තාමත් ආදරේ නැත්නම් හදවත පාඩුවේ ඇත්නම් ඇස් ඉස්තරම් නිසා බලමුද ආදරේ දිහා. මා හදේ කිදී රැදී තිබු කතා නිමා නොවේ ද නෑ අතීතයේ ගිලෙන්නේ මා… හිදින්නනම් සුසුම් ලෙසේ ඔබේ හදේ රැදී ඉන්න ආදරෙන් තුරුල් වෙලා… “එක කෙල්ලෙක් හිටියා. කෙල්ල ගමකින් ආපු කෙනෙක්. ජොබ් එකක් හොයාගෙන තමා ඉස්තාන්බුල් ආවේ. යාළුවො දෙන්න එක්ක එක…

තාමත් ආදරේ නැත්නම්
හදවත පාඩුවේ ඇත්නම්
ඇස් ඉස්තරම් නිසා
බලමුද ආදරේ දිහා.
මා හදේ කිදී රැදී තිබු කතා නිමා නොවේ ද
නෑ අතීතයේ ගිලෙන්නේ මා…
හිදින්නනම් සුසුම් ලෙසේ ඔබේ හදේ රැදී ඉන්න
ආදරෙන් තුරුල් වෙලා…
“එක කෙල්ලෙක් හිටියා. කෙල්ල ගමකින් ආපු කෙනෙක්. ජොබ් එකක් හොයාගෙන තමා ඉස්තාන්බුල් ආවේ. යාළුවො දෙන්න එක්ක එක කාමරේ බෙදාගෙන, කටු කාගෙන කෙල්ල හැමදාම ජොබ් හොය හොය ඇවිද්දා. ඔය අතරේ තමා කෙල්ලට නමගිය කම්පැනියකින් ඉන්ටවීව් එකකට කතා කරේ. බලාපොරොත්තු ගොඩක් පොදි බැඳන් කෙල්ල එදා ඒ කම්පැනියට යන්න පිටත් වුණා. අතරමගදී කෙල්ලට අලකලංචි ගොඩකට මූණ දෙන්න වුණා. ටැක්සි තිබ්බෙත් නෑ. දෙයියනේ කියලා හම්බෙච්ච ටැක්සියට මහ එපා කරපු කොල්ලෙක් කොහෙන්දෝ පාත් වුණා. ඒ වෙලේ ඉඳන් ඒ කොල්ලාගෙන් මේ කෙල්ලට සිද්ධ වුණේ පාඩුමයි. කෙල්ල මුළු ලෝකෙටම ශාප කර කර ඉන්ටවීව් එකට ගියේ. ඒත් ඉන්ටවීව් එකට ආපු අනිත් කෙනාට මෙයාට වඩා ගොඩක් සුදුසුකම් තිබ්බා. කෙල්ලට මේ ජොබ් එකත් හීනයක් වගේ වුණා. ඒත් හදිසියෙම පොඩි අහම්බයක් සිද්ධ වුණා. ඒ අහම්බයෙන් මේ ජොබ් එක කෙල්ලට හම්බෙනවා. හැබැයි ඒ වෙනුවෙන් කෙල්ලට බොරු ගොඩක් කියන්න වුණා. ඒ කෙල්ලට වෙන කෙනෙක් විදිහට ජීවත් වෙන්න වුණා. කෙල්ල බොරු කිව්ව එක ගැන පසුතැවුනා. හැබැයි ජොබ් එකට ලෝබකමේ හැමදේම හංගන් හිටියා. කෙල්ලට තරු පේන්න ගත්තේ කම්පැනියේ බොස්ව දැක්කමයි. ඒ අර පාරෙදි හම්බවෙච්ච මහ එපා කරපු කොල්ලා. කෙල්ලට තියෙන්නේ බොස්ගේ සහයට වැඩ කරන්නයි. ඉතින්, ඉස්සරහට කරදර ගොඩකට මූණ දෙන්න හිත හදාගෙන කෙල්ල ජොබ් එක කරන්න ගන්නවා. ඒත් අර බොස් එක්ක හැමදාම වලි. කෙල්ලත් නෙමේ සෙකන්ඩ් වෙන්නේ. දෙන්නට දෙන්නා පුදුම විදිහට ඇරියර්ස් කවර් කරගන්නවා. හැබැයි ඒ වගේම දෙන්නා නොදැනුවත්ම දෙන්නට දෙන්නා ආදරේ කරන්න ගන්නවා. කාලේ ටික ටික ගෙවිලා යනවා. එක්කෙනෙක්වත් තාම ආදරයක් ගැන ප්‍රකාශ කරලා නෑ. හැබැයි මූණු වලින් නම් හොඳට පේනවා. මේ විදිහට මෙයාලගේ කතාව ගලාගෙන යනවා. මෙයාලගේ ආදරේට බාධා අහස උසට තිබ්බා. එයාලට කොයි වෙලෙත් අත දෙන්න වගේ එයාලව වට්ටලා දාන්නත් වෙනම සෙට් එකක් හිටියා. මේ හැමදේම අතරින් මේ ආදරේ දවසින් දවස ගලාගෙන ගියා. මේ අපි අද දකින්න යන්නේ ඒ ආදරේ අවසන් පරිච්ඡේදය…”
මේ අවුරුද්දේ පෙබරවාරියේ 14 වෙනිදා, ඒ කියන්නේ හරියටම වැලන්ටයින් දවසේ බයිස්කෝප් අපි ඔයාලට තෑග්ගක් දෙන්න හිතුවා. ඒ තමයි මුළු ලොවක් ආදරයෙන් උමතු කළ ඒ අපූරු ආදර කතාව Ask Laftan Anlamaz.එහෙම නැත්තම් ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ප්‍රේක්ෂකයින් දන්න විදිහට හිරු නාලිකාවේ විකාශය වෙන “තාමත් ආදරේ නැත්තම්” ටෙලි නාට්‍යය. ඉතින් එහෙම දෙන්න පටන් ගත්තු තෑග්ග, මේ සැප්තැම්බර් මාසේ, ඒ කියන්නේ මාස 07කින් අපිට පුළුවන් වුණා සම්පුර්ණයෙන්ම දීලා ඉවරයක් කරන්න. මම දන්න විදිහට නම් මේ ලිපිය ලියන මොහොතේ අදාළ රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන්නේ පැය දෙකහමාරක ධාවන කාලයක් සහිත 19 වෙනි කොටසට අදාළ ජවනිකා කිහිපය. ඉතින් කතාව සම්පුර්ණයෙන්ම ඉවරයක් කරද්දී ඒ කියන්නේ සම්පුර්ණ කොටස් 31ම විකාශය කරලා ඉවර වෙද්දී, ආසන්න වශයෙන් තව විනාඩි 20 කොටස් 150ක්වත් යාවි කියලා තමා මට හිතෙන්නේ. ඉතින් අපිත් එක්ක දිගටම රැඳුනු රසික පිරිසට නම් පුළුවන් අදම මේ අන්තිම කොටසත් තේරෙන සිංහලෙන්ම බලන්න.
ඉතින් අද මෙහෙම උදාන ගී කියන්න පුළුවන් වෙන්නේ ඉෂාන් සහෝදරයා නිසා. මොකද රූපවාහිනියේ මේක පෙන්නනවා කියලා දැනුම් දෙන්නත් කලින් ඉඳන්ම මේක ඉෂාන් සහෝ මේ කතාමාලාවටම තනියම උපසිරැසිගන්වමින් හිටියේ. කොහොමහරි රූපවාහිනියේ පෙන්නන්න අරන් තියෙද්දී ඉෂාන් සහෝ කොටස් 09කටම උපසිරැසි ගන්වලා අහවර කරලා තිබ්බා. එහෙම අත්තිවාරමක් මේ වැඩේට නොතිබුනා නම් අපි කවුරුත් මේකට අත නොගහන්න තිබුණා. ඉතින් ඒ මුදුන් මුලට ස්තුති කරන අතරේ අපේ හසන්ත අයියා, විමා, සිසිල, ආසිරි අයියා ඇතුළු ඇඩ්මින් මඩුල්ලට ස්තුතිවන්ත වෙන්න ඕන වෙබ් අඩවියේ ප්‍රතිපත්ති පොඩ්ඩක් ලිහිල් කරලා කොටස් 9ක විතරක් උපසිරැසිගන්වලා තිබ්බ මේ කතාමාලාව අපි ගැන විශ්වාසය තියාගෙන පළ කරන්න තීරණය කරාට. සාමාන්‍යයෙන් සම්පුර්ණ කතාමාලාවම උපසිරැසි ගන්වලා නැත්තම් වෙබ් අඩවියේ පළ කරන්නේ නැහැ. ඒකයි නීතිය. ඉතින් එහෙමයි වුණේ. අවසර දුන්නට පස්සේ උපසිරැසි ගන්වන්න එපැයි, ඒකට කාලරාමු තියෙන්න එපැයි. ඉතින් ලස්සනට කොටස් ගානකට කාලරාමු හදලා දුන්නු තිසර සහෝදරයව ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕන. ඊට පස්සේ හසන්ත සහෝ, රංග සහ සඳුන් අයියවත් මතක් කරනවා කාලරාමු සකසලා දුන්නු එකට. ඊට පස්සේ උපසිරසිය කරන්න අපේ බයිස්කෝප් සෙට් එකක්ම හිටියා කියලා ඔයාලා දන්නවනේ, ඉශූ සහෝදරයා ඇතුළුව හෙලිලි, නවෝදනී, පුර්ණිමා, හිරාන්, රෂීන්, යසිරු කියන අපේ සෙට් එක සිහි කරන්න ඕන. නම් ටික දැම්මේ කරපු උපසිරැසි සංඛ්‍යාව අනූව කියලා කරුණාවෙන් සලකන්න. ඒ වගේම හෙලිලි සහෝදරියට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා කොටස් බොහොමයකට පිරිපුන් ලිපි ටිකක් සපයලා දුන්නට. මොකද, වෙනම අමාරුවක වැටෙනවා අපි ලිපි ලියන්න ගියා නම් එහෙම. ඔය අතරේ මේ හැමදේම කෝඩිනේට් කරේ, කලට වෙලාවට උපසිරැසිය කරලා දෙන්න අපිව මෙහෙයවුවේ සුපුරුදු පරිදි අපේ හසන්ත අයියා, ගොඩක්ම ස්තූතියි. අන්තිමට ස්තුති කරන්න ඕන ඔයාලට. ඔයාලගේ නොඉවසිලිමත් කමෙන්ට්ස් ටික, බාගත කිරීම් ටික නැත්තම් මේක නොකඩවා කරන්න අපිට ශක්තියක් නැතිවෙන්න තිබ්බා. නම් වශයෙන් සඳහන් කරන්න අමාරු උනත් හැමදාම අපිට කමෙන්ට් එකකින් සංග්‍රහ කරලා යන හැමෝටම අපේ උත්තමාචාරය පුද කර සිටිනවා. ඉතින් ඒක තමා ස්තුති කතාව. මහ ලොකු වැඩක් කරා කියනවා නෙමේ, අද හරි සතුටු දවසක්. අපි සෙට් එක පටන් ගත්තු වැඩේ අද ඉවරයක් කරලා දැම්මා. සමාවෙන්න ඕන මං වැරදි නම්, බයිස්කෝප් එකේ දැනට තිබ්බ ලොකුම ටීම් වර්ක් එක මේකයි මම හිතන විදිහට. නුපුරුදු භාෂාවක පැය දෙකහමාරේ ටෙලි කතාවක්, ඉංග්‍රීසි උපසිරසියේ අඩුපාඩුත් එක්කලම, කොටස් බහුතරයකටම කාලරාමුත් ගහගෙනම කරපු මෙහෙයුමක් මේක. ඒ නිසාමයි මම එහෙම කිව්වේ. උපසිරැසි වල අඩුපාඩු නම් එමට ඇති. ඒවට සමාව ඉල්ලනවා මේ ගමනම.
එහෙනම් සමුගන්නයි මේ ලෑස්තිය. සතියට කොටස ගානේ දෙන්නම් කිව්වට කොටස් තුනක් විතර සති දෙකක විතර ප්‍රමාදයට ලක්වුණානේ. ඔන්න අන්තිම කොටස් කිහිපය බැක් ටු බැක් දුන්නා ප්‍රමාදය කවර වෙන්නත් එක්ක. එහෙනම් අද නම් බලාපොරොත්තු වෙනවා බාගත කිරීම් සංඛ්‍යාව ආසන්නයට එන කමෙන්ට්ස් සංඛ්‍යාවක්. බාගෙන යන ගමන් ඔන්නොහෙ මොනාහරි කොටාගෙන යන්න. ආ.. තව දෙයක් කියන්න ඕන. තවත් ආස කරන මේ වගේ ලස්සන තුර්කි කතා තියේ නම් ඔහොමම කියාගෙන යන්න. දරාගන්න පුළුවන් තත්වයක සම්පත් තියේ නම් ආයේ එහෙම වැඩකට බහින්න අදහසක් තියෙනවා. සම්පත් කිව්වේ, ප්‍රධානම දේ හොඳ ඉංග්‍රීසි උපසිරසියක්. මොකෝ අපිට තුර්කි පුළුවන් එකක්යැ. කරුණාකරලා මුතු අහුර හෝ Ezel කියන කතා යෝජනා කරන්න එපා. ඒවා කරාට ප්‍රායෝගිකව ගැටළු කිහිපයක් මතු වෙනවා. මුතු අහුර සැලකිය යුතු කොටස් ගාණක් විකාශය වෙලා සහ මම දන්න විදිහට ඔරිජිනල් ටෙලිකතාවේ කොටස් 100 පන්නලා තියෙනවා. ඉතින් ඕකට කාලරාමු හදාගෙන උපසිරැසිය කරා කියලා මහලොකු පිරිසක් අපි එක්ක එකතු වෙන එකක් නැහැ. ඒ නිසා ඒ කතා දෙක ඇරෙන්න වෙන දන්න කියන කතන්දර තියේ නම් අපිට කියන්න. අපි උත්සහයක් දාන්නම්. එහෙනම් ආයේ සතියෙන් සතිය මග බලන් ඉන්න දෙයක් නැහැ. මෙතනින් වැඩේ ඉවරයි. අපි සමුගන්නවා. දිගටම බයිස්කෝප් අපිත් එක්ක එකතුවෙලා ඉන්න. හැමෝටම ජයවේවා…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.
3,016 downloadsDownload Ask-Laftan-Anlamaz-S01-E31.zip66 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මයුර සුරාජ් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
95 comments
Nethmimadara
Cmj
Godak lassana drama akak.asawen baluwa.thank you very much for subtitles!
geeganagamage
මේ කරනා උතුම් සේවය වෙනුවෙන් ගොඩාක් ස්තුතියි කියන්න වචන නැහැ උපරිමයි .
Ravindu Rukshan
මචං එහෙනම් The Tripling,Permanent Roommate,The pitches කියල කතා ටිකකුත් තියේ හැකි නම් කරන්නකො
Mayura
තුර්කි ඒව කියන්න කිව්වම මගුලක් කියනවද
losaka
නියම වැඩක් ගොඩක් මහන්සි වෙලා මෙකට සබි කරලා තියෙනවා මට නමි දැනෙන්නේ චිත්‍රපට 31 උපසිරස දුන්නා වගේ ජය වෙිවා මහන්සියට කැපවිමට ගොඩක් ස්තුතීයි
manju4300
මේක මේ තරම් දුර අරන් ආවට ගොඩක් තුති.... අර පහල කියල තිබුන වගේ පැය 2 ෆිල්ම් 31 ක් වගේ මේ සම්පූණ ගේම.... ඔබ සමට ජයෙන් ජය.....
Upul Sampath
Kathawa iwara wenakam sub dunnata thanks lassana adara kathawak
godak sthuthie baiscope oyalata
jaya wewaThusitha Suminda
මාස 7 ක් තිස්සෙ මහන්සි වෙලා මේ කරපු වැඩේ නම් සුපිරි. ගොඩාක් ස්තූතිවන්ත වෙනවා ඔයාලට. සුභ පැතුම් හැමෝටම...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයමේ කතාමාලාවට උපසිරැසි ගැන්වීම පිලිබඳ බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් මඩුල්ලටත්, මේ සදහා දායක වූ සියලුම උපසිරැසිය කරුවන්ටත් ගෝඩාක්ම ස්තූතියි ....
Sewranga
ගොඩක් ආසාවෙන් බලපු කතාවක්.අදින ඉවර නිසා දුකයි ...thanks මයුර අයියේ සබ් එක දුන්නට
Achi
තැන්ක්ස් බොක්ක ආදරෙයි
Udithakavinda123
ආදරෙයි ආ ඔයාලට
pradeep hashan
thanks bro
janithrangika
Thanks for sub
kiribiwwa
Thanks anmo sira thanks patta deyak meka ...siyah inci eka poddak balanna eka puluwannam krnna thanks adarei
Mayura
කිරිබිව්වා, අපි ට්‍රයි එකක් දෙන්නම්
darkneon
thanks
hashanwijesuriya
Thanks all of you!!
Jaya wewa!!Dineth Sachiranga
උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Sunila
Thank you very much for subtitles
Sameerasw
ජයම අ
Marian Avanthi Gunathilake
Meka aththatama godak amaru wennethi. 1 kotasak diga welawak thiyenawane. oyalata godaak sthuthi me wechcha mahansiyata.
Naveendra_rox
Thank you
Sunila
''Sunshine Girls'' kiyala ask laftan anlamaz kathawe hayath kiyana niliyage kathawa supiri wage penne.puluwannam kathawe sub denna try karanna puluwanda?episode 39 thiyenne.ask laftan anlamaz kathawe sub tikata aith wathawak thanks karanawa.good luck.
menaka2
Thank for sub
hansaka gihan
බෝම ස්තූතියි මචන් සබ් එක දුන්නට
chathurvamp
thanks
NaradaD
thanks sub ekata
sahanrashmika
Pin sidda wenna oni api wenuwen mahansi wela sub hadala denawata,
oyala karana weda okkama jayen jayama wewa.
Good Luck !Ashanherath
patta asaven balapu kathavak mcn kohomahari mulu katha malavama sinhala sub dunnata godak pin mcn sub ekata godak thankz
bimbi
මන් හිතන්නෙ කියන්න වචන නෑ මම මුලින්ම ස්තූති කරන්නෙ ඉෂාන් සහෝට මයෙ බුකියෙ මිත්‍රයා....පටන් ගත්ත දවස් වලම එක කොටසක් දවසක් හරි පරක්කු වෙච්ච ගමන් ඉෂාන්ට මැසේජ් එකක් දාල අහන්නෙ...වැඩ අස්සෙ උනත් පොර නිහතමානීව උත්තර දෙනවා අන්නේකයි වටින්නෙ
ඊළගට හෙළලි ,මයුර සහ එක කොටසකට හරි දායකත්වය දුන්න හැමෝටත් කතාවට වැඩි බරක් දුන්න ඇඩ්මින් සෙට් එකටත්
ඔය කට්ටිය නොහිටින්න අපිට මේ ලස්සන කතාව බලන්න හම්බෙන්නෑ...මට ඒ දවස් වලම විස්වාසයක් තිබ්බා බයිස්කෝප් එකේ කට්ටිය ගැන ඒක නිසා මම හිරු එක විනාස කරල තියෙන කතාව බලන්න ගියෙ නෑ..
1 වෙනි කොටසෙ ඉදන් අද වෙනකන්ම ඒකියන්නෙ 31වෙනි කොටස වෙනකන්ම හැම්දාම කමෙන්ට් කරා,රේට් කරා මට ඒ ගැන ආඩම්බරයි !මන් නම් හිතන්නෙ ඉස්සරහට මේ වගේ තවත් තුර්කි ආදර කතාවක්ම දුන්නොත් ගොඩක් හොදයි(කොරියන්,ජපන් ඒවා නම් දෙන්නෙපා ගූ ඇ) මේකෙ රගපාන කෙල්ලම ඉන්න කතාවක් නම් සුපිරි
යට කට්ටියත් කියලා තිබ්බ ඕගොල්ලම තෝරලා මේ වගේ සුපිරියක් දෙන්න
ලොකු දුකක් තියෙනවා අදින් පස්සෙ මේක ඉවර කරපු නිසා
ජය වේවා !!!බයිස්කෝප් එක්ක දිගටම ඉන්නවා ...................!
samithasaw
Mulinma bohoma sthuthiy series ekata sub dunnata. meka blanna kalin idala video beluwata therune nethi nisa nobala hitiya. e athare baiscope eken dunnu ekama loku deyak. oba siyallntama Jaya wewa... Yamu thawa thawath idiriyata.... Good Luck
s.jayasinghe
Sub dunna biascope team ekate thanks. Good job. Keep it up
MAALnath
Thanks ..................good luck ......................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-
Ishan007
ගොඩක් ස්තූතියි මයුර.. මීට අවුරුද්දකට කලින් මම ෆේස්බුක් එකේ දැක්ක පොඩි වීඩියෝ කෑල්ලකින් ලොකු ආසාවක් හිතුන මේ කතාවට. ඉතින් මම මේක ගැන නෙට් එකේ හෙව්ව. ඒ වෙද්දිත් මට සබ් පිස්සුව ඔළුවට ගහල තිබුනෙ. හැබැයි මට හොයා ගන්න පුලුවන් උනේ මේ කතාවෙ කොටස් කීපයක උපසිරැසි විතරයි. මම ඒ කොටස් වලට උපසිරැසි කරන්න පටන් ගත්ත. ඒ අතර බයිස්කෝප් එකෙන් කතාව ප්‍රචාරය කරන්න අවසර ඉල්ලද්දි අලුත් නීති කීපයක් තියෙනව කියල දැන ගන්න ලැබුන.. එ මුලු කතාවෙම උපසිරැසි ලබා දීමෙන් පසුව කතාව සයිට්ත් එකේ දාන එක. ඒ නිසා මම හදපු උපසිරැසි අරගෙන අනිත් උපසිරැසි කරන සයිට් වලටත් ගියා. එයාල කිව්වෙ එවන්න අපි මේක පළ කරන්නම් කියල. ඒත් ඒ දේ කරන්න මට හිතදුන්නෙ නෑ. මිරිගුවක් පස්සෙ හබා යෑමක් කියල දැන දැනත් තනියම උපසිරැසි කීපයක් කෙරුව. හසන්ත අයියට කීපාරක් නම් කරදර කෙරුවද මේක කොහොම හරි සයිට් එකේ දාල දෙන්න කියල. ඒත් නීති අතර එයත් අසරණයි. මට සහයෝගයට කෙනෙක් හොයාගන්නත් අපහසුවුනා.. අන්තිමේ මුදල් දීල හරි උපසිරසි කරන්න කෙනෙක් හොයා ගන්න වෙහෙසුනා. සියළුම් ප්රයත්න අසාර්ථක වුන තැන 9 කොටසෙ බාගයක් කරල මම නැවැත්තුව. මට තේරුනා මම මේ මහ මුහුදක වතුර හිස් කරනව වගේ වැඩක් කරන්න යන්නෙ කියල. මේ අතර පෙබරවාරි දෙවෙනි සතියෙ මට පණිවිඩයක් ලැබෙනව හසන්ත අයියගෙන් " මල්ලි අර කතාව කරමු, තව උදව්වට කෙනෙක් ඉන්නව කියල"
Ishan007
ඒ අතර තමා මයුර මට මැසේජ් එකක් දාන්නෙ. කවදාවත් හමුවෙලා නොතිබුන ඔහුයි මායි කොටස් බෙදාගෙන කතාව පටන් ගන්නව.. මමත් හදිස්සියෙන් පළවෙනි උපසිරැසියේ අඩුපාඩුත් හදල ලිපියක් එක්ක සයිට් එකට බාර දෙනව. මම ඒ වෙද්දි චිත්‍රපට 4 කට පමණයි උපසිරැසි කරල තිබුනෙත්. ඔන්න ඔහොම පටන් ගත්ත වැඩේට පූර්ණි එකතු වෙනව.. ඊට පස්සෙ අපේ හෙරළි. අහ් නෑ හෙළිලි ත් එකතු වෙනව. ඒ වගේම හිරාන් රශීන් යසිරු නවෝදනීත් මේ වැඩේට සහයෝගය ලබා දෙනව. ඇත්තටම මම 13 වෙනි කොටසෙන් පස්සෙ මේකෙන් විරාමයක් ගන්නව. ඊට පස්සෙ මේක ඇදගෙන යන්නෙ හෙලිලි මයුර හසන්ත අයිය ඇතුලු අපේ සහෝදර සහෝදරියන් තමා. ඇත්තටම එයාලට මේකෙ වැඩි ගරුත්වයක් හිමිවෙන්න ඕන. ඒ වගේම අපේ කාල රාමු සැපැයුම් කරුවන් වන තිසර, රංග, සදුන් සහෝදරයන්වත් අමතක කරන්න බෑ.. ගොඩක් අය කිව්වෙ මේක කරන්න බැරි වැඩක් කියල.. මොකද මේ කතාවට කාල රාමුවක් වත් නිවැරදි ඉංග්‍රීසි උපසිරැසිවත් සැලකිය යුතු කොටස් ගනනකට සොයා ගැනීමට තිබුන අපහසුව නිසා.. ඒ සියල්ලුම බාධක මේ කණ්ඩායම එකතුවෙලා ජයග්‍රහණය කලා. මගේ එක ඇහැකට ප්‍රතිකාර ගන්නත් පාර කැපුව.. :D ඒ වගේ බාධක ගොඩක් මැද්දෙන් තමා මේ කතාව ආවෙ. ඒ වගේම හැමදාම කමෙන්ට් දාපු අයවත් ආදරෙන් මතක් කරනව.. ගොඩක් ස්තූතියි ඔයාල ඔක්කොටම. (ඉෂාන්)
Nuwan Dewappriya
Hemadama sub dalada kiyala bala bala hitapu kathawak
lassana adara kathawak apata laba dunnata thanks machala
Thawath mewage kathawak aran ei kyala hithana
sub karapu okkotama godak thanks
godak asawen beluwe
obata jaya!Jana
නියමයි, නියමයි!! කට්ටියටම තෑන්ක්ස් මහන්සිවෙලා මේක අරගෙන ආවට ❤❤❤
සේරම කොටස් ටික ඩවුන්ලෝඩ් කරගෙන, බලන්නෙ නැතුව හිටියෙ සබ් දීල ඉවර වෙනකන්, දැන් එක දිගට බලන්න පුලුවන් :)
එත් පොඩි අවුලකට තියන්නෙ මුලදී තිබ්බ ආසාව දැන් නැති එක තමා :Ddjchathu1
Oyaala meke sub dapu gaman balapu kenek mama.. loku pinak oyala karanne.. me sadaha dayaka una hamogema karana kiyana hama wadakma saarthaka weeewa...
suranuwan
oyala hemotama thanks........
Sachini3D
Oyala hamotama Thanks me wage lassana Love Story ekka aran awata......Niyama Wadak.... Idiriyatath hoda wadak kargena yanna Man hadawtinma suba pathanawa.......Tawath lassana Love Story 2k tiyenawa........Puluwannam e ganath salakala balanna......
* Gunesin Kizlari
* Tatli Intikamchathurvamp
Machan dowmlord link ekath dannaaaaaaaa
thanks alotnipunvid
bohoma sthuthi mulu series ekatama...godak asawen baluwa..iwara wena ekata godak dukai thawa thibba nm kiyala hithenawa..samahara awasthawala sub denna parakku unama wada didi bala kara thamai..eth e meka balanna thiena asawa,kuthuhale nisane..mona unath ogollo godak mahansi wela kohoma hari mulu series ekama kisima adu paduwak nathuwa dila iwara kara..ayeth parak bohoma sthuthi..baiscope obata jaya!!
Lahiru Rasadun
Stargeat tvseries eka කරමු
pathum madhushan
Thank you very much........!!!
samithasaw
thawama baiscopedownload ekata upload karala nethida? gatta kenek inwnm 31 kotase link eka dennko
supun_tharaka
Ask laftan anlamaz කතාව සබ් දුන්නට බොහෝ ම ස්තුතියි.
1.Bizim Hikaye
2.gunesin kizlari මෙකතා දෙක ගැන පොඩ්ඩක් හොයලා පුලුවන්නම් සබ් දෙන්නUdith
gd luck baiscope siyalu denatama
smk1333
Thanks sub okkoma genath dunnata apita... Gd Luck!!!
hiran1998
man dakka lassnama kathawa meka akkee oyla nisa godak rasa winda me kathwa,,,me wage katha digtama denna oylta godaakma s thuthiyi,dukai poddak withra,
Kulanjana Maduranga
lassana drama 1k.....api wenuwen patta kattak kla sub dunna 1ta thanks.....all of you...keep it up....
Manoj1980
thnx sub ekata
Advertisement



Lassana drama ekak subtitles dunna hamotama thanks.