැටගහල, ඒකෙ කොණකින් තොණ්ඩුවක් හදාගෙන බෙල්ලට දාල කාර් එක ඇතුළට ගිහින් ඒක වේගෙන් පැදගෙන ගිහින් කාසල් විලට වැටෙන්න සලස්වල බෙල්ලත් කඩාගෙන සියදිවි හානි කරගත්ත විදිය. ඊට පස්සෙ තමයි ඩෙනිස් අහම්බෙන් වගේ අබිරහස් හිරකාරයෙක් හොයා ගන්නෙ. පස්සෙ හොයාගන්නව ඒ ලේසි විසින් හිර කරගෙන හිටපු කෙනෙක් කියල. ලේසිට අනුව මේ හිරකාරය සූර්‍යාලෝකය දැකීම විනාශයක ආරම්භයක්. මේ ගැන ඉතිං කවුරුවත් දන්නෙ නෑනෙ. ලේසිගෙ පුරප්පාඩුව පුරවන්න අලුතෙන් ශෝශෑන්ක් වලට ආපු නියෝජිතවරිය මේ කේස් එක යට ගහන්න හැදුවත් හිරකාරය විදියට හිටපු කොලුව කියපු එකම වචනය “හෙන්රි ඩීවර් ” කියන වචනය අගහෙන ඉන්න ඩෙනිස් බොස්ටන් වල නීතිඥයෙක් විදියට ඉන්න ඇත්ත හෙන්රි ඩීවර්ට කතා කරල මේ ගැන කියනව. ඒ අනුව හෙන්රි එනව කාසල් රොක් ඔහු හැදුණු වැඩුණු නගරයට. හෙන්රිට කාසල් රොක් නගරය එක්ක තියෙන්නෙ අමුතු අතීතයක්. කට්ටියට මතක ඇති හෙන්රි අතුරුදහන් වෙලා දවස් එකොළහක් නැතිවෙලා ඉඳල ඇලන් පෙන්බෝර්න් කියන ශෙරීෆ් විසින් එකපාර නිරුපද්‍රිතව හොයාගන්නව. ඒ වගේම මොලී කියන අසල්වැසි ගෑණු ළමයාගෙ සහ පොඩි හෙන්රිගෙ යම් අධ්‍යාත්මික බැඳීමක් තියෙනව කියලත් පේන්න තිබුණ. ඒ අනුව ඇය හෙන්රිගෙ හිතේ තිබුණු විදියට හෙන්රිව අරන් හදාගත්ත ඩීවර් පියතුමාව හුස්ම ගන්න දාල තිබුණු බටේ පන්නල මැරුව. ඔහොම කාලය ගතවෙනකොට මේ අබිරහස් හිරකාර කොලුව යන යන තැන ලේ ගැලීම් වෙන්න ගත්ත. මතකයිනෙ ඩෙනිස් පවා පොලිස්කාරයො සමූල ඝාතනයක් කරල මැරුම් කෑව.. ඒ වගේමයි හෙන්රිගෙ අම්ම රූත්ට තියෙන අමතක වීමේ රෝගය නිසා එක එක විපරියාස වුණා මතකයිනෙ. කොහොමහරි ඩීවර් පියතුමාගෙ මරණින් පස්සෙ රූත් ජීවත් වුණේ ඇලන් පෙන්බෝර්න් එක්ක. කාලෙත් එක්ක රූත්ට යම් අමුතු දෙයක් දැනෙනව මේ හිරකාර කොලුව ගැන. ඇය හිතන්නෙ ඔහු ඩීවර් පියතුමාගෙ ආත්මය වැහිල ඉන්න කෙනෙක් කියල. එහෙම හිතල ඔහුව මරන්න තුවක්කුව ලෑස්ති කරගෙන ඉන්නකොට, එතනට ආපු ඇලන් පෙන්බෝර්න්ට තමයි ඇය වැරදිලා වෙඩි තියන්නෙ. කොහොමහරි මේ සිදුවීම වෙනකං කතාව තුළ යම් ගැලපීමක් තිබුණ. ඔන්න ඊට පස්සෙ නමවෙනි කතාංගය ආයෙත් මුළු කතාවම කණපිට පෙරළුව. දැන් ඔතනට එනකං කතාව මතකයි සහ පැහැදිලියිනෙ.

පසුගිය කොටසින්…

ඔන්න නමවෙනි කොටස ඇතුළෙදි තමා කතාවෙ පෙරලිය වෙන්නෙ. නමුත් ප්‍රතිසන්ධි ගැලපීම වෙන්නෙ අද කතාංගය තුළින්. නමවෙනි කතාංගය තුළට ආවම, මෙතෙක් අබිරහස් සිරකරුවා විදියට හිටපු කොලුව එකපාර හෙන්රි ඩීවර් කියන චරිතයට මාරු වෙලා මොලී ඇතුළු අනිත් පිරිස එක්ක බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරනව. අපි දන්න හෙන්රි ඩීවර් නීතිඥයෙක් වුණාට මේ හෙන්රි ඩීවර් මොළය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒ වගේමයි මතකද දන්නෙ නෑ ඔහුගෙ ගෙදර බිම් මහළෙ කූඩුවක හිර කරල ඉඳපු අර පොඩිකාලෙ දවස් එකොළහක් අතුරුදහන් වෙලා හිටපු පොඩි හෙන්රි ඩීවර්ව බේර ගන්නව. එතනදි අපි දැක්ක කතාවෙ මුල් කොටස් වලදි මැරුණු ඩෙනිස් කියන පොලිස් නිළධාරියත් නැවත ජීවත් වෙනව. පස්සෙ ඔහුව මොලී එක්ක එකතුවෙලා පොඩි හෙන්රි ඩීවර්වපොලීසියෙන් නිදහස් කර ගන්නව. අපි මෙතෙක් දන්න මොලී දේපළ වෙළඳාම් කරන කෙනෙක් වුණත් මෙතන පෙන්වන මොලී කාසල්‍ රොක් නගර කවුන්සිල්වරිය. අපි දන්න දේපළ වෙළඳාම් කරන මොලී වගේ නෙවෙයි මේ මොලී සෑහෙන ලොකු බලවත් තනතුරක් සහිත කෙනෙක්. කොහොමහරි මොලී එක්ක පොඩි ඩීවර් එක්කගෙන එනකොට පොලීසියට වෙට්ටුවක් දාල මොලී කෝච්චිය යන අතරෙ කාර් එක පැදගෙන ඇවිත් පොඩි ඩීවර්ට කැලේට යන්න ඉඩ දෙනව. ඒ වගේම තමයි මතකද මොලී කැලේදි පොඩි ඩීවර් ඇල්ලුවම පිහියක් තියාගෙන ඉන්න ගෑනු කෙනෙක් එක්ක අමුතු සීන් ටිකක් පෙන්නුව. ඔය අතරෙ කැලේ මැදදි ඩෙනිස් අහසට තියපු වෙඩිල්ලක් වැදිල මොලී මැරෙනව. හැබැයි ඒ සිදුවීමෙන් පස්සෙ ඔන්න අර අබිරහස් කොලුවයි අපේ මැරෙනව පෙන්නපු මොලීයි දෙන්න ජනේලෙ ගාව කතාකර කර ඉන්නවත් පෙන්වනව. එතනදි අබිරහස් කොලුව කියනව ” ඔයා මැරුණෙ අතන එළියෙ කැලේදි” කියල. නමය කතාංගය සම්පූර්ණම ඔළුව විකාර කළා නේද? ඔන්න එහෙනම් අද ඒ ඔක්කොටම හොඳ විසඳුමක් ලැබෙනව.

අද කොටසින්…

අද කොටස ගැන මම ලොකු විස්තරයක් නොකර අග මුල ගලපල දෙන්නම්. අද කතාංගය තුළ කතාවෙන්නෙ අන්තර්මාන දෙකක් ගැන. නැත්නම් සමාන්තර ලෝක කියල අපි කියන්නෙ. ඔන්න ඉතිං අද පැටළිලි ඔක්කොම ලිහෙනව මේ කාරණාව නිසා. ඉතිං අබිරහස් කොලුව කියන්නෙ ඇත්තටම වෙනත් අන්‍තර්මානයක ඉඳල අපි ඉන්න මානයට කොහොමහරි ආපු කෙනෙක්, නැත්තං සමාන මානයක ඉන්න හෙන්රි ඩීවර්ම තමයි. අපි දන්නෙ නැහැ එයා ආවෙ කොහොමද කියල. ඒ වුණාට ඒ සමාන්තර ලෝකයේ ඉන්න අය මානසික මට්ටමින් දියුණු ජීවීන් කොට්ඨාශයක්. ඒ නිසා තමයි අබිරහස් කොලුවට නැත්තං ඒ හෙන්රි ඩීවර්ට මනසින් අනිත් මිනිස්සු ලවා ඕනම වැඩක් කරගන්න පුළුවන්. අද කතාංගය තුළ මේ මානසික හැකියාව කොච්චර ප්‍රබලද කියල බලාගන්න පුළුවන් සිදුවීමක් වෙනව. ඉතිං නමවන කතාංගයේ අපි දැකපු මොළය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා විදියට ඉන්න හෙන්රි ඩීවර්, නගර කවුන්සිල්වරිය මොලී සහ මැරුණු පොලිස් නිළධාරියා ඩෙනිස් ඒ අපේ ලෝකෙ නෙවෙයි. අපේ හා තියෙන අනිත් සමාන්තර ලෝකෙ අය. ඒ නිසා තමයි මෙහේ මැරුණු ඩෙනිස් එහේ ආයෙ ඉන්නෙ, එහේ කැලේදි වෙඩි වැදිල මැරුණු මොලී මේ ලෝකෙ පණ පිටින් ඉන්නෙ. කොටින්ම කිව්වොත් නමවන කතාංගය අපේ ලෝකෙ එක නෙවෙයි, අනිත් ලෝකෙ වුණු සිදුවීමක්. ඉතිං එහා ලෝකෙ ඩීවර් මේ උත්සාහ කරන්නෙ ආයෙත් තමන්ගෙ ලෝකෙට යන්න තියෙන පාර විවෘත කරගන්න. ඒක තමයි මෙතෙක් කිසි තේරුමක් නැතුව තිබුණු අර ස්කිස්මා ශබ්දය. ඒක ඇහෙන්නෙ හෙන්රි සහ ඔහුගේ පුතා ඩෙන්වර්ට විතරයි. ඉතිං එහා ලෝකෙ ඩීවර් එයාගෙ ලෝකෙට යන්න ඕන නම් ඒකට අපේ ලෝකෙ හෙන්රි ඩීවර් උදව් කරන්න ඕනෙ. ඒ වගේම මොලී විස්වාස කරනව කරන්න ඕන හරි දේ වෙන්නෙ එහා ලෝකෙ ඩීවර් එයාගෙ මානයට ආයෙත් යවන එක කියල. ඉතිං මේක අවසානෙ කොහොම විසඳේවිද? හැබැයි වෙන්නෙ ඔයාල හීනෙන්වත් නොහිතපු දෙයක්. පොඩි ඉඟියක් දීල මම ගිහින් එන්නම්..

“මුල තමයි ආයෙත් අග, අග තමයි ආයෙත් මුල”

ජය වේවා..!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

2,125 downloadsDownload Castle-Rock-S01-E10.zip21 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

2,125 downloadsDownload Subtitles21 KB

33 comments

  1. Denis Maneesha

    Thanks bro sub ekata

  2. Jana

    මේක බලනකොට මතක් උනේ ලඟදි ආපු ඩාර්ක් ටීවී සිරිස් එක, ඒක කොපි කරලද මන්ද.
    කොහොම හරි අන්තිමට ඩිවර් කාරයට වෙච්ච දේ ගැන දුක හිතීගෙන එනකොටම දැම්ම නේද හිනාවක්, සලිත වෙලා ගියා :D

    එහෙනම් තෑන්කියු වේවා!

  3. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි අයියේ.... කවුරු බැලුවත් නැතත් අපි බලනවා...
    Gd luck...........................................................................

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි උදයංග සහෝ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය

    පුලුවන්නම් Lucifer s03e25,26 කොටස් 2කට උපසිරැසි කරලා දෙන්න පුලුවන්ද?

  5. kasun@rko

    Elama bro season 2 aawamat suba demu

  6. Nuwan_Hero

    thanks bn season 2 awama demu

  7. npmuweerasinghe

    thanks..................

  8. HTH

    thanks machan sub ekata, mulu season ekama baluwa niyamai meka...

  9. Kulanjana Maduranga

    subata thanks.....

  10. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  11. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    Season 2 ආවහම එකත් අරන් එමු...
    තවත් සුපිරි කතමාලාවක් අරන් එමු...

  12. Udara Damith Dissanayaka

    ඔව් නේ\ වැඩිය කස්ටිය මේක බලන්නේ නෑනේද
    පවු ඒ අය
    මන්නම් පරක්කු උනාට ඉල්ලන්නේ නෑ
    කවදා හරි සබ දෙනවා කියල දන්නවනේ
    ඒ නිසා කොටස් ටික ඩවුන් ලෝඩ් කරගෙන ඉන්නවා

    1. Anonymous

      (._.)

  13. Sri kumara

    අසාවෙන් බලපු සුපිරි කතාවක්ග දෙවැනි එකත් අනිවාර්යෙන්ම ‍ඕනෑ..

  14. Thamanna

    ආදරෙ යි<3

  15. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  16. rasara

    SUB ekata thanks bro

  17. Rajitha231

    නියමයි.1-9 වෙනකන්ම ආසාවෙන් කියෙව්වා.කාර්‍යබහුලත්වය නිසා 10 බලන්න උනේ අද.ඒවගේම මේ කතාවේ සමහර කොටස් ඔයාලගේ අනිත් සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න‍ යද්දි දෙන්නේ නෑ.පස්සෙ වෙන සයිට් එකකින් තමයි මේ ඩවුන්ලෝඩ් කරගත්තෙ.සුභපැතුම් සහොදරයා.

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. sahan malinga

    ela ela

  20. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) Castle Rock season 02ක් ආවොත් ඒකටත් සබ් දෙන්න..;)
    ජය වේවා.!

  21. melinda

    thank you...

  22. Kasun Malinga077

    ලංකාවේ අවුයි කියන්නේ ලංකාවෙ ඉන්නේ අමුතු එවුන් නිසා. මමනං ආසාවෙන් බැලුව. දැන් 10 බලන්න හදන්නේ.

  23. MAALnath

    Thanks ...............good luck ............

  24. Mawan Geethanjana

    Season 2 එකත් ඇවිල්ලා තියෙන්නේ .ඒකටත් Sub දෙන්නකෝ

  25. Randy

    Meke s2 sub dennako.me wage hoda katha nawaththanna epa

  26. Anonymous

    Season 2 ?????????

  27. alien

    season 2 sub ekath oneeee

  28. sir

    sesason 2 th oneeeeeeeeeee

  29. Denis Maneesha

    Thanks Bro Sub Ekata
    Season 2 ekath diyanko machan

  30. Amila Konara

    Season 2 එකටත් සබ් ඕනි මචන් ඉක්මනට

  31. Navod

    Season 2 ekt subtitles hadanne nadde?

  32. R L Kumarasinghe

    Season 2 sub...???

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.